IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


උපන් ඇඳුමෙන් එනතුරු බලා සිටී

දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂය හැර ගියහොත් තමා දැරණියගල නගරයේ නිර්වස්ත්‍රව ඇවිදින බවට ඔට්ටුවෙන් පැරදුණු පුද්ගලයා සොයා ගැනීමට නැතැයි නගරයේ කිහිප දෙනෙක්ම පැවසූහ.

දින තුනකට පෙර මේ ඔට්ටුව අල්ලා ඇත.

නගර වැසියෝ ද ඔහු ඔට්ටුව ඉටු කරන තුරු බලා සිටිතියි කියති.

අද උදේ නගරයට ආ ඔහු දක්නට නැතැයි කිහිප දෙනෙක්ම පැවසූහ.

දැරණියගල පොලිසිය පැවසුවේ එවැනි ස්ද්ධියක් ගැන නොදන්නා බවයි.



අදහස් (0)

උපන් ඇඳුමෙන් එනතුරු බලා සිටී

සරත් අතාවුද Thursday, 25 July 2013 01:08 PM

දේශපාලකයින්ට විලිසංගේ නැටතිවුනාට රටේ ජනතාවට ලැජ්ජාව තියනවා (නි)

:       0       0

හේමන්ත Thursday, 25 July 2013 01:15 PM

බලන්න මෙයාද කියලා මිනිහා? http://www.lankadeepa.lk/index.php/articles/153348 (නි)

:       0       0

ඉෂාර Thursday, 25 July 2013 01:22 PM

ලොක්කන්ට ලැජ්ජා බය නැති වුනාට, සොක්කන්ට තියෙනවා. (නි)

:       0       0

සම්පත් Thursday, 25 July 2013 01:28 PM

අනේ පව්, යූ.එන්.පී එකේ අයට දුක ඇති. පව් නේද? (නි)

:       0       0

විජේ Thursday, 25 July 2013 01:30 PM

අයියෝ! දේශපාලකයෝ දෙන පොරොන්දු කඩ කරන විදියටයි බොරු කියන විදියටයි ඕක නිකම් පාලම යටින් පොල් ලෙල්ලක් ගියා වගේනේ. ඔය මනුස්සයට පාඩුවේ ඉන්න කියන්න. අර ඔට්ටුව ඉටු කරනකම් බලාගෙන ඉන්න අය‍ට කියන්න පක්ෂ මාරුකරන අය දිහා බලන්න කියලා. (නි)

:       0       0

ආනන්ද Thursday, 25 July 2013 01:33 PM

ඇයි මේ ඔට්ටුවට රැවටුනේ? එතුමා දන්නවා ඔට්ටුව පැරදුනත් එහෙම යන්න නීතියෙන් අවසර නැති බව. කවුරු හරි අවසර අරගෙන දුනනොත් නම් එතුමා යයි (නි)

:       0       0

සරත් Thursday, 25 July 2013 01:35 PM

චන්දි, අපේ පැත්තේ නම් එහෙම ගියොත් තමයි ගල් ගහන්නේ. (නි)

:       0       0

සමරේ Thursday, 25 July 2013 01:34 PM

එතකොට සමහරු පිල් මාරුකළෙත් උපන් ඇදුමින්ද? (නි)

:       0       0

පොනිල් Thursday, 25 July 2013 01:34 PM

පව් එයා (නි)

:       0       0

මොහෙමඩ් Friday, 26 July 2013 01:45 AM

නිර්වස්ත්‍රව අවොත් කරන්න ඕන දේ දන්නවනේ. දයාසිරි මහතාට ජයවේවා!(නදී)

:       0       0

චින්තක Thursday, 25 July 2013 01:44 PM

මේක මිනිසෙක්ගේ දුරදිග නොබලා කළ වැඩක් (නි)

:       0       0

පනිස් Thursday, 25 July 2013 01:45 PM

නරකද දයාසිරි මහත්තයා පොඩ්ඩක් බලලා මෙයාට යම් සැළකිල්ලක් කරනවා නම්? (නි)

:       0       0

ටිකිරි Thursday, 25 July 2013 05:59 PM

"රජ පවුලට දරු සම්පතක්". මේක කියලා තියෙන්නේ අපේ ලංකාවටනේ. දැන් ඉතින් කෝටි 25 ත් සමගම නඩත්තුව අසරණ අපිට බාරයි. ඡන්දයෙන් පස්සේ පරිප්පු ටිකෙන්,පාන් කෑල්ලෙන්,බත් ටිකෙත් මිල වැඩි වෙයිද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

