රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සතු රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය නැවත විදේශ කටයුතු අමාත්‍යාංශයට බාර දෙන තුරු ඔහුගේ පෞද්ගලික භාණ්ඩ තොගයක් අඩංගු කන්ටේනරය නිදහස් කළ නොහැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
උදයංග වීරතුංග මහතා සතු රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය මේ වනතුරුත් අමාත්‍යාංශයට භාර දී නොමැති බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ මෙනවිය පැවසුවාය.
එම ගමන් බලපත්‍රය යළි බාර දෙන ලෙස කිහිප අවස්ථාවකදීම ඔහුගෙන් ඉල්ලා සිටියද තවමත් බාර නොදුන් හෙයින් අදාළ කන්ටේනරය මුදා හැරිය නොහැකි බවද ඇය කීවාය.
අතර රුසියාවේ හිටපු වීරතුංග මහතා අද මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නීත්‍යානුකූලව එවූ සිය පෞද්ගලික භාණ්ඩ අඩංගු කන්ටේනරය මාස තුනකට ආසන්න කාලයක් වාරායේ හිර කොට ඇති බවයි. ඒ සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කරන බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
[....ඒ සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළකරන බවද ඔහු කියයි ] එයා විතරද අප්‍රසාදය පළකරන්නේ? (නි)
නීතියට ගරු නොකරන පුද්ගලයින්ට ජනතාවගේ අප්‍රසාදය පළකරමු. (නි)
මමත් කැමතියි මේ ගෙන ඇති තීරණයට (නි)
එහෙම තමයි වෙන්න ඕනෑ. නීතිය කාටත් පොදුයි (නි)
දැන් රටේ ලස්සන වැඩ වෙන්නේ. හොරු අල්ලනකොට කියනවා "පළිගන්නවෝ" කියලා. (නි)
ඉවසීමෙන් බලාසිටීම තමයි හොඳම දේ (නි)
බයවෙන්න එපා සර්. තව ටිකක් ඉවසන්න (නි)
ඇයි ඔබ ඔබේ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය බාර නොදෙන්නේ? (නි)
ඔන්න ඕක ඔහේ දීලා දාලා දහඩිය මහන්සියෙන්, බැරි අමාරුකමින් හරිහම්බ කරගත් බඩු ටික ගෙදර ගෙනියන්න. (නි)
ඇයි මෙච්චර දේවල් තිබිලත් මෙයා අත්අඩංගුවට ගන්න බැරි ? ලකාවේ නිතිය හරියට මදුරු දැලක් වගේ , ලොකු අය ලස්සනට රිංගලා ඇතුලට යනවා, පොඩි එකාට රිංගන්න බෑ. (ර)
වැඩ පිළිවෙල නම් නීත්‍යනුකුල නොවෙන බව පැහැදිලියි. රජයේ නිලධාරීන් මිට වඩා විනිවිද භාවයකින් වැඩ කළ යුතුයි. (ම)