
(අංජුල මහික වීරරත්න)
අරලියගහ මන්දිරයේ උත්සවයට ආවේ නැතිනම් මහපොළ දෙන්නේ නැතැයි රජය පවසා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
ජනතාවට රටේ බදු මුදලින් දෙන ප්රතිලාභ වලට රැස්වීම් අවශ්‍ය නැති බව පැවසූ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ අලුත්ම සංදර්ශනය වන්නේ මහපොළ උත්සවය බව සජිත් ප්‍රේමදාස මහතා කීය.
අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන මහපොළ උත්සවයට පැමිණ ලියාපදිංචි වී එම සහතිකය ඉදිරිපත් කළොත් පමණක් මහපොළ ශිෂ්‍යාධාර ලබා දෙන බව සඳහන් කර ඇතැයිද විපක්ෂ නායකවරයා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ආසනයේ සමගි වනිතා බලවේගයේ ජන හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනායක තුමානේ කියන්නේ, ඇත්තම වෙන්න ඇති.
ඔය කියන්නෙ ඔබල රාජ්‍ය පාලනයේදි ගෙන ගිය ප්‍රතිපත්ති, එම ප්‍රතිපත්ති නිසාමයි ජනතාව ඔබලා ප්‍රතික්ෂේප කලේ, මේරජයට එම ප්‍රතිපත්ති අදාල නැ
ඔබතුමාත් මේ රටේ විපක්ෂ නායකයෙක්. ව්‍යවස්ථාවෙන් ඔබතුමාට මේ වගේ දේවල් හොයලා බලන්න ඕනෑවටත් වඩා බලයක් තියෙනවා. ඒවා පාවිච්චි කරලා මෙහෙම දෙයක් වෙලා තියෙනවා නම් අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න.
බලයේ සිටින හැම ආණ්ඩුවක්ම අහිංසක මිනිසුන්ට කළේ එවැනි බලපෑම් තමයි. ජනබල ආණ්ඩුවත් ඉතින් එහෙම තමයි.
මේක පට්ටපල් බොරුවක් , කරුනාකර මෙය ඔප්පු කරන සාදක ඉදිරිපත් කරන්න
මෙන්න මේ වගේ ගොන් ආතල් තමයි මෙයා ගන්නේ. විපක්ෂ නායක නෙමෙයි, මොන්ටිසෝරියක ළමයි විනෝද කරන්න දන්න හොඳ කෙනෙක් මෙයා.
මූ අමු පච කෙළින්නේ.. මේ යකාට ළදරු මානසිකත්වයක්.