පස් වසරකට පෙර යාපනයේ වෙල්ලමුල්ලි වයිකාල්හිදී අවසන් සටනේදී මිය ගිය පිරිස සමරමින් උතුරු පළාත් සභා මන්ත්‍රීවරු කළු පටි පැළද ඉටි පහන් දැල්වුහ.
මහ ඇමැති හිටපු ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා ඊට සහභාගී නොවීය.
එහෙත් පසුව ඔහු පැවසුයේ මැයි මාසයේ මිය ගිය තම ඥාතීන්ට විමුක්තිය පැතීම ගැන රජය හා යුද හමුදාව බිය වී සිටින බවයි.
මිය ගිය අය ආපසු එතියි රජය හා යුද හමුදාව බිය වී සිටින බව ද ඔහු කීවේය
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉටිපන්දම් නෙවේ සයනයිඩ කරල් අමතකද ? (ස)
මොකද්ද ඒ අපබ්‍රංස කතාව (දී)
ත්‍රස්තවාදින්ගෙ කිසිම නටබුනක් ඉතුරු නොකල යුතුයි. අනාගත පරපුරට මේලේජ්ජ ත්‍ර්ස්තවාදින් අමතක කිරීමට සෑලැස්විය යුතුයි. ඔය ඉටි පහන් පත්තු කරන්නේ වෙසක් එකට වෙන්න ඇති ,මොකද ප්‍රසිද්ධ වෙන්න කාගේ හරි කුණක් අල්ලගන්න එපැයි. ත්‍රස්තවාදයට අනුබල දීම ගැන අණ පණත් මීට වඩා දැඩි විය යුතුයි. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් නෙවේ දැන් මෝටාර් වලින් නැති කරන්න වෙන තැනට ගෙන නොඒමට කටයුතු කිරීම , රජය පැත්තෙන් වගේම හෑම ශ්‍රී ලාංකිකයකුගේම වගකීමයි. පොඩි දරුවන් වගේ වග කියන තැන් වල සිට ගින්දරත් එක්ක සෙල්ලන් කරන්නේ නැතිව වැල්ලේ හොඳ හුලං තියෙන තැනකට ගිහින් සරුංගලයක් ඇරියනම් මීට වඩා හොඳයි නේද? (ස)
විග්නේශ්වරන් මහත්තයෝ අහිංසක විදිහට ඔයාගේ මියගිය ඥාතීන් සමරගත්තට අපිට කමක් නැහැ. නමුත් ඔයා කියන විදිහට ඔයාගේ මැරුණ කොටි ටික විතරක් නොවෙයි එයාලෙගේ පරම්පරා ගානක් වලෙන් නැගිටලා ආවත් රජයවත් යුද හමුදවවත් බයකරන්න නොලැබෙන බව හොදට මතක තියා ගත්තොත් හොඳා. (ස)
ලුම්බිණි, ලිදේ බැහැල ඉන්න අයට එ්කේ ඇතුලේ දේ විතරයි පේන්නේ. එ්කෙන් ගොඩ ඇවිල්ලා වෙලා තියෙන විනාසේ දැක්කම හිතෙයි අනේ මෙච්චර කල් අපි කොහෙද හිටියේ කියා. එතකම් ඕවා ගනන් නොගෙන ඉන්න. (නදී)
මිලියන බිලියන ගනන් පොදු දේපල විනාශ කරපු තරුණ ජිවිත දෙවතාවකදී ලක්ෂයකට වඩා විනාශ කරපු මේ රටට කොටින් හා සමානවම ලොකුම විනාශයක් කල ජේ වී පි එකට එළිපිටම සමරන්න ඉඩ දෙද්දී මෙයාලට විතරක් නීති පනවල මොනව කරන්නද..නිතියනම් සැමට එක වෙන්න ඕන. ත්‍රස්තවාදියාට සිංහල දෙමල කියල භේදයක් තියෙන්න විදියක් නැහැ. (ස)
අපි කවුරුත් මනුෂයෝ ඒ නිසා මැරුණු කෙනාට පින්දෙන්න යමක් කිරීමට ඉඩ දීමෙන් වරදක් වෙන්නේ නැහැ නේද. සිංහල දෙමල මුස්ලිම් කියන නාමයන් පොඩ්ඩකට අමතක කරලා හිතට එකඟව මෙය හිතල බලන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.(නදී)
අහිංසක දෙමල ජනතාව සිහිකරනවා නම් අපිත් එකතු වෙන්නම්. නැතුව කොටින්ට ත්‍රස්තයන්ට නෙමේ. (ස)
මහ ඇමති සිහි විකල්ලෙන් නේද මේ දොඩවන්නේ? (නදී)
හංගපු තුවක්කු පෙන්නන්න එක්කගෙන ගියානම් හරි (අ)
මේකට විරුද්ධව නඩු මාර්ගයට යන්න ඕන..අද ඉටි පන්දම් ..හෙට පැට්‍රල් බෝම්බ..මේ වගේ වැඩ මුල් අවස්ථාවේම නවත්ත ගන්න ඕන..මොලේ ඇතිව..ඉන්දියාවේ ආණ්ඩුවට විරුද්ධව මේ වගේ කටයුතු කරන්න මන්ත්‍රීලට බැරි වෙන පනතක් තියෙනවලු,,ඒ හින්ද මධ්‍යම ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න ක්‍රියා කරන්න බැහැ, ඕන ඕන විදියට..අපේ ඇමතිවරුන්ට මේවා පෙන්නේ නැද්ද? නැත්නම් ඇත්තටම බයද..බය නැතිව ජීවිත පුජා කරන්නේ රටේ සමහර අහිංසක සමහර අය විතරද? (ස)
මොලේ කලඳක් නැද්ද? මෙයින් ඔප්පු වෙනවා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන බව. (ස)
ප්‍රභාකරන් හිටිය කාලෙදි ඔය අයට තමාගේ ගේ ගෙදරවත් පහනක් පත්තු කරන්න පුළුවන් උනාද ? එයාල අපේ සිංහල දේශපාලකයන්ට වැඩිය කපටියි . දෙමල මිනිස්සුන්ව ගොනාට අන්දලා බලය රැක ගන්න හදන්නේ (ස).
කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි වෙනස් වෙන්නේ නෑ. අපි දන්නවා පුළුවන් නම් මැරුන අයත් ගෙන්න ගන්නවා කියල. (ස)
කොටි විසින් දහස් ගණන් අහිංසක මිනිස්සු මරණ කොට ඔය ඉටි පහන් කොහෙද තිබ්බේ. (ස)
කුමාර , මේ සමරන්නේ සාමාන්‍ය දෙමළ ජනතාව නොවෙයි , මිනීමරු ත්‍රස්තවාදීන් සත්‍ය හංගන්න හදන්න එපා. (අ) .
මේ ගොල්ලෝ කැළේ මාරු උණ අය. හිත පුරා ඇග පුරා පුල්ලි තියෙනවා.(නදී)
මහා ඇමති කියන්නේ එතකොට ,රජය සහ හමුදාව බයගුල්ලෝ, එයාල චන්ඩි කියලද? පවතින රජය යටතේ නම් එය හීනයක් බව සිතිය යුතුය, (අ)
ආයෙත් ඉල්ලගෙන කන්න හදන්නේ.(නදී)
මෙතන ඇති විශාල වරදක් මට නම් පෙනෙන්නේ නැහැ. (නදී)
ඒ අයට ඕන ඕන දේවල් කරන්න බැහැ. මේක ලංකාව ඉන්දියාව නෙමෙයි (නදී)
මහජන ජන්දය අරගෙන නිදහස බුක්ති විදින අපි නැවත යුද්ධයට ඇද දමන්න එපා. වැලලි ගිය කොටි ගොඩගන්න බැහැ. උතුරු සබේ අයට මුල අමතක වෙලා.(නදී)
මේ කොටිද ? (නදී)
ත්‍රස්තවාදී වනු මරා දැමිය යුතු ජාතියක් මිස සැමරිය යුතු ජාතියක් නෙමෙයි.(නදී)
කොටි තමායි. අපේ අයගේ කිරි පෙවිල්ල නිසා උන් තවත් හුරතල් වෙනවා. අනේ මුන්ව රකින්නද අපේ කොල්ලෝ ජීවිත වගේම අත,පය,ඇස් නැති කර ගත්තේ. (නදී)
මේ ගොල්ලෝ ඡන්දෙන් පත් උන අය බව අපි අමතක නොකළ යුතුයි.(නදී)
එතකොට ඒ මැරුණු කට්ටිය අතින් මැරුම් කාපු යාපනේ සාමාන්‍ය මිනිස්සු ගැන මේ ගොල්ලෝ දුක් වෙන්නේ නැද්ද. (නදී)
අවසාන දින කීපයේදී මැරුනේ කොටි. මේ අයට ඕනේ කොටි සමරන්න මිසක අවුරුදු 30ක් තිස්සේ කොටි මරපු දෙමල සිංහල මුස්ලිම් සාමාන්‍ය ජනතාව ගැන මතක් කරන්නවත් නොවේ. ඉතින් මේ මිනිස්සු තමන්ගේ දෙමල ජනතාවට සේවය කරයිද. (නදී)
ආයෙත් අපෙන් වේල්ල මුල්ලි වෛක්කාල් එකක් ඉල්ලනවා. මගේ අදහස අපි එය දිය යුතුයි අනිවාර්‍යෙයන්ම.(නදී)
මේ කට්ටියත් හංගපු තුවක්කු පෙන්නන්න එක්කගෙන ගියානම් හරි! (අ)
විග්කේෂ්වරම් මහත්තයාගේ හොළේ හොඳ නැහැ වගේ. කැලේ මාරු උනාට තවම පුල්ලි තියනවා. (නදී)
මේ සේරම යුද්දේ කාලේ කට වහගෙන හිටියා කොටින්ට බයේ. (නදී)
එක අතකට මෙයාලට බැනල වැඩක් නැහැ.(අ)
ඔය ඉතින් ඉල්ලගෙන කන්න හදන්නේ මේ අය නම් මහා කපටි මිනිස්සු වගයක් ..(අ)
නැවත යුධ ගිනි දැල් නොඅවිලේවා (දී)
ලුම්බිණි විතරයි හරි සිංහල අයට පුලුවන්නම් මරුන අය සමරන්න දෙමල අයට පුළුවන් ඒ අයව සමරන්න එකට අපි ඉඩ දෙන්න ඕන (දී)
මේ යුද්දයෙන් මිය සියලන්ටම නිවන් සුව ලැබේවා (දී)
කොටි උතුර පාලනය කරපු කාලේ ඔය මහ අැමති තුමා සහ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ජිවත් උනේ කොළඹ , සමහරු ජිවිත බේරගත්තේ පිට රටවලට පැනල , අයෙත් කොටි අවොත් වැඩිපුර දුක් විදින්නේ දකුණේ ජනතාව නොවේ, උතුරේ ජනතාව. (ස)