IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ඊජිප්තුවේ දුම්රිය අනතුරින් ළමෝ 47ක් මරුට

වයස අවුරුදු 4-6 කඩා දරුවන් පිරිසක් රැගත් බස් රථයක් ඊජිප්තුවේ කයිරෝ නුවරට දකුණුන් වූ ගම්මානයක දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක් හා ගැටීමෙන් කුඩා ළමෝ 47 දෙනෙක් මඳ වේලාවකට කලින් මරුමුට පත් වූහ. තවත් ළමයින් 13 දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි රෝහල් ආරංචි කියයි. අනතුර වීමත් සමග ප්‍රවාහන ඇමැතිවරයා ද දුම්රිය ප්‍රධානියා ද ඉල්ලා අස්වූහ.



අදහස් (0)

ඊජිප්තුවේ දුම්රිය අනතුරින් ළමෝ 47ක් මරුට

කුමාර Sunday, 18 November 2012 04:29 AM

ඉතාමත් කණගාටුදායක සිද්ධියක්. (නි)

:       0       0

තිලකරත්න Sunday, 18 November 2012 07:06 AM

ඇයි අපේ ලංකාවෙත් දෙන්නෙක්ම අස්වුණේ. (නි)

:       0       0

වසන්ත Saturday, 17 November 2012 05:06 PM

මට හිතෙන්නේ ඔවුන් ගත් තීරණය නිවැරදියි. අපේ ලංකාවෙත් ඔහොමමයි. පොඩ්ඩක් වැ‍රදෙන්න බැහැ, අස්වෙනවා. (නි)

:       0       0

මේනක Saturday, 17 November 2012 04:54 PM

ලංකාවේ දේශපාලඥයන්ට උතුම් ආදර්ශයක්. (නි)

:       0       0

අරුණ Saturday, 17 November 2012 04:55 PM

හරියට ලංකාවේ වගේමයි. (නි)

:       0       0

බඩී Saturday, 17 November 2012 05:00 PM

අනේ ඇයි ඊජිප්තුවේ පාලකයින් අපේ ලංකාවේ අයව ආදර්ශයට නොගත්තේ? (නි)

:       0       0

ජයන්ත Sunday, 18 November 2012 09:01 AM

මෙන්න වැදගත් රටවල්... (නි)

:       0       0

ඩියෝ Saturday, 17 November 2012 05:18 PM

ලංකාවට හොද ආදර්ශයක්. (නි)

:       0       0

ලලිත් - කටාර් Saturday, 17 November 2012 05:23 PM

ඒ රටේ පාලකයෝ ඇත්තටම මහත්වරු. (නි)

:       0       0

නිරාන් Saturday, 17 November 2012 05:14 PM

දැන්වත් ප්‍රවාහන බලධාරීන්ගේ ඇස් ඇරේවිද මන්දා? (නි)

:       0       0

ලක්මාල් Saturday, 17 November 2012 05:32 PM

අන්න නියම ඇමතිලා. නේද මහත්තයෝ? (නි)

:       0       0

විභූෂ Saturday, 17 November 2012 05:16 PM

අනේ අපේ ලංකාවේ ඇමතිවරු මේක කියවනවද දන්නෙ නැහැ? (නි)

:       0       0

ලංකා Saturday, 17 November 2012 05:51 PM

සිදුවූ අනතුර ගැන අපගේ සාතිශය කණගාටුව ප්‍රකාශ කරනවා. කීවාට මොකද අපේ රටෙත් මැති ඇමතිවරු ඒ වගේම තමා. බලන්නකෝ ඊජිප්තුවේ වුණ සිදුවීමටම අපේ අය දැනටම අස් වෙන්න පොරකනවා ඇති. ඒ වුණාට අපේ කට්ටිය ම් ඊට ඉඩ දෙන්නේ නැහැ, මොකද ඒ දේශ හිතෙෂි ,අවංක , පරහිතකාමී අපේ ගරු මැති ඇමතිවරු ගියහම කවුද මේ රට නගා සිටුවන්නේ? අපි දන්නවා අපේ විධායක නායක තුමා ඉන්නකම් අපිට ඒ ගැන නම් බය වෙන්න දෙයක් නැහැ. අනේ අපේ මැති ඇමතිලාට චීරන් ජයතු ! (නි)

:       0       0

උදයංග Saturday, 17 November 2012 06:20 PM

රටම ගිනිගත්තත් අපේ රටේ නම් ඉල්ලා අස්වෙන්නෙ නැහැ. (නි)

:       0       0

ෂිරාශ් Sunday, 18 November 2012 09:45 AM

ඇයි අපේ සමහර ඇමතිවරුත් ප්‍රසිද්ධියේම කිවුවේ එයාලා මත්පැන් පානය කරනවා කියලා. (නි)

