විශාල ගිණි බෝලයක් අද (11) රාත්‍රී ඉහළ අහසෙ දුටු බවත්, ඒ සමඟ පිපිරුම් ශබ්දයක් ඇසුණු බවත් කහටගස්දිගිලිය, හබරණ, පොළොන්නරුව සහ ගලෙන්බිඳුණුවැව වැසියෝ් එම පොලිසිවලට දැනුම් දුන්හ.
පුපුරා ගියේ කුමක්ද යන්න හෝ කැබලි වැටුණේ කුමන ප්‍රදේශයකට ද යන්න ගැන කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
පොළොන්නරුවේ අරලගංවිල, වැලිකන්ද හා හිඟුරග්ගොඩ බටු කොටුව ප්‍රදේශයේ ද අහසේ දීප්තිමත් ආලෝක ධාරා කිහිපයක් දුටු බවට මුලින් වාර්තා වූ නමුත් පොලිසිය පැවසුවේ රාත්‍රී 11 වන විටත් එම ප්‍රදේශවලින් එවැනි සිද්ධියක් වාර්තා නොවූ බවයි.
2012 දෙසැම්බර 09 වැනි දා පොළොන්නරුවේ අරලගංවිලට උල්කාශ්මයක් වැටී තිබුණු අතර එදින ද මෙවැනි ගිණි බෝලයක් දුටු බවට ප්‍රදේශවාසීන් කියා තිබිණි.
එය පරීක්ෂා කළ ලන්ඩනයේ තාරකා විද්‍යාඥයකු වන මාහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා කියා තිබුණේ පිටසක්වල ජීවීන් සිටින බවට තවත් සාධකයක් එම උල්කාශ්මයෙන් හමු වූ බවයි.
එය පිටසක්වලින් වැටුණු උල්කාපතයක් නොවන බවත් එය එම ප්‍රදේශයේදි දිරා ගිය පාෂාණයක කොටස් බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය අතුල සේනාරත්න සහ භූවිද්‍යා අංශයේ මහාචාර් රෝහණ චන්ද්‍රජිත් පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් ඔන්න පියරත්න මහත්තයා කිවුව එක විශ්වාස කරලා අද හෙට අහස නිරීක්ෂණය කරන්න හිතාගත්තා (නි)
මම මැදිරිගිරියේ. අපිටත් මේ සද්දය ඇහුණා (නි)
මෙය බොහෝ දුරට උල්කාපාතයක් විය හැකියි. (නි)
අද නම් මම නිදාගන්නෙ ඇඳ යට (නි)
මේක මොකද්ද කියල හරියටම දන්නේ නැහැ නමුත් සමහර මහාචාර්යවරු කියන ඒවත් විශ්වාස කරන්න බැහැ මෙයින් එක්කෙනෙක් මීට කාලයකට ඉහතදී එය සුනාමිය සහ චන්ද්‍ර කලාව ගැන පරීක්ෂණයක් කරලා සුනාමි ගැන හරියටම අනාවැකි කියන්න පුළුවන් කියල කිවිවා නේද?(දිල්)
ඔය ශබ්දය නම් මටත් ඇහුණා.පොළව කම්පනයට පත්වුණා.ඉතින් අපේ රටේ ආරක්ෂාවට තිබෙන රේඩාර් පද්ධතිය පරීක්ෂා කළා නම් තොරතුරක් ලැබෙයිනේ. (නි)
අපිට නම් විශාල ශබ්දයක් රාත්‍රි 7.30-8.00 අතර ඇහුණා. අපි පොළොන්නරුවේ (නි)
අපිට සද්දේ ඇහුනා. විනාඩි 10 ක් විතර දෙදරන තරමට සද්දයක් එ්ක. හිතන්න තියෙන්නේ උල්කාපාතයක් කියලා. (නදී)
