උතුරු පළාත් සභා මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැති අපේක්ෂක ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා නම් කොට තිබේ.
තම පක්ෂය දින ගණනාවක සිට පැවැත්වූ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙම තීරණය ගත් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිතනවා මේ මහත්මයා තේරුම් ගෙන ඇති කියලා අපේ රටේ නායකයෝ ඉන්නේ ශ්‍රී ලංකාවේම කියලා. මොකද මෙතුමාව යෝජනා කරපු මහත්වරු හිතන් ඉන්නේ එතුමන්ලාගේ නායකයෝ ඉන්නේ ඉන්දියාවේ කියලානේ. (නි)
දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැති අපේක්ෂක ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා නම් කොට තිබේ.මෙවැනි වුගත් අයට මම වුනත් මගේ ඡන්දය ප්‍රකාස කරනවා. (අ)
ජාතිවාදය පැත්තකින් තියල රටක් විදිහට හිතල ඉස්සරහට වැඩ කටුතු කරනවානම් හොදා (අ)
චානක එහෙම බැහැ කියලා නැහැ නේද? ද්‍රවිඩ ජාතික මුස්ලිම් ආගමික වුනත් ඡන්දයෙන් පත් වුනොත් ජනාදිපති වෙන්න පුලුවන්. සිංහලයන්ගේ කැමැත්තෙන් ද්‍රවිඩයෙක් රජ වුනේ සිරි වික්‍රම රාජසිංහ නමින් (නි)
මම එකගයි චානකගේ අදහසට. (නි)
ඔබතුමාට සුබ පැතුම් නමුත් විපරමාගෙන් ප්‍රවේසම් වන්න.(නදී)
අපේ රටේ හිටපු අගවිනිසුරු වරයෙකුවූ සර්වානන්ද විනිසුරුතුමා ජේ.ආර්.ජයවර්දන ජනාධිපතිතුමා ආණ්ඩුකාර නනතුරකට පත් කළා. ඔහුට තීබූ සාමාජික ගරුත්වය මම හිතන විදියට ඉතා පහත් තත්වයකට වැටිලා තනතුරේ ගරුත්වය නැතිවී ගියා. අපේ රටේ දේශපාලනයට පැමිණි අධිකරණයට සම්බන්ධ බෝහෝ දෙනෙකුගේ ඉරණම ඕකයි. මේ නඩුකාරතුමා උසාවියේදී හොඳ නමක් තියාගෙන සිටි අයෙක්. ඒත් ටැමිල් නෙට් වෙබ් අඩවිවල පලවූ තොරතුරු නම් එතරම් හොඳ බවක් මටනම් පේන්නෙ නැහැ. නමුත් ඉදිරිපත්වී ඉන්න අය අතුරෙන් අඩු තරමින් යම් විස්වාසයක් තැබිය හැකි උගතෙක්.(නදී)
ප්රජාතන්ත්ර වාදයට ගරුකරනවා කියනවානම් ඕනෙම ජාතියක ලාංකිකයෙකුට රටේ ජනාධිපති වීමට වුවත් අවකාශ තිබිය යුතුය. (ත)
වාසුට හරි ජොලි ඇති මස්සිනා මහා ඇමති වෙයි කියලා.(නදී)
උගත් පුද්ගලයෙක් මෙවන් තනතුරකට නම් කෙරීම අනෙක් පක්ෂ උදාහරණයකට ගත යුතුයි.(නදී)
ඉතාමත්ම නීති ගරුක විනිසුරුතුමෙක්. ජාතිවාදී අදහස් වලින් තොර ඔබතුමා වැනි අය කුමන දේශපාලන පක්ෂයකින් හෝ දේශපාලනයට පැමිණීම ජනතාවගේ වාසනාවක්. (නි)
මහ ජාතියක් සමග සුළු ජාතීන් වශයෙන් තමන්ගේ ගෞරවයත් තියාගෙන ජීවත් වෙන්න පාර පෙන්වන්න උගත් මහතෙක් විදියට මෙතුමාට හැකි වුනොත් ප්‍රශ්නයක් නැතිව උතුර සංවර්ධනය කරන්න පුලුවන්. නැත්නම් දෙමළ ජනතාව නැවතත් විපතට පත් වෙනවා. දෙමළ ජාතික සංධානේ මතය සියලු දෙමළ ජනතාවගේ මතය නොවෙයි. වසර 30ක යුද්ධයෙන් දුක් විදලා ඉන්න ජනතාවට අවශ්‍ය වෙනම රටක් නෙමෙයි. නිදහසේ ජීවත් වීමයි. වෙනම රටක් ඉල්ලන්නේ යුරෝපයෙ සැප විදින දෙමළ ඩයස්පෝරාවයි. මේ සත්‍ය මෙතුමාට තෙරුම් ගන්න ලැබුනොත් ඒක උතුරේ දෙමළ ජනතාවට යහපතක්. තමිල්නාන්ඩුවේ දෙමළ නිජබිමක් හැදුවට සිංහල ජනතාව විරුද්ධ නැහැ. (නි)
වෘත්තිමය ගෞරවය රැකගත් මහත්මයක්. අනෙත් අයට ආදර්ශයක්.ඔබට ජය! (නි)
සුබ පැතුම්! ඔබ හොද බුද්ධිමත්.ඔබට ජය! (නි)
නටන්න වෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ පදේට (ත)
මම ඔහු ගැන දන්නේ නැහැ. කොහොම නමුත් උගත් කෙනෙක් නම් කරපු එක හොදයි. අපේ කෙනා, ගමේ කෙනා කියලා නුගත් කෙනෙක් පත් කලාම රටට වෙන දෙය අපට බලා ගන්න පුළුවන් මේ දවස් වල (නි)
හොඳ තීරණයක්. (ත)