මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන විට එම ව්‍යාපෘතියේ යම් අයිතියක් උතුරු පළාත් සභාවටද ලබාදිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් කියයි.
ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප්‍රතිලාභ පිළිබදව උතුරේ දේශපාලන අධිකාරිය දැනුම්වත් කිරීමට 26 දා ජපානයේ ජයිකා ආයතනයේ ඉහළ නිලධාරීන් පිරිසක් යාපනයේ වාරිමාර්ග ශ්‍රවණාගාරයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.
මෙම සාකච්ඡාවට උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද උතුරු පළාත් සභාවේ මැති ඇමති වරු පිරිසක්ද සහභාගි වූහ.
උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් කියා සිටියේ එම යෝජනාව ඉදිරිපත් කළ ප්‍රධාන අමාත්‍යවරයා මධ්‍යම රජය උතුරු පළාත් සභාව සමග ගිවිසුමකටද අත්සන් කළ යුතු බවටද ඉල්ලීමක් කළ බවයි.
‘ප්‍රධාන අමාත්‍යවරයා එම ඉල්ලීම් කිරීමට හේතුව වූයේ මධ්‍යම රජයට පමණක් මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට හැරවීමේ තනි අයිතිය තිබුණහොත් දකුණේ ජනතාව උතුරේ පදිංචි කරමින් නව ජනපද ව්‍යාපාර ඇති කිරීමට රජය කටයුතු කිරීම නිසා යැයි ද ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවසීය.
එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එය උතුරු පළාත් සභාවට විශාල ප්‍රශ්නයක් ඇති කෙරෙන බව ප්‍රධාන අමත්‍යවරයා ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන්ට පෙන්වා දී තිබේ.
මහවැලි ජලය උතුරට ලබාදීම සම්බන්ධයෙන් තමන් ඉතාම සතුටට පත්වන බවත් ඒ පිළිබදව තමන්ගේ හෝ උතුරු පළාත් සභාවේ කිසිදු විරෝධයක් නොමැති බවත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ.
මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජයිකා නියෝජිතයින් ප්‍රධාන අමාත්‍ය වරයාට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු වලට තමන්ට මැදිහත් විය නොහැකි නිසා ඒ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කොට යම් තීරණයකට එළඹෙන ලෙසටයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ජලය උතුරට හරවලා යැව්වහම ඒ බෙදාහැරීමේ අයිතිය තියෙන්නේ සුළු වාරිමාර්ග විෂය යටතේ අදාළ පළාත් සභාවට. ඕකට අමුතුවෙන් ගිවිසුමක් ඕනෑද? නොදැන වගේ කතාකරන හැටි. (නි)
