IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඉස් බණුව ලක් දැරිය රෝහලට යවයි

ඉතාලියේ බෙර්ගමෝ නගරයේ ෆාරා ගියේරාදි අඩ්ඩා දාහත් හැවිරිදි ලාංකික පාසල් ශිෂ්‍යාවක් උදෑසන හතට පමණ පාසල් යාම සඳහා බස් රථය ගැනීමට මොන්ෆලේකෝන් මාවතේ අනෙක් පැත්තට යන අවස්ථාවේ ලාංකිකයකුගේ (42) වාහනයේ ගැටී තුවාල ලැබුවාය.

ඇය හිස් බනුව පැළැඳගෙන සංගීතය අසමින් සිට ඇත.

වාහනයේ ගැටී බිම වැටුණු ශිෂ්‍යාව ත්‍රෙවිල්යෝ නගරයේ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇගේ උකුළු ඇට බිඳී ඇතැයිද, දින හතලිහක් පමණ ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරුන් නියම කර ඇතැයි ද දැක ගන්නට ඇත.



අදහස් (0)

ඉස් බණුව ලක් දැරිය රෝහලට යවයි

රොෂාන් ප්‍රනාන්දු Friday, 23 May 2014 07:46 PM

ලංකාවේ අයට ප්‍රස්න ඇතිවෙන්නේ ලංකාවේ අයගෙන්මයි ලෝකේ කොහේ ගියත්. (නදී)

:       0       0

චන්දන කුමාර Friday, 23 May 2014 08:00 PM

මෙය තවත් එක් රිය අනතුරක් පමණි. (නදී)

:       0       0

අජන්ත Saturday, 24 May 2014 02:05 PM

පාර පන්නිද්දී ඌ සිදුවීමක් කියල තිබුනට ,ඉතාලියේ අවට ගියාට පාර පන්නින බැ. මොකක් කනේ ගහගෙන හිටියත් , නීතියානුකුලව පාර මාරු උනානම් දරුවා නිවැරදියි . අන්දයොත් පාර පන්නින්නේ. (අ)

:       0       0

කාන්ති Friday, 23 May 2014 08:12 PM

ඒ දැරියට ඉක්මන් සුව පතමි. හිස් බනුව යන සිංහල වචනයේ තේරුම මොකක්ද ? (නදී)

:       0       0

අනුෂ්කා Friday, 23 May 2014 08:23 PM

ඔය නන්දන පනාගොඩ මිලානෝ කියන කෙනා ඉතාලියේම ඉඳගෙන ඔහු පමණක් සියල්ල දන්නවා යයි හැඟවීමට අනිත් අයට අපහාස කරනවා නේද?  ඉතාලි මිනිස්සු අනතුරු කරගන්නේ නැද්ද? අනික මෙතන රියදුරු මත්පැන් පානය කළා යයි කිසිම සඳහනක් නැහැ. (නදී)

:       0       0

ප්‍රියංකා Friday, 23 May 2014 10:14 PM

නන්දන පනාගොඩ මිලානෝ, ඔබගේත් ඔය රෝගයට ඉක්මනින් ප්‍රතිකාරයක් කර ගන්න. නැතිනම් අහිංසක රියදුරෙක් අමාරුවේ වැටෙයි.(දී)

:       0       0

දිනා Friday, 23 May 2014 10:19 PM

මදැයි ඔයින් ගියා ළමයා බෙරුනානේ (දී)

