ඉරණමඩු ගුවන් පථය ලබන 15 වෙනිදා විවෘත කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමුවරට ගුවන් හමුදා පිරිස් බලය සහ දැනුම යොදාගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ඉදිකර ඇති මෙම ගුවන් පථය දිගින් මීටර් 1500ක් හා පළලින් මීටර් 25කින් සමන්විත වෙයි.
මෙහි සැලසුම්, ඉංජිනේරු, ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ හා තාක්ෂණික ඇතුලූ සියලූම කටයුතු ගුවන් හමුදාවෙනි.
එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු විශාලතම ගුවන් යානය වන සී - 130 ගුවන් යානය පවා මෙම ගුවන් පථය මත ගොඩබැස්සවීමට හැකි පරිදි මෙය නිර්මාණය කර ඇත.
කිළිනොච්චිය ඉරණමඩු ගුවන් පථය වෙත පැමිණිය හැකි මාර්ග දෙකකි. මාන්කුලම්, අම්බගාමම්, ඕලූමඩු හරහා පැමිණිය හැකි අතර අනෙක් මාර්ගය කිලිනොච්චිය වට්ටකච්චි, රාමනාදපුරම් හා කල්මඩු ඔස්සේද එහි ළගා විය හැකිය.
තිස්වසරක් පුරා ඉරණමඩුව කොටි මධ්‍යස්ථානයක් විය .
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ වාර්තාවක් තබමින් ඉදිකල මෙම ගුවන් පථයත් සමග මන්නාරම" වව්නියාව, පලාලි ඇතලූව උතුරු පලාත සඳහා ගුවන් පථ හතරක් වෙයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ වව්නියාව සහ පලාලි ගුවන් තොටුපලවල් අතර ගමනාන්තයන් කෙටි කරමින් ඉන් අතර මැදට ඉරණමඩු ගුවන් පථය එක් වීමයි.
2009 ජුනි මස 21 වන දින ගුවන් හමුදා මුලස්ථානයේ අනුමැතිය ඇතිව ගුවන් භටයින් 20 දෙනෙකුගෙන් හා බලඝණ නායක රූපසිංහ බලඝණ නායක ජයතිලක පියාසර නිළධාරී ඕවිටපාන යන අයගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පැමිණ 2009 ජුනි මස 22 වන දින ඉරණමඩු ගුවන් හමුදා කුඩා කඳවුරක් ලෙස ස්ථාපිත කර ඇ
ත.
පසුව 2009 අගෝස්තු මස 14 වන දින ප්‍රථම වරට ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා ධජය ඔසවන ලද අතර ඒ සඳහා නිළධාරීන් තිදෙනෙකු එක් බලලත් නිළධාරීයෙකු හා ගුවන් භටයින් 12 දෙනෙකු සහභාගී විය.
2011 අගෝස්තු මස 03 වන දින ඉරණමඩු ගුවන් හමුදා පහිනාංකය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර ඉරණමඩු බවට පත් විය. එහි ප්‍රථම අණදෙන නිළධාරී වශයෙන් විංග් කමාන්ඩර් එච්.එම්.සී රූපසිංහ මහතා පත් විය.
