‘යුද්ධය අවසන් වී වසර හතක් ගියද යුද හමුදාව උතුරෙන් ඉවත් වෙලා නැහැ. හමුදාව අපේ ඉඩම් අත්පත් කරගෙන එයාලගේ නිෂ්පාදන වලින් ප්‍රතිලාභ ගන්නවා ඒ නිසා සාමාන්‍ය වැසියන්ගේ ව්‍යාපර ඇනහිටලා. විශාල ජනතාවක් තවමත් අවතැන් කඳවුරුවල ඉන්නවා. මේ තමයි අපි මුහුණ දෙන ප්‍රධාන ගැටලුව බව මම කැනඩා විදේශ අමාත්‍යවරයා දැනුවත් කළා‘ යැයි උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් කැනඩා විදේශ ඇමැති සමග සාකච්ඡාවෙන් පසු කීවේය.
‘ මේ වෙනකොටත් අපිට ෆෙඩරල් විසඳුමක් වෙනුවෙන් අවශ්‍ය දේ ලබා දී තියෙන්නෙ. ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටින්නේ රට දෙකඩ කිරීමට නොව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට බව මම දැනුම් දුන්නා. නමුත් දේශපාලන විසඳුම් ලැබෙන්නේ බහුතර ජනවර්ගයක් සිටින පළාත්වලට පමණයි දෙමළ කතාකරන ජනතාවගෙන් වැඩි හරියක් ඉන්නේ උතුරු නැගෙනහිර ඔවුන්ට වරප්‍රසාද හිමිවිය යුතුයි. නමුත් ඒ දෙවල් ලැබෙන්නේ ඉතාම මන්දගාමීව මේ වන විට වෙනත් පළාත්වල ජනතාව ගෙනල්ල පදිංචි කරවනවා. ඒක අපිට විශාල ගැටලුවක් වෙලා තියෙන්නේ මම ඒ ගැනත් දැනුම් දුන්නා‘ යැයි ද මහ ඇමැති කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉංග්‍රීසි පාලනය කිරීමේ පහසුවට රට පළාත් නවයකට බෙදා උතුර නැගෙනහිර බරහිර කියා බෙදුවට උතුර නැගෙනහිර ඔබලාට කියා වෙන්කර දුන්නේ නැත. (ර)
මේ ජාතිවාදී වැඩ වලට ඉඩ දෙන්න නරකයි. (ර)
ද්‍රවිඩයෝ උතුරට වැඩියේ ඉන්නේ දකුණේ. ඔවුන් වෙලදාම් කරන්නේ දකුණේ, හම්බකරන් කන්නේ දකුණෙන්. මැරන කම්ම ජනතා මුදලින් ජිවත් වෙන්න බොරු රැවටිලි කියලා මිනිස්සුන්ව අතකොළුවක් කරගෙන තියෙන්නේ. (ර)
දැන් මොකද කියන්නේ? (බ)
මේ සිංහල අප ගේ රටයි (බ)
මේගොල්ලෝ නැවත කන්න හදන්නේ. එයා කැනඩා විදේශ අමාත්‍යවරයා දැනුවත් කළා ලු කැනඩා විදේශ අමාත්‍යවරයා අපට කව්ද එයාට කව්ද? (බ)
ඔබ තුමා සිහින දකිනවද ජාති වාදය ඇති කරන්නේ මෙවැනි අදහස් තුලින් වෙනත් ප්‍රදේශ් වල ඉන්න ද්‍රවිඩයන්ට මොකද වෙන්නේ එතකොට මුස්ස්ලිම් ජනයට මොකද වෙන්නේ මේ අපේ හැමෝගෙම රට ඒක මොන වර්ගයා අතරවත් බෙදිලා යන්න දෙන්න බෑ රට වෙනුවෙන් සටන් කරන්න පිරිසක් සිටින බව අමතක කරන්න එපා ශාන් ඔබේ හැගීම් සාදාරනයි. (ර)
ඇයි කැනඩාවට කියන්නේ.? (ර)
ආපහු රට අව්ල් කරන්න හදන ජාතිවාදියෙක්. (ර)
කොළඹ ඉන්න ලොකු දෙමල ජනතාවගේ හා කඳුකරේ ඉන්න දෙමල ජනතාවගේ අයතීන් ලබාදීලා ආරක්ෂා සහිතව ඉන්නේ මේ ජාතිවාදීන්ගේ බලයෙන්ද ? (ර)
අනේ කව්රු හරි අපි මේ ලියන ඒවා එයාට බලන්න කියන්න. (ර)
මේ වගේ වැඩ නිසා අසරණ ජනතාව තමයි දුක් විඳින්නේ. (ර)
කොළඹ ඉන්න දෙමල කට්ටිය ඔක්කොම උතුරට ගන්න එහෙනම් (අ)
බාගෙන කන්න තියෙන දේ ඉහගෙන කන්න හදන්න එපා , එහෙම කරලා තියෙන එකත් නෙති කර ගන්න එපා හොදද මහත්තියෝ (අ)
මේ යකා වහාම අත් අඩංගුවට ගත යුතුයි රටේ ජාති වාදය පැතිරවීම සහ රට බෙදීමට ප්‍රචාරක කටයුතු කිරීම ගැන.
