ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ අවතැන්ව ඉන්නා සිංහල පවුල්වලට උපකාර කිරීමේ අරමුණෙන් ලන්ඩන් නුවරදී මිතුරු හමුවක් පැවැත්විණි.
මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසධය,නැගෙනහිර ලන්ඩනයේ සිංහල සුභ සාධක සංගමය සහ කාරුණික හදවත් සංවිධානය එකතුව සුදානම්කර තිබු එම මිතුරු හමුව මඟින් එකතුකරනලද සියලුම මුදල් දැනට උතුරු පළාතේ අවතැන්ව සිටිනා සිංහල පවුල් සඳහා නිවාස සහ අනෙකුත් අවශ්‍යතාවයන් සපයාදීම සඳහා යොදවන බව සංවිධායකයෝ පැවසුහ.
උත්සවය ආරම්භ කැරුණේ මරායා අල්මේදා දියණිය ඉදිරිපත්කළ රමණීය පුජා නැටුමකිනි.ශ්‍රී ලංකාවේ භෟමික අඛණ්ඩතාවය සුරැකීම අරභයා ජීවිත පරිත්‍යාගයෙන් සේවය කළාවුද කරන්නාවුද තිවිධ හමුදාවන්හි, පොලිසියේ, විශේෂ
කාර්ය බලකායේ සහ ග්‍රාම ආරක්ෂක බලකායේ රණ විරුවන්ගේ අසීමිත කැපවීම සිහිපත් කරමින් ඔවුන්වෙත පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදුකෙරිණ.
ජාතිහිතෛශී හිත මිතුරන් සඳහා පමණක් සීමාකරන ලද එම එකමුතුව සඳහා විශාල පිරිසක් සහභාගී වූහ.
පැමිණ සිටි හිතමිතුරන් පිළිගනිමින් කතාකල මහා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකික සංසධයේ ජනක අලහප්පෙරුම "අවුරුදු තිහකටත් වඩා දීර්ඝ කාලයක් තිස්සේ ඇදීගිය ද්‍රවිඩ ත්‍රස්‌තවාදයෙන් ශ්‍රී ලංකාවේ කිසිම ජන කොටසකට තඹදොයිත්තුවකවත් සෙතක් සිදු නොවුන
බව ඉතාම පැහැදිලිබවත් එම ව්‍යසනයෙන් මුළු ශ්‍රී ලංකාවටම සිදුවුයේ කියා නිම කළ නොහැකි විනාශයක් වුවත් එමඟින් වැඩිපුරම බැටකෑවේ උතුර නැගෙනහිර සිටි පාරම්පරික සිංහල පදිංචිකරුවන් බව කිසිදාකත් අමතකලයුතු නැතිබවත් පැවසීය.
අලහප්පෙරුම මහතා තවදුරටත් මෙසේ පැවසීය.
"ද්‍රවිඩ ත්‍රස්තවාදයේ ආරම්භයේම උතුරු පළාතේ පරම්පරා ගණනාවක් ජීවත්වූ සියලුම සිංහල පවුල් එම පළාතෙන් පලවා හරිනු ලැබීය. යුද්ධය අවසන්වී වසර හතරක් ගතවී ඇතත් උතුරු පලාතෙන් පන්නා දැමු මේ අහිංසක සිංහල මිනිසුන්ට තවමත් කිසිම හව් හරණයක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැත.
රජයෙන් හෝ වෙනත් කෙනෙකුගෙන්හෝ කිසිම උදව්වක් උපකාරයක් නොලබා වසර ගණනාවක් මහ මඟට වැටී ඉන්නා මේ පවුල් වලට අතදීම සෑම සිංහලයෙකුගේම වගකීම බව පසක්කර ගත යුතුව ඇත.රටක මහජාතිය යැයි කියා ගන්නා පිරිසකට මෙවැනි ඉරණමකට පත්වීමට සිදුවීම ඉතාම ශෝචනීය තත්වයකි.
