IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ඉසුරු සොයා එතෙර ගිය කත ගෑස් සිලින්ඩරයෙන් අවසන් ගමනේ

(චාපා මධුභාෂිණි)

සෞදියේ රියාද් හි ගෘහ සේවයට මීට මාස හයකට පමණ පෙර විදෙස් ගත වූ මැදිරිගිරිය දිවුලන්කඩවල දෙදරු මවක ඇය සේවය කරමින් සිටි නිවෙසේ ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් මිය ගොස් ඇති බවට දැනුම් දී ඇතැයි ඇගේ ඥතීහු කියති.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ මැදිරිගිරිය දිවුලන්කඩවල පදිංචි පී. දිල්මි මධුභාෂිණි කුමාරි නමැති 26 හැවිරිදි දෙදරු මවකි.

පවුලේ ඇති දැඩි ආර්ථික අපහසුතාවලින් මිදීම සඳහා මීට මාස හයකට පමණ පෙර මෙම කාන්තාව ගෘහ සේවයට ගොස් ඇත.

ඇය විදෙස් ගතව දින කීපයකට පසු සිය ඥාතීන්ට දුරකතන ඇමතැමක් දී පවසා ඇත්තේ තමන් සේවය කරන නිවෙසේ සිටින රියදුරා කරදර කරන බවයි. ඇයට ලිංගික අඩම් තේට්ටම් කිරිමට උත්සහා කරන බව ද පවසා ඇත.

විදෙස් ගත වූ දින සිට මෙම කාන්තාව සතියකට හෝ දෙකකට වරක් නිවැසියන් සමග දුරකතනය ඔස්සේ කතා කර ඇති අතර ඒ සෑම අවස්ථාවකම කතා කිරීමට වැඩි කාලයක් නොගත් බවත් නිවෙසේ වැඩ බහුල බව සැමියාට පවසා ඇත.

ඇය විදෙස් ගත වූ මුල් මාසයේ ඇය රුපියල් 78,000 මුදක් දුන් බවත් එය මාස කීපයක් යද්දී අඩු කළ බවට ඇය කියා ඇත.

දෙවන මාසයේ 53,000ක් ද පසුව 20,000ක් ද අවසන් වරට 10,000ක් දක්වා අඩු කළ බව ඇය කියා ඇත.

මුදල් එකවර ලබා නොදෙන මෙම කාන්තව පවසා ඇත.

අවසන්වරට පසුගිය දෙසැම්බර් 8 වැනි ද සිය සැමියාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර ඉන් පසුව ඇයගෙන් ඇමතුමක් නොලැබීම නිසා නිවැසියන්  ජනවාරි නව වැනි දා මේ බව විදේශ සේවා නියුක්ති කාර්යංශයට දැනුම් දී ඇත.

එහි දී මොවුන්ට දැනගැනීමට හැකි වී ඇත්තේ මීට සතියකට පමණ පෙර ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

 



අදහස් (10)

ඉසුරු සොයා එතෙර ගිය කත ගෑස් සිලින්ඩරයෙන් අවසන් ගමනේ

ajith Friday, 12 January 2024 12:59 AM

ඇයි අපි මේ වගේ රටක ඉපදුනේ?

:       0       11

පැරකුම් Friday, 12 January 2024 01:04 AM

ඇයි ඉතිං පඩිය ටිකක් අඩු උනත් ලංකාවෙ ගෘහ සේවයට අකමැති ඇයි?

:       0       7

Rasi Friday, 12 January 2024 04:54 AM

ඇත්තටම ඉතා කනගාටු දායක සිද්දියක්. කෙසේ වුවත් තම බිරිද රට නොයවා, මේ පිරිමින් උත්සහවන්ත වුවා නම් මේ කාන්තාවගේ ජීවිතය බේරෙන්න තිබුන. ලංකාවේ බොහෝ පිරිමින් ඉතා කම්මැලියි. බොහෝ විට බලන්නේ නිකන් සිට මුදල් හොයන්නයි. නැත්තම් කාලය කා දමන්නයි. කාන්තාවන් බොහෝ දුරට පවුල් බර කරට ගනියි. Smart phones, three wheels මේ තත්වය තව දුරටත් උග්‍ර කර ඇති අතර, රට සිහිනයද තරුණයන්ගේ ජිවිත තව දුරටත් පරිහානියට පත් කර ඇත. දේපල විකුණා තම දෙමව්පියන් පාරට ඇද දමා රට යයි. තවත් උග්‍ර සමාජ අර්බුදයක් උදා වෙමින් පවතී. රට ඉලක්කයක් නොමැතිව ඇදී යමින් පවතී. මාද්ය, උගතුන් සහ සමාජ ක්‍රියාකාරීන් කිසිවක් නොකරයි. උන් තමන්ගේ බඩ වඩා ගනිමින් සිටියි.