අනේ මුන්ට සංහිදියාව කියල දෙන්නේ කව්ද? දැන් දකුණේ මිනිස්සු කියනවද දෙමල අය එක්ක මෙහෙ ඉන්න බැහැ කියල. එකෙන්ම තේරෙනවා මුන්ට තව ජාතියක් එකක සහයෝගයෙන් ඉන්න බැහැ කියල. අපේ සංහිදියාවට යන නායකයන්ට දවසක තේරෙයි මුන් එක්ක සංහිදියාව බැහැ කියල. (අ)
සිංහයන් නොමැති තැන හිවල්ලු සිංහනාද කරති...මොනවා කරන්නද...?(අ)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)
ජාතිවාදය පතුරවන මේ මිනිහට පඩි ගෙවන්නේ..සිංහල මුස්ලිම් ,දෙමල ,බර්ගර් හැමජාතීයක්ම මිශ්‍ර වුණු රටක ශ්‍රම බදු මුදල්වලින් ..මේ මිනිහගේ කටෙන් පිටවෙන අසුචි තැවරුණු වචන වහාම මේ රජය නැවත්වීමට පියවර ගත යුතුයි...මේ රටේ සියලුම ජාතීන් ජීවත් වියයුතුයි ...? උතුර කියන්නේ ශ්‍රී ලංකාවේ කොටසක් මිස වෙනත් රටක කොටසක් නොවේ (බ)
මේ ජාතිවාදි සර්පයාට වෙනත් රටක් කොහෙන් හරි හොයාගන යන්න කියන්න. අපි සිංහල හැටියට හැම දෙයක්ම ඉවසාගන සහජීවනය බලාපොරොත්තු වෙනකොට මේ වගේ ජාතිවාදී අධමයන් ද්‍රවිඩ ජනතාව අවුස්සන්නේ ඔවුන්ගේම වාසිය සඳහා මිස ද්‍රවිඩ ජනතාවගේ යහපත වෙනුවෙන් නොවෙයි! (බ)
අනේ අර මහා දිගට මොලේ තියන චතුරි මේකට මොකවත් දාල නැහැ අනේ. (බ)
බහු වාර්ගික,බහු ආගමික,සහජීවන වාදී සිංහල ද්‍රෝහියනි. දැන්වත් දෙමල ජාතිවාදය කියන්නෙව් කුමක්ද කියා වටහා ගනිව්. උතුරේ මහා ඇමති කියන්නේ නුගත්, නැතිනම් ජාවාරම් කාර අපරාධකාරයෙක් නොවේ. රජයෙන් විශ්‍රාම වැටුප් ලබන හිටපු මහාධිකරන විනිසුරු වරයෙක්. උතුරට වෙනත් ජාතින් එපා නම් දිවයිනේ ඉතිරි පළාත් වලටත් එකදු දෙමළෙක් හෝ එපා. (බ)
අනේ මන්දා නැවතත් රට අවුල් ජාලයක් වෙයිද කියලා (නි)
අැයි නුඹලාගේ අයට රටේ හැමතැනම යන්න ඉන්න පුලුවන් නම් සිංහලයාට උතුරට යන්න බැරිද? (නි)
තුවක්කුවෙන් කරගත නොහැකිවූ දේ විග්නේෂ්වරන් මහත්තයා අද දේශපාලන හස්තයෙන් කරන්නයි යන්න.කැනඩාවේ විදේශ ඇමති අපේ රට පාලනය කරනවා කියල හිත්ගෙනයි මේ වගේ දේවල් කරන්නේ.මේ සුදු රෙද්ද්ක් පොරවා ගත්තු කළු කොටියා දෙමල ජනතාව අතරමන් කරනවා,රාජ්‍ය විව්‍යස්ථාව නිතිය උල්ලංඝනය කරනවා ,වහම ඔහුගේ බලතල ඉවත් කර , සි අයි ඩි එකට ගේනවා ප්‍රස්න කළ යුතුයි. (අ)
මේ අයියා ඉල්ලන්නේ ෆෙඩරල් ක්‍රමයක් ඒකෙන් වෙන්නේ රට දෙකට බෙදෙන එක එක නිසා සිංහල මුස්ලිම් ආය මේ ප්‍රදෙස වල පදිංචි කරන්න ඕනේ (අ)
මහින්ද නැති රටකට ගිය කලක්..(අ)
