පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වඳුරඹ රැස්වීමක වේදිකාවක් ගිනි තැබුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු ඇතුළු පිරිසක් යැයි ද, එය වීඩියෝ ගත කර ඇතැයි ද හිටපු ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
හබරාදූවේ සහ බම්බල පිටියේ රැස්වීම් දෙකක් ද කඩාකප්පල් කර ඇති බවත්, පොදු අපේක්ෂකයාගේ රැලි කඩාකප්පල් කිරීමේ සංවිධානාත්ම සැලැස්මක් ක්‍රියාත්මක වෙන බවත්, මේවාට හේතුව විධායක ජනාධිපති ක්‍රමය අත්තනෝමතික ලෙස භාවිත කිරීම බවත්, හැකි ඉක්මනින් එය අහෝසි කර රටට යහපාලනය උදා කර දිය යුතු බවත් සේනාරත්න මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නම් වැරදිලාවත් ඇමති කෙනෙක් උනොත් රටම ගිනි තියයි. (නදී)
සාක්ෂි තියෙනවා නම් ඉතින් අත්අඩංගුවට ගන්න පුළුවන්නේ (නි)
මට නම් හිතාගන්න පුළුවන් කවුද කියලා (නි)
හොඳයි. නව තාක්ෂණය යොදාගෙන තියෙනවා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ.පෙන්නන්න බලන්න ඔය රූපරාමු.බලමු කවුද කළේ කියලා? (නි)
මෙහෙම අයට ඡන්දය දෙන අයටත් ගහන්නයි වටින්නේ (නි)
දැන් ඉතින් වීඩියොත් තියනවා නම් පොලිසියට පුලුවන්නේ යමක් කරන්න (නි)
අට වෙනිදාට පසු ඇත්තටම සමහරුන්ට ගිනිතියා ගන්න හිතෙයි. (නි)
මෙහෙම අයනේ මිනිස්සු ඡන්දය දීලා පත්කරගන්නේ? (නි)
ඉතින් ඔය වීඩියෝ එක දාන්නකෝ එළියට. නැත්නම් පස්සේ කියයි අපි 8 වෙනිදායින් පස්සේ පෙන්නන්නම් කියලා. (නි)
ගාල්ලෙ අපි එක්ක අනං මනං සෙල්ලං බෑ. ආයේ පළාතක එන්න හිතන්න එපා (නදී)
සමහරු දැන්මම පරාදවෙලා වගේනේ (නි)
අර යකඩ කපන කෙනාද ? (අ)
බවලතුන් කට ඇරිය ගමන් දේශපාලන රැස්වීම් වලින් මාරු වෙලා යනව නේද ? (නදී)
මොළේ කළඳක් නැති අයයි මේ වගේ වැඩකරන්නේ (නදී)
බය වෙන්න ඕන නැහැ. ජනාධිපතිතුමා කියනවානේ නීතිය කාටත් එක වගේ ඉෂ්ඨ කරනවා කියලා. හැබැයි ඉතින් අර යකඩ හොරා නම් තවම ඉන්නේ වරෙන්තු පිට. (නදී)
අර බවලතෙකුගෙන් හිරේ යවන කතාවක් අහ ගත්ත කෙනා ද ? (නදී)
හරියට හරි දිලාන් ගිනි තියන වැඩ වලදී විතරයි ඔය කියන කෙනා ගේ චන්ඩිකම්. (නදී)
ගාල්ලේ ඉන්න මැරයෝ දන්නෝ දනිති. නමුත් කාලය ආ විට ඔවුන් එලියට එයි. (හේ)
විඩියෝ ඕනේ නැහැ හිත ගන්න පුළුවන් කවුද කරේ කියලා.(හේ)
මෙයා කියන කතා එයාම කලින් කරපු ඒවාම වෙන්න ඇති.(හේ)
මේ වීඩියෝ එක පෙන්නන්නකෝ අපිටත් ඔය චන්ඩියව බලාගන්න (නදී)
" යහ පාලනය - යහ පාලනය" (නදී)
අපි බලාගෙන ඉන්නේ ඔය කියන කතාව ඇත්ත නම් වීඩියෝ එක ටීවී එකට පෙන්නලා පොලිසියට දෙන්න. (නදී)