හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (08) පෙරවරුවේ බරපතල වංචා විමර්ශනය කැරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියේය.
පැය 5ක පමණ කාලයක් ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනිණි.
ඒ පසුගිය ආණ්ඩු සමයේදී ගුවන් හමුදාවට අයත් ගුවන් යානා යෙදා ගනිමින් ඔහු ආ ගිය අභ්‍යන්තර ගුවන් ගමන් ගැනය.
අමාත්‍යවරයා වසර 03ක් කාලයක් ඇතුළත සිදුකරන ලද ගුවන් ගමන් වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ගුවන් හමුදාවට රුපියල් කොටි 15. 5ක් ගෙවා ඇති බව කියති.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් බලය තියෙනකොට කවුරුත් උඩින්ම තමයි ගියේ. බලය නැතිවුණාම තමයි දෙපයින් යන්නේ. (නි)
ආණ්ඩුවේ කාර්යාල/කාර්යාංශ වල වාහන දුවන්නේ රනින් චාට් වලට අනුවමද කියලා හොයලා බලන්න. (නි)
ඇමතිලාට, ඇමති පවුල් වල අයට, ඒ වටා ඉන්න අයට තම හෙංචයියන් සහ එම පවුල් වල අය වෙනුවෙන් මොනතරම් වාහන ප්‍රමාණයක් මේ රටේ දිනකට පාවිච්චි වෙනවද, මොනතරම් ඉන්ධන ප්‍රමාණයක් වැය කරනවද නිකමට හිතලා බලන්න. මේවා ගෙවන්නේ මහජනතාව. අපිට බදු ගහනවා. ඇමති සහ දේශපාලනය ගෑවුණ තැන්වල අයගෙ පවුල් පිටින් නිකන් වාහන වල ගමන් යනවා. (නි)
එදා ඇමතිලා වටේ ඉඳගෙන එහෙයි කියමින් පුද්ගලික වාසි ගත් නිලධාරි නඩයත් ගෙන්වා ප්‍රශ්න කරන්න. මෙයා තනියම හෙලිකොප්ටරේ යන්න නැතුව ඇතිනේ? තනියම හොරකම් කරන්නත් බැහැ. සාමාන්‍ය ජනතාව දැක්කේ ඇමතිලාට වඩා ඇමති ඌෂ්ණය ගහපු නිලධාරින් හැසිරුනු අවිචාරවත්භාවයයි. (නි)
මේවා හොයනවා වගේම විදෙස්ගත ශ්‍රමිකයින්ගෙ සල්ලි වලින් සවාරි ගිය, ඉඩම් දෙක තුන ගත් අදටත් ඒ තැන්වලම යහතින් ඉන්න අය ගැනත් හොයන්න. (නි)
සමන් දේවප්‍රිය, මෙයාට අසනීපයක් හැදුනාමත් දිවසම ඒසී දාගෙන උසාවිය ළඟ නතර කරගෙන ඉන්නෙත් ආණ්ඩුවේ ගිලන් රථයයි. එතනත් මහජන දේවල් අයථා විදියට භාවිතා කරනවා. (නි)
මෙයාට මාර අසනීපයක් හැදුනානේ එක සැරයක්. මිටපස්සේ නඩු තීන්දුව දුන්නහමත් ආයෙත් ඒක හැදෙන්න පුළුවන්. (නි)
කළදේවල් කවදා හෝ පටිසන් දෙනවා. ලැහැස්තිවෙලා ඉන්න. (නි)
උපදිනකොට බයිසිලකයක්වත් නොතිබුනු අය කල්යනකොට වාහනයක් ගත්තොත් අල්ලපු කඩේටද යන්නේද වාහනයෙනි. මෙය මා අත්දැක ඇති සත්‍යකි. මෙයාටත් එහෙම මොකක්හරි හෙලිකොප්ටර් උණක් තියෙන්න ඇති. නමුත් වැයකළේ පොදු මහජන මුදල්. (නි)
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ගුවන් හමුදාවට රුපියල් කෝටි 15. 5ක් ? තමන්ගෙ අතින් ගෙවාගෙන නම් යයිද මෙහෙම? ජනතාවගෙ සල්ලි නිසා යන්න ඇති. මෙහෙමත් දේශප්‍රේමියෝ. (නි)
මෙයාලා ඒ කාලේ ගමේ ඉන්නකොටත් එහෙ මෙහෙ ගියේ හොල්කොප්ටර් වලින්ද දන්නෙ නැහැ. නැති මිනිහා තමයි සල්ලි වලට සැපට පෙරේත. එදා ඉඳලා සැපවිඳපු අය වයසට යන්න යන්න සාමාන්‍ය ජිවිතයකට හුරුවෙනවා. (නි)
පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ සමහර නමගිය ආයතන වල ලොක්කෝ විදෙස් සංචාර වල වැඩි වැඩියෙන් ගියා. ඒ ගියේ ශ්‍රමික ප්‍රශ්න විසඳන්නද නැත්නම් ඡන්දෙට කඩේ යන්නද කියලා සොයා බලන්න. මොනවට ගියත් මේ නාස්ති කරලා තියෙන්නේ පොදු මහජන මුදල්. මේවට නිසි දඬුවම් දියයුතුමයි. එසේ නොදිමේ ප්‍රතිඵල ලැබිය හැක්කේ තවත් ඡන්දයක් ආවිටයි. එවිට ප්‍රමාද වැඩිවිය හැකියි. (නි)
වැරදි කර ඇත්නම් දඬුවම් දීම ඉතාම සුදුසුයි (නි)
මෙයාලා මහාපරිමාණයෙන් අපේ සල්ලි වලින් රවුම් ගැහුවා. තව ඉන්නවා කොටසක් අසරණ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ සල්ලි වලින් පිටරට වල සංචාර ගිය. වැලිකතරෙ දහදුක් විඳි අපේ අම්මලාගේ අක්කලාගෙ සල්ලි වලින් බොරුවට උඩින් ගිය නිලධාරීන් ගැනත් සොයන්න. ඒවයි අපරාධ. සහගහනවා. (නි)
කලින් දක්වා තිබෙන සියලුම අදහස් හරියට හරි. ජනතාවට දැන් වැටහෙනවා මේගොල්ලෝ කරලා තිබෙන වැඩ ගැන. (නි)
බැසිල්ට දොස් කියන අයට තේරෙන්නේ නැද්ද එයා, එයාගේ ආර්ථිකය වේගයෙන් සංවර්ධනය කරගත් බව. අපිට පුලුවන්ද මොන රස්සාව කළත් ඔහොම සංවර්ධනය වෙන්න. (නි)
රටේ උගත් මහත්වරුනි, නෝනාවරුනි, රටින් පැනගිය අය නොවෙයි මේ රට කොටින්ගෙන් බේරාගත්තේ. අපේ ගම්වල හැදුනු වැදුණු තරුණ ළමයි. ඇයි මේ බොරු වලට තිත නොතබන්නෙ පවතින රජය? (නි)
මහින්ද මහත්තයෝ, සහෝදරයා වුණත් මෙයාලා නම් නැවත පාර්ලිමේන්තුවට ගන්න එපා. (නි)
හරි. හරි. මමත් මහින්ද පාක්ෂිකයෙක් හැටියට, බැසිල් මහත්තයා එහෙම කළා නම් වැරදියි. නමුත් රටේ සංවර්ධනයක් වුණා. එ්ක නැහැ කියනවා නම් කුහකයි. (නි)
කොහොමද රටක් දියුණුවෙන්නේ මෙහෙම වෙනකොට? (නි)
අපේ රටේ වැඩි දෙනෙකුට ලියන්න කියවන්න පුළුවන් නිසා, කෝටි15 ගණන හැදුනේ කොහොමද කියලා ගිය ගමන් ටිකයි, ගමනට අයකළ ගාස්තුවයි ලැයිස්තුවක් හදලා පෙන්නුවානම් කොහොමද? ඒවගේම තමයි කොයිතරම් කොමිසන් වලට කලින් කල ගෙන්නුවාට තාම සතයක්වත් අයකර ගන්නත් බැරිවෙලා තියෙනවා. (නි)
අපේ ගමේ ඉන්නවා දුප්පත් පවුල් 900 විතර. ඒ අයට කන්න විතරක් දවසකට රුපියල් 450 ගානෙ දුන්නොත් එක අවුරුද්දකටම කන්න දෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් හිතුවොත් පවුල් 900 යක් අවුරුද්දකට කන සල්ලි තමයි මේ සෝබන ගමන් බිමන් වලට පාවිච්චි කරලා තියෙන්නේ (නි)
දරු පැටව් කවි බණ කියමින් රට වටේ යනවා ලක්ෂ 10 හොයන්න. මේවා පරම්පරා ගානක් සහගහන අපරාධ නේද (නි)
හැමෝටම කලින්, මොවුන්ට පාඩමක් උගන්වන්න ඕනෑ. මොවුන් නිසා තමයි ලොකු ලොක්කෝ බයක් හැකක් නැතුව ජනතා සල්ලි පිල්ලි ගහන්නේ. (නි)
තවත් ලැජ්ජා නැතුව කතාකරන හැටි? (නි)
