IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


උතුරේ දෙන්නෙකුට ප්‍රංශයට පනින්න බැරිවේ

ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලිය හරහා ප්‍රංශයට යාමට උත්සහ කළ උතුරේ තරුණයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද  අලුයම අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවෝ මුලතිව් හා කිලිනොච්චියේ පදිංචි වයස අවුරුදු 31 හා 28 වියැති පුද්ගලයෝ වෙති.

ඔවුහු ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.වයි 372 දරණ ගුවන්යානයෙන් ඉතාලිය හරහා ප්‍රංශයට යාමේ අදහසින් කටුනායකට පැමිණ තිබේ. එම අවස්ථාවේ ජර්මන් තානාපති කාර්යාල නිලධාරියෙකුගේ පරීක්ෂාවට මොවුහු  ලක්ව ඇති අතර පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ බව දැන්වීමෙන් අනතුරුව මොවුන් අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරුවෝ මෙම ගමන සඳහා තම සැබෑ ගුවන්ගමන් බලපත භාවිතා කර ඇති නමුත් ඔවුන් ප්‍රංශයට යාමට ලබාගෙන ඇති වීසා ව්‍යාජ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අනාවරණය ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් තරුණයන් දෙදෙනාගේ  ප්‍රංශයේ වෙසෙන ඥාතීන්  විසින්  යාපනයේ පදිංචි රැකියා ඒජන්තවරයෙකුට  මුදල්  ලබා දීමේ කොන්ත්‍රාත්තුවත් මත මෙම තරුණයෝ මෙලෙස ප්‍රංශයට යාමට උත්සහ කර ඇති බව  විමර්ශණ වලදී හෙළිවී ඇත.

මේ පිළිබද වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමෙන් අනතුරුව සැකකුරුවෝ මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

 



අදහස් (0)

උතුරේ දෙන්නෙකුට ප්‍රංශයට පනින්න බැරිවේ

කුමාර Monday, 08 February 2016 08:48 AM

කොහොම හරි පැනගත්තා නම් එයාලත් වැටෙන්නේ අතුරුදහන් වුණ අයගේ ලයිස්තුවටමයි (අ)

:       0       0

නුවන් Monday, 08 February 2016 09:03 AM

කුමාර දන්න දෙයක් කතා කරන්න. හිතාගෙන ඉන්නේ දමිල තරුණයින්ව අතුරුදහන් කළේ නෑ කියලද (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 251 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 353 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 227 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 870 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1501 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4249 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24737 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site