කොටි ප්‍රකෝටි ගණනක් වැයකරමින් අපුරු වසන්තයක් උතුර පුරාවටම උදාකර ඇතත් උතුරෙන් පන්නා දැමු සිංහලයන්ට නම් තවම ඒ වසන්තයේ
අරුනැළි පේනමානයකටවත් පතිතවී ඇති බවක් නම් පෙනෙන්ට නැත. වසන්තය කිසිදාක උදානොවෙන ඒ අහිංසක සිංහලයන් ඉන්නා අපායෙන් ගොඩගැනීම අපකාගේත් වගකීම බවට පත්වී ඇත.මෙවන් වාතාවරණයක් යටතේ උතුරු පළාතේ අවතැන්ව ඉන්නා සිංහල පවුල්වලට අපට හැකි ප්‍රමාණයකින් උදව් වීම අපගේ පරමාර්ථයයි. මේ අනුව මෙම පවුල් සුදුසු ඉඩම් වල පදිංචි කිරීමත් ඔවුනට ස්ථීර නිවාස සදාදීමත් සඳහා
වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක කර ඇත්තෙමු. අද පැවැත්වෙන මිත්‍ර හමුවේ අරමුණ මෙම වැඩකටයුතු පිළිබඳව අපගේ ජාති මාමක හිත මිතුරන් දැනුවත් කිරීමත් එම කටයුතු සඳහා ඔවුන්ගේ නොමසුරු සහයෝගය ලබාගනීමත්ය"
අලහප්පෙරුම මහතා මෙසේද පැවසීය " අමතකකරන්න එපා ත්‍රස්තවාදීන් මහමගට ඇදදැමූ මේ සිංහල මිනිස්සු උතුරේ අත්‍යාවශ්‍ය සේවාවන් සපයමින් සාර්ථක ව්‍යාපාර පවත්වාගෙන ගිය වැදගත් මිනිසුන් බව". උත්සවය අවස්ථාවේදී දොස්තර ඥානිස් සුභසිංහ, දොස්තර කුසුම් සුභසිංහ, ලක්ෂ්මි පෙරේරා සහ දිල්හානී ජගොඩගේ
ඉදිරිපත්කල දේශාභිමානී ගී ප්‍රසංගයක්ද පැවැත්විණි.
ලන්ඩන් නුවර පදිංචි ගොඩ්ෆ්‍රී ද සිල්වා සහ හිතවතුන් කණ්ඩායමක් එකතු කළ මුදලක්ද එදින මෙම සහන කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සඳහා පරිත්‍යාග කරනු ලැබීය.
ලන්ඩන් නුවර දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ශ්‍රී ලාංකික සමාජීය වැඩකටයුතු සඳහා ස්වෙච්ඡාවෙන් උදව් උපකාර කරනු ලබන කරුණා බස්නායක සහ දොස්තර එම.බී.රණතුංග යන මහතුන්ගේ සේවය අගය කරමින් ඔවුන්වෙත සමරු ඵලක ප්‍රදානය කරනු ලැබීය.
