අධිකරණයේ ඉහළ තනතුරක් දරණ පුද්ගලයකුගේ නිවසේ රාජකාරී කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන් පිරිසකට එල්ළ වන තර්ජන ගර්ජන කුණු හරුපෙන් බැන වැදීම් හා ඔවුන්ගේ අවි උදුරා ගැනීමට තැත් කිරීම් නිසා ගිනි අවි අතැතිව සිටින ඔවුන් අතින් අනපේක්ෂිත තත්ත්වයක් උදා විය හැකි යැයි එම පොලිස් කණ්ඩායම භාරව සිටින පොලිස් නිලධරයා නියෝජ්‍ය පොලිස්පතිවරයකුට ලිඛිතව දන්වා යවා ඇත.
නියෝග කරන නිසා අකමැත්තෙන් රාජකාරියට යන මේ පොලිස් සාමාජිකයන් දැඩි මානසික පීඩාවකට පත් වී සිටින බවත් ඔවුන් සිටින තත්ත්වය අනුව පහර දීමක් හෝ වෙඩි තැබීමක් සිදු වුවහොත් එය බරපතල ලෙස පොලීසියේ හා අධිකරණයේ කීර්ති නාමයට හානි වන බවත් එම ලිපියේ සදහන් වේ.
මීට දෙවසරකට පෙර ද එම පුද්ගලයා කොස්තාපල්වරයකුට පහර දීම නිසා නිවසේ රාජකාරීය වෙනුවට පොලීසිය එම නිවස ඉදිරිපිට මාර්ගයේ රාජකාරියට යෙද වු බවත් පොලීසිය සදහන් කරයි.
ඉන් පසු එම නිලධරයා පොලිස්පතිගෙන් කළ ඉල්ලීමක් අනුව වෙනත් පොලීසියකින් කොස්තාපල්වරුන් හය දෙනකු , ගිනි අවි ද සමග යළි එම නිවසේ ආරක්ෂක රාජකාරීවලට යවා ඇතැයිද ඉන් කොස්තාපල්වරුන් සිව් දෙනකුටම බැන තර්ජනය කැර ඇතැයි ද ඔවුන්ගේ රාජකාරී සටහන් පොත්වල ලියා ඇති එම තොරතුරු සත්‍ය බව පෙනේ යැයි ද එම පොලිස් නිලධරයා කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් පිපුනත් ගති නැරෙයි කොහොඹ රුකේ.........සිල් ගත්තත් බලලුට බයලු මූසිකේ.........කල් තිබුනත් බලු වලිගය උන පුරුකේ...............ඇද යන්නේ නැත ඒකේ.... (ස)
මෙයාව අර මන්ත්‍රිණීට හිතවත් කරලා දෙමු. (නි)
හැම දෙනාටම සාධාරණය ඉටුවේවා! (නි)
විනිසුරු තුමෙක් වෙන්නේ අහසින් පාත් වෙච්ච කෙනෙක් නෙමෙයිනේ..අපි අධිකරණයෙන් සාධාරණය පතනවා. (ස)
බලු වලිගෙ කෙලින් කරන්න උන පුරුකෙට බස්සන පර්යේෂණය අපේ මහාචාර්යවරයෙක් නාථ දෙවියන්ගෙන් උපදෙස් ලබාෙගෙන කරපු ව්‍යාපෘතියක්. කැලණිය පැත්තේ තමයි පර්යේෂණාගාරය තිබුණේ. තුන් මාසෙකට පස්සේ බම්බුව ගලෝලා බැලුවම වලිගෙ එහෙමමයි. කොම්බුව වගෙයි. (ස)
බලු වලිගේ ඇද යවන්න පර්යේෂණ කළා අපේ මහාචාර්ය වරයෙක්. (ස)
ඒ කියන්නේ ප්‍රභූ ආරක්ෂක ඒකකයේ ඉන්න නිලධාරීන්ට ප්‍රභූන්ට මුට්ටි අල්ලන්න වෙනවා කියන එකද ?.(ස)
හරිම පුදුම කෙනෙක්නේ (ස)