පෙරහුරු ගුවන්යානාව ගොඩ බෑ අවස්ථාව
කොටි ත්‍රස්තවාදීන් විනාශ කර තිබූ අයුරු
අළුත් වැඩියා කරන අයුරු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී -සිරි , ඔබ අදහස් කරන විදියට ත්‍රිවිධ හමුදාව මගින් සුළු සුළු සංවර්ධන කටයුතු කරවා එහි ප්‍රතිලාභය ත්‍රිවිධ හමුදාවල සුභ සාධනයට යෙදවීම ඉතා හොද අදහසක් නමුත් අපේ දේශපාලක්යන් මේ වැඩේට කැමති වෙන එකක නැහැ (නි)
අනිල් ,සේනක, නිකන් මෝඩකම නොපෙන්වා ඉන්න (නි)
කතාව ඇත්ත. ලංකාවෙත් මේ තාක්ෂණය තියනවා. ඒත් ගොඩක් ඉන්ජිනේරුවො උපාධිය ගත්තු ගමන් රට පනිනවා. ඉතින් වෙන කුමක් කරන්නද? (ත)
ද සිල්වා,බර්ලින් නුවර ඉඳලා ලියපු දේ හරි. හැබැයි ත්‍රිවිධ හමුදාවේ ඉන්න ඉංජිනේරු සෙබළු සුළු සුළු වැඩ විතරක් නොවේ , විශාල සංවර්ධන වැඩ කරනවා. යුද්ධය පවතින කාලයේ ඒ ප්‍රදේශ වල තිබුණු මාර්ග අලුත්වැඩියාව , පාලම් සැදීම වෙනි පොදු ගොඩනැගිලි ඉදිකිරීම වගේ දේවල් කලා . ඒ වගේම යුද්ධයෙන් පස්සේ අසරණ සිවිල් අයවලුන්ගේ නිවාස හැදීම අලුත් වැඩියා කර දීම වැනිදේ කරනවා. දැනට කොළඹ ප්‍රදේශයේත් විශාල සංවර්ධන වැඩ කොටසක් මොවුන් අතින් සිදුවෙනවා. (නි)
එහි නම " ඩෙන්සිල් කොබ්බැකඩුව " ගුවන් පථයයි. (අ)
සුබ පතනවා! අපේ හමුදාව ලෝකයේ හොදම හමුදාවයි (නි)
විශිෂ්ටයි (නි)
ගාමිණී-සිරි, ඔබේ අදහස මනා අවබෝධයෙන් ඉදිරිපත් කරලා තියෙනවා.මා ඔබට 100% එකඟයි.ඔය අන්දමින් අපේ රටේ යම් යම් ස්ථාන ඉතා අලංකාර වෙන්නේත් ආරක්ෂක ලේකම්තුමාගේත් ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේත් නිර්මාණශිලී දායකත්වය,තාක්ෂණික ඥානය, ශ්‍රම ශක්තිය එක්තැන් වෙමින්. සමන් කුමාර, ඔබේ අදහසත් ඉතාම අනර්ඝයි.ජනරාල් කොබ්බැකඩුව කියන්නේ දේවත්වයෙන් පිදිය හැකි හමුදාවේ සිටි උත්තමයෙක්.(නි)
මම හිතනවා මත්තල වෙනුවට මෙතන වැඩි දියුණු කළ යුතුව තිබුණා කියලා ජාත්‍යන්තර ගුවන් තොටුපලක් විදියට. (නි)
ඇත්තටම නියම සුන්දරත්වයක් තියන තැනක තමයි ගුවන් කදවුර පිහිටා තියෙන්නේ. මම එතනට ගිහින් තියෙනවා (නි)
චමල්, දන්නේ නැත්නම් මත්තලට ගිහින් බලලා එනවකො මොකද වෙලා තියෙන්නේ කියලා. කුහකකම් හිතේ තියාගෙන තප්පුලන්න එපා (නි)
එදිරියට යන ජාතියක පියසටහන්....(අ)
දේශපාලනඥයන්ගේ නම් නොදා මේ ගුවන් තොටුපල ජනරාල් කොබ්බැකඩුව ගුවන් තොටුපල කියල නම් කලොත් නරකද? (අ)
හොද දෙය අගයමු. ඉතාම හොද වැඩක්. ත්‍රිවිධ හමුදාවේ වෙනම කොටසක් තියෙනවා ඉංජිනේරු දැනුම සහිත. ඒ දැනුම උපයෝගී කර ගැනීම ඉතාම හොද දෙයක්. රටක හමුදාව කියන්නේ යුද්දෙට විතරක් ඉන්න කොටසක් නෙමෙයි. හමුදාවක නොයෙක් රෙජිමේන්තු තියෙනවා. ඒවයේ දැනුම සහ පුහුණුව එකිනෙකට වෙනස්. ඒ දැනුම සහ සම්පත් අපිට රටක් දියුණු කිරීමේදී යොදාගැනීම වරදක් නැහැ. (නි)
