කොළඹ කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික සමාගමකින් රුපියල් එකොළොස් දහසක් සොරකම් කළ ඉරාන ජාතික සජාම් හුසේන් ට (24 ) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් තුන්දහසක දඩ නියම කළේය.
සොරකම් කළ මුදලද ඔහු විසින් ගෙවන ලද බව උසාවියේදී කියැවිණි. මහනුවර ,මාතර හා ගාල්ලේ තවත් සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් භාරයට පත් කැරිණි.
කොම්පඤ්ඤවීදීයේ සමාගමේ ආරක්ෂක කැමරාවලින් ඔහු අල්ලාගත හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිටින් එන අයට වීසා දෙන එකත් වැරදියි නේද? (නි)
අපේ අයත් පිටරට ගිහිල්ලා හොරකම් කරනවානේ. ඒවත් නරකයි නේද? (නි)
මතක හිටින දඩුවමක් දෙන්න තිබ්බේ (දී)
කැමරාවට හොරා වැඩ කරන්න හිතන්නවත් එපා (දී)
වැඩේ ලාබයි 11000 හොරකමකට දඩේ 3000 යි 8000 ක් ලාබයි (දී)
සාමාන්‍යයෙන් මෙම ඉරාන වැසියන්ගේ රටේ මෙම සොරකමට ෂරියා නීතිය අනුව අත කැපීම හෝ මහජනයා ඉදිරිපිට කස පහරවල් දහසක් ගැසිම කරනවා. මෙම ඉරාන වැසියා ලොකු වාසනාවකට ලංකාවේ සොරකම් කළෙත් දඬුවම් ලැබුවෙත්. ලබපු දඬුවමේ සැටියට ඔහුට නැවත එය කරන්න බියක් නැහැ (නි)
මොන නීතිය යටතේද දඩුවම් දෙන්න ඇත්තේ? (නි)
මං දැක්කේ අර හොඳට ප්‍රසිද්ධ අහවලා වගේ (නි)
හොරුන්ට කැමරාවෙන් අපලයි වගේ (දී)
මෙයට දෙන දඩුවම මොකද්ද බලමුකෝ. (ස)
අපේ රටේ නම කැත කලාට හොඳ දඩුවමක් දෙන්න ඕනේ (දී)
දඩුවම මදි කියලයි මම හිතන්නේ (දී)
දඩය හරි වැඩියිනේ. දඬුවම සැරයි. අනේ මගෙ කට! (නි)