අධිවේගී මාර්ග පොලිසියේ කොස්තාපල් සුමින්ද සමන්ට පහර දී ඔහුගේ නැනෝ කාරය ගිනි තැබීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තිස් දෙනකුගෙන් පමණ අද වන විට ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.
සමූපකාර නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මහතාගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලියාගෙන ඇත.
එම කොස්තාපල්ගේ සහෝදරයකු ඇමෙරිකාවේ සිටින බවත්, ඔහු ද ඇමෙරිකාවට යෑමට වීසා ඉල්ලා ඇති බවත් ප්‍රශ්න කිරීම්වල දී සඳහන් විය.
රුපියල් ලක්ෂ 30ක වත්කමක් පෙන්වීමට අපහොසත් වීම නිසා ඔහුට වීසා නොලැබුණු බව ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුවත බලන විට කෙනෙකුට හැඟීයන්නේ මෙම පොලිස් නිලධාරියා සැලසුම් සහගතව යමක් සිදුකිරීමට උත්සහකල බවයි. නමුත් මට මා නාදුනන මෙම නිලධාරියා වෙනුවෙන් කරුණු දෙකක් ඇසිය යුතුය. 1. මෙම නිලධාරියා දේශපාලකයාගේ වාහනය නැවත්වුවේ ඔහුගේ වුවමනාවටද නැත්නම් එයට පෙර පොලිසියෙන් ඔහුට කල දැනුම් දිමකින්ද? 2. මෙම නිලධාරියා ඔහුගේ රථයට ගිනි රක්ෂණයක් ලබාගෙන තිබුනද? කරුණාකර දන්නා කෙනෙක් සියලු ජනතාව වෙනුවෙන් ලංකාදීප පුවත් පතට මෙයට පිළිතුරු දෙන්න. (නදී)
කිසිම හයියක් බලයක් නැති අහිංසකයෝ අල්ලා විසදුම් දුන්නට දේශපාලකයෝ ගෑවෙන ප්‍රශ්න විසඳන්න පොලිසියට සහ නීතියට කල්ප ගාණන් යනවා.(නදී)
වාහනය ගන්න පී සී ගේ සහෝදරයෝ පිටරටින් සල්ලි එවන්න ඇති. ඒකේ වැරද්දක් මට නම් පේන්නේ නැහැ. අපි වුනත් ලංකාවේ ඉන්න නෑදෑයන් සහෝදරයන්ට පුළුවන් හැටියට උදව් පදව් කරනවා. වාහන තියෙන්න ඕන අසවල් පැලැන්තියේ අයට විතරයි කියලා ලංකාවේ මතයක් තිබුනාට මම සිටින රටේ බොහෝ දෙනෙකුට වාහන තියනවා. අල්ලපු ගෙදර ඉන්න, කම්කරු රැකියාව කරන කෙනාට වාහනයක් තියෙන්නේ කොහොමද කියලා කාටවත් ප්‍රශ්නයක් නැහැ. (නදී)
මට කියන්න හිතුන ඔක්කොම කුසුම් කියලා තියෙනවා.මෙය පළ කිරීම ගැනත් ස්තුතියි. (නි)
පැය දෙකහමාරක්? කොච්චර කාලයක්ද? මොනවද මෙච්චර ප්‍රශ්න කළේ? (නි)
කොහොමත් ඉතින් බොහෝ අවස්ථා වලදී තැලෙන්නේ පොඩි මිනිහාමනේ... (නි)
අනේ මන්දා, කොස්තාපල්ව අතහරින්නේම නැහැ වගෙයි. අන්තිමට මිටි තැනින්ම වතුර ටික බැහැලා යාවිද දන්නෙ නැහැ (නි)
බඩගමුවේදී රාළහාමිලා මැරුවට මරපු කට්ටියව අායුද පෙන්නන්න් ගෙනිච්ච වගේම මේ උතුමවත් ආයුද පෙන්න එක්ක ගිහින් පොලිසිය රටට ආදර්ශයක් දුන්නනම් නේද හොඳ ? (නදී)
අන්තිමට වේග සීමාව ඉක්මවා රිය පැදවීමේ සිද්දියේ දැන් වැරදිකාරයා උනේ අධිවේගී මාර්ගයේ නීතිය ක්‍රියාත්මක කල නිලධාරියා. දැන් එයාගේ නැති වැරදි හොයනවා. මේක තමයි ආසියාවේ ආශ්චර්ය (නදී)
