IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ඊශ්‍රායලයට පරාජය හිමිවන බව ඉරානය කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයකදී ඇමෙරිකාව ඊශ්‍රායලයට අවශ්‍ය ආරක්ෂක සහාය ලබා දීමට තීරණය කර තිබුණත් එවැනි යුද්ධයකදී නිසැකවම ඊශ්‍රායලයට පරාජය අත්වන බව ඉරානය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූවේය.

හිස්බුල්ලා සංවිධානයට ලෙබනනය ආරක්ෂා කරගනිමින් සිය සංවිධානයද ආරක්ෂා කර ගැනීමට හැකියාව තිබෙන බව ඉරානය ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල රජය බලයේ සිටීම සඳහා අනුවණ තීරණයක් ගතහොත් ඉන් දෙරට නව යුද්ධයකට තල්ලු වී ඉන් ලෙබනනයේ යටිතල පහසුකම්වලට බරපතළ හානියක් සිදුවනු ඇති බවත් නමුත් අවසානයේ පරාජය ඊශ්‍රායලයට අත් වනු ඇති බවත් ඉරානය පැවැසුවේය.

ඇතැම්විට ඊශ්‍රායලය තමන්වම විනාශ කර ගැනීමට උත්සාහ දරණ කාලය එළඹ තිබිය හැකි බවද ඉරානය ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලය විදේශ කටයුතු අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පසුගියදා ඉරානයේ සහාය හිමිවන හිස්බුල්ලා සංවිධානයට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර ඔහු කියා සිටියේ හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට එල්ල වී ඇති තර්ජනයට පිළිතුරු දීම සඳහා අවශ්‍ය තීරණ ළඟදීම ගන්නා බවයි. ඉරානය සහ දැඩි මතධාරී ඉස්ලාම් සංවිධානවලට පිළිතුරු දීම සඳහා ඊශ්‍රායලය ගන්නා ක්‍රියාමාර්ග වලදී ලෝකය කොන්දේසි විරහිතව ඊශ්‍රායලයට සහාය ලබාදිය යුතු බවද ඔහු පැවැසුවේය.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක් ආරම්භ වුවහොත් අවශ්‍ය ආරක්ෂක සහාය ලබා දීමට ඇමෙරිකාව තීරණය කර ඇතත් කිසිම විටෙකත් ඇමෙරිකානු හමුදා ඊට මැදිහත් නොවනු ඇති බව ඇමෙරිකානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

 



අදහස් (7)

ඊශ්‍රායලයට පරාජය හිමිවන බව ඉරානය කියයි

Rohana Sunday, 23 June 2024 02:43 PM

යුද්ධයෙන් ජයගත් කෙනෙක් මේ ලෝකයේ නැත. යුදවැදීම අනුවන ක්‍රියාවකි. සාමය සංහිඳියාව ඇතිකර ගැනීමට මොලය පාවිච්චි කළහැකි නම් ජීවිත සහ දේපල විනාශය වළක්වාගත හැකියි...

:       2       53

ප්‍රභාකරන්Sunday, 23 June 2024 03:44 PM

ඇයි ලංකාවේ හමුදාව දින්නේ...?

:       4       38

samanSunday, 23 June 2024 05:04 PM

එතකොට අපි යුද්ධය දින්නේ නැත්ද?

:       6       27

Prabha Sunday, 23 June 2024 04:22 PM

ඇමෙරිකාව කියන සාපය මේ ලෝකයේ තියෙනකම් යුද්ධවලින් අඩුවක් නැතිවෙයි.

:       12       26

Ajith Sunday, 23 June 2024 08:33 PM

ඊශ්‍රායලයේ ලෝක සිතියමින් අතුගා දැමීමට ප්‍රතිඥා දී ඇති ඉරානය සහ ඔවුන්ගේ ප්‍රොක්සි කණ්ඩායම් කණ්ඩායම්වලින් ආරක්ෂා වීම සඳහා ඊශ්‍රායලය විසින් ඔවුන්ගේ ආරක්ෂාව පතා සටන් කිරීමට ඔවුන්ට සම්පූර්ණ අයිතිය ඇත. හිස්බුල්ලා හමාස් හව්ති යනු සියලුම ත්‍රස්තවාදී සංවිධාන ඉරානයේ බළල් අත්. හමාස් සංවිධානය ලබා ඊශ්‍රායලයට පහර දීමෙන් ගාසා තීරයේ යුද්ධය ආරම්භ කරන ලද්දේ ඉරානය විසින්... ගාසා තීරයේ සිදුවූ සියලු ජීවිත හා දේපල හානිවලට සම්පූර්ණයෙන් වගකිය යුත්තේ ඉරානය... මැදපෙරදිග රාජ්‍යයන් අතරින් ඉරානය පමණයි... මෙසේ ත්‍රස්තවාදීන්ට උදව් කරමින් ඊශ්‍රායලය විනාශ කිරීමට උත්සාහ කරන්නේ. මැද පෙරදිග අනෙකුත් සියලුම රාජ්‍යයන් එනම් සෞදි අරාබිය එක්සත් අරාබිය මී රාජ්‍යය, කටාරය, ජෝර්දානය වැනි සියලුම රටවල්ඊශ්‍රායලය ස්වාධීන රාජ්‍යයක් වශයෙන් පිළි අරගෙන ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්තෙන් සහ ඒ සඳහා කැපවීමෙන් කටයුතු කරනවා.. ඉතින් ඉරානයද මැද පෙරදිග ත්‍රස්තවාදි ක්‍රියා නතර කර දමන්නේ නම් සහ ත්‍රස්තවාදී සංවිධානවලට පෝෂණය කිරීමෙන් වැළකී සිටින්නේ නම්මැද පෙරදිගට සාමය ලබාගැනීම අපහසු කටයුත්තක් නෙමෙයි.

:       0       3

Sumanakumara Tuesday, 25 June 2024 07:44 AM

අනිවාර්යයෙන්ම මේ ඉරාණය තමයි මැදපෙරදිග සාමයට තිබෙන ලොකුම තර්ජනය ඔවුන් හමාස්ල ලවා මුලින්ම ඊශ්‍රායලයේ නවතම යුධ ශක්තිය තමයි පරීක්ෂා කලේ

:       0       0

Tissera Monday, 24 June 2024 07:36 PM

යුරෝපා රටවල සිටින සහ අමරිකාව සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ අයිති කරුවන් ඊශ්‍රායල් අය සහ දේශපාලනය කරන අයත් විශාල ප්‍රමාණයක් එ අයයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 60 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 347 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2331 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 249 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 1013 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1052 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37585 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24772 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 702 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 256 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site