දොඩංගොඩ රබර් වත්තේදී නාඳුනන පිරිසකගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ බව කියන කොස්තාපල්ට ඊට දින කිහිපයකට පෙර දකුණු පළාතේ දේශපාලනාඥයකු තර්ජනය කරන අයුරු සී.ටී. කැමරා සටහන් වී ඇතැයි පොලිසිය කියයි. පැයට කිලෝ මීටර් 146 පමණ වේගයෙන් රිය පැදවීමේ වරදට දොඩම්ගොඩ පිවිසුමේදී දඩ කොළයක් දීමෙන් පසු එම දේශපාලනාඥයා ඔහුට තර්ජනය කරන අයුරු එම දර්ශනයේ දැක්වේ. ඔහු නියෝජ්‍ය ඇමැතිවරයකු බව දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුගේ ඡායාරූපයකුත් සමඟම නම ප්‍රසිද්ධ කළා නම් තමයි හොඳ (නි)
දැන් නම් එන්න එන්නම රටේ තත්ත්වය භයානක වෙනවා (නි)
ප්‍රදීප් කිවුවා වගේ කළා නම් හොඳයි කියලා මටත් හිතුනා (නි)
කවුද කියලා අපි නම් දන්නවා (නි)
මෙවන් දේශපාලුවෝ ඉන්නාතුරු අපි කාටවත් සන්තෝෂයෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. (නි)
අනේ ඉතින් අපි ගැන කවර කතාද? (නි)
පීසී මහත්තයා කොයිකටත් ප්‍රවේශමෙන්! (නි)
දැන් නම් ලංකාව අන්තයටම පිරිහිලා (නි)
නම කියන්න බැරිද? (නි)
මේක දැන් දේශපාලඥයින්ටම ගිය රටක් වෙලානේ! (නි)
පීසී ගෙත් මොකක්හරි වැරැද්දක් ඇති. නැත්නම් නිකම්ම බනියිද? (නි)
මට හිතාගන්න බැරි මේ රටේ වෙන හැම වරදටම දකුණු පළාත ගෑවෙන එක ගැනයි. දැන් යාපනයට යන්නත් බය නැහැ. ගඟෙන් එහාට යනවා කියනකොට දෙපාරක් හිතන්න ඕනෑ. (නි)
ඔය කියන දේශපාලකයාට කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා මට හිතෙනවා (නි)
මේක පුදුමාකාර රටක්නේ! (නි)
හේමා,නීතිය කියන්නේ කාටත් පොදු ලෙස පැවතිය යුතු, කිසිවෙකුටත් ආක්‍රමණය කළ නොහැකි වූ, සමාජ පද්ධතියක අත්තිවාරමයි (නි)
නියෝජ්‍ය ඇමතිතුමා ඇමති තනතුර දක්වා උසස්වීමට සුදුසුකම් සපුරාගන්න හැදුවාවද්ද? (නි)
පේනවා නේද මේ දේශපාලුවෝ, කොහොමද ඉතින් රට හැදෙන්නේ, ආරක්ෂක ඇමති ජනාධිපති පියවර නොගන්නේ ඇයි? , මෙහෙම කිව්ව කියල අදහස් කරන්නේ කැමරා ගලවල දාන්න කියන එක නෙවේ. (ස)
දවසින් දවස පොලිසියට ජනතාවගේ ගෞරවය හීන වෙමින් පවතිනවා. ඉස්සර ජනතාව පොලිසියට ගෞරවයක් තිබුණා. එය අද නැති වීමට හේතුවී ඇත්තේ පොලිසියේම වරදිනි. අන් අයට ගරු කිරීම තමන් ගෞරවය ලැබීමට හේතු වන බව වර්තමාන පොලිසිය අමතක කර ඇත. (ස)
මෙවැනි දේශපාලකයන්ට ප්‍රසිද්ධියේ දඩුවම් දියයුතුයි (නි)
අනේ අපේ පොලිසිය! (නි)
රාළහාමිත් දාගන්නේ අහක යන ලෙඩනේ.... (නි)
මොකක්ද ඉතින් රටේ නීතිය? (නි)
ඔහොම යමුකෝ! (නි)
බන්දුල පෙරේරා ඉන්නවනේ. මම හිතුවේ අතුරිදහන් වෙලා කියල. කව්ද කියන්නේ පැයට කි. මී. 100 ට යන්න හදපු පාරේ 146 ට යන්න පුළුවන් කියලා, බන්දුල පෙරේරා ඇරෙන්න. (ස)
වෙනත් රටවල වගේ ලංකා පොලිසියටත් කාටත් ගරු කරලා කතා කරන්න කියලා දෙන්න ඕනෑ (නි)
මේකද රටේ නීතිය? (නි)
අනේ ඕක සුලු දෙයක්නේ.ලංකාවේ ඔහොම වුණාට යුරෝපයේ ඔහොම වෙන්නේ නැහැ... (නි)
දැන් පුළුවන්නම් ඇමතිව ආයුධ පෙන්නන්න එක්ක යන්නකෝ. පොඩි මිනිස්සුන්ව විතරයි ආයුධ පෙන්නන්න එක්ක යන්නේ... මේ වගේ සිද්ධිවලදී වෙන්නේ කොස්තාපල්ම කාර් එක ගිණිතියාගන්න එක හරි කාර්මික දෝෂයක් හින්දා කාර් එක ගිණි ගන්න එක හරි (අ)
අපිට නම් හිතාගන්න පුලුවන් ඔය කියන බලවතාගේ නම... (නි)
මෙම අවනඩුව කෙසේ විසඳේවිදැයි කියා ඇත්තේ සැකයකි (නි)
අන්තිමට ලොකු ලොක්කෝ නිසා පොඩ්ඩෝ ගුටිකනවා....? (නි)
මේ අදහස් අපේ ඡන්දදායකයන් බලනවා ඇතිනේ.... නේද? දැන්වත් ඔවුන්ට සත්‍යය වැටහෙනවා නම්..... (නි)
පුදුමාකාර නීතියක්නේ මේක? පොඩි මිනිසුන්ට විතරද දඩ කොළ ගෙවන්න වෙන්නේ එතකොට? (නි)
ඉතින් මොකක්ද අපේ සුන්දර ශ්‍රී ලංකාවේ අනාගතය? (නි)
දේශපාලඥයෙකුට දඩ කොළයක් දෙන්න බැරිද එතකොට? (නි)
මම ඔට්ටුවක් අල්ලනවා, ඔය සී සී ටී වී කැමරාව ළඟදීම ක්‍රියා විරහිත වී පෙර දර්ශන නැවත බැලිය නොහැකි තත්වයකට පත් වෙනවා. (අ)
කෝ මේ කැමරාව ? අනේ ඒක නැති වෙලා නේ ! (අ)
නීතිය කාටත් පොදුය. සුපහැදිලිව පෙනෙයි කොස්තාපල්ට අපරාදය සිදුකර ඇත්තේ කාගේ වුවමනාවටද කියල ..ඔන්න අගතියක් වී ඇත්තේ සාමාන්‍ය ජනතාවටනම් නොවේ රටේ නීතිය හා සාමය රකින පොලිසියේ නිලදාරියෙකුටය බලමු යුක්තියද අයුක්තියද ජයගන්නේ කියල .(අ)
පැයට කිලෝ මීටර් 146 පමණ වේගයෙන් රිය පැදවීමේ වරදට දොඩම්ගොඩ පිවිසුමේදී දඩ කොළයක් දීමෙන් පසු.....අදිවේගේ මාර්ග හදල තියෙන්නේ වේගයෙන් යන්න මිසක් පැයට කිලෝ මීටර් 50-60 ක වේඅගයෙන් යන්න කියල කියන මෝඩයා කව්ද? (අ)
රටේ නීතිය මේ තරම් නරක අතට ගියකාල පරිච්ජේදයක් ඉතිහාසයේ තිබුන කියල මම නම් අහල දැකල නැහැ. (අ)
නියෝජ්‍ය ඇමති තුමා ආයුධ පෙන්නන්න එක්ක ගියානම් හරි (ස).
මම වාහනේ යද්දී රාලහාමි කෙනෙක් වාහනේ නවත්තන්න කිවා. හේතුව දන්නේ නැහැ. වාහනේ ළඟට ආව රාලහාමි මට බැනගෙන ගියා. මට පුදුම ලැජ්ජාවක් ඇති උනේ. ඉස්සරහ අංක තහඩුව ඇදවෙලා තිබුනලු. වරද ඒකයි. රාළහාමි එහෙම බනිනකොට මන් කරබාගෙන හිටියා. මටත් මොකක් හෝ බලයක් හිබුනානම් කියල මට හිතුනා. (ස)
ඔකේ වරද පී.සි.ගේ
මම ඔට්ටුවක් අල්ලනවා , ඔය කැමරාව ළඟදීම ක්‍රියා විරහිත වී පෙර දර්ශන නැවත බලන්න බැරි වෙනවා. ප්‍රමාණවත් සාක්කි නැත .(අ)
දඩ කොලේ ලිවුවා කියන එක නං සාමාන්‍ය දෙයක්. ඒ තුමාට ඕකට කෙන්ති යන්නේ නැහැ. රාළහාමි වාහනේ ඇතුලට නැහැයි ඇහැයි දෙකම දාල බැලුවාද දන්නේ නැහැ. (අ)
පොලිස් කොමිසම වහාම පිහිටවනු හෙට උද්ඝෝෂණ කරමු මේ දැන් මේකයි වෙලාව කෝ විපක්ෂය ? කෝ කුවුරුත් නැද්දෝ (අ)
උප ඇමතිගෙ නම දාන එක අකැපද? (අ)
මේ රටේ සදාචාරය විනාශ කරන්නේ දේශපාලුවෝ. (ස)
පී සී ම බැනගෙන කියල කියන්න බැරි නැහැ තව ටික දවසකින්. දේශපාලනාඥයා කියයි මතක නැහැ කියල.(ස)
සමහර විට ඒ කැමරාවේ දෝශ තියෙන්න පුලුවන්? පි.සී. වෙන්න බැරිද ඔය බනින්න අැත්තේ? මොකද එතුමා දේශපාලනඥයෙක් නෙ. (ස)
රටේ නීතිය ක්‍රියාත්මක කරවන පුද්ගලයන්ටත් මෙහෙම වෙනව නම්.... රටේ සාමාන්‍ය පුරවැසියන් ගැන කුමන කතාද.... පොලිසියේ කෙනෙකුට අපරාධයක් උනාම නම් පොලිසියෙන් පැනල ආයුධ පෙන්වන්න අරන් යනවා.... දුප්පත් මිනිහට ඉන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි කියලා හිත හදා ගන්න....(ස)
ලොක්කො ලොක්කො වලේ ඉන්න කොට සොක්කො සොක්කො වගේ ඉන්න කියලයි ඔය කියන්නේ. (ස)l
මෙවන් දෑ ඇසීමෙන් අපේක්ෂා භංගත්වයට පත් වන්නේද අපමය. මේ සියල්ලම වැරදි පුර්වාදර්ශයන්ය.(අ)
මොලේ නැතිකම වගේම නැහැදිච්චකමත් පෙන්වන මේ සිද්ධියේදී ඔය කියන දේශපාලනඥයාට කරන්න තිබුනේ, රාලහාමි හරියට රාජකාරිය කෙරුවාට ප්‍රසංසා කරලා දඩ කොලේ අරගෙන ගිහින් ඔ.අයි .සි. ලවා එක ඉවත් කරගන්නයි. මේවා සාමාන්‍ය මිනිස්සුත් කරගන්න දේවල්නේ. (අ)
ඇයි නම කියන් බය (අ)
මේ රටේ හරි නීතියක් තියනවනම් ජනාධිපති, ආරක්ෂක ඇමති මේවට නිසි පියවර ගත යතුය. නීතිය තියෙන්නේ රටක් හදන්න. අපේ පිහිටෙන් මැති සභයට ගිහිල්ල විනාශ කරන්න නොවේ. (අ)
හා හා ප්‍රදීප් කට කට !මේක අසවල් උදවියගේ අඩවිය. !! (අ)
කොටි හිටපු කාලේ වත් පොලිස් පොලිස් නිළධාරීන් මෙතරම් කරදර වලට පත් වෙලා නැතිව ඇති (අ)
පොලිස් කාන්තාවන්ට අලුත් නිල ඇඳුමක් දෙනවා කියල වාර්තා උනා, පොලිසියේ ඇඳුම් ගලවන ඇමතියන්ට ජම්පර් අන්දවන්නේ කවදද? (අ)
එහෙනං මිනිහ ගැන සැකයි (අ)
මේ දේශපාලනඥයාගේ මොකක් හරි අඩුවක් ඇති පී.සී. කෙනෙකුට බනින්න තරම් (අ)
සාක්ෂිය දේශපාලනාඥයට කොස්තාපල් බැන්නා කියල හම්බ උන එකක් ද දන්නේ නෑ. එහෙම නේ වෙන්නේ....(ස)
අැල්ලුවත් වැඩක් නෑ තමාම වෙඩි තියාගෙන තමාම තමාගේ කර් ඒකට ගිනිතියා ගත්තා කියලා තමාවිසින්ම ලියන ලද වාර්ථාවක් ඒයි (අ)
මෙච්චර කල් හිටියේ එක්කෙනයි දැන් තව එකේකෙනෙක් අැවිල්ලා (අ)
නියෝජ්‍ය ඇමතිතුමාව නම් ආයුධ පෙන්නන්න එක්කන් යන්න හම්බ වෙන්නෙ නෑ. පොලිසියත් දේශපාලකයන්ට බයයි. ඕක වෙන කෙනෙක් කළා නම් බලන්න තිබුණා. (ස)
මේ පුවතම එක්තරා බලපෑමක් .............තේරුම් ගන්න. (ස)
ඔය දේවල් ඔක්කොම මිනිසුන්ට අමතක වෙනවා අරය ගිහිල්ල පොඩි බබෙක් වඩා ගත්තම. (ස)
අයියෝ අපේ පොලිසිය!. මම ලංකාවට ගිහින් වහනයක් කුලියට අරන් ගමේ යද්දී පොලිසියෙන් නවත්තලා මට ලයිසන් දීපු කෙනාටයි අපේ අම්මටයි ,මටයි, සෙත් ශාන්තියක් කළා මගේ දුවයි, බිරිඳයි, නන්දම්මායි ඉස්සරහ. (ස)
දේශපාලනාඥයන්ගෙන් පොලිසිය බේරාගමු ,(අ)