(අංජුල මහික වීරරත්න)

2026 වර්ෂයේ පොපි මල් දිනය නිමිත්තෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පොපි මල පැලඳවීම   සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

2026 වර්ෂයේ පොපි මල් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා විසින් අමාත්‍යවරයා වෙත පොපි මල පැලඳවීම සිදු කරන ලදී.

පළමු හා දෙවන ලෝක යුද්ධ වලදී දිවි පිදූ රණවිරුවන් ඇතුළු මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ උදාර කැපවීම සිහිපත් කරමින් වාර්ෂිකව පොපි මල් දින සැමරුම පවත්වනු ලබයි. නොවැම්බර් 11 වැනිදාට ආසන්නතම ඉරිදා දිනයේදී පැවැත්වෙන අනුස්මරණ සැමරුම මඟින් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට ගෞරව දැක්වීමත්, ඔවුන්ගේ කැපවීම සහ පරාර්ථකාමීත්වය අනාගත පරපුරට සිහිපත් කර දීමත් අරමුණු කෙරේ.