:       0       0

පූර්ණ Friday, 23 May 2014 10:35 PM

හුඟක් අය මේ සිද්ධිය පටලවාගෙන​.මේ ඉස්බනු පැලඳගෙන යන අයට බාහිර ලෝකය ගැන අවධානය අඩුයි.තමන් රස විඳින සංගීතය හෝ වෙනයම් දෙයක් පිලිබඳ අවධානයෙන් පාර මාරු වන විට මෙවන් දේ සිදුවිය හැකියි.කොහොමත් අපි මේ දැරියට ඉක්මන් නිරෝගී සුව පතනව​.යුරෝපයෙම ජීවත් වන අපේම උදවියගෙන් අතලොස්සක් සත්‍ය අසත්‍ය නොසොයා එක් පාර්ශ්වයකට පමණක් දොස් නැගීම අනුමත කල නොහැකියි. ඉතාලියේ පමණක් දිනකට වාහන අනතුරු සිය ගනනක් සිදුවන අතර ඉන් අති බහුතරය සිදුවන්නේ ඉතාලි ජාතිකයින් අතින්. (අ)

:       0       0

තීක්ෂණ ගමගේ Saturday, 24 May 2014 12:13 AM

වැරැද්ද සම්පූර්ණයෙන් ම ළමයාගේ අතේ සහ දෙමුපියන්ගේ අතේ,, (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 24 May 2014 07:32 PM

රක්ෂණ සමාගමෙන් නම් ලක්ෂ හත් අටසීයක් හම්බවෙයි. (නදී)

:       0       0

සමන්ති Saturday, 24 May 2014 06:44 AM

මෙම හිස් බනුව නිතර පැළඳ සවන්දීමන් සාමාන්‍ය තත්වයේදී(කලකදී) ශබ්ද නොඇසීමට බොහෝදුරට ඉඩතිබේ. මක්නිසාදයත් සවන එම සංඛ්‍යාතයට හුරුවීමෙනි. (නදී)

:       0       0

ප්‍රදීප් Saturday, 24 May 2014 09:06 AM

මේ ලිපියෙන් එක දෙයක් තේරෙනවා. තව ටික කාලයක් යනකොට ඉතාලියේ ශ්‍රී ලංකික ජනගහනය ඉතාලි ජගහනගහනයට වඩා වැඩි වේවි. (ස)

:       0       0

ප්‍රනීත් Saturday, 24 May 2014 10:09 AM

දැන් කොහොමහරි රියදුරාට සිදුවෙනවා ලොකු වන්දියක් ගෙවන්න ළමයට. මොකද අනතුරක් වලක්වා නොගැනීම. යුරෝපේ රිය පදවන එක හරිම අවදානම්. කෙනෙක් හැප්පුනොත් අනිවාර්යෙන්ම වන්දි ගෙවන්න ඕනේ.(නදී)

:       0       0

ප්‍රියංකා Sunday, 25 May 2014 01:52 AM

මේ වගේ අනතුරක් සිදු වුණහම ලංකාවේ සමහර අය නම් අනතුරට ලක්වූ කෙනා ගැන හොයා බලනවට වඩා කරන්නේ, රක්ෂණ සමාගමෙන් ලැබෙන වන්දි මුදල ගැන සොයා බලන එකයි. මෙහෙමත් මිනිස්සු!!!! (නි)

:       0       0

නිශාන්ත Friday, 23 May 2014 05:39 PM

දැරිය ඉක්මනින් සුවපත් වේවා.මේ පුවතින් සිංහල වචනයක් ඉගෙන ගත්තා.ස්තූතියි. (අ)

:       0       0

සුජානි Friday, 23 May 2014 05:43 PM

අපේ ලංකාවේ කොල්ලෝ ගිය තැන කොහොමත් මිණිමරන්න හදන්නේ. (අ)

:       0       0

ද සිල්වා Sunday, 25 May 2014 04:04 AM

ලංකාවේත් කී දෙනෙක් රිය අනතුරු නිසා දවසකට මියයනවද? (නි)

:       0       0

කුමාරි Friday, 23 May 2014 06:06 PM

නිශාන්ත, ඇත්තමයි මමත් ඕක දැන ගත්තේ දැන්. සුජානි ඕක කනේ ගහ ගෙන යන කෙනා යන්නේ ඇහෙන දේ විඳිමින්, එ්කට වාහන පදවන අයට වරද කියල හරියන්නේ නැහැ මම හිතන්නේ.(නදී)

