IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


උතුරු මැද 11 ශ්‍රේණියේ වාර විභාගය අවලංගු කරයි

(දයාරත්න ඇඹෝගම,චාපා මධුභාෂිණි සහ බී.ජී.චතුරංග)

උතුරු මැද පළාතේ පාසල්වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය වෙනුවෙන් 11 වන ශ්‍රෙණියේ සිසුන් සදහා පැවැත්විමට නියමිතව තිබු විභාගයේ සියළු ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවිමේ හේතුවෙන් විභාගය අවලංගු කිරිමට පියවර ගත්බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා පැවසිය.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා  මේ බව පළාතේ සියළුම කලාප අධ්‍යක්ෂකවරුන් හා කොට්ඨාස අධ්‍යක්ෂවරැන් වෙක අංක උමැප/අදෙ/විභාග හා 2024.01.06 දිනැති ලිපියෙන් දන්වා තිබේ.

11 වන ශ්‍රේණියේ සිසුන් සදහා ඊවේ පැවැත්විමට නියමිතව තිබු සිංහල සාහිත්‍ය(රසාස්වාදය) ප්‍රශ්න පත්‍රය විභාගය පැවැත්විමට පෙර පිටවී තිබීම හේතුවෙන් එම විභාගය පැවැත්විමද අද දිනඅත්හිටුවා තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ සොයා බැලිමේදි 11 වැනි ශ්‍රේණියේ සිසුන් සදහා සකස් කළ අනෙකුත් විභාග ප්‍රශ්න පත්‍රද විභාගයට පෙර උපකාරක පංති ගුරුවරුන් අතට පත්ව ඇතැයි අනාවරණය වි තිබේ.

එම ප්‍රශ්න පත්‍ර “වට්ස් අප්” සමුහය තුල සංස්සරණයවි ඇති බවත් තොරතුරු අනාවරණය විමේ හේතුවෙන් 11 වන ශ්‍රේණියේ විභාගය සම්පුර්ණයෙන්ම අත්හිටුවිමට ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගේ උපදෙස් මත පළාත් අධ්‍යපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා විසින් පියවර ගෙන ඇත.

 



අදහස් (2)

උතුරු මැද 11 ශ්‍රේණියේ වාර විභාගය අවලංගු කරයි

Wije Tuesday, 07 January 2025 04:56 AM

ඉතින් කවුද මේ ප්‍රශ්න පත්‍ර පිට කලේ ? ඇයි ඒවාට දඩුවම් දෙන්නේ නැත්තේ ?

:       0       3

Nilantha Tuesday, 07 January 2025 06:44 AM

ඔහොම දේවල් නොවීමට අවශ්‍යම නම් ප්‍රශ්න පත්‍ර සකසන අයව සුරක්ෂිත ස්ථානයකට කැදවා කිසිම පෑනක් පැන්සලක් කොලයක් පමණක් නොවෙයි ජංගම දුරකථනයක් වත් නොදී වටෙන්ම CCTV මැද්දේ සිටගෙන ප්‍රශ්නපත්‍ර සකස් කරවා ගන්න අඩුම තරමින් ප්‍රශ්නපත්‍ර සැකසු අය අතපිස දැමීමට ගත් කඩදාසියක් වත් භාහිර පාර්ශවයන් වෙතට නොයන්න කටයුතු කලොත් ඉතාමත් හොදයි (බුදුහාමුදුරුවෝ බුදුවීමට පෙර වැළදු කිරිබත් සැකසීමට සුජාතා සිටු දේවිය කිරි ගත් ආකාරයට ප්‍රශ්නපත්‍ර සැකසීම කරන්න පුලුවන් නම් හොදයි ) සමහර විටෙක ටියුෂන් මුදලාලියා සැකසූ ප්‍රශ්නපත්‍ර ප්‍රශ්නපත්‍ර සැකසු අය ගෙනවිත් කොපිකර දෙනවාද කියලත් බලන්නකො (දිගුකලක් එකම විෂය නිර්දේශ ක්‍රියාත්මක වෙනකොට විෂයට අදාල අකුරක් පිල්ලමක් ඇලපිල්ලක් ඉස්පිල්ලක් නෑරම සියලු දෙනාම දැනගෙන සිටින නිසා අනුමානයෙන් ඉතාමත් නිවැරදි ආකාරයට කටයුතු කරන්න පුළුවන් )

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මග නැගුමේ ස්කැවේටරයක් කළුගල් ව්‍යාපාරයකට යොදාගෙන
2025 අප්‍රේල් මස 30 176 1

මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යා


ගමේ ඡන්දෙන් පස්සේ මැතිසබය රැස්වේ
2025 අප්‍රේල් මස 30 125 0

පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අනිද්දා (2) පැවැත්වීමට නියම


කෝටි 3ක දේපල වංචා කළ හිටපු පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 30 777 2

කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු


ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් මරැ කටට
2025 අප්‍රේල් මස 30 329 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


’’ආණ්ඩුව ජනතා බලාපොරොත්තු පුස්සක් කරලා’’
2025 අප්‍රේල් මස 30 216 3

ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම


ජී.එස්.පී සහනයට යුරෝපා සංගමයෙන් කොළ එළියක්
2025 අප්‍රේල් මස 30 575 2

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 215 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 61 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1089 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site