සිද්දීක් Friday, 26 July 2013 03:54 AM

චන්දි ටිකක් ඉවසගෙන ඉන්න ඔය මිනිහ දැන් බයවෙලා ඉන්නේ. තව ටික දවසකින් බජාර් එකට එයි. දැන් ලැජ්ජාව නිසයි එන්නේ නැත්තේ.(නදී)

:       0       0

වාස් Thursday, 25 July 2013 02:05 PM

හීනෙන් ඇවිදින ගමන් පොරොන්දු වෙලා තියෙන්නේ, දැන් මතක නැහැ කියන්න තිබුනනේ (නි)

:       0       0

අනිල් Thursday, 25 July 2013 06:26 PM

දයාසිරි මන්ත්‍රීතුමා වැදගත් විදියට පක්ෂය මාරු කළ බව ඇත්ත .ඒත් ඉස්සෙල්ලා යන්නේ නැහැ කියලා බොරු කිව්වනේ.පවු! මේ අසරණ මනුස්සයා (නි)

:       0       0

සමන් Thursday, 25 July 2013 02:11 PM

යු .එන් පී එකේ අය ආණ්ඩුවට ගියහම හෙළුවෙන් නම් ආණ්ඩුවේ අය යු එන් පී එකට ගියහම රෙදි ඇඳගෙනද යන්නේ ? (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 25 July 2013 02:11 PM

මෙවන් දේශපාලනයේ සාමාජිකයින් වෙන්න අකමැති නිසාමයි බොහෝ උගතුන් බුද්ධිමතුන් දේශපාලනයෙන් අයින්වෙලා ඉන්නේ. ඒත් ජනතාව නම් සුපුරුදු ලෙස කතිරේ ගහයි. (නි)

:       0       0

ඔකිත Thursday, 25 July 2013 02:17 PM

ඔය අපුරුවට දයාසිරි මහත්තයත් පැත්ත මාරුකෙරුවේ. ඉතින් ඇයි ඔයාට බැරි? (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Friday, 26 July 2013 06:12 AM

මන්ත්‍රී තුමානම් එහෙම තමයි ආණ්ඩුවට ගියේ.(නදී)

:       0       0

මාටින් Thursday, 25 July 2013 02:32 PM

මෙයා නෙමෙයි, අරයට ඡන්දෙ දාපු අයයි උපන් ඇදුමෙන් යන්න ඕනෑ (නි)

:       0       0

පිටිගල Thursday, 25 July 2013 06:42 PM

දේශපාලකයන් විශ්වාස කරපු මෝඩ මිනිහෙක්. (නි)

:       0       0

මාධව Thursday, 25 July 2013 02:38 PM

දයාසිරි , දැක්ක නේද මිනිස්සු ඔබට ආදරය කළ තරම? (නි)

:       0       0

බන්දුල Thursday, 25 July 2013 02:38 PM

දයාසිරි මහත්තයා වැදගත් විදියට පක්සේ මාරු කළා මන්ත්‍රීකමෙන් අස්වෙලා. විපක්ෂ ඡන්ද ගැන දැන් කතාකරන්න බැහැ. එයා ඒවත් අරන් නෙමෙයි ගියේ. ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ කැමැත්තට තීරණයක් ගත්තා.මන්ත්‍රීකමින් අයින් නොවී ගියානම් මේ දාන විවේචන සදාරනයි.එහෙම වෙලා නැහැනේ.මොකටද කට්ටිය ලෝකේ පෙරලුනා වගේ අඩන්නේ? (නි)

:       0       0

අසංක Thursday, 25 July 2013 02:51 PM

අනේ එයා ගැහැනු ළමෙක් නෙවෙයිද?(නදී)

:       0       0

ඕකිත Thursday, 25 July 2013 02:57 PM

බන්දුල මහත්තයෝ එයාගේ වැදගත්කම කව්රුත් දන්නවා. මන්ත්‍රීකමෙන් අස්වෙන්නේ නැතුව පළාත් සභා මැතිවරණයකට ඉදිරිපත් වෙන්න බැරි බව ඔබ නොදැන සිටියේද?(නදී)

:       0       0

අප්පුහාමි Thursday, 25 July 2013 07:51 PM

නොදකින්! මේ පිරිමියෙක්නේ ඇයි යකෝ මේ රටේ ගෑනු නැත්ද? (අ)

:       0       0

මංජුල කුමාර විතාන Thursday, 25 July 2013 08:28 PM

මෙවන් අනුවන මිනිස්සු ඉන්නවනේ (දී)

:       0       0

පරාක්‍රම Thursday, 25 July 2013 03:51 PM

පිස්සු යක්කු.(නදී)