මොකටද හැමදේම අයිතිය මුන්ට. අනික මේ රටේ උපන් මිනිසුන්ට මේ රටේ ඕනෙම තැනක පදිංචියට යන්න. පුළුවන් මේ මිනිහට හොදට ලුණු මිරිස් ඇතිව ඇත්ත තත්වේ රටේ පැවැත්ම සහ මිනිස් ජීවිතයකට අවශ්‍ය මුලිකම දේ පැහැදිලි කරලා දෙනවා මම හිටියනම් ? (බ)
දැන්කාටත් තේරෙනවා ඇතිනේ රට දෙකඩ වෙලා කියල. හැංඟී හැංඟී වෙස්බැන්දට නටන්නේ එළිපිට. රටේ විනාශය වැඩි ඈතක නෙමෙයි. (බ)
නිකන් දුන්න අශ්වයාගේ දත් බලන්න යනවා (බ)
මේකා කොහේ ඉදන් ඇවිත් මේ ප්‍රශ්න දානවද. ඇත්තටම දෙමළ ජනයාට ආදරේ නම් ඒ පැත්තේ දියුණුවට වැඩක් කරනකොට සහාය දෙන්න ඕනේ. කරන්නෙම ඒ වැඩ අච්චාරු කරන එක හරියට ජයලලිතා ඇවිත් කරල දෙනව වගේ. මුන්ට වතුර නොදීම ඉන්න තියෙන්නේ. අනික මේකා කවුද අපේ රටේ අපිට ඉන්න පුළුවන් බැරි තැන් කියන්න. ඔක්කොම එකතුවෙලා මේකා එළවන්න තියෙන්නේ එතකොට උතුරටත් සෙතක් වෙයි. (බ)
අපි මේවාට කතා කළොත් ජාති වාදීන් වෙනවා.....රටකට ගිය කලක් (ම)
සුළු දෙයට ඇයි මෙතරම් කලබල, බළලා මල්ලෙන් එලියට පැනපු වෙලේ නැති කරදර ඇති කරගන්නේ නැතිව උතුරට වතුර දෙන එක නැවැත්තුවානම් ප්‍රශ්නේ ඉවරයිනේ. (ම)
සංජීව, ඔබ ජනවාරි 8 කළේ මෝඩකමක් කියලා හිතනවා නම් වැරදියි. (නි)
මොවුන්ට පැවැත්මක් තියෙන්නේ මේ වගේ දෙබිඩි පිළිවෙත් ඉදිරිපත් කරලා අහිංසක ජනතාව උසිගන්වන එකෙනුයි. (නි)
මේ වෙලාවේ හොඳින් සිතාබලා තීරණ ගතයුතුයි (නි)
දයානි, රට නම් දෙකඩවෙලා නැහැ. වෙන්නෙත් නැහැ අපේ විරෝධාර හමුදාව ඉන්නතුරු (නි)
හොඳම වැඩේ තමයි බැකෝ යන්ත්‍ර ටිකක් උතුරට යවලා එහි පස් ටික ටිපර් වලට දාලා දකුණට ගෙනැවිත් මුහුද ගොඩකරන එක. (නි)
සංහිඳියාව හිඟා කන්න ඕනෑ සිංහල මිනිස්සු විතරද? (ම)
එතකොට යුද්දෙට කලින් උතුරේ හිටපු සිංහලයට මුන් මොනාද කළේ කියල දැන් හිතා ගන්න පුළුවන්.....ඒවා අපේ සිංහල දේශපාලුවන්ට පේන්නේ නෑ....සංහිදියාවක් ගැන හිතන්න ඕන දකුණේ සිංහල බෞද්ධයා විතරද...? (බ)
හැමදේටම ලෙඩක් දානවා. සාමාන්‍ය අසරණ ජනතාව කුලප්පු කරනවා (නි)
සුළු ජාතීන්ට ලංකාවේ ඕනෑම තැනක සැකක් බියක් නැතිව ජීවත් වෙන්න පුළුවන් නම් සිංහලයාට බැරි ඇයි..?උතුරේ අනිවාර්යෙන්ම සිංහල ජනාවාස ඇතිකළ යුතුයි. (ම)
මේ හැම එකටම මුල පළාත් සභා .මේවා ඉස්සර තිබුනේ නැහැ .රටට ලොකු බරක් .පළාත් සභා අහෝසි කර 1977 ඉස්සර තිබුණු ව්‍යවස්ථා ගෙනා යුතුයි (ම)
