IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඉරණමඩුවටත් ගුවන් තොටක්

ඉරණමඩු ගුවන් පථය  ලබන 15 වෙනිදා විවෘත කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ පළමුවරට   ගුවන් හමුදා පිරිස් බලය සහ දැනුම යොදාගනිමින්  ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව ඉදිකර ඇති මෙම ගුවන් පථය දිගින් මීටර් 1500ක් හා පළලින් මීටර් 25කින් සමන්විත වෙයි.

 මෙහි සැලසුම්, ඉංජිනේරු, ඉදිකිරීම්, යන්ත්‍රෝපකරණ හා තාක්ෂණික ඇතුලූ සියලූම කටයුතු ගුවන් හමුදාවෙනි.

 එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු විශාලතම ගුවන් යානය වන සී - 130 ගුවන් යානය පවා මෙම ගුවන් පථය මත ගොඩබැස්සවීමට හැකි පරිදි මෙය නිර්මාණය කර ඇත.

කිළිනොච්චිය ඉරණමඩු ගුවන් පථය වෙත පැමිණිය හැකි මාර්ග දෙකකි. මාන්කුලම්, අම්බගාමම්, ඕලූමඩු හරහා පැමිණිය හැකි අතර අනෙක් මාර්ගය කිලිනොච්චිය වට්ටකච්චි, රාමනාදපුරම් හා කල්මඩු ඔස්සේද එහි  ළගා විය හැකිය.

තිස්වසරක් පුරා ඉරණමඩුව කොටි මධ්‍යස්ථානයක් විය .

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ වාර්තාවක් තබමින් ඉදිකල මෙම ගුවන් පථයත් සමග මන්නාරම" වව්නියාව, පලාලි ඇතලූව  උතුරු පලාත සඳහා ගුවන් පථ හතරක් වෙයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ වව්නියාව සහ පලාලි ගුවන් තොටුපලවල් අතර ගමනාන්තයන් කෙටි කරමින් ඉන් අතර මැදට ඉරණමඩු ගුවන් පථය එක් වීමයි.

2009 ජුනි මස 21 වන දින ගුවන් හමුදා මුලස්ථානයේ අනුමැතිය ඇතිව ගුවන් භටයින් 20 දෙනෙකුගෙන් හා බලඝණ නායක රූපසිංහ බලඝණ නායක ජයතිලක පියාසර නිළධාරී ඕවිටපාන යන අයගෙන් සැදුම්ලත් කණ්ඩායමක්   පැමිණ 2009 ජුනි මස 22 වන දින ඉරණමඩු ගුවන් හමුදා කුඩා කඳවුරක් ලෙස ස්ථාපිත කර ඇ

ත.

පසුව 2009 අගෝස්තු මස 14 වන දින ප්‍රථම වරට ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා ධජය ඔසවන ලද අතර  ඒ සඳහා නිළධාරීන් තිදෙනෙකු එක් බලලත් නිළධාරීයෙකු හා ගුවන් භටයින් 12 දෙනෙකු සහභාගී විය.

2011 අගෝස්තු මස 03 වන දින ඉරණමඩු ගුවන් හමුදා පහිනාංකය ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර ඉරණමඩු බවට පත් විය. එහි ප්‍රථම අණදෙන නිළධාරී වශයෙන් විංග් කමාන්ඩර් එච්.එම්.සී රූපසිංහ මහතා පත් විය.

