(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මැද පෙරදිග යුද තත්ත්වය නිසා ඉන්ධන මිලට වන බලපෑම අවම කිරීම සඳහා ඉදිරියටත් සහන දීමට රජය කටයුතු කරන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

"බලශක්ති අමාත්‍යංශය යටතේ වන වැය ශීර්ෂයට රුපියල් බිලියන 41 ක් සහ මුදල් හා ක්‍රම සම්පාදන ආර්ථික අමාත්‍යංශය යටතේ මෙහෙයුම් වැඩසටහනට රුපියල් බිලියන හයකුත් අස්වැසුම වැඩසටහන සඳහා රුපියල් බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක් අද අප ඉදිරිපත් කරනවා.

මේ පරිපූරක ඇස්තමේන්තුව ලබා දෙන්නේ පවතින වියදම් සීමාව වැඩි නොකර වෙන් කරන ලද වියදම් සීමාව කළමනාකරණය කර ගැනීම ගැනීමට යටත්වයි.මෙම පරිපූරක ඇස්තමේන්තුව ගෙන එන්නේ මැද පෙරදිග යුදමය තත්ත්වය හමුවේ ඉන්ධන මිලට ඇතිවූ බලපෑම නිසා පාරිභෝගිකයාට වන බලපෑම අවම කර ගැනීම සඳහායි.මැද පෙරදිග යුද තත්ත්වයේ වර්ධනය බලා තවත් ඉදිරියට සහන ලබාදිය යුතු නම් ඒ වෙනුවෙන් කටයුතු කරන්න රජයේ ලෑස්තියි.

එමෙන්ම උද්ධමන තෙරපුමට යම් සහනයක් ලබාදීම සඳහා අප රුපියල් බිලියන හයක් වෙන් කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.