IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


උතුරේ අවතැන් වුවෝ පුත්තලමේදි, අ‘පුරෙදි ඡන්දෙ දෙති

යුද්ධය හේතුවෙන් අවතැන්වී තවමත් වන්නියේ ස්ථිර ලෙස පදිංචි නොවූ අවතැන් ඡන්දදායකයින් දසදහසකට ආසන්න පිරිසක් වෙණුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පුත්තලම සහ අනුරාධපුර ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන 24ක් පිහිටුවා ඇතැයි වන්නි දිස්ත්‍රිකක්යේ මැතිවරණ තේරීම්බාර නිලධාරී  සහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා කියයි.

මන්නාරම සහ මුලතිවු පළාත්වලින් අවතැන් වූවන් වෙණුවෙන් පුත්තලමේ ඡන්ද මධ්‍යස්ථාන 22 ක් පිහිටුවා ඇති අතර ඒවයෙහි ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයින් 8783 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බවත්,වවුනියාව දිස්ත්‍රික්කයෙන් අවතැන් වූ ඡන්දදායකයින් 775 ක් වෙණුවෙන් අනුරාධපුරයෙහි ඡන්ද මධ්‍යස්ථාන 02 ක් පිහිටුවා ඇති බවත් තේරීම්බාර නිලධාරිවරයා කියා සිටියේය.

පුත්තලමේදී ප්‍රකාශවන ඡන්ද ගණන් කිරීමට පුත්තලමේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා ඇති අතර එම මධ්‍යස්ථාන වලදී ඡන්ද ගණන් කිරීමෙන් පසුව ප්‍රතිපල වන්නි දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිපලයට එක් කිරීම පිණිස පුත්තලම් දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරියා විසින් වවුනියාවට එවන බවද බන්ධුල හරිශ්චන්ද්‍ර පැවසීය.

අනුරාධපුරයේ ක්‍රියාත්මක වන අවතැන් ඡන්ද මධ්‍යස්ථාන දෙක සදහා වවුනියාවේ සිට නිලධාරීන් පිරිසක් යවා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ඡන්ද පෙට්ටි වවුනියාව දක්වා ප්‍රවාහනය කොට වෙනම ගණන් කිරීමේ මධ්‍යස්ථාන දෙකකදී එම ඡන්ද ගණන් කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු කියා සිටියා.

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 253058 ක් වෙණුවෙන් වවුනියාව,මන්නාරම හා මුලතිවු යන පළාත්වල ඡන්ද මධ්‍යස්ථාන 334ක් පිහිටුවා ඇතැයිද වන්නි දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීවරයා සදහන් කළේය.

 



අදහස් (0)

උතුරේ අවතැන් වුවෝ පුත්තලමේදි, අ‘පුරෙදි ඡන්දෙ දෙති

සිෂෙල්ස් Monday, 17 August 2015 03:13 AM

ඒ කියන්නේ අවතැන් වූ අය තවමත් ඉන්නවා කියන කතාව සත්‍යයක් (ම)

:       0       0

ඈන් Monday, 17 August 2015 04:47 AM

යුද්ධය ඉවර වුනේ කවද්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 6 0


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 25 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 242 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 224 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 587 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2410 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14630 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site