පෙරහුරු ගුවන්යානාව ගොඩ බෑ අවස්ථාව

කොටි ත්‍රස්තවාදීන් විනාශ කර තිබූ අයුරු

අළුත් වැඩියා කරන අයුරු

 

 



අදහස් (0)

ඉරණමඩුවටත් ගුවන් තොටක්

රන්ජනී ලන්ඩන් Thursday, 13 June 2013 10:39 PM

හරිම ලස්සනට තියනවා. ඔබලාගේ ශ්‍රමය මිල කල නොහැක. වීර පුතුනේ ඔබලා සියලු දෙනාටම තව තව ශක්තිය ධෛර්‍ය ලැබෙන්න. ත්‍රිවිද රත්නයේ ආශිර්වාදයත්,දෙවියන්ගේ පිහිටත් ප්‍රර්ථනා කරමු.(නදී)

:       0       0

කවී Friday, 14 June 2013 11:45 AM

සුබ පතනවා! අපේ හමුදාව ලෝකයේ හොදම හමුදාවයි (නි)

:       0       0

කුමාරසිරි Friday, 14 June 2013 12:03 PM

එහි නම " ඩෙන්සිල් කොබ්බැකඩුව " ගුවන් පථයයි. (අ)

:       0       0

චමල් Saturday, 15 June 2013 02:17 AM

අනිල් ,සේනක, නිකන් මෝඩකම නොපෙන්වා ඉන්න (නි)

:       0       0

මර්සි ලංකා Friday, 14 June 2013 12:05 AM

සන්තෝෂ වෙන්න පුළුවන් ලාංකිකයෝ හැටියට අපිට. මේවා දැක්කම අපේ හමුදා නිලදාරීන් ගැන ලොකු ආඩම්බරයක් ඇති වෙනවා (නි)

:       0       0

සිල්වා Friday, 14 June 2013 12:03 AM

කොලබ - නුවර මේ වගේ හදමු. හමුදාවට පුලුවන් ඒ දේ කරන්න. රටේ සල්ලි චීනෙට යන්නේ නැහැ. අපි හදමු රට නගමු රටේ බුද්ධිය යොදා ගනිමු හැමදේටම (නි)

:       0       0

සිල්වා Friday, 14 June 2013 12:14 AM

මේ ගුවන් පථය ඉදිරියේදී ජාත්‍යන්තර ගුවන් පථයක් කරන්න පුලුවන් සහ අනිවාර්යෙන්ම වසර 12 කින් ඒ දේ වෙනවා. රට සංවර්ධනයට මේ දේ එකතු කරගන්න පුලුවන්. උතුරට හොද කලක් ජනතාව සතුටුවෙන්න ඕනෑ (නි)

:       0       0

ටිකිරි Friday, 14 June 2013 12:24 PM

ද සිල්වා,බර්ලින් නුවර ඉඳලා ලියපු දේ හරි. හැබැයි ත්‍රිවිධ හමුදාවේ ඉන්න ඉංජිනේරු සෙබළු සුළු සුළු වැඩ විතරක් නොවේ , විශාල සංවර්ධන වැඩ කරනවා. යුද්ධය පවතින කාලයේ ඒ ප්‍රදේශ වල තිබුණු මාර්ග අලුත්වැඩියාව , පාලම් සැදීම වෙනි පොදු ගොඩනැගිලි ඉදිකිරීම වගේ දේවල් කලා . ඒ වගේම යුද්ධයෙන් පස්සේ අසරණ සිවිල් අයවලුන්ගේ නිවාස හැදීම අලුත් වැඩියා කර දීම වැනිදේ කරනවා. දැනට කොළඹ ප්‍රදේශයේත් විශාල සංවර්ධන වැඩ කොටසක් මොවුන් අතින් සිදුවෙනවා. (නි)

:       0       0

දනංජය Friday, 14 June 2013 12:38 PM

කතාව ඇත්ත. ලංකාවෙත් මේ තාක්ෂණය තියනවා. ඒත් ගොඩක් ඉන්ජිනේරුවො උපාධිය ගත්තු ගමන් රට පනිනවා. ඉතින් වෙන කුමක් කරන්නද? (ත)

:       0       0

අනිල් Friday, 14 June 2013 01:42 AM

චමල්, ඔයා ඇත්තටම ශ්‍රී ලාංකිකයෙකද? ඔය විදිහට පටුව හිතන්න එපා . (නි)

