IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඉන්දියාවට ඇසළ වීරකෝන් : රුසියාවට සමන් වීරසිංහ

තානාපති ධූර පුරප්පාඩුව පැවති තවත් රටවල් තුනක් සඳහා නව තානාපතිවරුන් පත්කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාව, රුසියාව, සහ පිලිපීනය සඳහා   නව තානාපතිවරුන් පත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිණිකොළොන්නේ මෙනවිය එම අමාත්‍යාංශයේ   පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

 ඉන්දියාව නව ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස නිවාස හා සමෘද්ධි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් මහතාද , රුසියාවේ  ශ්‍රී ලංකා තානාපති ලෙස වෛද්‍ය සමන් වීරසිංහ මහතාද , පිලිපීනයේ ශ්‍රී  ලංකා තානාපති ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරියෙකු වන අරුණි රණරාජා මහත්මිය පත්කළ බව  කොළොන්නේ මෙනවිය පැවසුවාය.

රජය විසින් නම් කරනු ලැබූ මෙම නව මහකොමසාරිස්වරු සහ තානාපතිවරුන්ට උසස් නිලතල පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  හා එම රටවල් හි රජයන්ගේ අනුමැතිය හිමිවී ඇති බවත් නුදුරේදීම ඔවුන් අදාළ ධූරයන් හි රාජකාරී කටයුතු බාරගනු ඇති බවත් ඇය පැවසුවාය.

මීට අමතරව රටවල් කිහිපයක ශ්‍රී ලංකා කොන්සල් ධූර  සඳහා නව කොන්සල් ජනරාල්වරුන් පත් කළ බව අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ මෙනවිය එම මාධ්‍ය හමුවේදී පැවසුවාය.

ඒ අනුව චීනයේ ග්වැන්ජොං හි   කොන්සල් ජනරාල්වරයා ලෙස ශානිකා දිසානායක, ෂැංහයි හි   කොන්සල් ජනරාල්වරයා ලෙස ලක්ෂිත රත්නායක , කැනඩාවේ ටොරොන්ටෝ හි   කොන්සල් ජනරාල්වරයා ලෙස යූ.එල්.එම්.ජවුෆර් , ඕස්ට්‍රේලියාවේ   කොන්සල් ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.ජේ.එස්.ප්‍රසන්න , ඉතාලියේ මිලාන් හි   කොන්සල් ජනරාල්වරයා ලෙස ප්‍රදීපා සේරම් යන මහත්ම මහත්මින් පත් කරනු ලැබ සිටිති. 



අදහස් (0)

ඉන්දියාවට ඇසළ වීරකෝන් : රුසියාවට සමන් වීරසිංහ

පෙරේරා Thursday, 30 July 2015 06:39 PM

ලංකාවට වරදින තවත් තැනක් තමයි වෘත්තීය විදේශ තානාපති සේවයෙන් පරිභාහිර අය එවැනි තනතුරු වලට පත්කිරීම. (නදී)

:       0       0

රූපවතී Thursday, 30 July 2015 07:23 PM

අනික් අය කොහේ ගියත් කමක් නැහැ. හැබැයි ඉන්දියාවට යන කෙනාටයි කියන්නේ. අර පාලම හෙම හදන්න තියා ඒ ගැන කතාකරන්නවත් ඉඩතියනවා හෙම නොවෙයි. ඔන්න අපි කීවා රටේ මිනිසුන්ගේ ස්වාදීනත්වයට හානියක් ඇති නොවෙන්න බලධාරීන් කටයුතු කල යුතුයි. මහ ජනයා බලා පොරෝත්තුවෙන්නේ එපමණයි. ලුනුයි බතුයි කාල හරි තම පැල්කොටේ නිදහස්ව ජීවත්වෙන්න නැතිනම්, හැමදාම රජමාලිගා මුර කරලා ඇති පලක් නැහැ. (නදී)

:       0       0

චන්න බුවනක Thursday, 30 July 2015 08:55 PM

ඔය තානාපති සේවයට යන අය රාජකාරිය කරනවද කියල බලන්නත් ඕනි.(නදී)

:       0       0

චන්දිම Friday, 31 July 2015 01:59 AM

ජනතාවට මේ අයගේ සියලු සුදුසුකම් දැනගැනීමට සලස්වන්න. (නදී)

:       0       0

නිහාල් Thursday, 30 July 2015 01:01 PM

අරුණි රණරාජා හිටපු ඒ ජා ප මන්ත්රී ෂෙල්ටන් රණරාජාගේ දුව නේද (නදී)

:       0       0

වික්ටර් Thursday, 30 July 2015 02:55 PM

අනේ හොදයි, සමන් මහත්මයට නම් ඉතින් රුසියාවේ කරන බිස්නස් ටික බොඩි ගාඩ්ලා අරක්ෂකයෝ නැතිව තානාපති වරප්‍රසාද යටතේම කරගන්ඩ යහපාලනේ යටතේ පුළුවන් වෙයිනේ. (නදී)

:       0       0

මා.උපරතන හිමි .ස්වීඩන් Thursday, 30 July 2015 03:55 PM

ඇසල වීරකෝන් දක්ෂ නිරහංකාර තානාපති වරයෙක්. ඔබට මගේ සුභ පැතුම්. (නදී)

:       0       0

ප්‍රියන්ත Thursday, 30 July 2015 03:56 PM

විදේශ සේවයේ අසාධාරණයට ලක්වූ ලොකු සහ පොඩි නිලධාරීන් ගැන සොයන්න. තවමත් අසාධාරණයට ලක්කරමින් පවතින අය ගැනත් හොයන්න. දේශපාලකයින් නැති වන විට නිලධාරීන් අල්ලගෙන වැඩ කරගන්න දක්ෂ අය නිසා අනිත් අයට වෙන කැපිලි ගැන බලන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2773 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2363 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2940 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5857 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1972 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6668 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18613 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 281 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 146 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site