පැමිණ සිටි සියලුදෙනාටම ප්‍රනීත ශ්‍රී ලාංකික රාත්‍රී කෑම වේලක්ද ලබාදීමට කටයුතු යොදා තිබුණි.එදින උත්සවය සඳහා ශබ්ධ පරිපාලනයෙන්, සංගීතය සැපයීමෙන්, ආහාර පාන ලබාදීමෙන්,බඩු බාහිරාදිය ගෙන එම සඳහා යාන වාහන ලබාදීමෙන්, ශාලාව සුදානම් කිරීම සහ වෙනත් වැඩකටයුතු සඳහා ශ්‍රමදානයෙන් සහ වෙනත් අනෙක විධ ආකාරයෙන් උදව් උපකාර කල මෙන්ම සහභාගීවූ සියලුදෙනාටම සංවිධායකයෝ තුති පුද කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ලන්ඩන් ඉන්නේ මේ ගැන දැනගන තිබුනානම් සහබාගි වෙනවා. ලංකාදීපයට ස්තුති. ඉදිරියේදී සහබාගී වෙන්න බලාපොරොත්තුවනවා හොද වැඩක් නිසා.(නදී)
යකෝ මේ මිනිස්සුන්ගේ කැත. මොනවා කෙරුවත් වැඩක් නැහැ ලස්සන නැත්තන්. (අ)
ඔබේ සත් ක්‍රියාව ජාතියේ පැසසුමට පාත්‍රවේ. මෙවන් උතුම් කටයුතු තවත් කිරීමට ඔබට සියලු ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා. (ස)
සිංහල දෙමල මුස්ලිම් කියන්නේ නෙතුව ශ්‍රී ලංකික කියල කියන දවස වෙනකම් මේ ප්‍රශ්න ඉවර වෙන්නේ නේ . ඒ වගේම නයා ඕනේ වෙලාවක දෂ්ට කරන්න පුළුවන් කියන එකත් අපි අමතක නොකළ යුතුයි.(නදී)
වැඩේ ඉතා හොඳයි ඔවුන් උතුරේ අවතැන් අය නම්. නමුත් ගාල්ලෙන් මාතරින් අරන් ගිහින් පදින්චි කරනවානම් පරිසම්මින්. කෙන්ට් ෆාර්ම්, ඩොලර් ෆාර්ම් මතක් වෙනවා මට.(නදී)
ඔබ තැබූ මේ පියවර පසු නොබා ඉදිරියටම කරගෙන යන්ඩ ඔබ්ට ශක්තිය ධෛර්යය ලැබේවා! ලොව පුරා සිටින සියලු සිහලුන් මෙයට එක්වේවා! සිහලුන්ගේ දුක නොදන්නා ආණ්ඩුවක් ඇති රටක සිහලුන්ට මෙය මහා අස්වැසිල්ලකි.(නදී)
ඉතාමත් ආදර්ශවත් ක්‍රියාවක්. මේ නියම සිංහල සහෝදරයින්ට අපගේ හද පිරි ආචාරය. (නි)
මම මෙම අගනා උත්සවයට අහම්බෙන් යාලුවෙකුගේ ආරාධනාවක් නිසා සහභාගී වුනා. හිසේ කෙස් ගානට ඩිනර් ඩාන්ස්, පැදුරු පාටි, චැරිටි උත්සව හිහින් තිබුනත් මගේ ජීවිතයටම ලන්ඩන් වල දැක්ක අර්ථවත්ම දේශප්‍රේමී උත්සවයක් මේක. ලස්සනට සංවිධානය කරලා තිබුණා. සහභාගී වීමට ලැබීමත් හරිම සතුටුයි. රට වෙනුවෙන් දිවි පුදපු රණවිරුවන්ට පවත්වපු උපහාරය විශිෂ්ටයි. ඇස් වලට කඳුළු ආවා. සංවිධායකයින්ට ස්තුතියි. (නි)
අනාත වෙලා ඉන්න දමිල මිනිස්සු වෙනුවෙනුත් උදව් කළා නම් හොදයි. අපි ඔක්කොම ලාංකීය ජාතියක් කියලා හිතමු (නි)
යාපනේ ඉපදිලා සිංහල මහා විදුහලේ ඉගෙන ගත්ත සිංහල බෞද්ධ අපිට ගොඩක් සතුටුයි (නි)
හොඳ දෙයක්, වෙන රටවල අයටත් එක්වෙන්න වෙබ් සයිට් එකක් නැද්ද ? මඩකලපුව සේරුවිල අම්පාර සිංහල අයගේ ඉඩම් අන් අය අල්ලාගන. ඒත් ඒවා ආපහු අරන් දෙන්න රජයට බැරිවුනා. මේ අය ගැනත් සොයා බලන්න. රජයට හරි උපදෙස් හා සහාය දෙන්න හරි දේ කරවන්න. තව අය එක්කරගන්න.(නදී)
