IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


“උතුරේ පන්සල් ඉවත් කරන්න කාටවත් බෑ“

උතුරේ වෙහෙර විහාර ඉවත් කිරීමට කිසිවිටක කටයුතු කළ නොහැකි බව නැවත බන්ධනාගාර පුනරුත්තාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා පැවසීය.

බෞද්ධ වෙහෙර විහාර මෙන්ම බුදු පිළිම ඉදිකිරීමේ අයිතිය භික්ෂූන් වහන්සේලාට හා සිංහල ජනතාවට ඇති බවත් උතුරේ ඉදි කළ බෞද්ධ විහාර හෝ බුදුපිළිම කිසිවිටෙක ඉවත් නොකරන බවද ඉදිකර ඇති බෞද්ධ වෙහෙර විහාර හා බුද්ධ ප්‍රතිමා ඉවත් කිරීමට උත්සාහ කළ හොත් එය විශාල ගැටළුවක් බවට පත් වනු ඇති බව ද අමාත්‍යවරයා කීවේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ උතුරේ දේවාල ඉඩම්වල බෞද්ධ වෙහෙර විහාර හා බුද්ධ ප්‍රතිමා ඉදිකරන බවට එම ප්‍රෙද්ශවල පිරිස් කිලිනොච්චියේ දී අමාත්‍යවරයා වෙත කරන ලද පැමිණිල්ලකට පිළිතුරු දෙමිණි.



අදහස් (0)

“උතුරේ පන්සල් ඉවත් කරන්න කාටවත් බෑ“

ලක්ෂි Friday, 19 August 2016 11:31 AM

ස්වාමිනාදන් මහත්තයා කිව්වට අපේ පාර්ලිමේන්තුවේ එක නායකයෙක් කට අැරලා ඔය වචන ටික නම් කියන්නේ නැහැ නැහැමයි. (නි)

:       0       0

වෙල්ගම Saturday, 20 August 2016 03:33 AM

සිංහල අපිට යන්න වෙන රටක් නෑ..හැබැයි වැඩිය කල් යන්නේ නැතුවම මේ පාලකයෝ අපිව වෙන රටවලට යන්න වෙන සරණාගතයෝ වෙන තත්වෙට පත් කරනවා එක නම් ස්ථිරයි. (රේ)

:       0       0

අයිරාංගනී Friday, 19 August 2016 11:37 AM

අනේ මන්දා මෙහෙම ගියොත් ඉදිරියට රටට මොනවා වෙයිද කියලා (නි)

:       0       0

සමන් Saturday, 20 August 2016 03:44 AM

සිංහල නයකයන්ට වඩා ඔබ තුමා හොඳයි

:       0       0

කඩවත Friday, 19 August 2016 11:41 AM

අපි හොඳට දන්නවා මොකක්ද වෙන්නේ කියලා. ටිකෙන් ටික නැවත වාරයක් උතුරේ ජනතාවිරෝධී ක්‍රියා වල සමහර පිරිස් නිරත වෙනවා. බටහිර රටවල ආරක්ෂාව නිසා ඒ අය මෙසේ හැසිරෙනවා. (නි)

:       0       0

ලලිත් Friday, 19 August 2016 11:44 AM

ජාතිවාදී නොවන ඇමතිවරයෙකු ලෙස මෙසේ ප්‍රකාශකිරිම ඉතාම අගයකළ යුතුයි. බෞද්ධයින්ට මෙන්ම, සියලු ආගම් වලට සමාන අයිතියක් ඇතිබව සැමෝම තේරුම්ගත යුතුයි. (නි)

:       0       0

සුමේධ Saturday, 20 August 2016 03:58 AM

දැන්වත් අපේ අයට තේරුනා නම් හොඳයි දෙමළ ඇමැතිවැරුනුත් බුද්ධිමත් විදියට සිතනවා නේද කියලා(රේ)

:       0       0

ෂන්මුග වඩිවේල් - හැටන් Friday, 19 August 2016 11:45 AM

මේ උතුරේ ප්‍රශ්නය සදහටම විසඳන්න අවශ්‍ය නම් කරුණාකර දකුණේ මිනිසුන් උතුරේත්, උතුරේ මිනිසුන් දකුණේත් පදිංචි කරන්න. මෙය දිගටම කළයුතුයි. (නි)

:       0       0

මහාදේව Sunday, 21 August 2016 03:17 AM

ඔබතුමා මෙහෙම කිව්වුවත්, අපේ සමහර (ප්‍රධාන) දේශපාලන පක්ෂ හා ඒවගේ නායකයෝ කැමතියි ලංකාවෙන් සිංහල ජාතිය හා බෞද්ධාගම නැතිවෙලා යනවට, මේ තිත්ත ඇත්ත තේරෙන්නේ බොහොම ටික දෙනෙකුටයි. (රේ)