මෙතුමාලා ගහපු රවුම් දැන් එළියට එනවා වාගේම දැන් කට්ටිය ගහන රවුම් ගැනත් මතුවදී දැනගන්නට හැකිවේවි (නි)
ඒ කලේ යහපාලන අය වේදිකාවල කෑගහපු විදියට මං හිතුවේ යහපාලනය ආ ගමන් මේ අය අල්ලලා කෝටුමස් කරලා ජීවිතාන්තය දක්වා හිරේට දායි කියලා. දැන් බැලින්නම් අනිත් අයටත් වඩා සතුටෙන් ඉන්නවා. (නි)
මිලානෝ පිටිගල ආචාර්යතුමාට පවුලක් ලබා ඇති ආර්ථික සංවර්ධනය පෙනෙන්නේ නැද්ද? තව වටේ හිටි අය සංවර්ධනය වෙලා නැද්ද? හැම පවුලක්ම සංවර්ධනය කිරීම චින්තනයක මහිමය නොවේද? (නි)
විවේචනය කිරීම අයිතියක්. එහෙත් විවේචනය හරිද නැද්ද කියලා හිතන එක බුද්ධියට අයිතියි. මෙතුමාගේ ඔය වියදම් කළ කාලේ ගම්පහ දිස්ත්‍රික්කයේ පෙර නොවූ සංවර්ධනයක් වුණා. ඒවා බුක්ති විඳිමින් ඒ සංවර්ධනය මෙහෙයවපු නායකයින් කළා යැයි කියන තාමත් විමර්ශනය කරන වැරදි වලට අදහස් දාන අය කවුද කියලා හිතෙනවා (නි)
මෙතුමා එන්න එන්න කෙට්ටු වෙනවනේ. දැන් ඉස්සර වගේ සැපසම්පත් නැහැ වගේ. (නි)
මේ එක්කෙනෙක් විතරයි. මේ විදිහට මහජන මුදලින් උඩින් ගමන් ගිය තව කට්ටිය ඉන්නවා නේද? මොකද වෙන්නේ කියලා හුඟ දෙනෙක් බලාගෙනයි ඉන්නේ (නි)
ආර්ථිකය සංවර්ධනය කළ හැටි හොඳින් පේනවා. ඔය අමාත්‍යංශයේ සැප ගත්ත තවත් අය දැන් වෙන තැන්වල බබා වගේ වැඩ. ඒ අය ගැනත් සොයා බලන්න. (බ)
මොනවා වෙතත් බැසිල් ලංකාවේ ආර්ථික වර්ධනය පවත්වා ගත්ත මෙගා ව්‍යපෘති කළමනාකරණය කරමින්. දැන් ඉන්න කට්ටියට එක පවත්වා ගැනීමත් ගැටලුවක්. බැරි කම වහගන්න අනුන්ට චෝදනා කිරීම වැරදියි.(කෞ)
මේ ගොල්ලන්ගේ ප්‍රචාරක හා විනෝද චාරිකාවලට බිල ගෙවීම අපෙන්. රජ පවුල කළ හැමදේම හරි කියන අය මේවටත් කියයි සංවර්ධනේට ගිය ගමන් නොවැ කියල. වෙන්නත් ඇති. කෝටි 5 ක සංවර්ධනය මෙහෙයවන්න චාරිකා වලට කෝටි 15.5 ක් වියදම් කළාට මොකද? (බ)
කවුරු වුණත් හිනාවට ඡන්දේ දෙන්න හිතේ අපි රැවටේ (බ)
යුද්ද කළේ හමුදාව.භුක්ති වින්දේ සමාගමක් (බ)
මාතර ප්‍රධාන පාසලක නිවාසාන්තර ක්‍රීඩාවකට මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය මුදල් ගෙවල වෙන්කරලා තිබුනත් මෙයාට බහින්න ළමයින් අයින්කරලා හෙලිකොප්ටරය බැස්සුවා. (බ)
කැකිරි පැලෙන ටිකිරි හිනාවයි.. සුදු ඇඳගෙන ... වැඳගෙන... මේකද කරන්නේ (බ)
මොහු කඩුවෙල අධිකරණයට ගිලන්රථයකින් පැමිණ කළ නාඩගම මතකද මොහු ගැන වෛද්‍ය වාර්තා දුන් අය ගැන පරීක්ෂණයක් කර දඩුවම් දුන්නොත් අධිකරණයට කරන ගෞරවයකි. (බ)
අනේ කෝම හරි මේ සහෝදර සමාගම ආයේ පත් කරගන්න හොදේ (බ)
මිනිස්සුන්ගේ සල්ලි නියමෙට සංවර්ධනයට යොදවල, අපි කිසිම වැරද්දක් කරලා නෑ. අපි ආයෙමත් එනවා (බ)
ගහමුද පොල් ? එතකොට කරපු හොරකම් මිනිස්සුන්ට අමතක වෙනවා ... පර්ස් එක පරිස්සමින් .... (බ)
ජිනීවා ගිහින් සුද්දන්ට කේලම් කියන්න ... තව සවාරියක් ගහන්න පුළුවන් ...බෑග් පරිස්සමින් ...(බ)