විග්නේශ්වරන්ට අමතක වීමේ ලෙඩේ හැදිලවගේ . යාපනය කියන්නේ දෙමල රාජ්ජයක් නෙමෙයි . ශ්‍රී ලංකා හමුදාව සහ ශ්‍රී ලංකාවේ මිනිස්සු කොහේ හිටියත් එක විග්නේශ්වරන්ට ප්‍රශ්නයක් නොවිය යුතුයි. ඒවගේම දෙමල ජාතිකයන්ටත් ලංකාවේ හැම තැනකම .. ජීවත්වෙන්න පුළුවන් කම තියනවා සිංහල. දෙමල කියල මේ මනුස්සයින්ව දෙකඩ කරනවට වඩා .අපි ශ්‍රී ලාංකිකයෝ කිය එකතුවෙලා ඉදිරියට ගමන් කිරීම ඉතා වැදගත් සහ අනිවාර්යෙන්ම කල යුතුව තිබෙනවා (අ)
වෙනසක් නැතුව උතුරේ සහ දකුණේ සියලුම ජන කොටස් ජීවත් විය යුතුයි. එසේ නොකලොත් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. මෙතුමාගේ ක්‍රියා කලාපය ශ්‍රී ලංකාවේ ඉදිරියට ඉතා බලගතු ප්‍රශ්නයක් විය හැකියි (අ)
මොහුගේ මේ ජාතිවාදී ප්‍රකාශ නිසා නැවතත් අඳුරු යුගයකට රට ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව රජය නිසි පියවරක් ගත යුතුයි (අ)
බොහෝ ජාත්‍යන්තර සම්මේලන වන ශ්‍රී ලංකාවට විරුද්ධවාදී කැනඩාව මේ රටේ මහ ජනතාවටත් ගරු කල යුතුයි. (අ)
එතකොට උතුරේ හිටපු සිංහලුන් කොහෙද පදිංචි කරවන්නේ? (නි)
ඇයි වෙන පළාත් වල ජනතාව ට ඇවිල්ල පදිංචි වෙන්න බැරිද උතුරු නැගෙනහිර. දෙමළ ජනතාව විතරමද ඉන්න හොඳ. බයිලා නොකිය ඉන්න හරි. තනිකරම දෙමල ජනතාවට ඉන්න ඕනනං, ඒ තමිල්නාඩුවේ ලංකාවේ නෙවි හරි. ලංකාවේ ඉන්නවනං සිංහල මුස්ලිම් දෙමල මැලේ මේ ඔක්කොම එක්ක හොඳින් ඉන්න ඕන. (බ)
අපිට අපේ නායකයෝ සංහිඳියාවක් දේශනා කරනවා. මේ ගැන අපේ නායකයෝ මොකද කියන්නේ. (බ)
උඹටවත් උඹේ කොටි නඩේටවත් ඕනේ දේවල් දෙන්න අපි බැදිලා නෑ ඒක හොදට මතක තියාගනින් ඉන්නවනම් ඔය ඉන්න විදිහට පාඩුවේ ඉදින් (බ)
මේ රටේ හැමතැනම මේ රටේ ඉපදුන ඕනෙම ජාතියකට පදිංචි විය හැකියි. එ්ක මේ උතුරේ ඉන්න නායකයනුත් දැනගන්න ඕනේ දකුණේ ඉන්න නායකයනුත් දැනගන්න ඕනේ,මේ නායකයන් ජාතියට ආදරේනම් මෙහෙම හැසිරෙන්නේ නැහැ.මේ උදවියව වැඩිකල් නොගොස් එම ජාතියේම මිනිස්සු ගහල එලවනවා. එ්ක ළගදීම සිදු වෙයි. (බ)
මෙයා කතාකරන්නේ කටෙන්ද ? ලෝකේ කිසිම යුධ අවසන්වූ රටක් මේ තරම් වැඩ කරලා නෑ. (බ)
බස්නාහිර පළාතේ මහා ඇමති කිවොත් උතුරෙන් ඇවිත් කොළඹ පදිංචි වෙන්න එපා කියල මොකද වෙන්නේ? ලංකාවේ ඕනෑම පුරවැසියකුට ඕනෙම තැනක වාසය කිරීමේ හැකියාව තමා තහවුරු වෙන්න ඕනේ. විග්නේශ්වරන් දේශපාලනයට ඔහුගේ නුසුදුසුකම ප්‍රදර්ශනය කරනවා. දකුණේ මහා ඇමතිලා ඔහොම නෑ (බ)
කැනඩාවෙන්ම එ් කෑල්ල ඉල්ලා ගන්න (බ)
එතකොට දකුණට වෙන ජාතීන් හිටියට කමක් නැත්ද? (බ)
අනිත් පළාත්වලට දෙමල අය එවන්න එපා (බ)