දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂය හැර ගියහොත් තමා දැරණියගල නගරයේ නිර්වස්ත්‍රව ඇවිදින බවට ඔට්ටුවෙන් පැරදුණු පුද්ගලයා සොයා ගැනීමට නැතැයි නගරයේ කිහිප දෙනෙක්ම පැවසූහ.
දින තුනකට පෙර මේ ඔට්ටුව අල්ලා ඇත.
නගර වැසියෝ ද ඔහු ඔට්ටුව ඉටු කරන තුරු බලා සිටිතියි කියති.
අද උදේ නගරයට ආ ඔහු දක්නට නැතැයි කිහිප දෙනෙක්ම පැවසූහ.
දැරණියගල පොලිසිය පැවසුවේ එවැනි ස්ද්ධියක් ගැන නොදන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නෙමෙයි, අරයට ඡන්දෙ දාපු අයයි උපන් ඇදුමෙන් යන්න ඕනෑ (නි)
අපේ මිනිස්සු තව තවත් අපේ රටේ දේශපාකයන්ව විශ්වාස කරනවානේ. (ස)
දෙපත් නයින්ට ඔට්ටු අල්ලනවට හොද වැඩේ.(නදී)
උපන් ඇදුමෙන් යන්න වෙන්නේ ඔය වගේ අයට ඡනදෙ දෙන අයටයි.(නදී)
පිස්සු යක්කු.(නදී)
බන්දුල මහත්තයෝ එයාගේ වැදගත්කම කව්රුත් දන්නවා. මන්ත්‍රීකමෙන් අස්වෙන්නේ නැතුව පළාත් සභා මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බැරි බව ඔබ නොදැන සිටියේද?(නදී)
අනේ එයා ගැහැනු ළමෙක් නෙවෙයිද?(නදී)
දයාසිරි මහත්තයා වැදගත් විදියට පක්සේ මාරු කළා මන්ත්‍රීකමෙන් අස්වෙලා. විපක්ෂ ඡන්ද ගැන දැන් කතාකරන්න බැහැ. එයා ඒවත් අරන් නෙමෙයි ගියේ. ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ කැමැත්තට තීරණයක් ගත්තා.මන්ත්‍රීකමින් අයින් නොවී ගියානම් මේ දාන විවේචන සදාරනයි.එහෙම වෙලා නැහැනේ.මොකටද කට්ටිය ලෝකේ පෙරලුනා වගේ අඩන්නේ? (නි)
දයාසිරි , දැක්ක නේද මිනිස්සු ඔබට ආදරය කළ තරම? (නි)
දයාසිරි මහත්මයා උපන් හපන් කමින් උපයාපු දේ සිනහ වෙවී වතුර බාල්දියක් හිස් වෙනකන් මිටි මිටි ගණන් කරනවලු. අපි එයා ගැන අමතක කර අපි ගැන බලමු."පාවී පාවී අවා මා පැතු.(නදී)
ඔය අපුරුවට දයාසිරි මහත්තයත් පැත්ත මාරුකෙරුවේ. ඉතින් ඇයි ඔයාට බැරි? (නි)
මෙවන් දේශපාලනයේ සාමාජිකයින් වෙන්න අකමැති නිසාමයි බොහෝ උගතුන් බුද්ධිමතුන් දේශපාලනයෙන් අයින්වෙලා ඉන්නේ. ඒත් ජනතාව නම් සුපුරුදු ලෙස කතිරේ ගහයි. (නි)
යු .එන් පී එකේ අය ආණ්ඩුවට ගියහම හෙළුවෙන් නම් ආණ්ඩුවේ අය යු එන් පී එකට ගියහම රෙදි ඇඳගෙනද යන්නේ ? (නි)
හීනෙන් ඇවිදින ගමන් පොරොන්දු වෙලා තියෙන්නේ, දැන් මතක නැහැ කියන්න තිබුනනේ (නි)
නරකද දයාසිරි මහත්තයා පොඩ්ඩක් බලලා මෙයාට යම් සැළකිල්ලක් කරනවා නම්? (නි)
මේක මිනිසෙක්ගේ දුරදිග නොබලා කළ වැඩක් (නි)
පව් එයා (නි)