:       0       20

ලංකාපුත්‍ර Friday, 12 January 2024 06:41 AM

රියදුරා කරදර කරනවා කියලා තියෙනවා වැටුපක් හරියට දීලා නැහැ මේ නිසා ගෑස් සිලිංඩරය පිපිරීමට රියදුරු කටයුතු කලාද සැකයක් ඇතිවෙනවා කොහොම නමුත් සෞදි කියන්නෙ මිනීමැරුම් කරන රටක් කියලා විටින් විට සිදුවන දෙයින් පේනවා එනිසා නැවතත් කියන්නෙ සෞදියට ගෘහ සේවිකාවන් පමණක් නොවෙයි කිසිම සේවයක් සදහා කිසිවෙකු නොයවන්න කියලා තමයි

:       0       14

සල්ලි Friday, 12 January 2024 07:22 AM

රනිල් / මහින්ද ඕන් බලපන් උබලා හොරු පරිස්සම් කරලා , වරායවල් හදලා සල්ලි නාස්ති කරපු හින්දා අවුරුදු 26 කෙල්ලෝ පිට රටවල වැඩ කරලා මැරිලා ගිහින් . කෝ උබේ පංතියේ එවුන් ඩොලර් සතයක් එවුවාද රටට?

:       1       8

ANURA NANAYAKKARA Friday, 12 January 2024 07:23 AM

මෙම අසරණ පවුලට සෑහෙන වන්දි මුදලක් රජයේ විදෙහ්ස අමාත්යංශය මැදිහත් වී ලබා දිය යුතුය

:       1       10

dupul Friday, 12 January 2024 08:33 AM

අත පය හතර හොඳට තියෙන සැමියා ගෙදර ඉන්නකොට බිරිඳ බැල මෙහෙවර කරන්න මැද පෙරදිග යනඑක මොන තරම් ආඩම්බරයක්ද නේද?

:       0       12

චින්තක Friday, 12 January 2024 11:50 AM

නිදහස ලැබූ අවස්ථාව වනවිට ලංකාවෙ මුදල් යොදාගෙන සේනානායක සමුද්‍රය හදන්න පුළුවන් වුනා වල්පැල වලින් වැසුණු නිල් මැණිකක් වැනිවූ අතීතයේ මිනිස්සු වියළී දන්ඩක් වුවත් පැලවෙනවා කිව්ව භූමියක් තියෙද්දි කිසිම සැලසුමක් නැතුව ඔක්කොම රටින්ම ගෙනවිත් කන්න පුරුදු කල දේශපාලුවො තවමත් කරන්නෙ සමුර්ධි අස්වැසුම වැනි අතපය හකුලාගෙන සිටින්න ක්‍රම හැදීම විතරයි .සාමාන්‍ය පෙළ අසමත්ව පාසල් හැරයන පිරිස් උසස් පෙළ අසමත් වෙලා පාසල් හැරයන පිරිස් ගැන කිකිසිම පියවරක් අරගෙන නැහැ අරගන්න බවකුත් නැහැ නිදහස් අධ්‍යාපනය කියලා කරන්නෙ උසස් පෙළ සමත් පිරිස් සදහා වියදම් කර ඔවුන්ට පහසුකම් සැලසීම පමණයි 1977 ආණ්ඩුව රැකියා දෙන්න එකල හිටපු කර්මාන්ත ඇමතිවරයා ත්‍රීවීලර් ගෙන්වීම කලා .ඇත්තටම කරන්න ඕන ඒවාද අවුරුදු 2500 ක අභිමානවත් මිනිස්සු කියමින් අසරණ ජනතාව විදේශවල වැසිකිළි සේදීමට යවා පාලකයො ජයපැන් බොනවා. කොහොම වුනත් රටේ දියුණුව ගැන සිතන පාලකයෙක් නම් පේන දුරක නැහැ කියලා හිතෙනවා

:       1       8

wimal Friday, 12 January 2024 11:52 AM

අනිවාර්යයෙන් වෙන ප්‍රශ්නයකින් මරලා ගෑස් සිලින්ඩරයක් උඩින් දානවා.මොකටද යන්නේ පව්කාර රටවල් වලට .යන එක්කෙනෙක්වත් සැප විඳින්නේ නැහැ .අපා දුක් විඳින්නේ .ලංකාවේ ආණ්ඩුව දැනගන්න ප්‍රශ්නයක් ආවත් ගෙවල්වලට වැඩට යවන්න හොඳ නැහැ

:       0       9

Kokila Friday, 12 January 2024 06:49 PM

මිනිහගේ වැරැද්ද... මේ තරම් දේවල් ආරංචි වෙනකොට ඇයි යවන්නේ? මෙහෙ ගෙදරක වැඩකරලා 40000/= ගන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 531 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 476 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2666 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 1010 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 865 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 366 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39167 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site