එළැඹෙන උතුරු පළාත් සභා මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සාධාරණව පවත්වන බවට සහතිකයක් ලබා දෙන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.
පිටු දෙකකින් සමන්විත එම ලිපිය අද (10) තැපෑලෙන් යොමු කළ බව ද උතුරේ සිවිල් පරිපාලන කටයුතුවලට හමුදාව කරන මැදිහත්වීම් නතර කර උතුරු පළාත් සභා මැතිවරණය සාධාරණව පවත්වන ලෙස ද සම්බන්ධන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවට මොකද ඔයතරම්ම බය? (නි)
ඔව්. ඕනෑ නැහැ. ඔයා හිටියම ඇති (නි)
ජිවිත කැප කරලා රැකගත් රට ආරක්ෂා කරගන්න ඉදිරියටත් හමුදා මැදිහත් වීම අවශ්‍යයි. (නි)
දැන් ඔහොම නම් පළාත් සබාව ලැබුනොත් කොහොම කියයිද(අ)
මැතිවරණය තියන්නේ කොමසරිස් තුමා ජනාදිපති නොවේ, එයලගෙනුයි ගන්න ඕන සහතිකයක් ඉස්සෙල්ල (අ)
මේ අයගේ මැතිවරණ ප්‍රකාශය ගොඩක් බරපතලයි.මෙයාල හැමදාමත් කළා වගේ දෙමල ජාතිවාදය උඩ බලය ලබාගන්න හදන්නේ.මෙයාල උතුරු ඡන්දය දිනන්න තියෙන ඉඩ වැඩි .ප්‍රශ්නේ තියෙන්නේ මෙයාල ඊළගට ලෝකය ඉදිරියේ කියන්නේ දෙමල මිනිස්සු ඡන්දෙ දුන්නේ මේ ප්‍රකාශනය අනුමත කරලා මේක ක්‍රියාත්මක කරලා බලගන්නන්න කියල .පලාත්සභා ක්‍රමේ මේ විසදල නොකඩ තියන මේ ඡන්දෙන් මේ රටට ඉදිරියේදී ගොඩක් ප්‍රශ්නවලට මුණ දෙන්න වෙනවා.(අ)
හමුදාව කියන්නේ සත්තු නොවේ. අපේ රටේ කොල්ලෝ. ඔයා අවංක හදවතින් දෙමල ප්‍රශ්ණ දිහා බලන්න. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. (නි)
රටේ සැමට එක නීතියක් තිබිය යුතුය (නි)
මෙතන දාල තියන අදහස් දැක්කහම පුදුම හිතෙනවා. ඡන්දෙට හමුදා මැදහත් වීමයි එපා කියන්නේ. හමුදාව මැදිහත් වෙනවා කියන්නේ හොර ඡන්ද දැමීම සහ දූෂණය ඇතිවෙනවා කියන එකයි. සාදාරනව බලන්න පුරුදු වීම තමයි අපට නැති දෙය.(නදී)
ඇයි බය වුනාද සම්බන්දන් මහත්තයො ඡන්දෙට?බය වෙන්න දෙයක් නම් නැහැ. ඔයාලට ඊලමක් නම් පටන් ගන්න හම්බෙන්නේ නැහැ ආයේ. (ස)
ඔව් කොටින්ට කොහොමත් හමුදාව දිරවන්නේ නැහැ තමා. (ස)
පළමුව තමන් කරන දේශද්‍රෝහී ප්‍රකාශ තමන්ගේ ජාතිකයන් වැරදි මාර්ගයකට ගෙනයන ප්‍රකාශ නවත්වන්න. ඔයාලගේ ඉගෙනීම උගත්කම මොකද්ද. කරනකලට පව් මිහිරිය මීසේ විඳින කලට පවු දුක් වෙයි ගිනිසේ. (අ)