(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය යටිතල පහසුකම් වලට පසුගිය ඔක්තෝබර් හත් වැනිදා සිට මේ දක්වා 600 වතාවක් පමණ ප්‍රහාර එල්ල කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.
එම ප්‍රහාර වලින් වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථාන තුළදී පුද්ගලයන් 613 ක් මියගොස් ඇති බවත් 770 දෙනකු මියගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය.එලෙස මියගිය 613 දෙනාගෙන් 606 දෙනකු ගාසාහිදී මියගොස් ඇති බවත් 7 දෙනකු බටහිර ඉවුරේදී මියගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.
ගාසා තීරයේ රෝහල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය වෛද්‍ය යටිතල පහසුකම්වලට පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ප්‍රහාර 304 ක් එල්ල වී ඇති බවත් බටහිර ඉවුරට ප්‍රහාර 286 ක් එල්ල වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේය.
යුද්ධය ආරම්භවී 14 වන සතිය වනවිට ගාසා තීරයේ ළමයින්ගේ ජීවිතවලට මාරක තර්ජන 3 ක් එල්ල වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේය. ගාසා තීරයේ ළමයින්ට රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ යන විට ඔවුන්ගේ පෝෂණ තත්වය පහළ වැටී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේය .එසේම ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයද ඉහළ ගොස් ඇතැයි එම සංවිධානය පැවැසුවේය.
ගාසා තීරයේ ළමුන් සෑම දිනකම නරක අතට හැරෙන බියකරු සිහිනයකට හසු වී තිබෙන බව යුනිසෙෆ් සංවිධානය පසුගිය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඊශ්‍රායලයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චෝදනා
චන්දන Monday, 08 January 2024 08:31 AM
ලංකාවේ පැවති යුද සමයේ පැවති එන්ජීඕ කාරයන් ඇතුළු යුරෝපා රටවල් ඇමරිකාව හැසිරුණු ආකාරයත් දැන් ඊශ්‍රායලය ක්‍රියා කරන හැටි සහ ඔය කියන රටවල හැසිරීමත් අධ්‍යයනය කරන්න. වෙනස පැහැදිලියි නේද? මේක තමා ලෝක දේශපාලනය... මෙිව ගැන හරි හැටි දැනගෙන අපි කටයුතු කල යුතුයි... ලංකාවේ වත්මන් පාලකයන් හැසිරෙන්නෙ යුරෝපා ඇමරිකානු අවශ්‍යතාවයන්ට ගැලපෙන විදියට. අපි චීනය රුසියාව ලෙසට නැඹුරු වුනොත් ආයෙමත් නඩ ටික වැඩ පටන් ගන්නව. ඒ නිසා ජනතාව එය තේරුම්ගෙන එක එකාට අවශ්‍ය විදියට නොව අපිට අවශ්‍ය ස්වයං දේශයක් ගොඩ නගාගැනීමට එකා මෙන් පෙළගැසිය යුතුයි.