නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම අලුයම 12.51ට සිංගප්පූරු ගුවන් සේවයේ එස් කියු 468 ගුවන්යානයෙන් සිංගප්පූරුව බලා කටුනායකින් පිටත්ව ගිය බව ගුවන්තොට ආරංචි කියයි.
මෙම යානය පිටත්වීමට නියමිතව තිබුණේ 12.40ටය. එම ගුවන් ගමන මිනිත්තු 11ක් පමාවී කටුනායකින් පිටත්විය.
ගුවන්තොට ආරංචි පැවසුවේ මීට පෙරද වරෙන්තු පිට සිටි රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු එතෙර ගිය බවට තොරතුරු ඇති බවයි.
මේ අතර මුතුහෙට්ටිගම මහතා එතෙර යාමට සිටින බවට තොරතුරක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට බ්‍රහස්පතින්දා රාත්‍රී 11ට පමණ දන්වා ඇතැයිද එම තොරතුරින් කියවුණේ ඔහු පැය 2කින් රටින් පිටව යාමට නියමිත බව යැයිද දැනගන්නට ඇත.
වඳුරඹදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද වේදිකාවකට පහරදීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් උසාවි ගෙන යන අතරමගදී පැහැර ගත්තැයි ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් මීට දින කිහිපයකට පෙර පොලිස්පති මඟින් වරෙන්තු නිකුත් කර තිබිණි.
මුතුහෙටිටිගම බ්‍රහස්පතින්දා මැදියම් රැයේ ගම්පහ සිට කටුනායකට පැමිණි බවද දැනගන්නට ඇත.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
උප ඇමැති මුතුහෙට්ටිගම රටින් පනී
අනුරාධ Friday, 26 December 2014 06:53 AM
කලබල වෙන්න එපා සාලිය මේක තමා මහින්දගේ යහපාලනය. මේ යහපාලනය නිසා තමා මේ රට දවසෙන් දවස වලපල්ලට යන්නේ. පොඩි මිනිහෙකුට මේ යහපාලනය මේ විදිහට සලකාවිද? අජිත් රෝහණ මහත්තයත් නීති ක්ෂේත්‍රයේ කෙනෙක් නේද? (නදී)
ඉසුරු Friday, 26 December 2014 02:16 AM
ඔය තියෙන්නෙ රටේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි. (අ)
සාලිය, මහව Friday, 26 December 2014 03:35 AM
දැන් තිබෙන යහපාලනයද මේ? මේක ඉක්මනින් වෙනස් කරන්න ඕනෑ කියලා අපි කියන්නේත් ඒකයි. (නි)
බුද්ධි Friday, 26 December 2014 04:01 AM
කව්රුවත් වැරදි නෑ. මේකට වැරදි අහිංසක මහජනතාවයි. (ර)
නවීන් Friday, 26 December 2014 04:03 AM
අමතක වීමේ රෝගය හැදිලා ප්‍රතිකාර ගන්න සිංගප්පුරු යන්න ඇති. එනිසා කවුරුවත් මොනවත් කියන්න එපා.(හේ)
රවී Friday, 26 December 2014 04:06 AM
රටින් පනිනකන් මොකද කළේ.(හේ)
අමිල පිරිස් Friday, 26 December 2014 04:28 AM
දේශපාලකයන් නීති විරෝදී වැඩ කරන්නේ දැනට පවතින නිතිය දේශපාලන බලයට යටවෙලා නිසා. (ර)