නිදහස් අධ්‍යාපනයේ සහ රට වැසියන්ගේ පිහිටෙන් එංගලන්තය වැනි සුපිරි රටවලට ගොස් තම මවුබිම සහ ජනතාව අමතක කොට බටහිරට ආවඩන සියලු දෙනාටත්, අහිංසක සිංහලයන්ගේ චන්දයෙන් ලොකු පුටු වලට ගොස් තම ඡන්දදායකයින් අමතක කොට සුළු ජාතීන්ගේ මනදොළ පුරවාලන දේශපාලුවන්ටත් ඔබලා ආදර්ශයකි (නි)
පෞද්ගලිකව හා සංවිධාන වශයෙන් එක්වූ සැමට ජයවේවා. අවතැන් වූ සහ අසරණ වූ සිහලුන් නගා සිටුවීමට ඔබ සැම දරනා උත්සාහය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. උරදෙන සැමට වැඩි වැඩියෙන්ම ලැබේවා.(නදී)
ඔබට ඉතා පින්. අපටත් ඔබ හා එකතුවිය හැකි මග කියන්න. (නි)
උතුරේ සිහලු මහපාරේ අහිංසකයි.. කළ දේ මෙතෙක් මද බව නිසැකව දනිතියි.. ඔබ සැම උදව් උපකාරය උපරිමිතයි.. උත්තම මිනිස් ගති මසුරන් දහස් වටීයි (නි)
ලංඩන් සිටින සිටින අපේ සිංහල දේශප්‍රේමී සහෝදරයනි. ඔබ දුන් ආදර්ශය ඉතාම අගය කරමි.(නදී)
ජාතික කැක්කුමක් ඇති මේ දරුවන් අත ගැසූ පුණ්‍ය කර්මය ඉතාමත් වැදගත්. සුදුස්සන් තෝරා, සුදුසු දෙයක් කිරීම මේ දරුවන්ම කලොත් හොඳයි. වරින්වර රටක සිට ඒමට අපහසු නිසා කළුතර බෝධි සභාපති තුමා හෝ පිළිගත් ලංකාවේ සමාජ සංවිධානයක්ද සම්බන්ධ කර ගැනීම යහපත්. ඒ අයත් සම්මාදම් වෙයි. සුනාමි නිවාස නම් තවමත් හදනවා.(නදී)
ජයවේවා!, කටාර් වල අපගේ පුර්ණ සහාය. විස්තර ලබා දෙන්න. මැද පෙරදිග රටවල් ආදර්ශයට අරගෙන මහා ජාතිය සුරක්ෂිත කරන ගමන් අනෙකුත් ජාතිවලට ආරක්ෂාව සපයමු. යාපනයේ සිංහල මාධ්‍ය මහා විදුහල නැවත නගා සිටවමු.(නදී)
මොකද්ද අප්පේ මහා කරුණාවක් (දී)
ලන්ඩන් නුවර පදිංචි ශ්‍රි ලාංකික සිංහල අයට සිනහව තෑගි කරමු. (නි)
උදව් කිරිම නම් අගයකරනවා. නමුත් පිටරට මේ ඉන්න ලංකාවෙන් ආව සිංහල කෙනෙක් දැක්කොත්.(නදී)
මෙවෙනි කාරුණික හදවත් ඇති විදෙස් ගතව සිටින සිංහල මිතුරන්ට මුළු ජාතියේම ප්‍රණාමය,මෙවැනි ආරම්භයක් ලබාදුන් ඔබ සැමටම මෙය ඉදිරියටම කරගෙන යාමට ශක්තිය ලැබේවා!(නදී)
චේතනා පරිසුද්ධ වේනම් මේ සටන් පරදින්නේ නැහැ. අපිත් ඔබ සමගයි.(නදී)
රටේ ලොක්කන්ට නොපෙනෙනදේ පිට රටක සිටින කාරුණික ඔබට පෙනීම ගැන මට මතුවන සතුට කියා නිමකරන්න බෑ. ඔබතුමන්ලට මෙම පින නිවන් මගටම හේතුවේවා. අද අපේ ජාතිය වේගයෙන් වදවෙන්නේ ආර්ථික අපහසුතා නිවාස රැකියා නොමැති හේතුවෙන් අද වතු නිවාස දහස් ගණනින් නොමිලේ සාදා දෙන වැඩ පිලිවෙලක් තිබුනත් මහජාතියට එවැන්නක් නොමැත.(නදී)