IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘උඩු ගුවනෙත් කුණූ කන්දල් ’

හම්බන්තොට  සිට කිලෝමීටර් හතළීහක් අසුවත් අතර  වු මුහුදු ප්‍රදේශයකට  ඇද වැටිමට  අපේක්ෂිත ආකාශ  වස්තුව හෙවත්  පාෂාණය භුත අභ්‍යාවකාශ කොටස් එකතුව එතරම් හානිදායක වේ යැයි  තමන් නොසිතන බව මත්තල ගුවන් තොටුපළ කාලගුණ විද්‍යාඥ කේ.ඩී සුජිව මහතා  මාතර  පැවති  දිස්ත්‍රික ආපදා කළමණාකරණ සම්මන්ත්‍රණයකදී  පැවසීය.

මෙම අභ්‍යෘවකාශ  ඒකකයේ  සංයුතිය පිළිබඳව විශේෂ අවධානයක්  කොට නැතත්  එහි ගමන් මඟ පිළිබඳව ගණිත මුලධර්ම වලට  අනුකුලව ගණනය කොට  ඇතැයි ද ඒ අනුව මෙම සතියේ  මෙම පෘථීවියට  ඇද වැටෙතියි ද හේ පැවසිය.

මෙය (13) අද සිදුවන බව සමහරු පවසා  තිබුණා. එය සාගර කලාපයට වැටේ යැයි දැඩි විශ්වාසයක් පවතින නිසා  හම්බන්තොට සිට වර්ග කිලෝ මිටර් පනහක මුහුදු ප්‍රදේශය දැනට  ආරක්ෂිත කලාපයක් කොට තිබෙනවා

ඒත් මේක කාලගුණ විද්‍යාවට  අයත්  විෂයක් නෙමෙයි  කෙසේ වෙතත් වායුගෝලයේ සිදුවන ක්‍රියාවලිය නිසා  එහි ගමන් මග පිළිබඳවත්  ඇඳ වැටෙන ස්ථානය පිළිබඳවත් සාමාන්‍ය  නිගමන ඉදිරිපත් කළ හැකිය.

දැනට  අනාවරණය වු ආකාරයට  මේක අභ්‍යාවකාශ  ගත වු  රොකට් ආදියෙන්  සමන්විත ලෝහ සුන්බුන්  ගොඩක් කිලෝමිටර් තිහක්  වගේ  උඩ සිට ඇද වැටෙන නිසා  තරමක බලපෑමක්  ඇති  වේවි . සමහර  විට වායුගෝලයට  ඇතුළු වන විට ගිනිගෙන දැවී  යාමටත් පුළුවනි.

මේ පිළිබඳව සුවිශේෂි බියක් ජනතාව තුළ ඇති කළ යුතු නැහැ. පෘථීවි ගෝලයට  ඉහළ වායුගෝලයේ මෙබදු දේ නිරන්තරයෙන් සිදුවෙනවා. දැනට  ගණන් බලා  ඇති  ආකාරයට මෙබදු සුන්බුන් කොටස් තිස් දාහක් පමණ අභ්‍යාවකාශයේ පාවෙමින් තිබෙනවා හරියට  ප්‍රධාන නගරයක වාහන තදබදය වගේ ඉදිරියේදි  මේ තදබදය තවත් වැඩි වේවි.

මේ තත්ත්වය ඇති වන්නේ දියුණූ රටවල සිදුවන අභ්‍යාවකාශ  පරික්ෂණ කටයුතු නිසා බව පැහැදිලිය. හැම රටකටම වෙන්වු  අභ්‍යාවකාශ කලාප පවතිනවා.රැසියාවේ චීනයේ වාගේම ඉන්දියාවේත් මෙබදු කලාප ඇතත් ඇමරිකාවේ කලාපවල බලපෑම වැඩියි. එත් ඒ රටවල් මේ නිසා  වන හානියේ වගකිම් භාර  ගෙන නැහැ. එහෙම බාරගත  හොත්  මේවා කඩා වැටීමෙන් වන හානි වලට  වන්දි ගෙවිමටත් සිදු වෙනවා. ඇතැම් රටවල ඒ පිළිබඳ නීති ඇතත් අපි  වගේ රටවල් මේ ගැන ක්‍රියා  කරන්නේ නැහැ.

මේ තත්වයන් පිළිබඳව අනාවරණය කිරිම මාධ්‍යවල ප්‍රධාන වගකිමක් හැටියට අපි දකිනවා. බොහෝ විට කරන්නේ ජනතාව බිය වැද්දිම පමණයි. මෙහිදි ආරක්ෂිත ක්‍රියා  මාර්ග ගැනිමට  මඟ පෙන්විමත් පරිසරය සුරැකිමට  අදාළ ක්‍රියාමාර්ග ගැනිමත්  ඉතාම වැදගත් වෙනවා.

මාතර  දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ  සහකාර  අධ්‍යක්ෂ යු.ඒ.ඒ.ඩී. උබේසිරිවර්ධන මහතා  ආපදාවක පුර්ව කාලින හා පසුකාලින හඳුනා ගැනිම් හා  මෙහෙයවිම් පෙන්වා දෙමින් පිළිගැනිමේ කතාව කළ අතර  ආපදා  කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ එරික් ද සොයිසා, මාධ්‍ය  සම්බන්ධිකරණ ඩබ්ලිව් ඉන්දික ගොඩනැගිලි පර්යේක්ෂණ නිලධාරි මහේෂ් පටබැදිගේ යන මහත්වරු ද අදහස් දැක්වුහ.

මාතර  දිස්ත්‍රික් මහලේකම්  ඊ ඒ පි විදානගමාච්චි මහත්මිය හා  අතිරේක දිස්ත්‍රික් ලේකම් බි රණවිර  මහතා ද මෙම සම්මන්ත්‍රණයට එක් වුහ.



අදහස් (0)

‘උඩු ගුවනෙත් කුණූ කන්දල් ’

සොපි Friday, 13 November 2015 01:39 PM

මෙතුමාගේ කතාව මසුරන් වටිනවා (නි)

:       0       0

විතාන Thursday, 12 November 2015 02:10 PM

කාටවත් කරදරයක් නොවෙනවා නම් ඒ ඇති (නි)

:       0       0

නාමල් Thursday, 12 November 2015 08:24 AM

අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යැව්වට පස්සේ ඒකේ සේවා කාලය ඉවරවුණාට පස්සේ ඒක යැවූ රටට ඒක ගැන වගකීමක් ගන්න බෑ... දැන් මේ වැටෙන්නෙත් මොන රටෙන් යවාපු යානයක කොටසක්ද යන්න අපි දන්නෙ නෑ(ම)

:       0       0

විජයබාහු Thursday, 12 November 2015 10:20 AM

නාමල් එ්ක නිකන් එහා ගෙදර එකාගේ වත්තේ ජරා කරලා දැන් එ්ක මගේ නෙවේ කියනවා වගේ වැඩක්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 751 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1013 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 201 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4885 5

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1575 2

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31070 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23741 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 429 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site