:       0       0

සුජිත් Saturday, 17 November 2012 06:38 PM

පවු ළමයි ටික. (නි)

:       0       0

නීලා Saturday, 17 November 2012 06:35 PM

අපේ රටෙත් කොච්චර දේවල් නම් විනාශ වුණාද? හැබැයි අදාළ ඇමතිලා නම් තාමත් ඉන්නවා. (නි)

:       0       0

කුමාර Saturday, 17 November 2012 06:53 PM

ලංකාවේ ඇමතිවරුන්ටත් හොද ආදර්ශයක්. (නි)

:       0       0

අජිත් Saturday, 17 November 2012 06:40 PM

ආදර්ශමත් අවංක ඇමතිවරයෙක් සහ දුම්රිය ප්‍රධානියෙක්. ඔවුන්ට ගරුකළ යුතුයි. (නි)

:       0       0

දිලිනි Saturday, 17 November 2012 06:46 PM

අනේ පවු. ගොඩක් චූටි දරුවෝ ටිකක්. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 17 November 2012 07:07 PM

අහිංසක මල් කැකුළු පව්..!(නු)

:       0       0

සරත් Saturday, 17 November 2012 06:50 PM

දුම්රිය ඇමතිතුමා කොයි

:       0       0

දයා-සවුදි Sunday, 18 November 2012 10:34 AM

මේ විදියට අපේ රටෙත් වුණොත් පාර්ලිමේන්තු, මණ්ඩල, දෙපාර්තමේන්තු ... ඔක්කොම අද හිස්. (නි)

:       0       0

සිල්වා තබුක් Saturday, 17 November 2012 07:17 PM

අන්න ජනතාවට ආදරය කරන නායකයෝ.. ඒකට අපේ රටේ නායකයෝ... අනේ පොඩි දරුවන් ටික..!(නු)

:       0       0

විජේන්දු Saturday, 17 November 2012 07:02 PM

මේක ලංකාවේ වුණා නම් බස් රියදුරාට වරද පටවයි. (නි)

:       0       0

විජිත් Saturday, 17 November 2012 07:38 PM

අපේ බන්ධනාගාරයේ නිලධාරීනුත් දැන් මේක ආදර්ශයට ගනීද දන්නෙ නැහැ. (නි)

:       0       0

පද්මි Monday, 19 November 2012 12:35 PM

ඒක තමයි ඒ රටේ සම්මතය. ඒක‍ට අපේ අය (ස)

:       0       0

සරණ Saturday, 17 November 2012 08:02 PM

ලංකාවේ මෙහෙම දෙයක් වෙලා 1000ක් මැරුණත් අස්වීම ගැන නම් කතා බොරු. (නි)

:       0       0

සිසිර Saturday, 17 November 2012 09:11 PM

මෙන්න නියම ජනතා සේවකයින්.. (නි)

:       0       0

සිංහ Saturday, 17 November 2012 10:17 PM

ඇයි එතුමා ඉල්ලා අස්වුණේ? දුම්රිය පැදෙවුවෙ එතුමා නෙමෙයිනේ. (නි)

:       0       0

ඇලන් Saturday, 17 November 2012 11:36 PM

රටකට ඇති එකම සම්පත තම ජනතාවයි. එම උතුම් වස්තුව රැක ගැනීමට අපොහොසත් වීම තම අත්වැරද්දක් ලෙස පිළිගත් නායකයන් ලැබීම රටකට ඇති අනෙක් සම්පතයි. අපේ රටේ මෙවන්නක් සිදුවුණා නම්...? (නි)

:       0       0

සමන් Saturday, 17 November 2012 11:40 PM

සිද්ධිය ගැන අපිට කියන්න බැරිතරම් කණගාටුයි. හැබැයි ඔය වගේ සිද්ධි 10ක් වුණත් අපේ කට්ටිය ගැනනම් මොන කතාද? (නි)

:       0       0

අශෝක Sunday, 18 November 2012 12:28 AM

අයියෝ! ඒ රටේ පාලකයන්ට ලංකාව දිහා බලලාවත් ආදර්ශයක් අරගෙන, ආශ්චර්ය කරා යන හැටි අත්හදා බලන්නවත් තිබුණනේ. (නි)

:       0       0

බන්දුල Sunday, 18 November 2012 12:40 AM

මේ නායකයෝ මනසින් කොයිතරම් උසස්ද? ඒත් දරුවන් ගැන දුකයි. (නි)

:       0       0

හිලන් Sunday, 18 November 2012 01:22 AM

ඔබ සැම දෙනාටම නිවන් සැප ලැබේවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 37 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 175 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 232 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 178 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 136 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 327 1

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39441 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25705 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 348 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site