
(ප්‍රසාද් රුක්මල්)
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය අසලදී පිලිපැනීමට ලක්වූ බදුල්ල මහනුවර අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය යලි පිලීගත කිරිමෙන් අනතුරුව අද (6) පස්වරුවේ සිට බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරදි ධාවනය වන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන පෙට්ටියක් පිලිපැනීමට ලක්වීමෙන් බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය අඩාලව පැවති අතර කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනයට ද බාධා සිදුව තිබිණ .
කෙසේ වෙතත් පිලිපැනීමට ලක්ව තිබූ දුම්රිය යලි පිලීගත කිරිමෙන් අනතුරුව බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වී බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ බවත් මේ වනවිට උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරදි සිදු වන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උඩරට මාර්ගය දුම්රිය ධාවනය යථා තත්වයට