එතකොට සමහරු පිල් මාරුකළෙත් උපන් ඇදුමින්ද? (නි)
බන්දුල ඔබ හරි ඔහු ගියේ තනියම.(ස)
"රජ පවුලට දරු සම්පතක්". මේක කියලා තියෙන්නේ අපේ ලංකාවටනේ. දැන් ඉතින් කෝටි 25 ත් සමගම නඩත්තුව අසරණ අපිට බාරයි. ඡන්දයෙන් පස්සේ පරිප්පු ටිකෙන්,පාන් කෑල්ලෙන්,බත් ටිකෙත් මිල වැඩි වෙයිද දන්නේ නැහැ නේද? (නදී)
දයාසිරි මන්ත්‍රීතුමා වැදගත් විදියට පක්ෂය මාරු කළ බව ඇත්ත .ඒත් ඉස්සෙල්ලා යන්නේ නැහැ කියලා බොරු කිව්වනේ.පවු! මේ අසරණ මනුස්සයා (නි)
දේශපාලකයන් විශ්වාස කරපු මෝඩ මිනිහෙක්. (නි)
නොදකින්! මේ පිරිමියෙක්නේ ඇයි යකෝ මේ රටේ ගෑනු නැත්ද? (අ)
මෙවන් අනුවන මිනිස්සු ඉන්නවනේ (දී)
කවුරුවත් නිර්වස්ත්‍රව යන්නේ මොකටද? දයාසිරි දැන් නිර්වස්ත්‍ර වෙලානේ ඉන්නේ.(අ)
මන් තමයි ඔය ඔට්ටුව දැම්මේ.....මන් දයාසිරි ගැන තිබ්බ විශ්වසේ කඩ කලා.අනේ මාව හොයන එක නතර කරපල්ලා
පාර්ලිමේන්තුවේ ඉන්නේ නිර්වස්ත්‍ර අයට වඩා නිර්ලජ්ජිත අයයි. ඒ නිසා ඔය කව්රුත් නිර්වස්ත්‍ර විය යුතු නැහැ.(නදී)
සමහර අය කුලප්පුවෙලා පිස්සු කෙලිනවා දිගට හරහට ආයුබෝවන්.(නදී)
මෙරටේ ඉන්න දේශපාලුවන්ට චන්දෙ දෙන අපි හෙළුවෙන් තමා යන්න ඕනෑ. (නි)
මෙන්න මේ ටික හිතට ගන්න. කවුරු හරි කවදා හරි කිවුවොත් මෝල් ගහේ දළු දැන්මා කියලා ඒක විශ්වාස කලාට කමක් නෑහැ. කවුරු හරි කවදා හරි කිවුවොත් අන්න ගලක් ලියලනවා කියලා ඒක විශ්වාස කලත් කමක් නැහැ.හැබැයි දේශපාලඥයෙක් දෙන පොරොන්දු නම් කවදාවත් විශ්වාස කරන්න එපා. (නි)
නිර්වස්ත්‍රව අවොත් කරන්න ඕන දේ දන්නවනේ. දයාසිරි මහතාට ජයවේවා!(නදී)
චන්දි ටිකක් ඉවසගෙන ඉන්න ඔය මිනිහ දැන් බයවෙලා ඉන්නේ. තව ටික දවසකින් බජාර් එකට එයි. දැන් ලැජ්ජාව නිසයි එන්නේ නැත්තේ.(නදී)
මන්ත්‍රී තුමානම් එහෙම තමයි ආණ්ඩුවට ගියේ.(නදී)
ලුම්බිණි, චමීර, රෝහිත, ඔබේ කතාව සහතික ඇත්ත. (නි)
මේ දයාසිරිගේ වැඩ නිසා අහිංසක මිනිහෙක් අමාරුවේ වැටුණ හැටි? (නි)
ඔට්ටුව ඇල්ලු පුද්ගලයා කවුරු වුනත් දයාසිරිව හරියට නොදැනයි ඔට්ටුව අල්ලලා තියෙන්නේ (නි)
කෝටි විසිපහක් කිව්වහම පොඩි මුදලක් ද (දී)
ඔය ඔට්ටුව අල්ලන්න තිබ්බේ එයා නෙමෙයි (නි)
මෙයා නිරුවත්ව යන්න අවශ්‍ය නැහැ. සමහරු ඒක දැනටමත් කරලානේ තියෙන්නේ. (නි)
දයාසිරි ගැන ඔට්ටු අල්ලලා වැඩක් නැහැ (නි)
පව් අසරණ මිනිස්සු ,,, දේශපාලකයන්ගේ බොරු වලට රැවටෙනවා,,,අන්තිමට ඒ ඔක්කොම ගොඩ,,මිනිස්සු තමා වලේ වැටෙන්නේ (දී)
ඇයි දැන් ගියේ ඇඳුන් නැතිව. (දී)
චන්දි ආසයි වගේ (නි)
හරිම මෝඩ මනුස්සයෙක් (නි)
අනේ මන්දා. අපේ අය කෙනෙක් නිර්වස්ත්‍රව ඉන්නවා දකින්න පුල පුලා බලාගෙන ඉන්න බව තමා මට නම් තේරෙන්නේ (නි)
කරන්න ඕනෑ අය ඒක කළානේ. ඇයි ඔයා අනවශ්‍ය දේවල් කරන්න ගියේ? (නි)
ජීවිතේට දේශපාලකයන් වෙනුවෙන් ඔට්ටු අල්ලන්න එපා . පක්ෂ පාට නිසා අසල වැසියන් එක්ක රණ්ඩු වෙන්නත් එපා (දී)
අනේ මෙයා නෙමෙයිනේ, වෙන කෙනෙක් නේද එහෙම ගියේ? (නි)
52 සිට අද දක්වාම මෝඩ මිනිස්සු දේශපාලුවන්ගේ වචන,ලස්සන හිනාව,පොරොන්දු විශ්වාස කරපු එකනේ කලේ. තව ඉස්සරහට කියලා ඒකේ වෙනසක් නැහැ. (නි)
මොන මෝඩ ඔට්ටුවක්ද ඒ..? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ඇස්දෙක පියාගෙන පොරොන්දුව ඉටුකරන්න වේවි. නැත්නම් ගමේ අයගෙන් ගල් පාර කන්න වේවි (නි)
ආසා ඇති කට්ටිය. පොලිසියත් බලාගෙන ඇති (නි)
දයාසිරිට පුලුවන් නම් බොරු කියන්න ,ඇයි අනික් කට්ටියටත් ඒක කරන්න බැරි? මේකෙන් තේරෙනවා මිනිස්සු කොච්චර විශ්වාස කළාද මේ කට්ටිය ගැන කියලා (නි)
උපන් ඇදුමින් යන්න ඕනෑ මෙයා නොවෙයිනේ (නි)
ඔය උපන් ඇදුමින් කෙනෙක් ඇවිත් ඉන්නේ... (නි)
ඔය ඇදගෙනම ගිහින් තියෙන්නේ. (නි)
මිත්‍රවරුනි, දේශපාලනය ගැන කිසිම දවසක ස්ථීර තීන්දු තීරණ ගන්න එපා. (නි)
අනෙක් අයත් ඇදුම් අදින්නේ කව්රුත් අදින නිසානේ. (නි)
දයාසිරිට ඊයේ යන්නේ නෑ යන්නේම නෑ කියලා අද යන්න පුලුවන් නම් මේ පාක්ෂිකයාට ඔට්ටුව ඉටු නොකර ඉන්න බැරි මොකද? මමත් බොරු අනේ කිවුවේ කියලා කියනවානේ. (නි)
දේශපාලකයින්ට විලිසංගේ නැටතිවුනාට රටේ ජනතාවට ලැජ්ජාව තියනවා (නි)
බලන්න මෙයාද කියලා මිනිහා? http://www.lankadeepa.lk/index.php/articles/153348 (නි)
ලොක්කන්ට ලැජ්ජා බය නැති වුනාට, සොක්කන්ට තියෙනවා. (නි)
අනේ පව්, යූ.එන්.පී එකේ අයට දුක ඇති. පව් නේද? (නි)
අයියෝ! දේශපාලකයෝ දෙන පොරොන්දු කඩ කරන විදියටයි බොරු කියන විදියටයි ඕක නිකම් පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේනේ. ඔය මනුස්සයට පාඩුවේ ඉන්න කියන්න. අර ඔට්ටුව ඉටු කරනකම් බලාගෙන ඉන්න අයට කියන්න පක්ෂ මාරුකරන අය දිහා බලන්න කියලා. (නි)
ඇයි මේ ඔට්ටුවට රැවටුනේ? එතුමා දන්නවා ඔට්ටුව පැරදුනත් එහෙම යන්න නීතියෙන් අවසර නැති බව. කවුරු හරි අවසර අරගෙන දුනනොත් නම් එතුමා යයි (නි)
චන්දි, අපේ පැත්තේ නම් එහෙම ගියොත් තමයි ගල් ගහන්නේ. (නි)