:       0       0

චන්දි Thursday, 25 July 2013 11:31 AM

මොන මෝඩ ඔට්ටුවක්ද ඒ..? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ ඇස්දෙක පියාගෙන පොරොන්දුව ඉටුකරන්න වේවි. නැත්නම් ගමේ අයගෙන් ගල් පාර කන්න වේවි (නි)

:       0       0

ජනක Thursday, 25 July 2013 11:35 AM

මේ දයාසිරිගේ වැඩ නිසා අහිංසක මිනිහෙක් අමාරුවේ වැටුණ හැටි? (නි)

:       0       0

සමන් Thursday, 25 July 2013 08:57 PM

කවුරුවත් නිර්වස්ත්‍රව යන්නේ මොකටද? දයාසිරි දැන් නිර්වස්ත්‍ර වෙලානේ ඉන්නේ.(අ)

:       0       0

ඔකිත Thursday, 25 July 2013 11:39 AM

ඔට්ටුව ඇල්ලු පුද්ගලයා කවුරු වුනත් දයාසිරිව හරියට නොදැනයි ඔට්ටුව අල්ලලා තියෙන්නේ (නි)

:       0       0

සෝපාක Thursday, 25 July 2013 11:40 AM

කෝටි විසිපහක් කිව්වහම පොඩි මුදලක් ද (දී)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Thursday, 25 July 2013 03:59 PM

උපන් ඇදුමෙන් යන්න වෙන්නේ ඔය වගේ අයට ඡනදෙ දෙන අයටයි.(නදී)

:       0       0

සුරංග Thursday, 25 July 2013 11:45 AM

ඔය ඔට්ටුව අල්ලන්න තිබ්බේ එයා නෙමෙයි (නි)

:       0       0

ලුම්බිණි Thursday, 25 July 2013 11:45 AM

මෙයා නිරුවත්ව යන්න අවශ්‍ය නැහැ. සමහරු ඒක දැනටමත් කරලානේ තියෙන්නේ. (නි)

:       0       0

විදානගේ Thursday, 25 July 2013 11:46 AM

දයාසිරි ගැන ඔට්ටු අල්ලලා වැඩක් නැහැ (නි)

:       0       0

ලාල් Thursday, 25 July 2013 11:50 AM

පව් අසරණ මිනිස්සු ,,, දේශපාලකයන්ගේ බොරු වලට රැවටෙනවා,,,අන්තිමට ඒ ඔක්කොම ගොඩ,,මිනිස්සු තමා වලේ වැටෙන්නේ (දී)

:       0       0

චමීර Thursday, 25 July 2013 11:50 AM

ඇයි දැන් ගියේ ඇඳුන් නැතිව. (දී)

:       0       0

ඉසුරු Thursday, 25 July 2013 04:13 PM

දෙපත් නයින්ට ඔට්ටු අල්ලනවට හොද වැඩේ.(නදී)

:       0       0

රුවන් Thursday, 25 July 2013 11:49 AM

චන්දි ආසයි වගේ (නි)

:       0       0

ඔමාර් අන්සර් Thursday, 25 July 2013 04:11 PM

අපේ මිනිස්සු තව තවත් අපේ රටේ දේශපාකයන්ව විශ්වාස කරනවානේ. (ස)

:       0       0

නාමල් Thursday, 25 July 2013 11:51 AM

හරිම මෝඩ මනුස්සයෙක් (නි)

:       0       0

ස්ටැන්ලි Thursday, 25 July 2013 12:01 PM

අනේ මන්දා. අපේ අය කෙනෙක් නිර්වස්ත්‍රව ඉන්නවා දකින්න පුල පුලා බලාගෙන ඉන්න බව තමා මට නම් තේරෙන්නේ (නි)

:       0       0

හෙළුවේ සිරි Thursday, 25 July 2013 09:53 PM

මන් තමයි ඔය ඔට්ටුව දැම්මේ.....මන් දයාසිරි ගැන තිබ්බ විශ්වසේ කඩ කලා.අනේ මාව හොයන එක නතර කරපල්ලා

:       0       0

රෝහිත Thursday, 25 July 2013 12:02 PM

කරන්න ඕනෑ අය ඒක කළානේ. ඇයි ඔයා අනවශ්‍ය දේවල් කරන්න ගියේ? (නි)

:       0       0

ශාන්ත ලාල් Thursday, 25 July 2013 12:04 PM

ජීවිතේට දේශපාලකයන් වෙනුවෙන් ඔට්ටු අල්ලන්න එපා . පක්ෂ පාට නිසා අසල වැසියන් එක්ක රණ්ඩු වෙන්නත් එපා (දී)

:       0       0

අස්මිත් Thursday, 25 July 2013 09:56 PM

පාර්ලිමේන්තුවේ ඉන්නේ නිර්වස්ත්‍ර අයට වඩා නිර්ලජ්ජිත අයයි. ඒ නිසා ඔය කව්රුත් නිර්වස්ත්‍ර විය යුතු නැහැ.(නදී)

:       0       0

වොටෙර් Thursday, 25 July 2013 12:06 PM

අනේ මෙයා නෙමෙයිනේ, වෙන කෙනෙක් නේද එහෙම ගියේ? (නි)

:       0       0

ජයතිලක Thursday, 25 July 2013 12:12 PM

52 සිට අද දක්වාම මෝඩ මිනිස්සු දේශපාලුවන්ගේ වචන,ලස්සන හිනාව,පොරොන්දු විශ්වාස කරපු එකනේ කලේ. තව ඉස්සරහට කියලා ඒකේ වෙනසක් නැහැ. (නි)

:       0       0

උපාලි Thursday, 25 July 2013 12:13 PM

ලුම්බිණි, චමීර, රෝහිත, ඔබේ කතාව සහතික ඇත්ත. (නි)

:       0       0

රණා Thursday, 25 July 2013 12:12 PM

ආසා ඇති කට්ටිය. පොලිසියත් බලාගෙන ඇති (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 25 July 2013 10:32 PM

සමහර අය කුලප්පුවෙලා පිස්සු කෙලිනවා දිගට හරහට ආයුබෝවන්.(නදී)

:       0       0

සීල Thursday, 25 July 2013 12:31 PM

දයාසිරිට පුලුවන් නම් බොරු කියන්න ,ඇයි අනික් කට්ටියටත් ඒක කරන්න බැරි? මේකෙන් තේරෙනවා මිනිස්සු කොච්චර විශ්වාස කළාද මේ කට්ටිය ගැන කියලා (නි)

:       0       0

සමීර වී . Thursday, 25 July 2013 04:35 PM

දයාසිරි මහත්මයා උපන් හපන් කමින් උපයාපු දේ සිනහ වෙවී වතුර බාල්දියක් හිස් වෙනකන් මිටි මිටි ගණන් කරනවලු. අපි එයා ගැන අමතක කර අපි ගැන බලමු."පාවී පාවී අවා මා පැතු.(නදී)

:       0       0

මිගිද Thursday, 25 July 2013 12:34 PM

උපන් ඇදුමින් යන්න ඕනෑ මෙයා නොවෙයිනේ (නි)

:       0       0

සමන් Thursday, 25 July 2013 04:41 PM

බන්දුල ඔබ හරි ඔහු ගියේ තනියම.(ස)

:       0       0

ටිකිරි Thursday, 25 July 2013 12:44 PM

ඔය උපන් ඇදුමින් කෙනෙක් ඇවිත් ඉන්නේ... (නි)

:       0       0

ටිකිරි Thursday, 25 July 2013 12:46 PM

ඔය ඇදගෙනම ගිහින් තියෙන්නේ. (නි)

:       0       0

චානි Thursday, 25 July 2013 12:48 PM

මිත්‍රවරුනි, දේශපාලනය ගැන කිසිම දවසක ස්ථීර තීන්දු තීරණ ගන්න එපා. (නි)

:       0       0

සුනෙත් Thursday, 25 July 2013 11:30 PM

මෙරටේ ඉන්න දේශපාලුවන්ට චන්දෙ දෙන අපි හෙළුවෙන් තමා යන්න ඕනෑ. (නි)

:       0       0

ටිකිරි Thursday, 25 July 2013 12:47 PM

අනෙක් අයත් ඇදුම් අදින්නේ කව්රුත් අදින නිසානේ. (නි)

:       0       0

චමින්ද ජයනාත් Thursday, 25 July 2013 11:38 PM

මෙන්න මේ ටික හිතට ගන්න. කවුරු හරි කවදා හරි කිවුවොත් මෝල් ගහේ දළු දැන්මා කියලා ඒක විශ්වාස කලාට කමක් නෑහැ. කවුරු හරි කවදා හරි කිවුවොත් අන්න ගලක් ලියලනවා කියලා ඒක විශ්වාස කලත් කමක් නැහැ.හැබැයි දේශපාලඥයෙක් දෙන පොරොන්දු නම් කවදාවත් විශ්වාස කරන්න එපා. (නි)

:       0       0

සරත් Thursday, 25 July 2013 12:55 PM

දයාසිරිට ඊයේ යන්නේ නෑ යන්නේම නෑ කියලා අද යන්න පුලුවන් නම් මේ පාක්ෂිකයාට ඔට්ටුව ඉටු නොකර ඉන්න බැරි මොකද? මමත් බොරු අනේ කිවුවේ කියලා කියනවානේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 323 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 218 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1489 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 383 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 823 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 528 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24440 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site