වීර පුතුනි, දියණියනි, ඔබ සැමට තෙරුවන් සරනයි! (නි)
මෙන්න තියනවා ලංකාවේ කොල්ලන්ගේ වැඩ. සංවර්දනයේ සලකුණු ජාතියේ අභිමානය, හෙලවිරුවන්ගේ දස්කම් අපි සැවොම අගය කරනවා මේ විස්කම්.(නදී)
මෙම කාර්යය ඉතා හොඳ දෙයක්. ආරක්ෂක ලේකම්තුමාට හා ගුවන් හමුදාවට ස්තුතිය. ජයවේවා. (නි)
චමල්, ඔයා ඇත්තටම ශ්‍රී ලාංකිකයෙකද? ඔය විදිහට පටුව හිතන්න එපා . (නි)
මේ ගුවන් පථය ඉදිරියේදී ජාත්‍යන්තර ගුවන් පථයක් කරන්න පුලුවන් සහ අනිවාර්යෙන්ම වසර 12 කින් ඒ දේ වෙනවා. රට සංවර්ධනයට මේ දේ එකතු කරගන්න පුලුවන්. උතුරට හොද කලක් ජනතාව සතුටුවෙන්න ඕනෑ (නි)
කොලබ - නුවර මේ වගේ හදමු. හමුදාවට පුලුවන් ඒ දේ කරන්න. රටේ සල්ලි චීනෙට යන්නේ නැහැ. අපි හදමු රට නගමු රටේ බුද්ධිය යොදා ගනිමු හැමදේටම (නි)
සන්තෝෂ වෙන්න පුළුවන් ලාංකිකයෝ හැටියට අපිට. මේවා දැක්කම අපේ හමුදා නිලදාරීන් ගැන ලොකු ආඩම්බරයක් ඇති වෙනවා (නි)
හරිම ලස්සනට තියනවා. ඔබලාගේ ශ්‍රමය මිල කල නොහැක. වීර පුතුනේ ඔබලා සියලු දෙනාටම තව තව ශක්තිය ධෛර්‍ය ලැබෙන්න. ත්‍රිවිද රත්නයේ ආශිර්වාදයත්,දෙවියන්ගේ පිහිටත් ප්‍රර්ථනා කරමු.(නදී)
ගුවන් හමුදාවේ වැඩේ නම් ශ්‍රේෂ්ටයි ! පංකාදුයි!! කොන්ත්‍රාත් දුන්නානම් රටේ ධනය විදේශ වලට හෝ රටේ හොරුන්ට යයි. රටේ සියලූම ඉදිකිරීම් ත්‍රිවිධ හමුදාවන්ට පවරන්නේනම් හොරුන්ට නොගිහින් ශීග්‍ර සංවර්ධනයකට කඩිනමින් යා හැකියි. ලැබෙන ලාබය හමුදාවන්ගේ සුබ සාධනයට යෙදවීමෙන් ඔවුන් කල අගනා මෙහෙයට කෘතිගුණ සැලකීමක් වෙනවා' යල් පැනගිය රෙකුලාසි පසෙකට දමා කරන වැඩක් හරියට කරන එකම , ආරක්ෂක ලේකම් තුමාගේ කාරුණික අවධානය යොමුවේවා'(නදී)
අති විශිෂ්ඨයි. හමුදාවේ ඉන්ජිනේරුවරු හොඳම කොල්ලන්.ඔන්න වැඩ.නියමයි. (ත)
මත්තලට මොකද වුනේ. නොදන්නා හින්දයි අහන්නේ.(නදී)
නියමයි.(නදී)
ඔන්න වැඩ. මෙහෙම දෙයක් පුලුවන්නම් අධිවේගී පාරත් මහ කජ්ජක්ද? වැඩේ කරගෙන යද්දී සිවිල් සමාජෙනුත් තරුණ ඉංජිනේරුවන් තෝරාගෙන ඔවුන්වත් පුහුණු කලානම් තවත් අගෙයි.(අ)
ඔයාලා හිතාගෙන ඉන්නේ මේවා මේ කම්කරුවෝ විතරක් වැඩ කරනවා කියලද ? ගුවන් හමුදාවේත් ඉන්නවා ඉන්ජිනේරුවරු හොඳට වැඩ දන්න අය (අ)
අති විශිෂ්ඨයි. ඔහොම යමු. සුභ අනාගතයක් ලංකාවේ සැමට.(නදී)
ගුවන් යාන පත ඉදිකිරීමේදී විශේෂ දැනුමක්, තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. ඒවා උපයෝගී කර ගන්න ඇති නේද.?(අ)