සිය සහෝදරයාගේ විවාහ මංගල්‍යය දා රාත්‍රී ඝාතනය කැරුණු මාතලේ වරාපිටියේ ලලනි නදීශා උපාධි අපේක්ෂිකාවගේ මරණය සම්බන්ධයෙන් ඇගේ මව, සහෝදරයන් දෙදෙනකු සහ තවත් සමීපතමයන් කිහිප දෙනකුගෙන් යළි ප්‍රකාශ ලබා ගැනීමට ඇරැඹූ බව මාතලේ මූලස්ථාන පොලිසිය කියයි.
රාත්‍රී නින්දට ගොස් අලුයම නැගිට බලද්දී තමා සිටි කාමරයේ ම වෙනත් ඇඳක සිටි නදීශා නොසිටි බවත්, ඇගේ කොට්ටයේ ලේ තිබුණු බවත් මව මීට පෙර පොලිසියට කියා තිබිණි.
මීට පෙර දෙවතාවක් නිවැසියන්ගෙන් කටඋත්තර ගත්තත් ඝාතනය ගැන කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට පොලිසියට නොහැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මොලකරුවෙකුගේ වැඩක්ද මේ? (නදී)
මේ ඝාතනය ඇතුලෙම වැඩක් ද? (නදී)
මට නම් හුඟක් දේවල් තේරුම්ගන්න පුලුවන් (නි)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මේක අදිරාජ්‍ය වාදීන්ගේ කුමන්ත්‍රණයක් (නදී)
භුතයකුගේ වැඩක්. (ස)
මෙය හොඳටම සැලසුම් කර, සිදු කළ මිනිස් ඝාතනයක් බව පැහැදිලියි. කෙසේ හෝ වේවා මෙම අපරාධය සම්බන්ධව නම් සැකයක් මතුවෙනවා. (නි)
අරුම පුදුම ලෝකයක්. මවට තම දුව සමග එකම කාමරයේ නිදා සිටියදිද අතුරුදන් වී තිබෙන්නේ? හරි පුදුමයි නේ? (නදී)
පව් පින් දෙකම සංසාරේ පුරාවට ගොනා පිටුපස කරත්ත රෝදය වගේ හඹා එනවා. (නදී)
මම ඉන්නේ ලංකාවේ නෙවෙයි කරුණ කරලා මගේ මේ අදහස පොලිසියට දැනුම් දෙන්න. මේ ගෙදර එදා හිටිය හැමෝම මෝහනය කරලා එයාලගේ යටි හිට කියවන්න. මේ තමා මේ ගැන හොයාගන්න ඇති ලේසිම පහසුම මග හැටියට මා දකින්නේ (නදී)
මේ වලව් වල සිදු වන දේවල් කොහොමටත් හරිම ගුප්තයි . එළිය පෙනෙන දේවල් නෙවෙයි ඇතුලේ තියෙන්නේ. (නදී)
මේකට අනිවාර්යෙන්ම ගෙදර අයකු සමිබන්ද වෙන්න පුලුවනි සැකයේ වාසිය දක්ෂ පොලිස් නිලදරුවන්ට (නදී)
මේ තරුණිය ගේ පියා කලකට ඉහත මිය යන්නට කලින් කෝටි ගණනාවක දේපල ඇගේ නමට ලියලා තිබෙනවාලු. මට නම් මේ ගෙදර පසුබිම හරිම සැක සහිතයි . විශේෂයෙන් ඇගේ මව ඒ කාමරයේම නිදා ගෙන මේ තරුණියගේ කෙඳිරිලි හඬක් වත් ඇහුනේ නැති එක. මව කර්නාභාධිත තත්වයේ හෝ රෑට නින්ද යන්න බෙහෙත ගන්න ඉතා අබල දුබල තත්වයේ කෙනෙකු නෙවෙයි නම් මෙතන ලොකු රහසක් තියනවා. (නදී)
මගේ හිත කියන්නේ ම මේ මව කුමක් හෝ ප්‍රබල සාක්ෂියක් හංගනවා වත්ද කියා. කොට්ටය ලේ වලින් තෙත් වෙන තුරු පහර කා දියණියගේ කෙඳිරිල්ලක්වත් නොඇසෙන්න නම් අම්මා සිහියක් පතක් නැතිව ඔත්පලේ වැටිලා හිටියා වෙන්න ඕන. (නදී)
අයියගේ මගුල් දිනයෙදීම නංගිව මරන්න ඇත්තේ මිනීමරුවාගේ විශේෂ අභිප්‍රායක් ඉටුකරගන්න විය යුතුයි. ඒ පිළිබදව හෝඩුවාවාන් හොයා බලන එක හොදයි. සාක්ෂිත් හොයාගන්න ඇතිනේ. (නදී)
අපිට පිටින් පේන දේට වඩා සත්‍යය වෙනස්. මාත් එක්ක මේ සිදුවීම ගැන වාද විවාද කරගත්ත අයට මේ සිදුවීමේ සත්‍යය එලියට අපු දවසට අදහගන්නත් බැරි වේවි. මුදල් තෘෂ්ණාව,දේපල වස්තු තෘෂ්ණාව ලිංගික තෘෂ්ණාව, ක්ෂණික ආවේගය වගේ දේවල් නිසා වන අපරාද නතර කරන්න මේ නීති පොතටවත් එල්ලුම් ගහටවත් බලයේ ඉන්න කිසිම රජයකටවත් බැහැ. කරපු එකාව අල්ලලා දඩුවම් දෙනවා ඇරෙන්න.(නදී)