වීසා නොමැතිව මෙරට රැදී සිට පිටුවහල් කළ ඉන්දියන් ජාතිකයෙකු සූක්ෂම ලෙස යලි ශ‍්‍රී ලංකාවට ඇතුලූවීමට ගත් උත්සාහයක් වලැක්වූ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීහු ඔහු පැමිණි ගුවන්වානයෙන්ම ආපසු හරවා යැවීමට කයයුතු කළහ. ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා පැවසූවේ මොහු පසුගිය වසරේ සංචාරක වීසා රැගෙන රෙදි වෙළදාම සඳහා මෙරටට පැමිණ වීසා ඉක්මවූ පසුත් මෙරට රැදී සිටි පුද්ගලයෙකු බවත් ඔහු ආපසු ඉන්දියාවට යන අවස්ථාවේදී මෙරට වැඩිපුර රැදී සිටි කාලය සඳහා ගෙවිය යුතු ගාස්තු මුදල්ද නොගෙවා පිටත්ව ගොස් ඇති බවය. ඔහු යලිත් ඊයේ අළුයම ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 122 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ මදුරාසි නුවර සිට මෙරටට පැමිණ ඇත. පසුව කිසිත් නොදන්නා අයුරින් ආගමන විගමන අංශයට පැමිණ සිටියදී පැමිණීමේ පර්යන්තය භාරව කටයුතු කළ ප‍්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන ජයන්ත රත්නායක මහතා සහ ශ‍්‍රී ස්කන්ධ රාජා යන මහත්වරුන් විසින් ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් ලබා දුන් උපදෙස් මත මෙසේ ආපසු හරවා යවා ඇත. .
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න හරියටම රාජකාරිය කරන අවංක නිලධාරීන් කීපදෙනෙක්. ඔවුනට රට ජාතිය වෙනුවෙන් අපගේ ප්‍රණාමය.(නදී)
ඇඟිලි සලකුණු පරිඝනක ගත කළානම් අනවසර සංක්‍රමණිකයින් පහසුවෙන් කොටු කර ගන්න පුළුවන්.(නදී)
මමත් දන්නෙ නැති නිසයි අහන්නේ. සංචාරක වීසා වලින් ඇවිත් එහෙම වෙළඳාම් කරන්න පුළුවන්ද? එහෙම බැරිනම් අනෙකුත් වෙළෙන්ඳො ගැනත් හොයල බැලුවොත් හොඳයි නේද? තවත් ඉන්න බැරි නැහැ ඒ වගේ අය. හැබයි ඉන්දීය ජාතිකයන්ගෙ මානුෂික අයිතිවාසිකමක් කඩ කෙරුවයි කියයි ද දන්නෙ නැහැ කවුරු හරි.(නදී)
මේ ඉන්දියන් කාරයෝ අපේ රටට සංචාරක වීසා වලින් ආවාට. මේ අය හිඟන්නෝ. එන්නේ අපේ ලංකාවේ මුදල් අරන් යන්න.(නදී)
කේ දෙනෙක් හොරට ඇතුල් වෙනවා ඇද්ද? අපි තාක්ෂනය අතින් තාම ගල් යුගයේ. කොමිස් ගහලා විදාතා මධ්‍යස්ථාන වලින් මේක කරන්න බැරි බව තේරුම් ගත යුතුයි.(නදී)
මෙය සමිපුර්ණ මානව අයිතිවාසිකමි උල්ලංඝනය කිරීමක් වනවා මෙන්ම මෙයට පෙර ලාංකීය සංඝයාට පහරදීමේ පලිගැනීමක් හැටියට දකින්න පුලුවන්.(නදී)
රනිල් ගියේ රෑ ඉස්කෝලෙකටද? (නි)
රනිල්, කවදාවත් ලංකාවෙන් පිට රටකට ගිහින් නැද්ද? අනේ ඇයි මේ වගේ ප්‍රතිචාර දාන්නෙ. හරි විදියට නම් මේ මගියාට දඩ ගහන්න ඕනෑ. ගෙව්වේ නැත්නම් හිරේ දාන්න වෙනවා (නි)
අනේ කියක් හරි ගන්න නේ තිබුනේ. (නි)
මෙන්න නියම නිලදධාරීන්. මේ අයට උසස්වීම් දෙන්න ඕනෑ.ඉන්දියන්කාරයා හිතන්න ඇති ලංකාවේ ඉන්නේ මෝඩයෝ කියලා.ඔබතුමන්ලාට සුබ පැතුම්! (නි)
කන පැලෙන්න දෙකක් දීලා එලවනවා මම හිටියා නම්, ගිහිල්ලා උපවාස කරන්නම (නි)
රනිල් මිත්‍යා දෘෂ්ටිකයෙක් වගෙයි (නි)