:       0       0

බටුගෙදර Saturday, 20 August 2016 03:59 AM

මේවා පටන්ගත්තුකට්ටිය කෝ? දැන් අර සේනාව කොහෙද ඉන්නේ???? මන් මේ දන්නේ නැති නිසා අහන්නේ.ජාතිවාදය වපුරලා නෙලගත්තු පල තමා මේ නෙලන්නේ ........(රේ)

:       0       0

සහන් Sunday, 21 August 2016 03:35 AM

දැනට තියෙන බුදු පිළිම කාටවත් ඉවත් කරන්න අයිතියක් නැහැ. එ් වුණාට බෞද්ධයො නැති තැන්වල පිළිම හදන්න ඕනෑ නැහැ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 21 August 2016 03:44 AM

මොහමඩ් දන්නවද? බෞද්ධයෝ කෙතරම් ඉවසිලිවන්තද?කියල. අපේ ගමේ මුස්ලිම් පල්ලි 11 ක් තියෙනවා. පල්ලිවලට කණ්ඩායම් බෙදිලා.සමහරු උසාවි ගිහින් නඩු කියනවා. උදේට දහවලට සවසට හතර වටෙන්ම ආගම සිහි කරන වෙලාවට මුළු ගම දෙවනත් කර ඇහෙන ශබ්දය? පොහොය දිනයටත් එහෙමයි. ඒත් අපි සමගියෙන් ඉන්නවා. පන්සල් තියෙන්නේ ගමටම 3 යි. ඒවා අතර බෙදීමක් නැහැ. අන්න එහෙමයි බෞද්ධයින්ගේ හදවතේ ඇති බෞද්ධකම(රේ).

:       0       0

උපාලි Friday, 19 August 2016 12:10 PM

ඇයි හැමෝටම ආගමික සහජීවනයෙන් ඉන්න බැරි? (නි)

:       0       0

විද්‍යා Friday, 19 August 2016 12:58 PM

ආගම් සියල්ලටම අපි එකවගේ ගරුකරනවා. මොනවද මේ අනවශ්‍ය ප්‍රශ්න? (නි)

:       0       0

ලාල් Saturday, 20 August 2016 06:05 AM

.හැබැයි ඉන්දියන් ජාතික ලංකාවෙ අමෙරිකන් තානාපතිටයි, ඉන්දියන් ජාතික අමෙරිකාවෙ රාජ්ය ලේකම්වරියටයි, ඉන්දියාවෙ මෝඩිටයි ,ඉන්දියාවෙ ජයලලිතටයි පුලුවන්...(රේ)

:       0       0

මෝහමෙඩ්. Saturday, 20 August 2016 06:47 AM

දකුණේ පන්සලකට තීන්ත ටිකක් ගා ගන්න බැරි සමහර මිනිස්සු උතුරේ පන්සල් හදන්න වලිකනවා. පන්සල් හැදුවට වැඩක් නැහැ හදවතේ බුද්ධාගම නැත්නම්(රේ)

:       0       0

කමල් Sunday, 21 August 2016 04:42 AM

බෞද්ධයන් නොමැති උතුරේ ප්‍රදේශවල පන්සල් හදන්න දඟලනකොට දකුණේ ගම්වල තිබෙන සමහර පන්සල් වැසී යනවා පේන්නෙ නෑ. (රේ)

:       0       0

ධම්ම Friday, 19 August 2016 01:46 PM

දැන් බෞද්ධාගම ගැන කතා කරන්නේ මැල්කම් රන්ජිත් රදගුරුතුමා සහ ඇමති ස්වාමිනාදන් වැන්නන්. සාදු සාදු සාදු. (අ)

:       0       0

ජනහිත Friday, 19 August 2016 02:04 PM

වැදගත් මිනිසෙකුගේ ප්‍රකාශය සිංහල අපි පමණක් නොව , සියලුම ජන කොට්ටාස අගය කල යුතුයි . ඇයි සමහර අයට එහෙම හිතන්න බැරි? (අ)

:       0       0

උපසේන Saturday, 20 August 2016 07:55 AM

ඔබ සමග සියයට සියයක් මම එකඟයි මොහොමඩ්.(රේ)

:       0       0

ගුණසිරි Friday, 19 August 2016 02:23 PM

අමාත්‍යතුමනි දේවාල පිහිටි ඉඩම් වල බෞද්ධ වෙහෙර විහාර හා බුද්ධ ප්‍රතිමා ඉදිකරනවාට ධර්මය දත් බෞද්ධයෝ වූ අපිත් විරුද්ධයි, එහෙත් දේවාල අභ්‍යන්තරයේ නොපිහිටි බෞද්ධ වෙහෙර විහාර හා බුද්ධ ප්‍රතිමාවන්ට කිසිවෙකුට ඇත තැබීමට ඉඩ නොතබන්න එය ජාතින් අතර සමගියට විශාල බාධාවක්. (අ)