අනේ මන්දා මොනවා සිද්ධවෙන්න එනවද කියලා? (නි)
මෙයාලට ඉතින් ප්‍රශ්නයක් නැතුව ඉන්නම බැහැනේ (නි)
ඔහුට ළඟදීම නියම පිළිතුර ලැබෙනු ඇත (බ)
පලාත් සභා පනතට අනුව යම් ගංගාවක් හෝ හැරවුමක් පළාත් සභා ප්‍රදේශ කීපයක් හරහා ගලා යන විට එම ජලසම්පත් පිළිබඳ අයිතිය ඇත්තේ මධ්‍යම රජයටයි .ඒ අනුව පළාත් සභාව විසින් මොරගහ කන්ද ව්‍යාපාරයෙන් පෝෂණය වීමට නියමිත උතුරු පළාත් සභාවේ ඇති සියලුම වාරිමාර්ග මධ්‍යම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට භාර දිය යුතුය .එවිට මහ ඇමතිවරයාට තමන් සතුව ඇති වාරිමාර්ග ව්‍යාපාරද අහිමි වනු ඇත .ඔහු කලබල වී ඇත්තෙ මේ නිසාය (බ)
මෙයාට ඕනේ ජාතිවාදය පටන් ගන්නද? මොකද්ද මේ නාඩගම, යුද්දෙන් බඩ බැඳගෙන කන්නද දන්නේ නැහැ. එක්කෙනෙක් වතුර වහල කාපු කෑම අමතක වෙලා වගෙයි (බ)
මේ අයට තේරෙන භාෂාවෙන් කිව්වේ මහින්ද විතරයි. එකයි මේ අය ඔක්කොම ඒ මනුස්සයට රිද්දන්නේ. අවාසනාවක මහත සමහර සිංහල කියන කොටසකටත් ඒ මනුස්සය හොරෙක් මහා බැංකු අධිපති වීරයෙක්. පුදුම රටක්. (අ)
ඕවට උත්තර දෙන්න මහින්ද මහතා හිටියා නම් කොච්චර හොඳද? (නි)
එතකොට වැස්ස හා සුළඟ මෙහෙ ඉඳලා එහෙ යනවා වගේම එහෙ ඉඳලා මෙහෙත් එනවා. ඒකට මොකද කරන්නේ. ඔයාලා වගා ද්‍රව්‍යය මෙහෙ එවනවද? අපි ඔයගොල්ලන්ගේ වෙළඳසැල් වලින් බඩු නොගෙන ඉන්නද කියන්නේ. සිංහල ජනතාව හුඟක් වෙලාවට කිසිදෙයක් දිගින්දිගට හිතේ තියාගෙන ඉන්නේ නැති එකයි හේතුව. (නි)
මේ රටට පළාත් සභා අනවශ්‍යයි. (නි)
උතුරින් දකුණට ඇවිල්ලා පදිංචි වෙන්න අයිතියක් තියෙනවා නම් දකුණින් උතුරට ගිහින් පදිංචි වෙන්නත් අයිතියක් තියෙන්න එපායැ. එහෙනම් අපිත් එකඟයි (නි)
මෙයාලට ඕනෑ ප්‍රශ්නම තමයි. රට මැද ඉන්න දමිළ ජාතිකයින්ටත් වතුර දෙන්නේ මෙයාලද? (නි)
මම නම් එ්කේ වරදක් දකින්නේ නැහැ. එතුමන්ලාට මේකේ වගකීමක් දෙන්න ඕනෑ (නි)
මේ මනුස්සයට මොකද මේ වෙලා තියෙන්නේ, මුළු රටටම සහජීවනය ඕනෑකරන වෙලාවක? මොනවද මේ කරන්නේ යන්නේ? ඉතින් මොකද සිංහල ජනපද ඇතිවුණාම? උතුර කියන්නේ ලංකාවට අයිති නැති පළාතක්ද ? සියලුම ජනතාවට මේ රටේ කොහෙත් ඉන්න අයිතියක් තියනවනේ. තවත් ප්‍රශ්න ඇති නොකර ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. (නි)
එහෙනම් වතුර දෙන්න ඕනෑ නැහැ. මොකටද නැති ප්‍රශ්න ඇතිකර ගන්නේ? (නි)