කුසුම් දන්නා තරම. දඩ කොලයක් ලිව්වම අපිත් ඉතින් පොලිස් රාළහාමිගේ හත්මුතු පරම්පරාව මතක් කරන එකේ මේ ඇමති ගොයියත් පොඩි සත්තමක් දාන්න ඇති. නැතුව ඒකට මේ වාගේ බරපතල දෙයක් කොච්චර ඇගේ උන තියෙන කෙනෙක්වත් කරයි කියලා නම් හිතන්න බැහැ. පොලිසියට අත තියල කට්ටිය කාපු පරිප්පු දන්නවනම් ඉතින් ඇමති තුමා කිව්වත් ගෝල බාලයෝ ඔය වැඩේට නම් යන්නේ නැහැ. ඇමති තුමා බේරගන්න හිතන්නත් කලින් කට්ටියට ආයුද පෙන්නන්න යන්න වෙන බව කට්ටිය දන්නවා..මේක මේ වෙන පොතක්.(නදී)
ගින්නක් නැතිව දුමක් නගීද? හිතල බලන්න. හැබැයි ලංකාවේ නම් ගැහැණු පිරිමි කරන්නත් පිරිමි ගැහැණු කරන්නත් බැහැ කියන එක ගැනත් හිතන්න වෙනවා. (නදී)
හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා ද? මෙය පොලිසියට අභියෝගයක් පුලුවන්නම් අල්ලන්න (නදී)
හැමෝම මෙතන ප්‍රශ්න අහනවා විතරයිනේ... (නි)
පොලිස් නිලදාරියා ඇමෙරිකා යන්න හදන එක කොහොමද මේකට අදාළ වෙන්නේ. එය පුද්ගලික කාරණයක්. මට පෙනෙන්නේ ඇමතිට කඩේ ගිහින් තමුන්ගේ මිනිහට වරද පටවන්න වටේ යනවා වගේ. මේක ලංකාවේ දෙයක් නිසා පොලිස් නිලදාරියා වැරදී කාරය කරන එක නම් හොදටම විශ්වාසයි.(නදී)
මට පේන විදිහිට මේ පොලිස් කොස්තාපල්ට කාර් එකක් තිබුන එකේ ලොකු ප්‍රස්නයක් වෙලා. ඉරිසියාවේ පුපුරන මිනිස්සු. ප්‍රශ්නය විය යුත්තේ ඒ මනුස්සයට කාර් එක තිබුන එක නොවෙයි. රාජකාරිය කරන වෙලාවේ අනිසි ලෙස අවිනීත ලෙස බැනපු එකයි. ගහපු එකයි. පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කරන බවක් නොපෙනේ. එයාගේ සහෝදරයා ඇමරිකාවෙද, වෙන කොහෙද කියන එක අදාල නැහැ. හැකි තරම් ඉක්මනට සාදාරණය ඉටු කර ඔහුට තව කාර් එකක් ලබා දෙන එකයි යුතුකම. මට හිතෙන විදිහිට නම් මේ වගේ නිර්භීත නිලදාරියෙකුට උසස් වීමක් ද දිය යුතුයි. දේශපාලකයා ඇත්තටම මේක කලා නම් හෝ අනුබල දුන්නා නම් ඔහුව දුරයෙන් පහ කල යුතුයි. එහෙම නැතිනම් ලබන ඡන්දයේදී හොඳ පාඩමක් ඉගැන්නුවොත් හොඳයි.(නදී)
පැය දෙකහමාරනම් හොදටම මදි (දී)
උප ඇමති වැරදි කරුනම් තරාතිරම නොබලා දඬුවම් දෙන එක හොඳයි (දී)
මේක නිකන් කොහෙද යන්නේ මල්ලේ පොල් කතාවක්නේ. කාර් එක ගිනිතිබ්බ එකට මල්ලිගේ විස ගැන මොනවට කතා කරනවද ? (දී)
අද ලංකාවේ කි දෙනෙක් ග්‍රීන් කාඩ් විසා ඉල්ලුම් කරනවද? මේ නිර්භීත නිලධාරියට ගැලපෙන්නේ ඇමරිකාව වගේ නිතිය, ප්‍රජාතන්ත්‍රවාදය සුරකින රටක්. (නදී)
