IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ඉන්ධන අළෙවිය සියයට 50 කින් පහළට

(යොහාන් භාසුර)

ඉන්ධන මිල අඩු මුදලක පැවැති උත්සව සමයෙන්ට සාපේක්‍ෂව මෙවර උත්සව සමයේ ඉන්ධන අළෙවිය සියයට 40 ත් 50 ත් අතර ප්‍රතිශතයකින් පහළ බැස ඇති බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය.  

සමස්තයක් ලෙස ගත්විට සාමාන්‍ය දිනවල ද ඉන්ධන අළෙවිය ඉන්ධන මිල අඩු මුදලක පැවැති කාලයට සාපේක්‍ෂව සියයට 40 කින් පමණ පහළ ගොස් ඇති බව කී ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ඉන්ධන මිල ඉහළ යෑම නිසා ජනතාව ගමන් බිමන් සීමා කිරීම සහ වැඩි වශයෙන් පොදු ප්‍රවාහන පාවිච්චි කිරීම මෙයට හේතු වී ඇති බව සඳහන් කළේය.

පිරවුම්හල්වල ඉන්ධන තොග රඳවාගත්තද අළෙවිය පහළ මට්ටමක පවතින බව කී ඒ මහතා පැවසුවේ අළෙවි පහළ ගිය ද ඉන්ධන පිරිවුම්හල් හිමියන් විදුලි බිල සහ සේවක වැටුප් ආදි වියදම් අනිවාර්යෙන්ම දැරිය යුතු බවත්ය.

මෙම තත්වය හේතුවෙනන් බස්නාහිර පළාතෙන් පිටත ඉන්ධන පිරවුම්හල් හිමියන් බොහෝමයක් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වැසී යෑමේ අවදානමක් ඇති බවත් ඒ මහතා කීය.  



අදහස් (9)

ඉන්ධන අළෙවිය සියයට 50 කින් පහළට

අරවින්ද මොනරවිල Thursday, 28 December 2023 06:01 PM

ගොනාගේ කාලයේ ගහන්න තෙල් නැහැ. පින් ගොනාගේ කාලයේ තෙල් ගහන්න සල්ලි නැහැ. දෙකම එකයි...!

:       14       65

Yapa Thursday, 28 December 2023 07:51 PM

බලමු අරවින්දගේ ගොනා ආවම මොකද වෙන්නේ කියල.

:       10       5

FAIROOSThursday, 28 December 2023 08:06 PM

රාජපක්ෂ වහල්ලුන්ට තරහා ගිහින් ඩිස්ලයික් දාලා...!

:       1       6

Sampath AbeygunasekaraThursday, 28 December 2023 10:37 PM

තෙලුත් නැතිව, සල්ලිත් නැතිව ඉන්නද කියන්නේ...?

:       0       3

nalin Thursday, 28 December 2023 07:18 PM

ගිය අවුරුද්දෙ ලක්ශයක් විතර රට දාල ගිහිල්ල කිව්ව නේද? අන්න ඒ මිනිස්සුන්ට යමක් අමක් තිබ්බ මිනිස්සු ඒ මිනිස්සු ගොඩක් ඉන්දන පරිබෝජනය කරානෙ දැන් ඒ අය ගියාම ඉතින් ටිකක් විතර ඉන්දන පරිබෝජනය අඩු වෙනව ඒක තමයි දැන් වෙලා තියෙන්නෙ

:       6       5

Sampath Abeygunasekara Thursday, 28 December 2023 10:39 PM

ඒක හොඳයි... විදේශ විනිමය ඉතිරියි. නිකන් තෙල් ගහන එකේ රස්තියාදු ගහන ටික අඩුවෙලා අත්‍යාවශ්‍ය ගමන් බිමන් විතරයි යන්නේ.. ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරන එක පරිසර දූෂණයත් අඩුවෙනවා. මේක නිකන් බෙදලා අවශ්‍යතාවයටත් ගන්න බැරිවුණා පහුගිය කාලේ...!

:       6       0

de silva Friday, 29 December 2023 08:00 AM

රටේ තෙල් මිල වැඩි වුනහම ආර්ථිකය හැකිලෙනවා , ඇමරිකාව වැනි රටවල් නිතරම බලන්නේ යුධ කරලා හරි තෙල් තිබෙන රටවල පාලනය අල්ලාගෙන ඇමරිකාව තුල තෙල් මිල අඩුකර රටේ ආර්ථිකය වර්ධනය කරගන්න , මෙහෙ ඉන්න හොර දේශපාලුවන් බලන්නේ කොහොම හරි තම මල්ල පුරවගන්න මිසක් රටේ ආර්ථිකය ගැන නොවේ ,පක්ෂ මාරු කලත් උන්ට චන්දෙ දෙන්න හරක් සෙට් එකක් ඉන්න බව උන් දන්නවා

:       2       9

Rohana Friday, 29 December 2023 09:52 AM

තියෙන බදු මරාලෙ මදිවට ඉන්ධනවලටත් වැට්බදු ගහපියව්. එතකොට ජනතාවට සැපට සැපයි.

:       1       9

චන්දන Friday, 29 December 2023 12:04 PM

ඇයි ඇමති කිව්වේ දැන් ලාබයි කියලා... තව 40කින් වැඩි වෙනවා දවස් දෙකකින්... එතකොට බලාගන්න පුළුවන් වෙන දේ... මේ ගොං හැතිකරේට තේරෙන්නේ නැහැ.. ඉන්ධන මිල වැඩිවෙනවා කියන්නේ ආර්ථිකය හැකිලෙනවා කියන එක බව... මේ අය ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන තියෙන්නේ දෙවුන්දර වැල්ලේ.. ඒකයි.

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 42 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 80 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 621 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 525 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 725 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site