තංගල්ලේ අපිත් දැක්කා රාත්‍රි 8.00 විතර (නදී)
ලඟදීම පිටසක්වල ජීවීන්ට ආයුබෝවන් කියන කාලය ලගයි වගේ. අර මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ කිව්වා වගේ ඒකේ පෙරනිමිතිද දන්නේ නැහැ (නදී)
ලංකාවේ අයිස්චාර්ය ගැන පිටසක්වල අයටත් ආරංචිවෙලා රෑට රෑට හොරෙන් බලලා යන්න එනවද දන්නේ නැහැ. නැතිනම් මේවා උල්කාපතයන් වන්නට පුළුවන්. රාත්‍රී කාලයට ඒවා පොලවට එනවිට වායු ගෝලයේ ගැටී විශාල එළියක් ගෙන දෙනවා (නදී)
මේ වගේ දෙයක් උනාම ඒක බොරු ප්‍රචාරයක් කියල හිතලා මේ උඩින් එක එක දේවල් දාපු අය වගේම තමයි මමත් ඉස්සර 2012 - 2013 වගේ කාලෙ අරන්ගන්විල පැත්තට උල්කාෂ්මයක් වැටුන කීවම උනත් විස්වාශ කලේ නෑ. හැබැයි ජල ප්‍රශ්නෙන් පීඩා විදින මිනිස්සුන්ගෙ දුක විහිලුවට ගන්න එක වැරදියි 1998 ලියොනිඩ්ස් උල්කාපාත වර්ශාව මට අදටත් මට මතකයි. මම දවස් 3ක් විතර ඇහරල උල්කා ගනන් කර කර හිටිය ඊයෙ මම ගෙදරට ගිහින් අම්මට කෝල් කලා 8.00ට ඒ ඉවර වෙලා මිදුලට ආව 8.10ට විතර ඒ වෙලාවෙ කිසිම සද්දයක් නැතිව පැරා එකක් වගේ මේ කියන විශාල එළිය මමත් දැක්කා. වෙනසකට තිබ්බෙ කහ පාට විතරක් නැතිව පාට ගොඩකින් ලොකු එළියක් විහිදුනු එක විතරයි ඒක දීප්තිමත් උනේ ලොකු පිපිරුමක් උනා වගේ ඒ වෙලාවෙ මගේ දුව බය උනා ඒකට මම මූණු පොතේ මේ ගැන දාන්න හිටියට ඒක බැරි උනා දුවව නිදි කරවපු නිසා හැබැයි මම පොලොන්නරුවට ගොඩාක් මෙහා කිඹුලපිටියෙ ( කටුනායක ) ඉදලයි මේක දැක්කෙ (නදී)
අායෙත් ගොවියෙකුට කුඹුර නැති වෙයිද දන්නේ නැහැ. (නදී)
උල්කාපාතයක් එනවා නම් කලින් දන්නේ නැතිද කවුරුවත්ම ? දැකපු අය කෝල් කරලා කියන්නම ඕනිද ඕවට සම්බන්ද ආයතනවලට (නදී)
මම දෙහිවල. මමත් 11 ට විතර ඔය වගේ එළියක් දුටුවා (නි)
හිඟුරක්ගොඩ ඉන්න අපිත් ඊයේ රෑ මේ සිද්ධිය දැක්කා (නි)
මමත් දැක්කා රෑ 12 ට විතර. (නදී)
අපි නම් හොඳටම නිදි (නි)
අප්පා ඇති යන්තම් මම නම් වීඩියෝ කරගත්තා..(අ)
දෙවියන් වහන්සේ මොනවහරි මවන්න හිතිලා වැරදුනාද (අ)
මේ ගෙන සැලකිලිමත් උනොත් ගොඩක් හොදයි නේ.. දැන් ලෝකේ තත්වයත් එක්ක ටිකක් හොයන්න වෙනවා ..(අ)
අහසේදීම පුපුරා ගිය උල්කාපාතයක් වෙන්න පුළුවන්. රුසියාවේදී එහෙම දෙයක් සිදුවුණා නේද ? (නි)