:       0       0

පිටිගල Friday, 23 May 2014 06:08 PM

මම දැක්කා ලංකාවේ පාසැල් යන ළමයි වැඩි දෙනෙකුට මේ ඉස් බනු ලෙඩේ තියෙනවා. දෙමාපියන් තමයි මේවා අරන් දෙන්නේ. කිසිම වැඩකට නැති අනාරක්ෂිත මෙවලමක්. (නදී)

:       0       0

අතූ Friday, 23 May 2014 06:40 PM

මේක හදිසි අනතුරක් සුජානි. මිනී මැරුමක් නෙමෙයි. ඉස්සෙල්ල හරියට කියවල තේරුම් ගන්න. කොහොම උනත් ඒ ළමයට ඉක්මන් සුවය පතනවා.(නදී)

:       0       0

පිටිගල Saturday, 24 May 2014 12:26 PM

ලංකාවේ නම් අනතුරට පහුවදාට රටෙනුත් පැනලා යන්න පුළුවන්. ඔය එහෙම උනා කියන්නේ!(දී)

:       0       0

ජනිදු පෙරේරා Friday, 23 May 2014 06:46 PM

සුජානි ලංකාවේ කොල්ලෝ මිනී මරනවාය කියන්නේ එයා හෙඩ්සෙට් එක ගහගෙන පාරේ හිටපු හින්දා වෙන්න ඇති.(නදී)

:       0       0

අසෝකා Friday, 23 May 2014 06:50 PM

වැඩේ දෙන්නම ලංකාවේ වෙච්ච එකනේ. සුජානි හදිසි අනතුරක් වෙන්න ලංකාවේ හෝ පිටරටවත්, ගැහැණු පිරිමි බේදයක්වත් නැහැ. පාර පනින අයත් කල්පනාවෙන් පාර පනින්න ඕනේ.(නදී)

:       0       0

ප්‍රියාන් Friday, 23 May 2014 06:51 PM

මම හිතන්නේ වරහන් ඇතුලේ 42 කියල දාලා තියෙන්නේ වාහනය එලවපු කෙනාගේ වයස. සුජානි, ඉතින් කොහොමද එයා කොල්ලෙක් වෙන්නේ? (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 23 May 2014 07:15 PM

පාන්දර හතර වෙනකල් මත් පැන් බීලා උදේට වාහන පදින ලාංකිකයන් අතින් තමයි මෙවන් සාපරාධී ක්‍රියා සිදුවන්නේ. මොහුට දැඩි දඬුවම් දියයුතුයි.(අ)

:       0       0

නදීක Saturday, 24 May 2014 01:26 PM

ප්‍රනීත්, යුරෝපයේ අනතුරක් සිදු උනාම එහි වන්දිය ගෙවන්නේ අදාල රක්ෂණ සමාගමෙන්. රියදුරන්ව හිරේ දමන නීති ඒ රටවල නැහැ. බිමත් රියදුරෙකු නම් එම රියදුරු බලපත්‍රය යම් කාලසීමාවකට හෝ තහනම් කරනු ලබනවා. ප්‍රදීප් කරුණාකර මෙතන මෝඩ කතා ලියන්න එපා. ඉතාලියේ වෙසෙන විදේශික ජනගහනයෙන් ශ්‍රී ලංකා පුරවැසියන් ඉන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. නමුත් ශ්‍රී ලංකා පුරවැසියන් වැඩි වශයෙන් වෙසෙන නගර වල ලාංකිකයන්ට, ලාංකිකයන්ගෙන් ම සිදුවන කරදර නම් බොහෝයි. ඒ ලාංකිකයන් තුල ජන්මයෙන් පැවත එන කුහකත්වයයි. (ස)

:       0       0

වසන්ති Friday, 23 May 2014 07:25 PM

ඉක්මන් සුවය පතමි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 16 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10690 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5320 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7507 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 5009 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1255 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36521 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24210 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 531 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site