:       0       0

නිමන්ත පතිරණ Saturday, 20 August 2016 08:38 AM

ඔහුට ඇති හැඟීම සිංහල බෞද්ධයන්ට නැති වීම කනගාටුවට කරුණක් (රේ)

:       0       0

බන්ඩාර_කටාර් Saturday, 20 August 2016 09:30 AM

ගරු ස්වාමිනාදන් මැතිතුමනි, සමහර සිංහල බෞද්ධ නායකයන්ට ඇත්ත වෙනුවෙන් නැති කට ඔබට ලැබුනාට, සිංහල නයකයන්ට වඩා ඔබ තුමා හොඳයි (රේ)

:       0       0

ගුණසිරි Saturday, 20 August 2016 09:38 AM

චන්දන දන්නවද සත්වයාව සසරින් එතෙරට තල්ලු කරවන බුදුදහම හෙවත් ලෝකෝත්තර බෞතික විද්‍යාවට ,දේවාල දේව සංකල්ප ඕනේ නැහැ, මිනිස්සු මුලා කරන, ඒවායින් අෑත්වෙලා ඉන්න තරමටම බුදුන් වදාළ ධර්මයට සිදුවන්නේ යහපතක් ,එනිසා පන්සලට දේවාල ඕනෙම නැහැ ..ඔබ කුමක් සිතුවත්. (රේ)

:       0       0

ගුණසිරි Saturday, 20 August 2016 09:47 AM

නිමල් ලලිත , පන්සල් පිහිටි ඉඩම් වල දේවාල ඉදි උනානම් ,සිංහල බෞද්ධයන් වූ අපි මැනවින් සංවිධාන ගතවෙලා මේ අමාත්‍යතුමාටම බලපෑම් කරන්න ඕනේ නැවත ඒවා යතා තත්වයට පත් කරන්නට , ඒ සේ කරන්නේ කෙසේද සිංහල බෞද්ධයන් වූ අපට ඇති එකම සංවිධානයටත් ගරහන්නේ සිංහලයොමයි

:       0       0

පීරිස් Friday, 19 August 2016 05:12 PM

ජාතිවාදය නැවතත් නැවහිස ඔසවන බව මනාව පැහැදිලිය. සිංහල බෞද්ධ සංවිධාන මීටවඩා අවදියෙන් සිටිය යුතුය. උතුරේ බෞද්ධ ජනතාවද සිටින බව ඔය විරුද්ධ වන කවුරුත් මතක තබාගත යුතුයි (නි)

:       0       0

ජයවික්‍රම Friday, 19 August 2016 05:08 PM

කොයි කාටත් බුදුසරණ හැර අන් සරණක් නැත. නටඹුන් විනාශ කළද බුදු දහම කිසිවෙකුටත් විනාශ කළ නොහැක. කිසිවෙකු එසේ සිතන්නේ නම් එය ඔවුන්ගේ විනාශයටම හේතු වේ. (නි)

:       0       0

අතුල Saturday, 20 August 2016 01:42 PM

මෝහමෙඩ්, කූරගල,මුහුදු මහාවිහාරය වගේ බෞද්ධ සිද්දස්ථාන අල්ලාගත්තේ හදවතේ ඉස්ලාමය තියෙන නිසාද?(රේ)

:       0       0

ඔෂාන් Friday, 19 August 2016 05:37 PM

නැවත අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න නම් එපා ඔන්න (නි)

:       0       0

අනුරාධ Saturday, 20 August 2016 02:02 PM

ජාතිය කුමක් වුවත්(අදාළ නොවේ),උගත් දේශපාලකයෙක් ගේ හා නුගත් දේශපාලකයෙක් ගේ වෙනස මෙයයි.අගය කරමි ඔබ තුමාව(රේ)

:       0       0

සිරි Friday, 19 August 2016 08:53 PM

ප්‍රකාශයට මගේ ප්‍රණාමය! රට කරවන ඇත්තන්ගේ දෙඇස් ඇරේවා! (නි)

:       0       0

ප්‍රදීප් Friday, 19 August 2016 09:10 PM

කිලිනොච්චිය පැත්තේ කට්ටියගෙන් මට අහන්න තියෙන්නේ, ඒගොල්ලෝ දකුණේ කෝවිල් ඉවත්කරගන්න සුදානම් වෙලාද එහෙම පන්සල් ඉවත්කරන්න කියවන්නේ? (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 19 August 2016 09:45 PM

ගුණසිරි, ඔබ වැල යන අතට මැස්ස ගසනවා වැනි අදහසක් පළකර ඇත්තේ. (නි)