:       0       0

ආනන්ද Friday, 14 June 2013 02:06 AM

මෙම කාර්යය ඉතා හොඳ දෙයක්. ආරක්ෂක ලේකම්තුමාට හා ගුවන් හමුදාවට ස්තුතිය. ජයවේවා. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 14 June 2013 02:11 AM

ගාමිණී -සිරි , ඔබ අදහස් කරන විදියට ත්‍රිවිධ හමුදාව මගින් සුළු සුළු සංවර්ධන කටයුතු කරවා එහි ප්‍රතිලාභය ත්‍රිවිධ හමුදාවල සුභ සාධනයට යෙදවීම ඉතා හොද අදහසක් නමුත් අපේ දේශපාලක්යන් මේ වැඩේට කැමති වෙන එකක නැහැ (නි)

:       0       0

චතුල Friday, 14 June 2013 04:57 AM

වීර පුතුනි, දියණියනි, ඔබ සැමට තෙරුවන් සරනයි! (නි)

:       0       0

ප්‍රසන්න Friday, 14 June 2013 05:18 AM

හොද දෙය අගයමු. ඉතාම හොද වැඩක්. ත්‍රිවිධ හමුදාවේ වෙනම කොටසක් තියෙනවා ඉංජිනේරු දැනුම සහිත. ඒ දැනුම උපයෝගී කර ගැනීම ඉතාම හොද දෙයක්. රටක හමුදාව කියන්නේ යුද්දෙට විතරක් ඉන්න කොටසක් නෙමෙයි. හමුදාවක නොයෙක් රෙජිමේන්තු තියෙනවා. ඒවයේ දැනුම සහ පුහුණුව එකිනෙකට වෙනස්. ඒ දැනුම සහ සම්පත් අපිට රටක් දියුණු කිරීමේදී යොදාගැනීම වරදක් නැහැ. (නි)

:       0       0

සමන් කුමාර Friday, 14 June 2013 05:42 AM

දේශපාලනඥයන්ගේ නම් නොදා මේ ගුවන් තොටුපල ජනරාල් කොබ්බැකඩුව ගුවන් තොටුපල කියල නම් කලොත් නරකද? (අ)

:       0       0

දම් Friday, 14 June 2013 06:17 AM

එදිරියට යන ජාතියක පියසටහන්....(අ)

:       0       0

සේනක සිඩ්නි Friday, 14 June 2013 06:37 AM

චමල්, දන්නේ නැත්නම් මත්තලට ගිහින් බලලා එනවකො මොකද වෙලා තියෙන්නේ කියලා. කුහකකම් හිතේ තියාගෙන තප්පුලන්න එපා (නි)

:       0       0

සිල්වා Thursday, 13 June 2013 07:00 PM

මෙන්න තියනවා ලංකාවේ කොල්ලන්ගේ වැඩ. සංවර්දනයේ සලකුණු ජාතියේ අභිමානය, හෙලවිරුවන්ගේ දස්කම් අපි සැවොම අගය කරනවා මේ විස්කම්.(නදී)

:       0       0

කෙවින් Thursday, 13 June 2013 07:07 PM

ගුවන් යාන පත ඉදිකිරීමේදී විශේෂ දැනුමක්, තාක්ෂණයක් අවශ්‍ය වෙනවා. ඒවා උපයෝගී කර ගන්න ඇති නේද.?(අ)

:       0       0

වරුණ Friday, 14 June 2013 07:41 AM

ඇත්තටම නියම සුන්දරත්වයක් තියන තැනක තමයි ගුවන් කදවුර පිහිටා තියෙන්නේ. මම එතනට ගිහින් තියෙනවා (නි)

:       0       0

ලුම්බිණි Friday, 14 June 2013 07:44 AM

මම හිතනවා මත්තල වෙනුවට මෙතන වැඩි දියුණු කළ යුතුව තිබුණා කියලා ජාත්‍යන්තර ගුවන් තොටුපලක් විදියට. (නි)

