IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


උතුරුමැද ඡන්ද වැඩට රජයේ වාහන දෙසීයක්

උතුරුමැද පළාත්සභා මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා රජයේ වාහන 200 කට වැඩි සංඛ්‍යාවක් යොදාගෙන ඇතැයි ”අපි පුරවැසියෝ” සංවිධානය කියයි. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක සිවිල් සංවිධාන ගණනාවකින් සමන්විත ”අපි පුරවැසියෝ” සංවිධානය කැඳවුම්කරුවෝ දෙදෙනෙක් පුවත්පත් සාකච්ඡාවකදී මෙසේ පැවසූහ. උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කැබ් රථ 9 ක් හා පළාත් සභාව අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල වාහන 75 ක් ද ඊට යොදාගෙන ඇතැයි කී කැඳවුම්කරු ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා කැබ් රථ 9 ක වාහන අංකද සඳහන් කළේය. ඊට අමතරව ගරාජ් අංක සහිත රජයේ වාහන 10 ක්ද යොදවා ඇතැයි කියා සිටියේය. රජයේ සේවකයින්ද නිවාඩු නිකේතනද කාර්යාල හා ඉඩම්ද රජයේ මැතිවරණ අපේක්ෂකයන් ප‍්‍රවර්ධනය සඳහා යොදා ගැනීමේ අවස්ථා ඇතැයිද ඔහු කියයි. එම සංවිධානයේ ටෙරන්ස් ගාමිණී, සමන්ත ඈපා, එම්.ඞී. සිරිසේන සහ ජයතිලක බණ්ඩාර යන කැඳවුම්කරුවෝද මේ සාකච්ඡාවට එක්වූහ. මහජන දේපල මෙවැනි දෙයට භාවිතා කිරීමේ ඊළඟ පියවර වන්නේ රජයේ බදු බර වැඩිවී බඩු මිල ඉහළ යාම බවද ඔවුහූ පෙන්වා දුන්හ.



අදහස් (0)

උතුරුමැද ඡන්ද වැඩට රජයේ වාහන දෙසීයක්

දිසානායක කැකිරාව Monday, 06 August 2012 09:02 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් මේ දුක (අ)

:       0       0

සැනට් ඉන්දික Tuesday, 07 August 2012 03:58 AM

මගේ හිතට එන දේවල් මම ලියන්නේ නැහැ මොකද බලදාරිය ඔක්කොම කපනවා මගේ කොමන්ට් එක දාන එකකුත් නැහැ කොහොම උනත් මේවා ජාතික අපරාද බදු ගෙවන්නේ අපි (දී)

:       0       0

තිලක් Tuesday, 07 August 2012 05:43 AM

කෝ මේ කියන භූතයා මට පේන්නේ නැහැනේ . පල්ලෙහා ෆොටෝ එකේ ඉන්න කෙනාද? (නි)

:       0       0

දර්ශන Tuesday, 07 August 2012 05:44 AM

හැම ආණ්ඩුවේම ප්‍රතිපත්තිය මෙහෙමයි. (ත)

:       0       0

රුවන් Tuesday, 07 August 2012 08:41 AM

අනේ මන්දා, මේවා අහලා දැන් අපට මේ රටේ ඉන්නත් එපාවෙලා තියෙන්නේ. (නි)

:       0       0

දනවර්ධන Tuesday, 07 August 2012 04:27 PM

දේවාලේ කපුවාගේ පුතා දේවාලේ ඉස්සරහ පැහැරුවට ගද නැහැ කියනවනේ (දී)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 07 August 2012 11:57 AM

කොයි ආණ්ඩුවත් බලයේ ඉන්නකොට කරන්නේ මෙහෙමයි. අපි නිකන් මේවට කෑ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

ලුම්බිණි Monday, 06 August 2012 03:55 PM

මේක අලුත් දෙයක් නොවෙයි. හැමදාම උනේ මේක තමයි. මොකටද ඉතින් කලබල වෙන්නේ? ඉස්සර චන්දයක් තියෙන්නේ ලංකාව පුරාම එක දවසට. දැන් හැමදාම චන්ද. එතකොට මේ විදියට තමයි වැඩ සිද්ධ වෙන්නේ. අපි වෙනුවෙන් අපි. (දී)

:       0       0

ඩේවුඩ් Monday, 06 August 2012 04:09 PM

අපෝ, මදි මදි. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 06 August 2012 04:31 PM

ආ. 200ක් නම් කමක් නැහැ. මම හිතුවේ ඊට වැඩිය වැඩි වෙයි කියලා. (නි)

:       0       0

තිලක් Monday, 06 August 2012 04:40 PM

ප්‍රයෝජනයක් නැති වැඩ මේවා. (නි)

:       0       0

සුගත් Monday, 06 August 2012 05:38 PM

"තොපි වෙනුවෙන් අපි" (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2966 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 520 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 770 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2746 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3585 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1941 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 262 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site