IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඉන්දියන් රුපියල් හාර දහසකට පස්ස විකුණයි

ඉන්දියානු රුපියල් හාර දහසක මුදල් කොන්ත‍්‍රාත්තුවක් මත  තම ගුද මාර්ගයේ රන් කුටිටයක් සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ඉන්දියානු ජාතික තරුණයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළේදී  ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී  මහතා පැවසුවේය.

ත් අඩංගුවට ගනු ලැබූ රන් කුට්ටියේ බර ග‍්‍රෑම් දෙසිය හැත්තෑ දෙකක් වන අතර එහි වටිනාකම රුපියල් දහතුන් ලක්ෂ හැටදහසකි.

සැකකරු ඉන්දියාවේ චෙන්නායි නුවර තමිල්නාඩු ප‍්‍රාන්තයේ පදිංචි විසි හතර හැවිරිදි තරුණයෙකි.  ඔහු කුළියට භාන්ඩ ප‍්‍රවාහනයේ යෙදෙන්නෙකු බව රේගුව කියයි. ඔහු  පසුගිය 13 වෙනිදා ඉන්දියාවේ  සිට මෙරටට පැමිණ ඇති බවත් නිතර  නිතර තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර මුදල් කොන්ත‍්‍රාත් මත භාන්ඩ ප‍්‍රවාහනයේ යෙදී ඇති බව රේගුව අනාවරණය කර ගෙන ඇත.

පිටකොටුවේ හෙට්ටි වීදියේ ව්‍යාපාරිකයෙකු  විසින් මෙම රන්කුටිටිය ඉන්දියාවේ චෙන්නායි  නුවර වෙත ගෙන යාමට තමාට ලබා දුන් බවත් චෙන්නායි ගුවන්තොටුපොළේදී එම ව්‍යාපාරිකයා හෝ වෙනත් අයෙකු  එය ආපසු ලබා ගැනීම සඳහා පැමිණෙන බව එම ව්‍යාපාරිකයා තමාට දැන්වූ බවත් සැකකරු රේගුවට පවසා ඇත.

තමන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ පිටත වැසිකිලියකට ගොස් මෙම රන් කුටිටිය ගුදයේ දමාගත් බවත් එය ඉතා වේදනාකාරී අත්දැකීමක් වූ බවත් එම අවස්ථාවේ තම දෙනෙතට කඳුළු පවා පැමිණි බවත් ඔහු රේගුවට පවසා ඇත.

මෙලෙස ගෙන යද්දී ගුවන් යානයේදී කෑමක් බීමක් පවා  නොගන්නා බවත් තමන් දැඩි අපහසුතාවයකට පත් වන බවත් ඔහු රේගුවට පවසා ඇත.

පසුගිය  සති දෙකේදී පමණක් මේ අයුරින් රන් කැබලි ප‍්‍රවාහනය කිරීමට උත්සහ කළ පුද්ගලයින් 7 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බැවින් හා සුළු ලාබයකට තම ජීවිතය අවදානමකට ලක්කර මෙවන් වේදනාකාරී ක‍්‍රියාවෙන් කරන්නේ ඇයි දැයි  අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා විසින් සැකකරුගෙන්  ප‍්‍රශ්ණ කර ඇත.

එහිදී සැකකරු පවසා ඇත්තේ ඔහු  නිතර නිතර විදේශයන්ට යන එන බැවින් කිලෝග‍්‍රෑම් පනහක බර ප‍්‍රමාණයක් ගෙන යා හැකි පහසුකම ඔහුට ලැබී ඇති බැවින් විවිධ පුද්ගලයින්  ලබා දෙන  භාන්ඩ කුළී පදනම මත ඒ ඒ රටවලට ගෙන ගොස් කුලිය ලබා ගන්නා බවයි. මේ සෑම ගමන්වාරයකදී විස්කි බොතල් හයක්ද  රැගෙන ගොස් එයද විකුනා මුදල් ලබාගන්නා  බව ඔහු රේගුවට පවසා ඇත.

මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඊ.ඒ රත්නශීල මහතා විසින් සැකකරුට රුපියල් තිස්දහසක දඩයක් නියම කොට එම රන් කුට්ටිය රාජ සන්තක කළේය.


මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ  උපදෙස්  මත  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඊ.ඒ රත්නශීල මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී රෝහණ සේනාධීර මහතාගේ මෙහෙයවීමෙන්  සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.එස් අබේධීර, චන්දිම කරුණාරත්න, කේ.පී.ජී.එස්.සී ලොකු ගම, සී කොටැඹගේ, කේ.සී.පී කුමාර, එම්.ආර්.ඩබ්ලිව් කුමාර, ඩබ්ලිව්.එම්.එස්.ඒ  ප‍්‍රියදර්ශන  යන රේගු නිලධාරීන් විසින් සිදු කරනු ලැබූහ.



අදහස් (0)

ඉන්දියන් රුපියල් හාර දහසකට පස්ස විකුණයි

රුවන් Sunday, 15 September 2013 01:07 PM

ඈක්කා, ඊයා අත් ආවරණ නැතිවම මේ මහතා රන් කැබැල්ල අල්ලන අපුරුව.(නදී)

:       0       0

රුවන් Sunday, 15 September 2013 01:11 PM

මොකද පිරිමි විතරක් අහුවෙන්නේ කාන්තාවන්ව චෙක් කරන්නැද්ද? (නදී)

:       0       0

දර්ශන Sunday, 15 September 2013 08:37 PM

සුරංග, ඒවා ඔයා බදිනකොට දැවද්දට දෙනවා.(නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Sunday, 15 September 2013 01:18 PM

මේ යන විදිහට ගියොත් නම් ගුදමාර්ග පරීක්ෂාව සම්බන්දව ලෝකයේ ඉහලම තාක්ෂනය තියෙන්නේ ලංකාවේ රේගුවේ බවට වාර්තාවක් පිහිටුවන්න පුළුවන් වෙයි. ඇමෙරිකාව, එංගලන්තය , ඔස්ට්‍රේලියාව වගේ රටවල අපෙන් තාක්ෂනය මිලදීගන්නත් එයි. ආසියාවේ ආශ්චර්යමත් රේගුව. (නදී)

:       0       0

වසන්ත Sunday, 15 September 2013 01:19 PM

ඔය කියුවට ගෙන්න නම් පුළුවන් (දී)

:       0       0

රුවන් Sunday, 15 September 2013 01:19 PM

මගේ යහළුවෙක් ඩුබාය් සිට පව්ම්35ක්[ග්රෑම්280ක්]ගෙනාව මාල,බ්ලෙස්ලට් මුදු ,,,ඔහු එය පැළදගෙනමය්ආවේ.කිසිම ප්‍රස්නයක් වෙලානැහැ (දී)

:       0       0

තිලක් Sunday, 15 September 2013 01:21 PM

තමන් අහිංසක වෙන්න මේවගේ හොරු බොරු කියනවා. රන් රාජසන්තක කරලා වටිනාකම මෙන් දෙගුණයක දඩයක් ගහන්න නීති ගෙනෙන්න තියෙන්නේ. (දී)

:       0       0

හේරත් Sunday, 15 September 2013 09:04 PM

කොල්ලා කාලේ අපි ලස්සන ගෑනු ළමයි දැක්කම සමහර කොල්ලෝ කියනවා "මාර ඩිකියක් " බන් කියලා. මම නම් දැක්කේ මගේ ඉල්ලුම තිබුනේ තාලෙට ගැස්සෙන නැළවෙන පස්සවල් විතරයි. හා...හා...හොරෙ දැනුනා....මට හොහෝ ගගා ඇඩුනා.... තේරුනේ දැන් තමයි....ඩිකිය කියන්නේ අරවා මේවා දාන තැනක් කියලා.(නදී)

:       0       0

අමාලි සිල්වා Sunday, 15 September 2013 01:54 PM

දිගින් දිගටම ගුද මාර්ගය විකුණා ගුද මාර්ගය රන් පොලු ප්‍රවාහනය යොදා ගෙනීම සාමාන්‍ය සිද්දියක් වී ඇත . කෙසේ වෙතත් අපගේ දක්ෂ රේගු නිලදාරීන්ගේ ඇසට වැලි ගසමින් කොපමණ දෙනෙක් මේ දේ කරනවද .මම සිතන්නේ සියලුම ඉන්දියානු සහ පකිස්ථානුවන් ගැන විමසිල්ලෙන් රේගුව සිටිය යුතුය . එමෙන්ම අපගේ ශ්‍රී ලාංකිකයන්ද මෙය කරන නිසා ඔවුන්ගේ ගමනාන්තය බලා ඔවුන්වද සෝදිසියක් කල යුතුය.(නදී)

:       0       0

සුරංග Sunday, 15 September 2013 02:04 PM

දන්නෙ නැති නිසයි අහන්නේ. ඔය රාජ සන්තක කරන ඒවට මොකද වෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න. (දී)

