(අංජුල මහික වීරරත්න)

ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය පිහිටුවීම සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ස්වභාවික විපත් හා මානව ක්‍රියාකාරකම් වලින් සිදු වන අයහපත් දේශගුණික බලපෑම් වලට ඔරොත්තු දිය හැකි වන පරිදි සහ රටෙහි තිරසර සංවර්ධනයට යොදා ගත හැකි වන පරිදි, ඉහළ ජල පෝෂක ප්‍රදේශ ඇතුළු මධ්‍යම කඳුකරය ආරක්ෂා කිරීමට විධිමත් හා දිගුකාලීන වැඩපිළිවෙලක් හඳුනා ගැනීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය ස්ථාපිත කිරීම පිණිස 2026-06-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජනාධිපති ලේකම් විසින් පත් කරන ලද විශේෂඥ තාක්ෂණික කමිටුවක් විසින් යෝජිත අධිකාරිය සඳහා වන ආයතනික ව්‍යුහය, කාර්යයන්, බලතල, ක්‍රියාකාරී විෂය පථය සහ පාලන හා සම්බන්ධීකරණ යාන්ත්‍රණය ඇතුළත් සංකල්ප පත්‍රිකාවක් සකස් කරනු ලැබ තිබේ. එකී සංකල්ප පත්‍රිකාව මත පදනම්ව, ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය ස්ථාපිත කිරීමට අවශ්‍ය නෛතික විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.