හමුදාවේ මෙජෙර්ට ගහපු එක කැලණියේ ගස් බැදපු එක රුපවාහිනියේ යකා නටපු එක තංගල්ලේ මිනි මැරුම් එතනෝල් කුඩු කන්ටේනර් භාරත සිද්දිය , ශිරාණි සිද්දිය සෙල්ලම් පිස්තෝල වැනි සියල්ල සලකු විට නීතිය ක්‍රියාත්මක කිරීමට ගිය එම පොලිස් නිලධාරියා තම වාහනය ඔහු විසින්ම ගිනිතබා ඇත. (දී)
උප ඇමතිගේ ගොලයෝ ඔක්කොම මෙතන වගේ. අධිවේගේ හිටපු මේ කොස්තාපල් මාරු කරලා, පොතේ රෙකෝඩ් අයින් කලෙත් කොස්තාපල්ම වෙන්න ඈති නේද ? තමන්ට තුවාල වෙන්නම ගුටි ගහ ගත්තෙත් කොස්තාපල්.(දී)
දේශපාලකයින්ගෙන් යැපෙන පිංගුත්තරයින් හා දේශපාලකයෝ අසල ගැවසෙන මැරයින් අතර මහා වෙනසක් නැහැ. මැරයෝ කරන වැරදි පින්ගුත්තරයෝ ටික එකතු වෙලා සාධාරණී කරණය කරනවා. දේශපාලකයෝ ඉබේටම වැරැද්දෙන් නිදොස් වෙනවා. ඉතින් කවදද මේ සමාජය හැදෙන්නේ? අපේ බාල පරම්පරාවත් ආදර්ශයට ගන්නේ මේවම තමයි. එකනේ තාත්තලට වඩා හොඳට දේශපාලන පුත්තු වැරදි කර ඔප්පු කරලා තියෙන්නේ. පොලිස් නිලධාරියෙකුට විතරක් නොවෙයි නිර්භීත කිසිම නිලධාරියෙකුට අද කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරන්න බැහැ. එඩිතර උනොත් ඉතින් නඩුපිට නඩු තමයි. ආච්චි, මුත්තා කල වැරද්දක් හොයල හරි නඩුවකට පටලවනවා. මෙන්න මේකයි අපි ඇස්දෙකට දකින, ලෝකෙන් උතුම් රට වන වර්තමාන ශ්‍රී ලංකාව. (ස)
ඇත්තටම මොනවද ඉතින් අන්තිමේදී වුණේ? (නි)
තමන් මොන විදියේ දේශපාලන අදහස් දරුවත් අන්තිමේදී මැරෙන මොහොතේදී කළ කී සියල්ල මතකයට එනවා. දේශපාලනයට ඇවිත් කළ දේවල් වල විපාක තමන් පසුපස එන දවසක් ඇති. මස් මාළු නොකා මිනිසුන්ගේ ඇඟේ මාළු නටන වැඩ කලාද එහෙම නැතිනම් ඉඳල හිටලා මාළු කැල්ලක් කාල රටට අවංකව යහපතක් කලාද දන්නේ තමන්ගේ හෘදය සාක්ෂියයි. (ස)
ලස්සන ආරංචියක් ළඟදීම බලාපොරොත්තු වෙමු. (නි)
මේක තමා ඇත්ත. ඔන්න ඔය විදියට තමා දැන් ලංකාවේ ගොඩක් අය වීසා ගන්නේ. බලමුකෝ මෙහිදී මොකද වෙලා තියෙන්නේ කියලා (නි)
මට නම් ඉවසිල්ලක් නැහැ මෙහි අවසන් තීන්දුව දැනගන්නා තුරු (නි)
ගොඩක් පොලිස් නිලධාරීන්ට මේ කොස්තාපල්ට වුණ සිද්ධිය හොඳ පාඩමක්. මොකද බොහෝ දෙනා දේශපාලකයන් ළඟ දණින් වැටෙනවා. මට නම් දැන් පොලිසිය ගැන තියෙන්නේ ලොකු කළකිරීමක් (නි)
මොනවද අප්පේ මෙච්චර වෙලා ප්‍රශ්න කළේ? (නි)
මෙහෙම යනකොට ඇත්ත දැනගන්න පුලුවන් වෙයි (නි)
දැන්නම් මට සැක හිතෙනවා මොන ක්‍රමයකින් හෝ ලක්ෂ 30ක් සොයන්න සැදූ ප්‍රයත්නයක්ද කියලා (නි)
මේ ගැන ගැඹුරින් හොයන එක හොඳයි. කොස්තාපල්ට ප්‍රශ්නයක් වෙලා නැහැ නේද? (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ. (නි)
නදීර , ඔබ කියන විදියට පිටරට සංක්‍රමණය වුණ සියලු දෙනා මෙහෙම ක්‍රියාමාර්ග අනුගමනය කළ අයද? එතකොට ඔවුන් සියල්ලන්ම පොලිස් නිලධාරීන්මද? (නි)
