
(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)
සමූපකාර සේවක කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සමුපකාර සමිතිවල ක්‍රියාකාරිත්වය වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන්ට අනුගත වන පරිදි සහ පොදු නීතියෙහි සිදු වී ඇති වෙනස්කම් පිළිබඳව සලකා බලමින් 1972 අංක 12 දරන සමුපකාර සේවක කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත. සමූපකාර සේවක කොමිෂන් සභාව විසින් සමූපකාර සමිති, එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, සමූපකාර සේවකයන් හා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන වෙනත් පාර්ශ්වයන්ගේ ද අදහස් හා යෝජනා මෙන්ම එම කොමිෂන් සභාව විසින් ලද අත්දැකීම් ද පාදක කර ගනිමින් යෝජිත සංශෝධනයන් ඇතුළත් මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී මූලික කෙටුම්පත මත පදනම්ව, 1972 අංක 12 දරන සමූපකාර සේවක කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd