ඉඳිආප්ප විකුණන මුවාවෙන් මත්කුඩු විකිණූ සිව්දරු මවක රුපියල් 40,000ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග කොහුවල බෝධිය වත්තේදී අද (19) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාරිය සිය නිවස ඉදිරිපිට මේසයක් තබාගෙන ඉඳිආප්ප මුල් විකුණූ බව හඟවමින් කුඩු විකුණා ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධි දවස ගානේ අහන්න ලැබෙනවා. අපට එක ප්‍රශ්නයයි අහන්න තියෙන්නේ. මේ අල්ලන හාල් මැස්සෝ එකෙක්වත් කියන්නේ නැද්ද ඊට ඉහලින් ඉන්න අලගොඩුව කවුද කියල. ඒ අලගොදුවෝ කියන්නේ නැද්ද උන්ට ඉහලින් ඉන්න බලයා කවුද කියල. ඔහොම ඔහොම උඩට යනකොට තල්මසා හොයාගන්න බැරිද? එහෙම නොවෙන්නේ ඇයි? මං හිතන්නේ බලයා ඉන්න හරියට එනකොට තල්මසා වගබලාගන්නවා ඇති එයින් ඉහලට එන්න නොදෙන්න. (අ)
අද කොළඹ නගරයේ කරන දුෂණ වැඩ වලින් 75% ක් ම කරනුයේ වතුවල ලොකු,ලොකු කතා දාගෙන චන්ඩි පාට් එකෙන් ඉන්න කාන්තාවන්. ගංජා,මත්කුඩු,ගණිකා වෘත්ති මෙහෙයවමින් ,15% - 20%(ඩේලි කලෙක්සන්) පදනම යටතේ සල්ලි පොලියට දීම ,එදිනෙදා ජීවන රටාවයි. හැබැයි මේ අයගේ ළමයිගේ අධ්‍යාපනය ගැනත් බලනවා. කොහෙද ඉගෙනගන්නේ ඇහුවොත් කතාව ඉන්ටර්නැෂනල් (දී)
වරුණ කෝ කට! අපි ඉස්කෝලේ යන කාලේ මතකද? (දී)
උපාලි ඔබ හරි ,හාල් මැස්සන් පමණක් අල්ලලා මෙය නවත්න්න බැහැ. මේ ගැන පොලිස්පති තුමා අවංකවම ලැජ්ජා විය යුතුය.(නදී)
බණ්ඩා ඉතින් 5 වෙනකං ඉස්කෝලේ ගිහින් බීඩි කොටයි, සුරුට්ටු කොට ඇදපු එකයි ගෑනු ළමයින්ට ලියුම් දීපු එකයි කරලා අධ්‍යාපනේ කඩාකප්පල් කර ගත්තු එකනේ උනේ අපරාදේ.(නදී)
වෙලාවකට මේ ගැහැනුද කියලත් හිතෙනවා. මෙහෙමත් ජිවීත! දරුවන්ටත් දෙයියන්ගේම පිහිටයි! (දී)
දැන් බලාගෙන ගියාම ,අපේ ලංකාවේ විතර කුඩු බිස්නස් කරන්නේ නැහැනේ වෙන කිසිම රටක!!. ඉන්දියන් සාගරේ මුතු ඇටයද මේ ...? (අ)
මෙම මෙහෙයුම් කරන සියලු නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට තෙරුවන් සරණ ලැබේවා! (දී)
ඔහොම යමු අපේ සහයෝගයත් දෙනවා.ලංකාවෙන් කුඩු තුරන් කරමු. (දී)
ගැහැණු පිරිමි කියලා වෙනසක් නැහැ දැන් කාලේ. හැමෝම එකයි (දී)
මේවා කරන අයට මර බිය දැනෙන විදිහේ දඬුවම් දිය යුතුයි. නැත්නම් වැඩක් නැහැනේ (දී)
ඒ ආන්ටි ගැන පොලිසියට ඔත්තුව දී තියෙන්නේ ළගින්ම එයාව ආශ්‍රය කරන තවත් ආන්ටි කෙනෙක් වෙන්න ඇති. දැන් ඉන්නේ ඉතින් මෙහෙම උදවියනේ (නි)
ගමේ ඉන්න මොන වට්ටි අම්මාවත් කුඩු හදන්නේ නැනේ..?පොලියේ අය මේ දේවල් දන්නවා. දැනගෙන නොදන්නවා වගේ ඉන්නවා.(අ)
කුඩු එන්නේ ඉන්දියාවෙන්. අපි දුප්පත් නිසා මේවට රවටාගන්න ලෙහෙසියි.මුදුන් මුලම කපලා දැන්මම ඉවරයි. (නි)