මාතලේ යටවත්තේ දී සන්ධාන අපේක්ෂක චින්තන ඒකනායකගේ රියදුරුට පහර දුන්නැයි සැකපිට නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතාගේ සම්බන්ධීකරණ නිලධාරී නිශ්ශංඛ ඩයස් මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ඔහු යටවත්ත පොලිසියට භාර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම මැතිවරණ ප්‍රචන්ඩත්වයට දායක වන පුද්ගලයන් මැතිවරණය අවසන් වන තුරු රිමාන්ඩ් එකේ තියන්න ඕනෑ (නි)
හැබෑව. කෑම බීම අපෙන්ද? (නි)
මෙවැනි අය රට දියුණු කරන්නෙ කෙසේද?රටේ දියුනුව කෙසේ වෙතත් මොවුන්ගේ දියුණුව නම් හොදින් පෙනේ. (නි)
ඒ පාර ලේකම්ලාත් ගහන්න පටන් අරන්ද? දැන් නම් ඉතින් අපටත් පටන් ගන්න වෙයි වගේ."ඉවසුවා ඇති" (දී)
වැරදියි..වැරදියි..මාතලේ ප්‍රදේශයේ ජනතාවට සෙනෙහසින්..ආදරයෙන්. සේවයක් කිරීමට ඉදිරිපත් වෙනකොට ඊට එරෙහි වන අයට අතින් පයින් බැරිනම් ආයුධවලින් හරි ගහන්න ඕන. ඇයි .ඒ ජනතාව වෙනුවෙන්... එම නිසා අතිඋතුම් ලේකම් තුමාව රිමාන්ඩ් කිරීම සම්පුර්ණයෙන් වැරදියි. බොරු නම් රෝහණ දිසානායක උප ඇමති තුමාගෙන් අහල බලන්න.. (දී)
මේ වස් කාලේද? වස් වැදිලා වගේ?(අ)