ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ විශේෂ බෝධිපුජවක් සහ ධර්මදේශනාවක් පසුගිය සෙනසුරාදා පැවැත්විණි.
උඩුවේ ධම්මාලෝක හිමියෝ එම පුජාව කළහ. විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් එම පිංකම සංවිධානය කැරිණි.
සද්ධාතිස්ස විහාරස්ථානයේ නර්තන පන්තියේ දරු දැරියෝ අලංකාර පෙරහරකින් සධාතුක කරඬුව සහ මහා සංඝ රත්නය පිංකම පැවති ශාලාව වෙත වැඩම කැරැවුහ.
පන්තේරු නැටුමක් නර්තන ශිල්පී ඒ.පී. අත්තනායක විසින් පුහුණු කැරිණී.අකුරටියේ නන්ද හිමියෝද ශ්‍රී ලංකාවෙන් වැඩම කළහ.
පිංකම සඳහා සහභාගීවූ සැදැහැවතුන් සියලු දෙනාටම රාත්‍රී ආහාර දන්සලක්ද පැවැත්විණි. පණ්ඩුක වික්‍රමරත්න ඇතුළු විහාරස්ත දායකයෝ එම දන්සල සංවිධානය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උරුමය රැකගන්නා මේ සියලු පින්වතුන්ට ආශිර්වාද කරමි. (නි)
මෙය දුටුවිට ආඩම්බරයක් හිතට නැඟෙනවා. සිංහල බෞද්ධකම වාසනාවන්! (නි)
නමුත් ලංකාවේ තත්ත්වය ගැන සිතන විට සිතට දුකක් ඇතිවෙනවා (නි)
බුදුගුණ මුලු ලොව පැතිරේවා! (නි)