
(අංජුල මහික වීරරත්න)
වර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ විවෘත භාවය සඳහා වන ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම ක්‍රියාත්මක කිරීම පිණිස ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා රජය විසින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීම, රාජ්‍ය මූල්‍ය තිරසරභාවය සහතික කිරීම සහ තිරසර හා සියල්ලන් ඇතුළත් ආර්ථික වර්ධනයක් සඳහා පදනම සැකසීම අරමුණු කරගත් පුළුල් ආර්ථික ස්ථායීකරණ, ප්‍රකෘතිමත් කිරීමේ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටී.
එකී ප්‍රතිසංස්කරණ වැඩසටහන සහ ප්‍රතිපත්තිමය කැපවීම් පිළිබඳ ධනාත්මක ඇගයීමකින් අනතුරුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදල විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක ප්‍රතිපත්ති පාදක ණයක් ලබා දීම පිණිස එකඟතාව පළ කරනු ලැබ ඇත. එකී ණය පහසුකම, සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම (Development Policy Operation) යටතේ ලෝක බැංකුව විසින් සපයනු ලබන මූල්‍ය ආධාරයට සමගාමීව ලබා දීමට නියමිතව තිබේ.
සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 24 කින් සහ විශේෂ ප්‍රාග්ධන සම්පත් යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 6කින් සමන්විත එකී ණය මුදල, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ OPEC අරමුදල වෙතින් ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd