IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


උප ඇමැති අධිවේගයේ දී පී.සී.ට බැණලා

දොඩංගොඩ රබර් වත්තේදී නාඳුනන පිරිසකගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ බව කියන කොස්තාපල්ට ඊට  දින කිහිපයකට පෙර දකුණු පළාතේ දේශපාලනාඥයකු තර්ජනය කරන අයුරු සී.ටී. කැමරා සටහන් වී ඇතැයි පොලිසිය කියයි. පැයට කිලෝ මීටර් 146 පමණ වේගයෙන් රිය පැදවීමේ වරදට දොඩම්ගොඩ පිවිසුමේදී දඩ කොළයක් දීමෙන් පසු එම දේශපාලනාඥයා ඔහුට තර්ජනය කරන අයුරු එම දර්ශනයේ දැක්වේ. ඔහු නියෝජ්‍ය ඇමැතිවරයකු බව දැන ගන්නට ඇත.



අදහස් (0)

උප ඇමැති අධිවේගයේ දී පී.සී.ට බැණලා

ප්‍රභාත් Saturday, 31 May 2014 02:36 PM

ඇයි නම කියන් බය (අ)

:       0       0

ගිහාන් Saturday, 31 May 2014 02:50 PM

මොලේ නැතිකම වගේම නැහැදිච්චකමත් පෙන්වන මේ සිද්ධියේදී ඔය කියන දේශපාලනඥයාට කරන්න තිබුනේ, රාලහාමි හරියට රාජකාරිය කෙරුවාට ප්‍රසංසා කරලා දඩ කොලේ අරගෙන ගිහින් ඔ.අයි .සි. ලවා එක ඉවත් කරගන්නයි. මේවා සාමාන්‍ය මිනිස්සුත් කරගන්න දේවල්නේ. (අ)

:       0       0

කසුන් Saturday, 31 May 2014 02:51 PM

දැන් පුළුවන්නම් ඇමතිව ආයුධ පෙන්නන්න එක්ක යන්නකෝ. පොඩි මිනිස්සුන්ව විතරයි ආයුධ පෙන්නන්න එක්ක යන්නේ... මේ වගේ සිද්ධිවලදී වෙන්නේ කොස්තාපල්ම කාර් එක ගිණිතියාගන්න එක හරි කාර්මික දෝෂයක් හින්දා කාර් එක ගිණි ගන්න එක හරි (අ)

:       0       0

රුක්ෂාන් Sunday, 01 June 2014 06:52 PM

අනේ අපේ පොලිසිය! (නි)

:       0       0

දර්ශන Sunday, 01 June 2014 08:19 AM

මෙවැනි දේශපාලකයන්ට ප්‍රසිද්ධියේ දඩුවම් දියයුතුයි (නි)

:       0       0

වින්සන්ට් Saturday, 31 May 2014 03:58 PM

දවසින් දවස පොලිසියට ජනතාවගේ ගෞරවය හීන වෙමින් පවතිනවා. ඉස්සර ජනතාව පොලිසියට ගෞරවයක් තිබුණා. එය අද නැති වීමට හේතුවී ඇත්තේ පොලිසියේම වරදිනි. අන් අය‍ට ගරු කිරීම තමන් ගෞරවය ලැබීමට හේතු වන බව වර්තමාන පොලිසිය අමතක කර ඇත. (ස)

:       0       0

ඩීසී Saturday, 31 May 2014 03:59 PM

පේනවා නේද මේ දේශපාලුවෝ, කොහොමද ඉතින් රට හැදෙන්නේ, ආරක්ෂක ඇමති ජනාධිපති පියවර නොගන්නේ ඇයි? , මෙහෙම කිව්ව කියල අදහස් ක‍රන්නේ කැමරා ගලවල දාන්න කියන එක නෙවේ. (ස)

:       0       0

ජයවර්ධන Sunday, 01 June 2014 09:38 AM

අනේ ඕක සුලු දෙයක්නේ.ලංකාවේ ඔහොම වුණාට යුරෝපයේ ඔහොම වෙන්නේ නැහැ... (නි)

:       0       0

සුනිමල් Sunday, 01 June 2014 09:42 AM

මේකද රටේ නීතිය? (නි)

:       0       0

ශාන්ත Sunday, 01 June 2014 09:43 AM

වෙනත් රටවල වගේ ලංකා පොලිසියටත් කාටත් ගරු කරලා කතා කරන්න කියලා දෙන්න ඕනෑ (නි)

:       0       0

පිටිගල Saturday, 31 May 2014 04:46 PM

නියෝජ්‍ය ඇමතිතුමා ඇමති තනතුර දක්වා උසස්වීමට සුදුසුකම් සපුරාගන්න හැදුවාවද්ද? (නි)

:       0       0

පවන් Saturday, 31 May 2014 04:50 PM

හේමා,නීතිය කියන්නේ කාටත් පොදු ලෙස පැවතිය යුතු, කිසිවෙකුටත් ආක්‍රමණය කළ නොහැකි වූ, සමාජ පද්ධතියක අත්තිවාරමයි (නි)

:       0       0

රවී Sunday, 01 June 2014 10:29 AM

බන්දුල පෙරේරා ඉන්නවනේ. මම හිතුවේ අතුරිදහන් වෙලා කියල. කව්ද කියන්නේ පැයට කි. මී. 100 ට යන්න හදපු පාරේ 146 ට යන්න පුළුවන් කියලා, බන්දුල පෙරේරා ඇරෙන්න. (ස)

:       0       0

සේනක Saturday, 31 May 2014 05:25 PM

මේක පුදුමාකාර රටක්නේ! (නි)

:       0       0

සුමනා Saturday, 31 May 2014 05:51 PM

ඔය කියන දේශපාලකයාට කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා මට හිතෙනවා (නි)

:       0       0

චාමික Saturday, 31 May 2014 05:52 PM

මට හිතාගන්න බැරි මේ රටේ වෙන හැම වරදටම දකුණු පළාත ගෑවෙන එක ගැනයි. දැන් යාපනයට යන්නත් බය නැහැ. ගඟෙන් එහාට යනවා කියනකොට දෙපාරක් හිතන්න ඕනෑ. (නි)

:       0       0

මාලි Saturday, 31 May 2014 05:56 PM

පීසී ගෙත් මොකක්හරි වැරැද්දක් ඇති. නැත්නම් නිකම්ම බනියිද? (නි)

:       0       0

ජගත් Saturday, 31 May 2014 06:10 PM

මොහුගේ ඡායාරූපයකුත් සමඟම නම ප්‍රසිද්ධ කළා නම් තමයි හොඳ (නි)

:       0       0

චාන්දනී Sunday, 01 June 2014 01:42 PM

ඔහොම යමුකෝ! (නි)

:       0       0

දර්ශන Sunday, 01 June 2014 02:27 PM

මොකක්ද ඉතින් රටේ නීතිය? (නි)

:       0       0

සංජීව රත්නායක Sunday, 01 June 2014 02:33 PM

රාළහාමිත් දාගන්නේ අහක යන ලෙඩනේ.... (නි)

:       0       0

චමින්ද Saturday, 31 May 2014 06:45 PM

නම කියන්න බැරිද? (නි)

:       0       0

චතුර Saturday, 31 May 2014 11:52 AM

සාක්ෂිය දේශපාලනාඥයට කොස්තාපල් බැන්නා කියල හම්බ උන එකක් ද දන්නේ නෑ. එහෙම නේ වෙන්නේ....(ස)

:       0       0

උදය Saturday, 31 May 2014 11:58 AM

ලොක්කො ලොක්කො වලේ ඉන්න කොට සොක්කො සොක්කො වගේ ඉන්න කියලයි ඔය කියන්නේ. (ස)l

:       0       0

සුකුමල් Saturday, 31 May 2014 12:04 PM

රටේ නීතිය ක්‍රියාත්මක කරවන පුද්ගලයන්ටත් මෙහෙම වෙනව නම්.... රටේ සාමාන්‍ය පුරවැසියන් ගැන කුමන කතාද.... පොලිසියේ කෙනෙකුට අපරාධයක් උනාම නම් පොලිසියෙන් පැනල ආයුධ පෙන්වන්න අරන් යනවා.... දුප්පත් මිනිහට ඉන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි කියලා හිත හදා ගන්න....(ස)

:       0       0

මිලානො ජයන්ත Saturday, 31 May 2014 12:06 PM

සමහර විට ඒ කැමරාවේ දෝශ තියෙන්න පුලුවන්? පි.සී. වෙන්න බැරිද ඔය බනින්න අැත්තේ? මොකද එතුමා දේශපාලනඥයෙක් නෙ. (ස)

:       0       0

බුද්ධික Saturday, 31 May 2014 12:17 PM

පී සී ම බැනගෙන කියල කියන්න බැරි නැහැ තව ටික දවසකින්. දේශපාලනාඥයා කියයි මතක නැහැ කියල.(ස)

:       0       0

කුමාර Saturday, 31 May 2014 12:17 PM

මේ රටේ සදාචාරය විනාශ කරන්නේ දේශපාලුවෝ. (ස)

:       0       0

නිශාන්ත Saturday, 31 May 2014 12:20 PM

උප ඇමතිගෙ නම දාන එක අකැපද? (අ)

:       0       0

ඉන්ද්‍රානි Saturday, 31 May 2014 07:47 PM

දැන් නම් ලංකාව අන්තයටම පිරිහිලා (නි)

:       0       0

තාරක Saturday, 31 May 2014 12:23 PM

පොලිස් කොමිසම වහාම පිහිටවනු හෙට උද්ඝෝෂණ කරමු මේ දැන් මේකයි වෙලාව කෝ විපක්ෂය ? කෝ කුවුරුත් නැද්දෝ (අ)

:       0       0

කමල් Saturday, 31 May 2014 12:27 PM

මම ඔට්ටුවක් අල්ලනවා, ඔය සී සී ටී වී කැමරාව ළඟදීම ක්‍රියා විරහිත වී පෙර දර්ශන නැවත බැලිය නොහැකි තත්වයකට පත් වෙනවා. (අ)

:       0       0

පියල් Saturday, 31 May 2014 08:05 PM

පීසී මහත්තයා කොයිකටත් ප්‍රවේශමෙන්! (නි)

:       0       0

කමල් Saturday, 31 May 2014 12:30 PM

මම ඔට්ටුවක් අල්ලනවා , ඔය කැමරාව ළඟදීම ක්‍රියා විරහිත වී පෙර දර්ශන නැවත බලන්න බැරි වෙනවා. ප්‍රමාණවත් සාක්කි නැත .(අ)

:       0       0

පෙරේරා Saturday, 31 May 2014 08:35 PM

අනේ ඉතින් අපි ගැන කවර කතාද? (නි)

:       0       0

නිලන්ක Saturday, 31 May 2014 12:33 PM

ඔකේ වරද පී.සි.ගේ

:       0       0

දිල්ශාන් Saturday, 31 May 2014 08:46 PM

මෙවන් දේශපාලුවෝ ඉන්නාතුරු අපි කාටවත් සන්තෝෂයෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

සුනිල් Saturday, 31 May 2014 12:35 PM

මම වාහනේ යද්දී රාලහාමි කෙනෙක් වාහනේ නවත්තන්න කිවා. හේතුව දන්නේ නැහැ. වාහනේ ළඟට ආව රාලහාමි මට බැනගෙන ගියා. මට පුදුම ලැජ්ජාවක් ඇති උනේ. ඉස්සරහ අංක තහඩුව ඇදවෙලා තිබුනලු. වරද ඒකයි. රාළහාමි එහෙම බනිනකොට මන් කරබාගෙන හිටියා. මටත් මොකක් හෝ බලයක් හිබුනානම් කියල මට හිතුනා. (ස)

:       0       0

තරිදු Saturday, 31 May 2014 08:47 PM

කවුද කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

ප්‍රදීප් Saturday, 31 May 2014 12:37 PM

නියෝජ්‍ය ඇමති තුමා ආයුධ පෙන්නන්න එක්ක ගියානම් හරි (ස).

