IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඉන්දියා වෙළෙන්දා කටුනායකදී හරවා යවයි

වීසා නොමැතිව මෙරට රැදී සිට පිටුවහල් කළ ඉන්දියන් ජාතිකයෙකු සූක්ෂම ලෙස යලි ශ‍්‍රී ලංකාවට ඇතුලූවීමට ගත් උත්සාහයක් වලැක්වූ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීහු ඔහු පැමිණි ගුවන්වානයෙන්ම ආපසු හරවා යැවීමට කයයුතු කළහ. ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා පැවසූවේ මොහු පසුගිය වසරේ සංචාරක වීසා රැගෙන රෙදි වෙළදාම සඳහා මෙරටට පැමිණ වීසා ඉක්මවූ පසුත් මෙරට රැදී සිටි පුද්ගලයෙකු බවත් ඔහු ආපසු ඉන්දියාවට යන අවස්ථාවේදී මෙරට වැඩිපුර රැදී සිටි කාලය සඳහා ගෙවිය යුතු ගාස්තු මුදල්ද නොගෙවා පිටත්ව ගොස් ඇති බවය. ඔහු යලිත් ඊයේ අළුයම ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 122 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ මදුරාසි නුවර සිට මෙරටට පැමිණ ඇත. පසුව කිසිත් නොදන්නා අයුරින් ආගමන විගමන අංශයට පැමිණ සිටියදී පැමිණීමේ පර්යන්තය භාරව කටයුතු කළ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ජයන්ත රත්නායක මහතා සහ ශ‍්‍රී ස්කන්ධ රාජා යන මහත්වරුන් විසින් ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් ලබා දුන් උපදෙස් මත මෙසේ ආපසු හරවා යවා ඇත. .



අදහස් (0)

ඉන්දියා වෙළෙන්දා කටුනායකදී හරවා යවයි

ලංකාසිරි Sunday, 12 May 2013 10:25 PM

රනිල් ගියේ රෑ ඉස්කෝලෙකටද? (නි)

:       0       0

සෙනරත් Sunday, 12 May 2013 10:26 PM

රනිල්, කවදාවත් ලංකාවෙන් පිට රටකට ගිහින් නැද්ද? අනේ ඇයි මේ වගේ ප්‍රතිචාර දාන්නෙ. හරි විදියට නම් මේ මගියාට දඩ ගහන්න ඕනෑ. ගෙව්වේ නැත්නම් හිරේ දාන්න වෙනවා (නි)

:       0       0

පෙරේරා Sunday, 12 May 2013 11:18 PM

අනේ කියක් හරි ගන්න නේ තිබුනේ. (නි)

:       0       0

රංජනී Sunday, 12 May 2013 11:57 PM

මෙන්න නියම නිලදධාරීන්. මේ අයට උසස්වීම් දෙන්න ඕනෑ.ඉන්දියන්කාරයා හිතන්න ඇති ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියලා.ඔබතුමන්ලාට සුබ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රා - ඇමරිකාව Sunday, 12 May 2013 02:57 PM

මෙන්න හරියටම රාජකාරිය කරන අවංක නිලධාරීන් කීපදෙනෙක්. ඔවුනට රට ජාතිය වෙනුවෙන් අපගේ ප්‍රණාමය.(නදී)

:       0       0

වරුණ Monday, 13 May 2013 08:04 AM

කන පැලෙන්න දෙකක් දීලා එලවනවා මම හිටියා නම්, ගිහිල්ලා උපවාස කරන්නම (නි)

:       0       0

ඩී.උපුල් Sunday, 12 May 2013 03:38 PM

ඇඟිලි සලකුණු පරිඝනක ගත කළානම් අනවසර සංක්‍රමණිකයින් පහසුවෙන් කොටු කර ගන්න පුළුවන්.(නදී)

:       0       0

ජීව Sunday, 12 May 2013 03:52 PM

මමත් දන්නෙ නැති නිසයි අහන්නේ. සංචාරක වීසා වලින් ඇවිත් එහෙම වෙළඳාම් කරන්න පුළුවන්ද? එහෙම බැරිනම් අනෙකුත් වෙළෙන්ඳො ගැනත් හොයල බැලුවොත් හොඳයි නේද? තවත් ඉන්න බැරි නැහැ ඒ වගේ අය. හැබයි ඉන්දීය ජාතිකයන්ගෙ මානුෂික අයිතිවාසිකමක් කඩ කෙරුවයි කියයි ද දන්නෙ නැහැ කවුරු හරි.(නදී)

:       0       0

බණ්ඩාර කුවේට් Monday, 13 May 2013 09:36 AM

රනිල් මිත්‍යා දෘෂ්ටිකයෙක් වගෙයි (නි)

:       0       0

සේරම් පැරිස් Sunday, 12 May 2013 05:42 PM

මේ ඉන්දියන් කාරයෝ අපේ රටට සංචාරක වීසා වලින් ආවාට. මේ අය හිඟන්නෝ. එන්නේ අපේ ලංකාවේ මුදල් අරන් යන්න.(නදී)

:       0       0

සරසි Sunday, 12 May 2013 06:18 PM

කේ දෙනෙක් හොරට ඇතුල් වෙනවා ඇද්ද? අපි තාක්ෂනය අතින් තාම ගල් යුගයේ. කොමිස් ගහලා විදාතා මධ්‍යස්ථාන වලින් මේක කරන්න බැරි බව තේරුම් ගත යුතුයි.(නදී)

:       0       0

රනිල් Sunday, 12 May 2013 07:19 PM

‍මෙය සමිපුර්ණ මානව අයිතිවාසිකමි උල්ලංඝනය කිරීමක් වනවා මෙන්ම මෙයට පෙර ලාංකීය සංඝයාට පහරදීමේ පලිගැනීමක් හැටියට දකින්න පුලුවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 65 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 1882 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 292 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 371 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1544 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1531 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38242 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site