IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ඊ.ටී.එෆ්. අර්බුදයක - පොලියත් අඩුවෙයි

 

(විනීතා එම් ගමගේ)
 
සේවා නියුක්තියන්ගේ අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුදල් සඳහා ඉකුත් වසර වෙනුවෙන් ගෙවන පොලිය 8%ක් දක්වා අඩුවී ඇත.
 
2018 වසරේ එම මුදල් සඳහා ගෙවනු ලැබූ පොලිය වූයේ 9% ක් බවත්, එය ඉකුත් වසරේ 8%ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත්, සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (සාමාජික සේවා) ටී. මල්ලිකාරච්චි මහතා ලංකාදීපයට අද (28) පැවසීය.
 
මේ අතර එම අරමුදල  බරපතල  කඩාවැටීමකට ලක්ව ඇතැයි පෙන්වා දෙමින් එහි වෘත්තිය සමිතියක් වන ඊටීඑෆ් සුරැකීමේ සේවක සංගමය ජනාධිපතිවරයාට ලිපියක් ද යවා ඇත.  
 
මෙම අරමුදල කඩාවැටීමකට ලක්ව ඇතැයි මේ වනවිට පැහැදිව පෙනී යන බැවින් ඉක්මණින්ම මූල්‍ය ක්‍ෂේත්‍රයේ ඉහළම දැනුමක් ඇති අයෙකු අරමුදලේ ඉහළ තනතුරකට පත් කරන්නැයි ඊ ටී එෆ් සුරැකීමේ සේවක සංගමය ජනාධිපතිවරයාට යවන ලද ලිපියෙන් ඉල්ලීමක් කර ඇත.  
 
මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන  සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලය සාමජිකත්වය ලක්ෂ 25 ක් ඉක්මවා ඇති බවත් රුපියල් බිලියන 350 ඉක්මවූ මුදලක් ඇති බවත් පෙන්වා දී ඇති එම සංගමය දැනට වසර 15 කට අධික කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති සාමාන්‍යධිකාරි තනතුර පිරවීමට කටයුතු කරන්නැයි ද ඉල්ලා ඇත. 
 
මේ වනවිට සාමාන්‍යධිකාරි තනතුර වෙනුවට ක්‍රියාත්මක අතිරේක සාමාන්‍යධිකාරි තනතුරට හෝ මූල්‍ය ක්‍ෂෙත්‍රයේ පුළුල් දැනුමක් ඇති පුද්ගලයකු පත්කර ඉක්මණින්ම අරමුදලේ කටයුතු ප්‍රතිසංවිධානය කරන්නට කටයුතු කරන්නැයි ද එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. 


මෙම කඩාවැටීමට ප්‍රධාන වශයෙන් වගකිව යුතු නිලධාරින් කිහිපදෙනෙකු ද ආයතනය තුළ සිටින බැවින්, ඉතා ඉක්මණින් මෙම ආයතනය බේරාගැනීමට මැදිහත් විය යුතු යැයි ද ඊටීඑෆ් රැකගැනීමේ සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. 
 
එම සංගමයේ සභාපති සාගර හේවාගම මහතාගේ අස්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ පිටපත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, විගණකාධිපතිවරයා, සේවා නියුක්තියන්ගේ අරමුදලේ සභාපතිවරයා මෙන්ම එහි සියලුම අධ්‍යක්ෂවරුන් වෙත ද යවා ඇත.  



අදහස් (5)

ඊ.ටී.එෆ්. අර්බුදයක - පොලියත් අඩුවෙයි

bandula Tuesday, 28 July 2020 08:01 AM

වයස අවුරුදු 60 න් පසු එක් ආරක්ෂාවක් පමණි. එහෙත් රජයේ නොවන සේවකයින්ට විශ්‍රාම වැටුපක් ඇත. පසුගිය වසරේදී ආරක්ෂක ආයෝජන නොමැතිව අපගේ අරමුදල් ආයෝජනය නොකරන්න 54,000,0000,0000 ක් අහිමි විය. ඔවුන්ට සියලු ප්‍රතිලාභ සහ විශ්‍රාම වැටුප ලැබෙන්නේ මන්දැයි නොදනී. මගේ යෝජනාව වන්නේ ප්‍රයිවට් සමාගම් ආයෝජනය නොකරන්න.

:       0       6

kamal Tuesday, 28 July 2020 08:14 AM

නක්ෂත්‍රය හොඳින් දන්නා කෙනෙක් නැවත පත් කිරීම අත්‍යවශ්‍යයි.

:       0       104

rathnayaka Tuesday, 28 July 2020 08:43 AM

රජයේ සේවකයින් සහ ඊටිඑෆ් වලට දායක වන ලක්ෂ සංඛ්‍යාත සේවකයිනි, මේ රජයේ නොහැකියාව ඔබලාට නොපෙනේද.? ඔබසැමට සජිත්ගේ අවංක පිහිට පමණයි ඉතිරිව ඇත්තේ. මේ පවතින රාජපක්ෂ මැදමුලන බයි රජය බලයට පත්වුනොත් 8% නොව 2% ක පොලියට වුව ඔබලාට රස්සාව කිරීමට සිදුවේ. ඒ හමුදාවේ බලයට ඔබ සැම යටත් වන බැවිනි. ඔබේ කතිරයෙන් පමණක් ඔබේ අයිතිවාසිකම් රැකගැනීමට හැකියාව ඇත.

:       87       235

Nuwan Tuesday, 28 July 2020 08:47 AM

ඕකට බලයට ආපු දා පටන් වැඩේ දෙන්න කෙළ ගිල ගිල හිටියේ.

:       0       109

Roshan Wednesday, 29 July 2020 01:31 PM

තව අවුරුද්දක් යන්න කළින් ඔය සල්ලිවලට දෙනවා මේ ආණ්ඩුව..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 2 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 54 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


හිටපු ජනපතිලාගේ වැඩි වාහන බාර දෙන්න සහන කාලයක්
2025 අප්‍රේල් මස 28 50 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති


දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 1123 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1842 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 940 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site