පාද යාත්‍රාවට පෙර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සිව්දෙනෙක් රජය හා එක්වීමට සූදානමින් සිටි බවත් දැන් එම ගණන 16 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් ඇමැති පී.හැරිසන් මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේය.
මෛත්‍රී - රනිල් ප්‍රමුඛ රජය තව අවුරුදු පහකට සෙළවිය නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් අයගෙ පාද යාත්‍රා ගැනයි එහෙට මෙහෙට පනින අය ගැනයි විහිලු කතා කිය කියා ඉන්නෙ නැතුව කරපු වැඩක් ගැන කියන්න දෙයක් ඇත්තෙම නැතිද. අපට අවශ්‍ය රට දැයට වැඩ කරන මැති ඇමතිවරු මිස ජෝකර්ලා නෙවෙයි. (අ)
හැරිසන් මහත්තය හීනෙන් බයවෙලා....(බ)
මෙයාට විරුද්ධව ජවිපෙ එෆ්.සී. අයි. ඩී එකට ජේ.වී.පී එක දාපු පැමිණිල්ලට මොකද උනේ ?(රේ)
ඔහොම යමුකෝ.... (නි)
තව ඉස්සරහට තවත් වැඩිවෙයි (නි)
ඉතින් හොඳයිනේ ගණන ඉහළ යන එක (නි)
විජේ, මෙතන දේපොළ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඒකවත් තේරුම් ගන්න බැරිද? (නි)
මෙයාගේ මොලේ කචල්වෙලා ගොඩාක් කල් බයට කියන ඕව ගනන් ගන්න එපා (අ)
යන අයටයි, එන අය ගන්න අයටයි කොහොමටත් ලජ්ජා නැ, එක නොවයි ඒ අයට ඡන්දෙ දෙන අයටත්, කිසි දෙයක් නැතුව පාද යාත්‍රා යන අයටත් කිසිම ලැජ්ජාවක් නැ, මේ ඡන්දෙ ඉල්ලපු ගමන් දෙනවා අත් දෙකෙන්ම, බලන්න ඔය පාද යාත්‍රා යන දෙශපලකයන්ට මොනවද අඩු, ඇතිතරම් දේපල හොයාගෙන ඉන්නේ, ගෙදෙර ගියත් ප්‍රස්නයක් නැ, (අ)
මට නම් ආරංචි ඔක්කොම එන්ඩ හදනවා කියලයි. හොඳයි නේද අර කොලොන්නාව පැත්තේ තියන ආරෝග්‍ය ශාලාවට ගියොත් ඖසද ටිකක් ගන්න. (අ)
එන අයටත් ලැජ්ජා නැහැ. ගන්න අයටත් ලැජ්ජා නැහැ. (අ)
මොන දේ කීවත් වෙනදේ මිනිස්සු දන්නවනේ. හිතේ දුකට එතකොට කවි කියවෙනවා. (අ)
ආණ්ඩුවට ඒම කෙසේ වෙතත් පාන්ඩුවට හේතුවෙලා ඉන්න උන් දැන් යන එන මං නැතුව ඉන්නේ කරන්නේ කියන්නේ මොනවද කියල හිත ගන්න බැරුව. අන්තිමට වෙන්නේ අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැති වෙන එකයි අවුරුදු දෙකක් ඇති වෙන්න කන්නම් කියල සම්බන්ධ වූ කට්ටියට. (අ)
හැරිසන්ගේ මොලේ කචල් කියල අපි කාලෙක ඉඳන් දන්නවා.(රේ).
මෙහෙන් එහාට පනිනවා එහෙන් මෙහාට පනිනවා මේ පනින රිලවුන්ට චන්දෙ දීල ඉනිමන්ග් තියන්න රටේ බූරුවොත් ඉන්නවා.(රේ).
හැරිසන් මහත්තයෝ, තියෙන ඇමතිකම හොද මදිද?ඔහොම කතා කරන්න ගියොත් වෙන්නේ රජගෙදරට "අන්දරේලා "වැඩි වෙන එකයි? (බ)
නොදන්නා කමටයි අහන්නේ ..මේ පාද යාත්‍රාවෙන් පස්සේ ආණ්ඩුව මහින්ද මහත්තය අතට ගන්නවද...පාද යාත්‍රාව කොළඹට ආවට පස්සේ මොකද්ද වෙන්නේ ...අහස් යාත්‍රාවක් වෙලා අතුරුදහන් වෙනවද ...බඩුමිල පහළ යනවද ආණ්ඩුව පාද යාත්‍රාවට දීල රනිල් මහත්තයයි මෛත්‍රී මහත්තයයි ගෙදර යනවද ...(බ)
අනේද කියන්නේ. 4000ක් දැකල මේගොල්ලෝ මෙච්චර බය වෙලාද? (අ)
ඇත්තටම මේ අය අර කොලොන්නාවට කිට්ටුව තියන රෝහලට යවන්න ඕන ප්‍රතිකාර සඳහා. කට තිබුන පළියට පච ගහනවා. ඇයි ඔය ගොල්ලන්ට ඕකට සම්බන්ද වුනානම් කොච්චර ලස්සනද. (අ)
බේගල් ඇදබාන්න එපා. පාගමනට ආපු සෙනඟ දැකල මොලේ විකාර වේලා. 16 කොයි පැත්තෙන් කොයි පැත්තට යාවිද දන්නෙ නෑ (අ)