:       0       0

රත්නසිරි හේවගේ Thursday, 13 June 2013 07:38 PM

අති විශිෂ්ඨයි. ඔහොම යමු. සුභ අනාගතයක් ලංකාවේ සැමට.(නදී)

:       0       0

රිමාකෝ Thursday, 13 June 2013 07:52 PM

ඔයාලා හිතාගෙන ඉන්නේ මේවා මේ කම්කරුවෝ විතරක් වැඩ කරනවා කියලද ? ගුවන් හමුදාවේත් ඉන්නවා ඉන්ජිනේරුවරු හොඳට වැඩ දන්න අය (අ)

:       0       0

නීල් Thursday, 13 June 2013 08:09 PM

ඔන්න වැඩ. මෙහෙම දෙයක් පුලුවන්නම් අධිවේගී පාරත් මහ කජ්ජක්ද? වැඩේ කරගෙන යද්දී සිවිල් සමාජෙනුත් තරුණ ඉංජිනේරුවන් තෝරාගෙන ඔවුන්වත් පුහුණු කලානම් තවත් අගෙයි.(අ)

:       0       0

නිරංජන් Thursday, 13 June 2013 08:16 PM

නියමයි.(නදී)

:       0       0

අනුරාධ. Friday, 14 June 2013 09:40 AM

ගාමිණී-සිරි, ඔබේ අදහස මනා අවබෝධයෙන් ඉදිරිපත් කරලා තියෙනවා.මා ඔබට 100% එකඟයි.ඔය අන්දමින් අපේ රටේ යම් යම් ස්ථාන ඉතා අලංකාර වෙන්නේත් ආරක්ෂක ලේකම්තුමාගේත් ත්‍රිවිධ හමුදා රණවිරුවන්ගේත් නිර්මාණශිලී දායකත්වය,තාක්ෂණික ඥානය, ශ්‍රම ශක්තිය එක්තැන් වෙමින්. සමන් කුමාර, ඔබේ අදහසත් ඉතාම අනර්ඝයි.ජනරාල් කොබ්බැකඩුව කියන්නේ දේවත්වයෙන් පිදිය හැකි හමුදාවේ සිටි උත්තමයෙක්.(නි)

:       0       0

චමල් Thursday, 13 June 2013 08:23 PM

මත්තලට මොකද වුනේ. නොදන්නා හින්දයි අහන්නේ.(නදී)

:       0       0

ශශිමාල් Friday, 14 June 2013 09:54 AM

විශිෂ්ටයි (නි)

:       0       0

උපාලි Thursday, 13 June 2013 09:33 PM

අති විශිෂ්ඨයි. හමුදාවේ ඉන්ජිනේරුවරු හොඳම කොල්ලන්.ඔන්න වැඩ.නියමයි. (ත)

:       0       0

ගාමිණී-සිරි Thursday, 13 June 2013 10:02 PM

ගුවන් හමුදාවේ වැඩේ නම් ශ්‍රේෂ්ටයි ! පංකාදුයි!! කොන්ත්‍රාත් දුන්නානම් රටේ ධනය විදේශ වලට හෝ රටේ හොරුන්ට යයි. රටේ සියලූම ඉදිකිරීම් ත්‍රිවිධ හමුදාවන්ට පවරන්නේනම් හොරුන්ට නොගිහින් ශීග්‍ර සංවර්ධනයකට කඩිනමින් යා හැකියි. ලැබෙන ලාබය හමුදාවන්ගේ සුබ සාධනයට යෙදවීමෙන් ඔවුන් කල අගනා මෙහෙයට කෘතිගුණ සැලකීමක් වෙනවා' යල් පැනගිය රෙකුලාසි පසෙකට දමා කරන වැඩක් හරියට කරන එකම , ආරක්ෂක ලේකම් තුමාගේ කාරුණික අවධානය යොමුවේවා'(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 355 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 423 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 697 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 543 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 382 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 719 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site