පොලිස් නිලධාරීන්ට තියෙන්නේ එසේ උදුරාගෙන නිවසේ සඟවාගත් ආයුධයක් පෙන්වීමට මෙම පුද්ගලයාව කැඳවාගෙන යන්නටයි (ස)
වවුල් පැලැන්තියේ කෙනෙක් නේද ? (ස)
මානය නිසාවෙන් ඇතිවුන බලවත් මානසික ව්‍යාධියක් වෙන්නැති??? (ස)
අධිකරණයේ ඉහළ නිලධාරියකු මෙහෙම නම් පහළ නිලධාරීන් මොනවා නොකරයිද ? නිතිය දන්නා වැදගත් තනතුරු දරන අය මෙසේ නම් නීතියත් නොදන්නා සාමනය ජනතාව ගෙන මොනවා කියම්ද ? (ස)
අතීත වැරදි ගැනත් හොයන්න. (ස)
එකිනෙකාට ගෞරව කිරිම් අද හීන වෙලා. නීතියේ ආධිපත්‍යය සකස් කරන මහත්වරුන්ම මෙය කරනවා නම් කවර කතාද? ඉතාලියේ අගමැති පවා සාමාන්‍ය මිනිසුන්ට සර් කියලා කතා කරන්නෙ(සින්ග්නෝරේ) අනික වීදේශිකයන් වන අපට පවා සේවාවක් ලබාගන්න ගියත් පිළිගන්නෙ එසේ ආමන්ත්‍රණය කරමින්. (ස)
අයුක්තියට තීන්දු දී අහිංසකයින් සිරගෙට යවන මෙවැන්නන් වයස යනකොට ආතතිය ද ? (ස)
ප්‍රශ්න ඔඩු දුවනතෙක් බලාගෙන සිටීම මහත් අපරාධයකි. (ස)
ප්‍රශ්න ඔඩු දුවනතෙක් බලාන සිටීම මහත් අපරාධයකි, (ස)
දැන් බලාගෙන ගියාම, ප්‍රභූ ආරක්ෂාවට ඉන්න ගොඩක් පොලිස් නිලධාරීන් බොහොම කෙණගාටුවෙන්නේ ඔවුන්ගේ රාජකාරිය ඉටු කරන්නේ. ඒ උනාට රථවාහන අංශය භාර සමහර අපේ පොලිස් නිලධාරී තුමන්ලා නම් ඉතාම සතුටකින් එම රාජකාරිය කරනවා අපි දකිනවා. (ස)
කොන්ද ඇතිව කෙලින් වැඩ කරනවානම් ගැටළුවක් නැහැනේ.
අධිකරණයෙන් කට්ටිය ස්වාධීනත්වයක් පතනවා...? (නි)
කවුද ඉතින් මේ අධිකරණයේ ඉහළ තනතුරක් දරන පුද්ගලයා? (නි)
අධිකරණයට සම්බන්ධ තනතුරක් දරන කෙනෙක් මෙහෙම කරනකොට අපි කොහොමද අනෙක් අයව විශ්වාස කරන්නෙ? (නි)
ඔන්න අලුත්ම රැල්ල... (නි)
අධිකරණයේ ඉහළ තනතුරක් දරන පුද්ගලයකුගේ කල් ක්‍රියාව මෙසේ නම් ඔවුන් වැන්නන්ගෙන් නීතියේ සාධාරණත්වයක් බලාපොරොත්තු විය හැකිද.?මානසික ව්‍යාධියක් ඇත්නම් ප්‍රතිකාර ගන්නවා වෙනුවට ආරක්‍ෂක නිලධාරීන් මානසික පීඩනයට ලක් කිරීම එයට ප්‍රතිකර්මයක් නොවන බව ඒ ඉහළ තනතුරට නොවැටහේද.? (ස)
අනේ මන්දා අතීතයේ සිදුනොවූ දේ තමයි දැන් කාලේ සිද්ධ වෙන්නේ. (ස)
මගේ යාබද නිවසේ කලක් පදිංචිව සිටි අධිකරණ නිලධාරියකුගේ සියලු ආවතේව කළේ එහි රැකවලට සිටි පොලීසියේ අය. මා දවසක් ඔවුන්ගෙන් ඇහුවා ඔබේ රාජකාරියට කාර් හේදීම, කඩේ යාම ආදියත් ඇතුළත් ද කිය. ඔවුන් කිව්වේ එයා හරීම හොඳ කෙනෙක් නිසා අපි ඒ දේ කර දෙනවා කැමැත්තෙන් කරන බවයි. (ස)