:       0       0

තරංග Saturday, 31 May 2014 08:50 PM

ප්‍රදීප් කිවුවා වගේ කළා නම් හොඳයි කියලා මටත් හිතුනා (නි)

:       0       0

දයාන් Saturday, 31 May 2014 09:12 PM

දැන් නම් එන්න එන්නම රටේ තත්ත්වය භයානක වෙනවා (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 31 May 2014 12:47 PM

රටේ නීතිය මේ තරම් නරක අතට ගියකාල පරිච්ජේදයක් ඉතිහාසයේ තිබුන කියල මම නම් අහල දැකල නැහැ. (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 31 May 2014 12:50 PM

පැයට කිලෝ මීටර් 146 පමණ වේගයෙන් රිය පැදවීමේ වරදට දොඩම්ගොඩ පිවිසුමේදී දඩ කොළයක් දීමෙන් පසු.....අදිවේගේ මාර්ග හදල තියෙන්නේ වේගයෙන් යන්න මිසක් පැයට කිලෝ මීටර් 50-60 ක වේඅගයෙන් යන්න කියල කියන මෝඩයා කව්ද? (අ)

:       0       0

පියල් Saturday, 31 May 2014 10:19 PM

මේක දැන් දේශපාලඥයින්ටම ගිය රටක් වෙලානේ! (නි)

:       0       0

පාලිත Saturday, 31 May 2014 10:19 PM

දේශපාලඥයෙකුට දඩ කොළයක් දෙන්න බැරිද එතකොට? (නි)

:       0       0

අන්දරමාන Saturday, 31 May 2014 12:57 PM

නීතිය කාටත් පොදුය. සුපහැදිලිව පෙනෙයි කොස්තාපල්ට අපරාදය සිදුකර ඇත්තේ කාගේ වුවමනාවටද කියල ..ඔන්න අගතියක් වී ඇත්තේ සාමාන්‍ය ජනතාවටනම් නොවේ රටේ නීතිය හා සාමය රකින පොලිසියේ නිලදාරියෙකුටය බලමු යුක්තියද අයුක්තියද ජයගන්නේ කියල .(අ)

:       0       0

හේමා Saturday, 31 May 2014 12:58 PM

කෝ මේ කැමරාව ? අනේ ඒක නැති වෙලා නේ ! (අ)

:       0       0

ආනන්ද Saturday, 31 May 2014 12:58 PM

දඩ කොලේ ලිවුවා කියන එක නං සාමාන්‍ය දෙයක්. ඒ තුමාට ඕකට කෙන්ති යන්නේ නැහැ. රාළහාමි වාහනේ ඇතුලට නැහැයි ඇහැයි දෙකම දාල බැලුවාද දන්නේ නැහැ. (අ)

:       0       0

තිලක් Saturday, 31 May 2014 01:00 PM

දේශපාලනාඥයන්ගෙන් පොලිසිය බේරාගමු ,(අ)

:       0       0

පිටිගල Saturday, 31 May 2014 01:02 PM

අයියෝ අපේ පොලිසිය!. මම ලංකාවට ගිහින් වහනයක් කුලියට අරන් ගමේ යද්දී පොලිසියෙන් නවත්තලා මට ලයිසන් දීපු කෙනාටයි අපේ අම්මටයි ,මටයි, සෙත් ශාන්තියක් කළා මගේ දුවයි, බිරිඳයි, නන්දම්මායි ඉස්සරහ. (ස)

:       0       0

යසන්ත Saturday, 31 May 2014 01:04 PM

ඔය දේවල් ඔක්කොම මිනිසුන්ට අමතක වෙනවා අරය ගිහිල්ල පොඩි බබෙක් වඩා ගත්තම. (ස)

:       0       0

නන්දන Saturday, 31 May 2014 01:06 PM

මේ පුවතම එක්තරා බලපෑමක් .............තේරුම් ගන්න. (ස)

:       0       0

නිෂාන් Saturday, 31 May 2014 01:07 PM

නියෝජ්‍ය ඇමතිතුමාව නම් ආයුධ පෙන්නන්න එක්කන් යන්න හම්බ වෙන්නෙ නෑ. පොලිසියත් දේශපාලකයන්ට බයයි. ඕක වෙන කෙනෙක් කළා නම් බලන්න තිබුණා. (ස)