සුසන්ත, මමත් ඉන්නේ ඔය ඉන්න කිඹුලපිටියේ සිට කිලෝමීටර් 10ක් වගේ දුරින්. මමත් හිටියේ නම් එළියේ. ඔය කියන වෙලාවේ. හැබැයි ඔයා කියපු එක නම් දැක්කේ නැහැ (නි)
ගිනි බෝල නෙවෙයි අහසම පුපුරයි දැන් වෙන ඒවාට. පොළව යට වීදුරු කෑල්ලක්වත් තියන්නේ නැහැ. ඔක්කොම විනාශයි. (නි)
මමත් ඔය කියන එළිය දැක්කා. වැස්සක් නැතුව මාස ගානක් බලාගෙන හිටි මම හිතුවේ අකුණු ගහනවා කියලා. එහෙත් සද්දෙත් එක්ක ආ එළිය දැක්කම නම් හිතුනා ඒක අකුණක් නෙමෙයි කියලා (නි)
හරි දෙයක් කවුරුවත් කියන්නෙ නැහැනෙ. මට නම් තේරෙන්නෙ නැහැ (නි)
මමත් හිතන්නේ රාවණා රජුගේ පුනරාගමනයේ කොටසක් වෙන්න ඇති (නි)
පුබුදු,ඒ වෙලාවේ අහස දිහා බලාගෙන හිටියා නම් පැහැදිලිව අහස පෙනෙන තැනක නම් හිටියේ අනිවාර්යයෙන් දකින්න ඕනෑ ඊසාන දිශාවට වෙන්න. කිසිම සද්දයක් නම් ඇහුනේ නැහැ තමයි (නි)
මේක රාවණාගේ අවදිවීම ගැන නැවත මතක්කිරීමක් වෙන්නත් පුලුවන් (නි)
මමත් දැක්කා. (අ)
මමත් දැක්කා එළි තුනක්. ඊටපස්සේ මහා සද්දයක් ඇහුනා. කවදාවත් දැකලා නැති දීප්තිමත් එළියක්, වෙල්ඩින් කරනවා වගේ එළියක් මම දැක්කේ (නි)
අද උල්කාපාත වැස්සක් වැටෙන දවසක් වෙයිද? (නි)
ඇතැම්විට මෙම මහා පිපිරීම උතුරු පළාතට උල්කාෂ්මයක් කඩාවැටීමක් වන්නට පිළිවන. (නි)
දැන් ඉතින් ටික කාලෙකට ගොවියන්ගේ වගා පාලු, බඩගින්න, ඉඩෝර ප්‍රශ්න අමතක වෙලා යාවි නේද? (නි)
අපිත් දැක්කා ඇත්තටම ලොකු එළියක් (නදී)
පොඩ්ඩක් බලන්න මැලේසියන් එයාර් ලයින් ෆ්ලයිට් එකක් වත් ඔය පැත්තේ ගියද කියලා (නදී)
ඇත්තමයි අපිත් දැක්කා ඒ එලිය (නදී)
මේ දවස්වල සරුංගල් අරින කාලේ. බෝම්බයක් වත් ගැට ගහලා සරුංගලයක් වත් ඇරියද? (නදී)
හොඳ වෙලාවට ප්‍රභාකරන් නැත්තේ. (නදී)
පුදුමයි මේ වගේ දේවල් (නදී)
ආපහු කොටින්ට පන ඇවිල්ලද දන්නේ නැහැ. (නදී)
මම බටුකොටුවේ මටත් සද්දයක් නම් ඇහුනා මුළු වහලම දෙදුරුවා අහස පුරාම ලොකු දෙදුරුමක් ඇහුනා. (නදී)
මේවා ගැන හොයන්න ලංකාවේ කවුරුවත් නෑ. ලොකු ග්‍රහ තාරකාවක් ඇවිත් වැදිලා පලාතක්ම විනාශ උනාම ප්‍රමාද වැඩියි. ලංකාව කිට්ටුව මුහුද යට බූමි කම්පා වෙනකොට අපි ගණන් ගත්තෙත් නැනේ. එ්ත් සුනාමි ආවම ගොඩක් රිදුනා. ලංකාව වගේ රටවලට මේවා නිකන් ප්‍රවෘත්ති විතරයි. (නදී)
