IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘ඉරණමඩු වතුර උතුරට නෑ: දකුණේ වතුර උතුරට උතුරන්න දෙනවා’

‘උතුරේ වෙනම රටක් තිබුණා නම් ඒ රටේ ජලය නැති බව උතුරේ මහ ඇමැති ඇතුළු වෙනම රටක් ඉල්ලා සටන් පාඨ මුමුණන දේශපාලනඥයින් අවබෝධ කරගත යුතු යැයි’  මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

යාපනයේ තිබෙන්නේ පැරණි ආඬි ළිං පමණක් බව කී ඇමැති ඉරණමඩු වැවෙන් යාපනයට ජලය දෙනවාට වන්නියේ ජනතාව විරුද්ධ වුවත් මොරගහකන්ද ව්‍යාපෘතියෙන් එම පළාතට ජලය දෙනවාට දකුණේ සිංහල ජනතාව විරුද්ධ නොවූ බව සඳහන් කළේය.

ඉරණමඩුවට ජලය ගෙනයන වැඩපිළිවෙලක් පළමුවෙන් ආරම්භ කළේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ කාලයේ බව ද ඔහු කීවේය.

ඉදිරියේදී යාපනයට ඉහළ සංවර්ධනයක් අත්කර දීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා එම කටයුතුවලදී සියලූ දෙනා එකතු වී ඉදිරියට යා යුතු බව ද කියා සිටියේය.

දෙමටගොඩ, මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණ භූමියේ පැවති වැඩසටහනකට  සහභාගී වෙමිනි.



අදහස් (0)

‘ඉරණමඩු වතුර උතුරට නෑ: දකුණේ වතුර උතුරට උතුරන්න දෙනවා’

සරත් Friday, 29 July 2016 09:58 AM

මිනිස්සු කොටවලා තමන් වැජබෙන්න තනන දෙමල දේශපාලකයෝ නිසා තමයි උතුරේ නැවත අස්ථාවර උනොත් අස්ථාවර වෙන්නේ. (ර)

:       0       0

චානක Friday, 29 July 2016 09:54 AM

නියම කියමනක්. (ර)

:       0       0

සංජීව Friday, 29 July 2016 10:43 AM

එතකොට මිනිස්සු කොටවලා තමන් වැජබෙන්න තනන දේශපාලකයෝ නිසා වුන දේවල් සහ වෙන දේවල්... (ර)

:       0       0

ඇසළ Saturday, 30 July 2016 03:40 AM

ඕක ගිහිල්ල උතුරේ මහා ඇමතිටයි ආණ්ඩුවේ විපක්ෂ නායකයටයි ගෝලයෝ ටිකටයි මුනටම කිවුව නම් තමයි හොද. අපිට ඔය බයිලා අහල දැන් එපා වෙලා තියෙන්නේ. (අ)

:       0       0

බන්දුල. Saturday, 30 July 2016 11:44 AM

ඔය හදවතින් මද කියන්නේ?. ඕක කෙලින්ම කතාකරල කිවනම් ඉවරනේ. කොළඹට වෙලා කෑගහන්නේ.(රේ)

:       0       0

දුමින්ද Friday, 29 July 2016 12:09 PM

ජාතිවාදය පතුරන අයට හොද පිළිතුරක් ! උතුරේ අය වගේම දකුණේ අයත් තේරුම් ගත යුතු දෙයක්. (ර)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Friday, 29 July 2016 12:44 PM

ශ්‍රී ලංකා දේසපාලනයේ 90% ක්ම සිටින්නේ ලෝක හොරු එම අකුසල් කර්මයෙන් මතු අත්මයේදී හොරිකඩ සුනකයන්වී ශ්‍රී ලංකා භූමියේම ඉපදීමට හේතු වේවා.(අ)

:       0       0

නිම්මි Friday, 29 July 2016 02:29 PM

මට මෙය දකින්නවත් ආස කෙනෙක් නෙමෙයි. නමුත් කියමන ඇත්ත.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 564 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1261 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 471 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 215 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 671 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1382 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39098 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25573 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1081 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site