(නිමන්ති රණසිංහ)
මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනම් කර සිටින රුසියාවේ හිටපු ශ්‍රිලංකා තානාපති උදයංග වීරතුංග මහතා හට පනවා ඇති එම තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහු කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) ප්‍රතික්ෂේප කළේය.
මෙරට නියෝජනය කරමින් වෙළඳ සම්මන්ත්‍රණයකට සහභාගි වීම සඳහා තම ල්සේවාදායකයාට විදේශ ගත වීමට අවශ්‍යව ඇති හෙයින් අධිකරණය මඟින් පනවා ඇති එම ගමන් තහනම තාවකාලිකව ඉවත් කර දෙන මෙන් නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
විශේෂයෙන්ම මෙම සැකකරු මෙතෙක් සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශ ලබා ලබාදී නැති බවත් අවශ්‍ය ලේඛන නොමැති බැවින් තමන්ට එසේ ප්‍රකාශ දිය නොහැකි බව සඳහන් කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය .
මේ හේතුවෙන් සැකකරු විදෙස් ගත වුවහොත් විමර්ශනයට බාධාවක් වන බැවින් ඔහුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශයක් ලබන දාහත් වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ලබා දෙන ලෙසට සැකකරුට නියෝග කරමින් සැකකරුගේ විදෙස් ගතවීමේ අවසරය පිලිබද ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
උදයංගගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන්නැයි කළ ඉල්ලීම ඉවතට