IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


උතුරට විග්නේශ්වරන්

උතුරු පළාත් සභා මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැති අපේක්ෂක ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා නම් කොට තිබේ.

තම පක්ෂය දින ගණනාවක සිට පැවැත්වූ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙම තීරණය ගත් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා කියයි.

 



අදහස් (0)

උතුරට විග්නේශ්වරන්

අසිත Monday, 15 July 2013 02:28 PM

උගත් පුද්ගලයෙක් මෙවන් තනතුරකට නම් කෙරීම අනෙක් පක්ෂ උදාහරණයකට ගත යුතුයි.(නදී)

:       0       0

බමුණු Tuesday, 16 July 2013 08:13 AM

චානක එහෙම බැහැ කියලා නැහැ නේද? ද්‍රවිඩ ජාතික මුස්ලිම් ආගමික වුනත් ඡන්දයෙන් පත් වුනොත් ජනාදිපති වෙන්න පුලුවන්. සිංහලයන්ගේ කැමැත්තෙන් ද්‍රවිඩයෙක්‌ රජ වුනේ සිරි වික්‍රම රාජසිංහ නමින් (නි)

:       0       0

ලුම්බිණි Monday, 15 July 2013 03:05 PM

හොඳ තීරණයක්. (ත)

:       0       0

කෙවින් Monday, 15 July 2013 03:06 PM

මම ඔහු ගැන දන්නේ නැහැ. කොහොම නමුත් උගත් කෙනෙක් නම් කරපු එක හොදයි. අපේ කෙනා, ගමේ කෙනා කියලා නුගත් කෙනෙක් පත් කලාම රටට වෙන දෙය අපට බලා ගන්න පුළුවන් මේ දවස් වල (නි)

:       0       0

විමල් Monday, 15 July 2013 03:11 PM

නටන්න වෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ පදේට (ත)

:       0       0

අමිල Tuesday, 16 July 2013 09:13 AM

ජාතිවාදය පැත්තකින් තියල රටක් විදිහට හිතල ඉස්සරහට වැඩ කටුතු කරනවානම් හොදා (අ)

:       0       0

නිලන්ත Monday, 15 July 2013 03:19 PM

සුබ පැතුම්! ඔබ හොද බුද්ධිමත්.ඔබට ජය! (නි)

:       0       0

ප්‍රසාද් Monday, 15 July 2013 03:42 PM

වෘත්තිමය ගෞරවය රැකගත් මහත්මයක්. අනෙත් අයට ආදර්ශයක්.ඔබට ජය! (නි)

:       0       0

සුසිල් මිලානෝ Monday, 15 July 2013 03:51 PM

මහ ජාතියක් සමග සුළු ජාතීන් වශයෙන් තමන්ගේ ගෞරවයත් තියාගෙන ජීවත් වෙන්න පාර පෙන්වන්න උගත් මහතෙක් විදියට මෙතුමාට හැකි වුනොත් ප්‍රශ්නයක් නැතිව උතුර සංවර්ධනය කරන්න පුලුවන්. නැත්නම් දෙමළ ජනතාව නැවතත් විපතට පත් වෙනවා. දෙමළ ජාතික සංධානේ මතය සියලු දෙමළ ජනතාවගේ මතය නොවෙයි. වසර 30ක යුද්ධයෙන් දුක් විදලා ඉන්න ජනතාවට අවශ්‍ය වෙනම රටක් නෙමෙයි. නිදහසේ ජීවත් වීමයි. වෙනම රටක් ඉල්ලන්නේ යුරෝපයෙ සැප විදින දෙමළ ඩයස්පෝරාවයි. මේ සත්‍ය මෙතුමාට තෙරුම් ගන්න ලැබුනොත් ඒක උතුරේ දෙමළ ජනතාවට යහපතක්. තමිල්නාන්ඩුවේ දෙමළ නිජබිමක් හැදුවට සිංහල ජනතාව විරුද්ධ නැහැ. (නි)

:       0       0

සමන් කුමාර Monday, 15 July 2013 03:56 PM

ඉතාමත්ම නීති ගරුක විනිසුරුතුමෙක්. ජාතිවාදී අදහස් වලින් තොර ඔබතුමා වැනි අය කුමන දේශපාලන පක්ෂයකින් හෝ දේශපාලනයට පැමිණීම ජනතාවගේ වාසනාවක්. (නි)

:       0       0

චානක. Monday, 15 July 2013 09:14 PM

ප්රජාතන්ත්ර වාදයට ගරුකරනවා කියනවානම් ඕනෙම ජාතියක ලාංකිකයෙකුට රටේ ජනාධිපති වීමට වුවත් අවකාශ තිබිය යුතුය. (ත)

:       0       0

ටිකිරි බණ්ඩාර Tuesday, 16 July 2013 10:47 AM

දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැති අපේක්ෂක ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී වී විග්නේෂ්වරන් මහතා නම් කොට තිබේ.මෙවැනි වුගත් අය‍ට මම වුනත් මගේ ඡන්දය ප්‍රකාස කරනවා. (අ)

:       0       0

කමල් Monday, 15 July 2013 04:25 PM

සිතනවා මේ මහත්මයා තේරුම් ගෙන ඇති කියලා අපේ රටේ නායකයෝ ඉන්නේ ශ්‍රී ලංකාවේම කියලා. මොකද මෙතුමාව යෝජනා කරපු මහත්වරු හිතන් ඉන්නේ එතුමන්ලාගේ නායකයෝ ඉන්නේ ඉන්දියාවේ කියලානේ. (නි)

:       0       0

කුමාර් ද සිල්වා Monday, 15 July 2013 10:14 PM

අපේ රටේ හිටපු අගවිනිසුරු වරයෙකුවූ සර්වානන්ද විනිසුරුතුමා ජේ.ආර්.ජයවර්දන ජනාධිපතිතුමා ආණ්ඩුකාර නනතුරකට පත් කළා. ඔහුට තීබූ සාමාජික ගරුත්වය මම හිතන විදියට ඉතා පහත් තත්වයකට වැටිලා තනතුරේ ගරුත්වය නැතිවී ගියා. අපේ රටේ දේශපාලනයට පැමිණි අධිකරණයට සම්බන්ධ බෝහෝ දෙනෙකුගේ ඉරණම ඕකයි. මේ නඩුකාරතුමා උසාවියේදී හොඳ නමක් තියාගෙන සිටි අයෙක්. ඒත් ටැමිල් නෙට් වෙබ් අඩවිවල පලවූ තොරතුරු නම් එතරම් හොඳ බවක් මටනම් පේන්නෙ නැහැ. නමුත් ඉදිරිපත්වී ඉන්න අය අතුරෙන් අඩු තරමින් යම් විස්වාසයක් තැබිය හැකි උගතෙක්.(නදී)

:       0       0

සුදර්ශන Monday, 15 July 2013 10:22 PM

ඔබතුමාට සුබ පැතුම් නමුත් විපරමාගෙන් ප්‍රවේසම් වන්න.(නදී)

:       0       0

කරුණාරත්න පෙරේරා Monday, 15 July 2013 04:58 PM

වාසුට හරි ජොලි ඇති මස්සිනා මහා ඇමති වෙයි කියලා.(නදී)

:       0       0

වෙල්මුරුගන් Tuesday, 16 July 2013 06:37 AM

මම එකගයි චානකගේ අදහසට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 237 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 338 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 218 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 847 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 1468 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 4199 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37542 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24736 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 692 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 254 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site