කොස්තාපල්ගේ සහෝදරයන් ඇමෙරිකාවේ ඉන්න එකයි, කොස්තාපල් වීසා ඉල්ලූ එකයි,වීසා ගන්න මුදල් ඕනෑ එකයි.. මේ කිසිවක වැරැද්දක් මට නම් පෙනෙන්නේ නැහැ. මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කර කොස්තාපල් වරදක් කර ඇත්නම් රටට හෙළිකරන්න. (නි)
කරුණාකර දැන්වත් දඩකොළ තැපෑලෙන් එවන ක්‍රමය රටට හඳුන්වා දෙන්න. එතකොට මේ ප්‍රශ්න ගොඩක් දුරට අඩු වේවි . අවශ්‍ය තාක්ෂණය ලංකාවේ තිබෙනවා. (නි)
මේ උප ඇමතිතුමාණන් මා දන්නා ලෙස ඉතාම සංවරශීලි, උතුම් අයෙක්. අපි බලාගෙන ඉඳිමු වෙන‍්නේ කුමක්ද කියා. (නි)
දැන් මේ කියන්න හදන්නේ මොකක්ද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
කොස්තාපල්ගෙනුත් ප්‍රශ්න කරනවාද? (නි)
කාර් එක පීසීගෙමද?ඔහු රැකියාවට යන්නේ කාර් එකෙන්ද? (නි)
ඇතැම් අය තමන්ට හොඳ රටකට සංක්‍රමණය වීමට මොනවා හරි හේතුවක් හොයා ගන්නවා. අවසානයේදී ඔවුන් මේ හෑල්ලුවට ලක්කරන්නේ තම උපන් දේශයයි. සමහරවිට දැන් ඔවුන් වඩාත් යහපත් ජිවිතයක් ගතකරනවා වෙන්නට පුළුවන්.එත් ජීවිතයේ කෙදිනක හෝ ඔවුන්ට පසුතැවෙන්නට සිදුවෙනවා නම් නියතයි (නි)
ඇතැම් රටවල ස්ථිර පදිංචිය සඳහා සාමාන්‍ය වීසා ඉල්ලුම් කරනකොට අනෙකුත් රටවල ආරක්ෂක සේවා වල නියුතු අයට නීති රීති ඉතා දැඩියි . මීට කලකට පෙර ඕස්ට්‍රේලියාවට සංචාරක වීසා මත ගිය පොලිසියේ කෙනෙක්, එහේදී දේශපාලන රැකවරණ යටතේ පදිංචිය ලබා ගත් පුවතක් මට මතකයි. (නි)
මේ කාර් එක එයාගෙමද දන්නෙ නැහැ (නි)
මෙහි අවසානය කුමක් වේවිද? (නි)
හැමෝම පීසිගේ කාර් එකයි, රට යන එකයි ගැන කතා කරනවා. නමුත් රටේ නීතියට වෙලා තිබෙන දේ ගැන කතා කරන්නේ නැහැ. (නි)
පී සි ගේමක් ගහල වගේ මට පේන්නේ. බොරුවට ආයුෂ ඇත්ත එළිවෙනකන් විතරලු.(නදී)
දකුනු අප්‍රිකාවේ නම් වාහනය දඩ කොලය සමග ගෙදරටම එවනවා පොටෝ එකත් එක්ක.(නදී)
මෙතන දමල තියන සමහර අදහස් දක්කම් මේ අයට හෘද සාක්ෂියක් කියල එකක් තියනවද කියල හිතෙනවා. අදහස් අතින් අපි අතර විවිධ මත තිබෙන්න පුළුවන්. නමුත් වරද, වරදක් ලෙස දකින්න මේ අයට බැරි ඇයි? හරි හෝ වැරදි හෝ පොලිස් නිලධාරියෙක් වාහනයක් නවත්වල පරික්ෂා කරද්දී තරහ ආවා කියල පහරදෙන්න පුලුවන්ද? දැන් මෙතන අපි කතා කරන්න ඕන පොලිස් නිලධාරියාගේ කාරෙක ගැනද? ඇයි පොලිස් නිලධාරියෙකුට වාහනයක් ගන්න බැරිද? මම දැකල තියනවා හිගන්නොත් වාහන වලින් බැහැල ඇවිත් හිඟ කනවා. ඔබලාට රටේ නිතිය ක්‍රියාත්මක වෙනවා දකින්න ඕන කමක් නැතිද? නැත්නම්, තුට්ටු දෙකට තමන්ගේ ආත්මය පාවා දෙනවද? ඇස් දෙකට පේන්න තියන වැරැද්ද දැකල ඒ වැරැද්ද වහන්න සුදු හුණු ගාන්න ලජ්ජා නැද්ද ඔබලාට? (නදී)