:       0       0

ප්‍රීති Friday, 19 August 2016 10:16 PM

දකුණේ පන්සලකට තීන්ත ටිකක් ගා ගන්න බැරි සමහර මිනිස්සු උතුරේ පන්සල් හදන්න වලිකනවා. පන්සල් හැදුවට වැඩක් නැහැ හදවතේ බුද්ධාගම නැත්නම් (නි)

:       0       0

බන්දුල Friday, 19 August 2016 11:06 PM

ඇයි සමහර අයට එහෙම හිතන්න බැරි? ඒ සැකය නිසයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 19 August 2016 11:08 PM

උතුරේ පන්සල් ඉවත් කරන්න කියනවා නම් එ්ක ආගම්වාදය නොවේද? අපේ ආගම, අපේ ජාතිය ගැන අපි කතාකළොත් අපි ජාති සහ ආගම්වාදීන්. නමුත් අනෙක් ජාතීන්ට සිංහලයාට සහ බුද්ධාගමට විරුද්ධව කතා කරන්න පුළුවන්. අනේ මෙහෙව් රටක අපිත් ඉපදුනානේ හාමුදුරුවනේ (නි)

:       0       0

ආනන්ද Friday, 19 August 2016 11:14 PM

ගරු ස්වාමිනාදන් මැතිතුමනි, සමහර සිංහල බෞද්ධ නායකයන්ට ඇත්ත වෙනුවෙන් නැති කට ඔබට ලැබුනාට, ඔබ මෙලොවට බිහිකළ ඔබේ දෙමාපියන්ට පින්! (නි)

:       0       0

අරුණ Friday, 19 August 2016 11:15 PM

හිතට සැනසීම ගෙනදෙන ප්‍රකාශයක් (නි)

:       0       0

දිලිප් Saturday, 20 August 2016 07:00 PM

මා අසා ඇති අන්දමට ස්වාමිනාදන් ඇමතිතුමා උතුරට කැපවීමෙන් වැඩකරන අැමතිතුමෙක්. ඔබේ අදහසට අනුව අනෙක් අයට සහජීවනය ගොඩනඟාගන්න බැරිවීම අභාග්‍යයකි (නි)

:       0       0

අප්පුහාමි Saturday, 20 August 2016 09:45 PM

දකුණේ ඇති කෝවිල් ඉවත්කරන්න යෝජනා කළොත් මොනවගේ තත්ත්වයක් ඇතිවෙයිද? (නි)

:       0       0

බමුණුසේන Saturday, 20 August 2016 11:35 PM

පන්සල් හැදුවට වැඩක් නැහැ හදවතේ බුද්ධාගම නැත්නම්. මේක සිංහල බෞද්ධ රටක්. එ්ක මතක තියාගන්න. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 20 August 2016 11:40 PM

බටුගෙදර, සේනාව නිසා තමයි දැනගත්තේ සිංහල බෞද්ධයාට විරුද්දව ක්‍රියාවලියක් රටේ යන බව. නොදන්නා දේවල් කතා නොකර ඉන්න. (නි)

:       0       0

ලලිත Saturday, 20 August 2016 01:29 AM

ඇමතිතුමනි, ඔබතුමාගේ ප්‍රකාශයට දස දහස් වරක් පින්! ස්තුතියි! (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 20 August 2016 01:38 AM

ගුණසිරි, මම දන්නා පරිදි නම් දේවාල පිහිටි ඉඩම් වල පන්සල් ඉදිවී නැහැ. නමුත් පන්සල තිබුණු ඉඩම්වල නම් දේවාල ඉදිවුණා (නි)

:       0       0

සෝමරත්න හේරත් Saturday, 20 August 2016 02:32 AM

ඔබ වැනි රට ගැන හිතන මිනිසුන් ගැන අපට ජාතියක් හැටියට ආඩම්බරයි. ඒ වගේම ශක්තියක් (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 20 August 2016 02:37 AM

දේවාල ඉඩම්වල පන්සල් බුදු පිළිම හැදුවට වරදක් නැහැනේ (නි)

:       0       0

ජයසිරි Saturday, 20 August 2016 03:28 AM

හැමතැනම පල්ලි කෝවිල් හදන්න දෙන්න හොඳ නම් පන්සල් හදන්න බැරිද? අනේ මන්දා මෙහෙමත් නීතියක්! (නි)

:       0       0

රොකී Sunday, 21 August 2016 01:56 AM

සැම බෞද්ධයෙකුම තමන්ගේම ඉඩමේ බුද්ධ පිළිමයක් සහ බෝධියක් හදා ගත යුතුයි. මේ සඳහා ඉඩම් නැති බෞද්ධයන්ට රජයෙන් ඉඩම් ලබා දුන්නම ප්‍රශ්නය ඉවරයි නේ! (රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 91 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1356 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 956 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 543 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 361 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1321 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39224 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1097 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site