මේවට කියන්න වචන නැහැ අපිට (නි)
හැම පහසුකමක්ම සිංහල මහා ආණ්ඩුවෙන් සපයාගන්න ඕනෑ. හැබැයි සිංහලයින්ට උතුරේ පදිංචිවෙන්න බැහැ. (නි)
මොනවටද මන්දා මේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්න හදන්නේ? (නි)
මේක හරි කතාවක්නේ. මේ ශ්‍රී ලංකාවේ සම්පත් රටවැසියන් සතුයි. එසේම කාගෙවත් පුද්ගලික බූදලයක්ද නොවන බව ඔහු දැනගත යුතුයි. ඇත්තටම රටේ ඇත්තේ රජය හා පළාත් සභායි. මධ්‍යම රජය කියනකොට තවත් රජයන් තිබෙන බවකුයි හැඟෙන්නේ. රටේ ජීවත්වන ජනතාවට තමන් කැමති තැනක පදිංචිවීමට සම්පුර්ණ අයිතිය ඇති නිසා එයට තහංචි දැමීමට කිසිවෙකුට නොහැක. (නි)
මේවා අහද්දී අපේ ඇඟේ මාළු නටනවා (නි)
මේ මොනවා කියනවද? යම් අයිතියක් නෙමෙයි, ඔක්කොම අයිතිය වුණත් දෙන්නම්. ඔයාට පුළුවන්නේ ව්‍යාපෘතිය ඉවර කරන්න ජයලලිතා මැඩම්ගෙන් මුල්‍ය ආධාර ඉල්ලාගන්න, නේද? (නි)
අපි බලමු මේකට රජයක් වශයෙන් ගන්න පියවර මොකක්ද කියලා (නි)
ඔහුට ළඟදීම නියම පිළිතුර ලැබෙනු ඇත (නි)
කරන කරන හැමදෙයකින්ම කොටසක් ඉල්ලනවා. මේ වැඩ වලින් අායෙත් සිංහල දෙමළ ප්‍රශ්න පටන්ගන්න පුළුවන් (නි)
එයාගේ ආසාවනේ. අනේ ඔය අයිතිය දීලා දාන්න (නි)
සිංහලයට උතුරට ගිහින් පදිංචි වෙන්න බැරි ඇයි? උතුර කාගේ හෝ බූදලයක්ද? (නි)
ඇත්ත තත්ත්වය මොකක්ද කියලා ජපානයේ අයත් දැනගන්න ඇති (නි)
හොඳ වෙලාවට මේක පත්තරේ පළවුණේ. නැත්නම් වගකිවයුත්තෝ දැනගන්නේ නැතිවෙන්නත් පුලුවන් (නි)
තව ඉස්සරහට තව මොනවා ඉල්ලයිද දන්නෙ නැහැ (නි)
මේ රට රටේ ඉපදී රටේ මැරෙන අයගේ. රටේ තියෙන වතුර ටික, ගහකොළ, රටේ ඉන්න සතා සිව්පාවා අයිති රටේ මිනිසුන්ටයි. මෝඩ මිනිසුන් කොයි රටෙත් ඉන්නවා. රටේ තියෙන්න ඕනෑ තද නීතියක්. ප්‍රජතන්ත්‍රවාදයක්. රට නිකම්ම දියුණු වෙයි. ජාතිවාදය, පක්ෂවාදය, ආගමවාදය ඔහේ තිබුනාවේ, ඒවා ගණන් ගන්න ඕනෑ නැහැ. (නි)
සහජීවනය කියලා දෙන්න ඕනෑ සිංහල අයට කියලා අපේ සමහරු කිව්වා නේද? අනේ මන්දා අපි ජනවාරි 8 කරපු මෝඩකමක්..? (නි)
නැති ප්‍රශ්න ඇතිකරන කතා මේවා (නි)
මුන් මෙහෙම කතා කියනකොට උතුරේ ඉඳල දකුණට ඇවිත් පදිංචි වෙලා ඉන්න අය ගැන දකුණේ මිනිස්සුන්ටත් තීරණයක් ගන්න වෙයි ....එහෙම වුනොත් පුංචි ජපානය ගැන සිංහලයටත් වෙනම හිතන්න වෙනවා..(බ)
එහෙනම් මේකට ගත්ත ණය අපහු ගෙවන එකත් බාරගන්න (බ)