:       0       0

මධුෂානි Sunday, 01 June 2014 12:16 AM

ඉතින් මොකක්ද අපේ සුන්දර ශ්‍රී ලංකාවේ අනාගතය? (නි)

:       0       0

නිමල් Sunday, 01 June 2014 12:32 AM

පුදුමාකාර නීතියක්නේ මේක? පොඩි මිනිසුන්ට විතරද දඩ කොළ ගෙවන්න වෙන්නේ එතකොට? (නි)

:       0       0

වජිර Sunday, 01 June 2014 12:48 AM

මේ අදහස් අපේ ඡන්දදායකයන් බලනවා ඇතිනේ.... නේද? දැන්වත් ඔවුන්ට සත්‍යය වැටහෙනවා නම්..... (නි)

:       0       0

තිලක් Saturday, 31 May 2014 01:28 PM

මෙච්චර කල් හිටියේ එක්කෙනයි දැන් තව එකේකෙනෙක් අැවිල්ලා (අ)

:       0       0

සුජීවනී Saturday, 31 May 2014 01:30 PM

අැල්ලුවත් වැඩක් නෑ තමාම වෙඩි තියාගෙන තමාම තමාගේ කර් ඒකට ගිනිතියා ගත්තා කියලා තමාවිසින්ම ලියන ලද වාර්ථාවක් ඒයි (අ)

:       0       0

දයාන් Saturday, 31 May 2014 01:30 PM

මෙවන් දෑ ඇසීමෙන් අපේක්ෂා භංගත්වයට පත් වන්නේද අපමය. මේ සියල්ලම වැරදි පුර්වාදර්ශයන්ය.(අ)

:       0       0

නන්ද Saturday, 31 May 2014 01:40 PM

මේ දේශපාලනඥයාගේ මොකක් හරි අඩුවක් ඇති පී.සී. කෙනෙකුට බනින්න තරම් (අ)

:       0       0

සෙනෙවි Saturday, 31 May 2014 01:45 PM

එහෙනං මිනිහ ගැන සැකයි (අ)

:       0       0

රංගන විරාජ් පාලිත Saturday, 31 May 2014 01:47 PM

පොලිස් කාන්තාවන්ට අලුත් නිල ඇඳුමක් දෙනවා කියල වාර්තා උනා, පොලිසියේ ඇඳුම් ගලවන ඇමතියන්ට ජම්පර් අන්දවන්නේ කවදද? (අ)

:       0       0

සෝමරතන Sunday, 01 June 2014 03:15 AM

අන්තිමට ලොකු ලොක්කෝ නිසා පොඩ්ඩෝ ගුටිකනවා....? (නි)

:       0       0

ලාලනී Sunday, 01 June 2014 03:17 AM

මෙම අවනඩුව කෙසේ විසඳේවිදැයි කියා ඇත්තේ සැකයකි (නි)

:       0       0

සේන Saturday, 31 May 2014 01:57 PM

කොටි හිටපු කාලේ වත් පොලිස් පොලිස් නිළධාරීන් මෙතරම් කරදර වලට පත් වෙලා නැතිව ඇති (අ)

:       0       0

දර්ශන Saturday, 31 May 2014 01:59 PM

හා හා ප්‍රදීප් කට කට !මේක අසවල් උදවියගේ අඩවිය. !! (අ)

:       0       0

පී ගුනසේකෙර Saturday, 31 May 2014 02:19 PM

මේ රටේ හරි නීතියක් තියනවනම් ජනාධිපති, ආරක්ෂක ඇමති මේවට නිසි පියවර ගත යතුය. නීතිය තියෙන්නේ රටක් හදන්න. අපේ පිහිටෙන් මැති සභයට ගිහිල්ල විනාශ කරන්න නොවේ. (අ)

:       0       0

බන්දුල Sunday, 01 June 2014 05:04 AM

අපිට නම් හිතාගන්න පුලුවන් ඔය කියන බලවතාගේ නම... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 572 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1509 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1561 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 379 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 631 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 472 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36820 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24312 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site