:       0       0

හේමන්ත Sunday, 15 September 2013 02:27 PM

මේවා නිර්මාණය කර ඇත්තේද ගුද මාර්ග ප්‍රවාහනය වෙනුවෙන්මය. මේවායෙහි අයිතිකරුවන්ට මුදල් දඩ වලට අමතරව කායික දඩුවම්ද පැමිණවිය යුතුමය.(නදී)

:       0       0

උපාලි Sunday, 15 September 2013 02:43 PM

කොච්චර අහු වුනත් මේ මිනිස්සු පාඩමක් ඉගෙන ගන්නේ නැති හැටි. කිකිලිට ඔච්චර ලොකු බිත්තරයක් දාන්න පුළුවන් නම් මිනිහෙකුට පොල්ගෙඩියක් විතර ලොකු රන් කුට්ටියක් ගෙනියන්න බැරි මොකද කියල හිතනවා ඇති. කවදාහරි එකෙක් මැරුණාම තමයි ඉගෙන ගන්නේ. (නදී)

:       0       0

නාරද Sunday, 15 September 2013 04:07 PM

නියම ප්‍රවාහන සේවයක් (දී)

:       0       0

රූපවතී Sunday, 15 September 2013 11:26 PM

ඉතින් දැන් හේරත් අයියට ඒ විදියෙම ඩිකියක්ද හම්බවෙලා තියෙන්නේ...? (නි)

:       0       0

සුජිත් Sunday, 15 September 2013 04:46 PM

නියම ආදායම් මාර්ගය වෙලානේ

:       0       0

නාලක Sunday, 15 September 2013 05:03 PM

"රන් මග කාර්ගෝ සර්විස්" කියල කාර්ගෝ සර්විස් එකක් විවෘත කරන්නලු හිතාගෙන ඉන්නේ.(නදී)

:       0       0

සේරම් Monday, 16 September 2013 01:45 AM

පින්තුර වල පෙනෙන විදියට මෙම රන් පොලු සදා තිබෙන්නේ ගුද මාර්ගයට හෝ මුත්‍ර මාර්ගයේ සඟවා ගෙන යන ආකාරයට. මෙය සැලසුම් කළ වෙළදාමක් වගේ.(නදී)

:       0       0

සිතුමිණ Monday, 16 September 2013 05:24 AM

කොල්ලා කාලේ අපි ලස්සන ගෑනු ළමයි දැක්කම සමහර කොල්ලෝ කියනවා "මාර ඩිකියක් " බන් කියලා. මම නම් බැලුවේ තාලෙට ගැස්සෙන නැළවෙන පස්සවල් විතරයි. හා...හා...හොරේ දැනුනා....මට හොහෝ ගගා ඇඩුනා.... තේරුනේ දැන් තමයි....ඩිකිය කියන්නේ ප්‍රවාහන සේවයක් කියලා.(නදී)

:       0       0

කින් බෙනට් Sunday, 15 September 2013 06:32 PM

ගුද මාර්ගයේ තිබුන රත්තරන් පොල්ල අපේ රේගු නිලධාරීතුමා කැත නැතුව අතේ තියාගෙන ඉන්න හැටි? (නි)

:       0       0

සත්‍යා Sunday, 15 September 2013 06:46 PM

අර රත්රන් වලට මොනවද වෙන්නේ කියන්ඩ ගොඩක් අය බයයි.(නදී) .

:       0       0

විමලාවතී Tuesday, 17 September 2013 03:02 AM

ඕක හොඳට හෝදලද මහත්තයෝ ඔහොම අල්ලන්නේ? (නි)

:       0       0

දර්ශන් Sunday, 15 September 2013 06:57 PM

අපේ නිලධාරින්ගේ කැපවීමට අපගේ උපහාරය. (නි)

:       0       0

හේරත් Sunday, 15 September 2013 07:59 PM

තව ඔය වගේ මාර්ග කීයක් තියෙනවද? පර්චස් එකක් බර ගානක් ..... (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි ආරබිය Monday, 16 September 2013 09:05 AM

රේගුවට දැන් අලුත් මාර්ගයක් ඇවිත් පරික්ෂා කරන්න.අප්පිරියයි.මේ මිනිස්සු මුදල් නිසා ජීවිතේ අවදානමවත් හිතන්නේ නැනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 997 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6128 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3422 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 290 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1484 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1598 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28512 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23598 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site