(අංජුල මහික වීරරත්න)
පසුගිය රජය කාලයේ කෘෂි අංශයේ රැකියාව සඳහා ඊශ්‍රායලයට ගිය පිරිසෙන් සියයට අසූවක් පමණ සේවා ස්ථාන වලින් පැන ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පැවසීය.
සුදුසුකම් නොමැතිව දේශපාලන හිතවත් කම් මත ඊශ්‍රායලයට ගිය මෙම පිරිස් ගොවි බිම් වල වැඩ කිරීමට නොහැකි වීම නිසා සේවා ස්ථාන වලින් පැනගොස් විවිධ ස්ථාන වල සේවය කරන බවට තොරතුරු ලැබී තිබෙන්නේ යැයිද සභාපතිවරයා සඳහන් කළේය.
ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂි අංශයේ රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබියදී දේශපාලනඥයන් විසින් නුසුදුසු පුද්ගලයින් ඊට යොමු කොට එම රැකියා ක්ෂේත්‍රය විනාශ කළ බවද කෝෂල වික්‍රමසිංහ මහතා කීය.
දේශපාලන හිතවත්කම් මත නොව සුදුස්සාට සුදුසු තැන දීම වර්තමානය රජයේ ප්‍රතිපත්තියක් බව ද සභාපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලාංකිකයන් 5000 ක් පමණ ඊශ්‍රායලයේ කෘෂි රැකියා අපේක්‍ෂාවෙන් සිටින බැවින්, ඔවුනට අවස්ථාව ලබා ගැනීමට නම් ගිවිසගත් රැකියා ස්ථානවලින් පැන නොයන ලෙස ඊශ්‍රායලයට ගිය ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද කෝශල වික්‍රමසිංහ මහතා කීය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
’’මේ දේශපාලනය කළා කියලා අපිට ලැබෙන ඇටි කෙහෙලක් නැහැ’’ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිර
සුවසැරිය(1919) ගිලන් රථ සේවයද ඔවුන්ගේ කාර්යාල කටයුතු සඳහා ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ච
යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලබන 28 වැනිදා සඳුදා මෙරටට පැමිණීමට නියමිතය
යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඊශ්‍රායලයේ කෘෂි රැකියා වලට ගිය රොත්තක් පැනලා
Pradeep Wednesday, 29 January 2025 08:42 AM
අපි ගොවිතැන් කරන මිනිස්සු . අපි යවන්ඩ ඒ රටවල් වලට. කිසිමදාක උදැල්ලක් අල්ලපු නැති එවුන් රටවල් වලට වැඩට යැවිවට වැඩ කරන්ඩ බැැ.
Jayatunga Wednesday, 29 January 2025 10:04 AM
ඇයි ඊශ්‍රායල් යවන්නේ ? ඒක මහා චාටර් රටක්. අවුරුදු 10ක් මම එහි හිටියා.
TharangaWednesday, 29 January 2025 12:49 PM
චාටර් කියන රටේ අවුරුදු දහයක්ම ඉඳලා
Kamal Koyrala Wednesday, 29 January 2025 11:28 AM
මෙසේ පැන ගිය අය වහාම මේ රටට ගෙන්වාගන්න කටයුතු කර ගිවිසුම් කදකලානම් ඒවාට දඬුවම් පනවන්න
පිටරටවැසියා Wednesday, 29 January 2025 11:36 AM
පළපුරුදු කට්ටියනෙ වැඩේ කරේ. අමතක වෙන්න ඇති දේශපාලන හිතවත්කම් නැතිව, රැකියාවට පළපුරුදු කට්ටිය තෝරලා අරින්න. විදේශීය රැකියා වෙළඳපළත් මුන් කාල දානවා...