රාවනා අවදි වෙන්න හදන්නේ. (නදී)
ප්‍රථම වතාවට උතුරු මැදට අකුණු ගහලා වගේ අද (නදී)
මට නම් මේ දේවල් ගැන හිතාගන්නවත් බැහැ (නි)
කන්නත් නැතිව වතුරත් නැතිව ඉන්න මිනිස්සු හූල්ල හූල්ල පඩ අරිද්දි ඒවා පත්තුවෙලා (නදී)
තිස්සමහාරාමයේ ඉන්න අපිත් දැක්කා රාත්‍රී නමයට (නදී)
ඡන්ද කාලේ ලන්වෙනකොට කොහොමත් එක එක දේවල් වෙනවා රට පුරාම. දැන් උතුරුමැද ප්‍රශ්න ඔක්කොම එළියත් එක්ක නිවිලා යාවි (නදී)
රාවණා රජු අවදිවී තිබෙන කතාව මීට සම්බන්ධයි වද්ද? (නි)
මේක පිටසක්වලින් ලංකාවට නෙමෙයි මුලු ලෝකයටම එවූ පණිවිඩයක් වෙන්නත් පුලුවන් ඔවුන් ළඟදීම එනවා කියලා (නි)
මේ ශබ්දය මේ ප්‍රදේශවල තිබෙන නියඟය නිසා ඇතිවුවක්ද? (නි)
මාලාගේ කතාව හරියටම හරි. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්නේ නැතුව, අශ්වයා යන්න පෙර ඉස්තාලේ වැහුවා නම් හොඳයි නේද? (නි)
අපි තව දුරටත් පිටසක්වල සිදුවීම් ගැන අවධානයකින් සිටිය යුතු බවට මේක හොඳ සිදුවීමක්.මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ අදහසට අපි ගරු කරන්න ඕනෑ (නි)
මේ දවස් වල පර්සිඩ් කියන උල්කාපාත වර්ෂාව සක්‍රියයි. මේක ඉන් පැමිණි උල්කාපාතයක් වෙන්න පුලුවන්. අනික මේ උල්කාපාත වර්ෂාව මේ වගේ විශාල ගිනි බෝල වැනි උල්කාපාත ඇතිකළ හැකි එකක් කියලයි කියවෙන්නේ (නි)
මට නම් හිතෙන්නෙම මේකට අර රාවණාගේ අවදීවීමේ සම්බන්ධයක් ඇති කියලයි (නි)
තව ඉස්සරහට යනකොට අපේ අයට මොන මොන දේවල් දකින්න ලැබේවිද දන්නේ නැහැ? (නි)
මම ඊයේ රෑ (8/11) අටට විතර ගාල්ලේ කරාපිටියේ සිට එනවිටත් ගිනිගත් දෙයක් වලිගයකුත් සමඟ වැටෙන ආකාරයක් දැක්කා. තවම කිසිම ආරංචියක් නම් නැහැ (නි)
මා විසින් ඊයේ සඳහන් කල සත්‍යවූත් නිවැරදි වුත් කරුණු ප්‍රකාශ කළේ ආවාට ගියාට නොව ඒ පිළිබඳ කරන ලද අධ්‍යයනයකින් අනතුරුවයි. කෙටියෙන් කිවුවොත් 11,12 සහ 13 දින රාත්‍රීන්හිදී අප පෘථිවියට උල්කාෂ්ම වර්ෂාවක් පැයක කාලයක් තුළ උල්කාෂ්ම 100ක්- 150ක් පමණ දැක ගැනීමට හැකිවනු ඇත. අප පෘථිවියට ආසන්නව පසුගිය ජුලි 17 දා සිට ලබන අගෝස්තු 24 වනදා දක්වා සඳුගේ ගමන් මඟ වැටී තිබේ. තවද උතුරු පළාතට කඩා වැටෙන්නට ඇත්තේ මෙම කඩාවැටෙන උල්කාෂ්මයක් වන්නට ඇත (නි)