බලයේ ඉන්නකොට හිතුවේ නැහැ බලය කියන්නේ තාවකාලික දෙයක් කියා ඉතින් දැන් විදවනවා ජනතා මුදල් කාබාසිනියා කළාම අපායෙත් යන්න වෙනවා අප්පුහාමිල ඔක්කොටම ! (බ)
අපුරුයි , මහජන සල්ලි , බදු සල්ලි වලින් සවාරි අපට මුකුලුව . කවද හෝ ණය ගෙවන්න වෙයි (බ)
මේ ඡන්දේ ඉල්ලන්නද ඇවිත් ඉන්නේ වැඳගෙන ...(බ)
පන්සල් ඇවිත් සිල්ගන්න ..(බ)
තවත් පුස්වෙඩිල්ලක්ද? (බ)
ඉස්සර සියලුම අමාත්‍යාංශවල මුදල් වියදම් වන කටයුතු පමණක් මෙතුමා පවරා ගත්තා. එ්ත් කරපු ආර්ථික සංවර්ධනයක් නම් පෙනෙන්නට නැත. කොළඹ එක්තරා තරු පහේ හෝටලයක ඉහලම මහල මෙතුමාගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් යයි කියාගන්නා කෙනෙක්ට කාර්යාලයකට සහ නවාතැනකට බදු ගෙන තිබුනා මෙතුමන්ලාගේ ආණ්ඩුව පරදිනකල්ම. මේ ගැනද සොයා බලන්න. (බ)
මේ පුවත ඇත්ත නම් ලජ්ජයි කියල මේ වියදම් කරලා තියෙන්නේ පුද්ගලික බුදලයද ? (බ)
සාටකේට අගෞරව කරන්න එපා මහත්තයෝ. (බ)
උසස්පෙළ වත් සමත් නැති ඇමරිකාවේ නුපුහුණු ශ්‍රමික ගනයේ රැකියාවක් කළ මෙයා කොහොමද රටක ආර්ථිකය සංවර්ධනය කරන්නේ? (බ)
අහිංසක ජනතාවගේ බදු මුදල් හොරකමි කරමින් මෙි කළ පාප කර්මය බුදුදහමට අනුව කවදා හෝ ඔවුනට පලදෙන බව අපි දනිමු. (බ)
සියලුම ටැක්ස් මුදල් ඇමරිකාවේ ගෙවල් ගැන දන්නවා (බ)
ඒ කාලයේ සංවර්ධනයේ තරම ගැන ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ (නි)
පැරදිලා ඇමරිකාවට ගිහින් හැංගිලා ඉඳලා එනකොට මහපාරේ කෑගහපු කට්ටිය කෝ අද? (නි)
කරපු හොරකම් මෙලොවදීම පළදෙනවා! (නි)
අයියා ඡන්දෙන් පැරදුණදාට පසුදින මෙයාලා ගුවන් තොටුපොළෙන් වේගයෙන් මාරුවුණ හැටි යූටියුබයේ තියෙනවා බලන්න ලස්සනයි. (නි)
ලැජ්ජා නැතුව කැමරාවටත් මුහුණ දාන හැටි? (නි)
අපේ සල්ලි කාලා උඩින් ගියාට දේපල විකුණලාවත් ගෙවන්න දැන්. මොවුන් නාස්තිකළ හැම සතයක්ම අයකර ගතයුතුයි. මෙච්චර දෙයක් කරලත් හිනාව නම් අඩුවෙලා නැහැ. (නි)
මේ තරම් ලොකු වැරැද්දක් කරලාත් තව හිනාවෙන හැටි (නි)
මෙයාලට කඩේ යන කට්ටිය මේකට මොකුත් කියන්නේ නැහැනේ. දාන්නකෝ අදහසක්. ආසයි දාන ඒවා බලන්න. (නි)
මේ අය පස්සෙන් එන අය තවමත් ඉන්නවනේ හැබෑටම? (නි)
වසර 3 කදී දේශීය ගුවන් ගමන් සඳහා රුපියල් කෝටි 15 කට වඩා ගෙවා තිබෙනවා නම් මෙය විය නොහැක්කක්. එනම් දවස ගානේ ගුවනින් ගමන් කළත් දිනක ගෙවීම රුපියල් 140,000 ක්. ලංකාවේ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් සඳහා රජය ඒ තරම් ගෙවීමක් කරන්නේ නැහැ. බලමුකෝ මේ වතාවේ මොකද වෙන්නේ කියලා (නි)
තවමත් බලාගෙන ඉන්නේ කොහොමහරි බලය ලබාගෙන නැවත පරණ සෙල්ලම්ම කරන්න තමා. දැන් ලෙඩ නැහැ වගේ (නි)
එයාලට නම් ගාණක්වත් නැහැ වගේ. බලන්නකෝ හිනාව (නි)