IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


'උපන් රටට ද්‍රෝහි නොවනු'

දැවැන්ත සංවර්ධනයක් සමග එකම වැඩ බිමක් බවට පත්ව ඇති රට අවුල් නොකිරීම කාගේත් වගකීම විය යුතු යැයි මහින්ද රාජපක්ෂ ජනපති බියගමදී ප්‍රකාශ කළේය.

‘කිසිවකුත් උපන් රටට ද්‍රෝහි නොවිය යුතුයි. වෛර නොකළ යුතුයි. විපක්ෂයේ යුතුකම වන්නේ ද අනාගත පරපුර වෙනුවෙන් රට නැංවීමට දායක වීමයි.‘

බියගම පට්ටිවිල ජල පවිත්‍රාගාරය දිනකට ලීටර දහඅටකෝටියක් අලුතින් එක් කැරෙයි. එයින් ලක්ෂ දහයකට පමණ පිරිසිදු පානීය ජලය සැපයේ.

වැය කළ මුදල රුපියල් කෝටි 1015කි. කැලණි ගඟ ජල මූලාශ්‍රයයි. බියගම, කඩවත, කැලණිය, වත්තල, රාගම, සීදූව හා ගනේමුල්ල ජනතාවට පිරිසිදු ජලය ඉන් සැපයේ.

බියගම පවිත්‍රාගාරයට අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ (අයි.එස්.ඕ) සහතිකය ද හිමිවේ.

ජල පවිත්‍රාගාරයකට මෙවැනි සහතිකයක් හිමි වූ මුල්ම අවස්ථාව මෙයයි.

 



අදහස් (0)

'උපන් රටට ද්‍රෝහි නොවනු'

ද සිල්වා බෙර්ලින් Wednesday, 24 July 2013 02:37 PM

මේ ව්‍යාපෘතිය නම් ජනතාවට සෙතක් වන ව්‍යාපෘතියක් (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 24 July 2013 12:09 AM

සුප්‍රකට ඇමරිකාවේ තිස් පස්වන ජනාධිපති ජෝන් එෆ් කෙනඩි මහතා වරක් ජනතාව අමතා කියා සිටියේද තම මව්බිමෙන් අපට වුන සේවය ගැන නොඅසා අපෙන් මව්බිමට වියයුතු සේවය ගැන අසන්න යනුවෙනි (නි)

:       0       0

චාමර Wednesday, 24 July 2013 12:30 AM

මේ උපන් රටට විරුද්ධව ඉන්න මිනිසුන් ගැන තීරණයක් ගන්න මහත්තයෝ. ඒ පිනම ඇති ඔබතුමාට (නි)

:       0       0

අජිත් Wednesday, 24 July 2013 02:53 PM

සුනෙත්, බියගම තියෙන්නේ විපක්ෂය කරපුවා මිසක් මේ ගොල්ල කරපුවා නොවෙයි, හරිද? කඩුවෙල පාලම, නව නුවර පාර, බියගම, කටුනායක වෙළඳ කලාප,කෘෂි මධ්‍යස්ථාන ,තෙල් පිරිපහදුව,කිරිබත්ගොඩ-බියගම සමුර්ධි මාවත. සපුගස්කන්ද විශාකා බාලිකාව, වගේ විශාල වැඩ. මේ ගොල්ල බියගමට කරපු ලොකුම වැඩේ තමයි ඔය.(නදී)

:       0       0

පුබුදු Wednesday, 24 July 2013 03:13 AM

ද්‍රෝහියෝ හදන්න බැහැ. එයාලා හැදෙන්නෙත් නැහැ මොනවා කිවුවත් (නි)

:       0       0

බමුණු Wednesday, 24 July 2013 04:32 AM

අපි නොවෙයි ද්‍රෝහිවෙලා තිබෙන්නේ වැරදි කරන පළාත් සභා මන්ත්‍රීවරුන්ට නැවත නාමයෝජනා දෙන්න එපා. (නදී)

:       0       0

පැහැසර Wednesday, 24 July 2013 05:09 AM

ගොඩක් අය හිතාගන ඉන්නේ මොන වැරදි වැඩේ කලත් ඒ පැත්තට ප්‍රසස්ති ගායනා කලාම ඒක තමයි දේශ මාමකත්වය කියලා. එහෙම නැති අය දේශද්‍රෝහියෝ. මේ වගේ දේවල් තිබුනේ ලිබියාවේ, ඉරාකයේ, ඊජිප්ත්තුවේ.(නදී)

:       0       0

ඉම්රාන් Wednesday, 24 July 2013 05:48 AM

කිසිවකුත් උපන් රටට ද්‍රෝහි වුනේ නැහැ. රටට වෛර කරපු අය, අමු අමුවේ 650 කටත් වැඩි පොලිසියේ නිලධාරින් ඝාතනය කල කරුණා අම්මාන් වගේ අය නේද රටට ද්‍රෝභි කම් කළේ? (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 24 July 2013 06:03 AM

විපක්ෂය රජය විවේචනය කිරීම ද්‍රෝහී කමක් වෙන්නේ කොහොමද? (නදී)

:       0       0

ගයා Wednesday, 24 July 2013 06:20 AM

මේ රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක වියයුතුයි. මිනිසුන්ගේ මානසික සංවර්ධනය වර්ධනය වියයුතුයි. දැන් හැම ගෙදරකම තුවක්කුවක් තියානොගෙන ජීවත් වෙන්න අමාරු තත්ත්වයක් රටේ තියෙන්නේ. අපි ඔබතුමාට ගොඩක් ගරු කරනවා. ඒත් මේ යන විදියට අපිට ර‍ට ගැන දුකයි (නි)

:       0       0

වරුන Wednesday, 24 July 2013 07:28 AM

ආණ්ඩුවට උදව් කරනවා නම් එයා දේශප්‍රේමියෙක්ද?  ආණ්ඩුවට විරුද්ද මත දැක්වීම වැරදි පෙන්නලා විවේචනය කරන්නේනම් ඔහු ද්‍රෝහියාද? රටට ද්‍රෝහිවෙලා දහස් ගණන් මිනිස්සු අමු අමුවේ මරපු ද්‍රෝහියන් ඔය ඕනා තරම් යහතින් ඉනනවා නේද?(නදී)

:       0       0

සනත් Wednesday, 24 July 2013 12:14 PM

මේවට තමා කියන්නේ දිට දම්ම වේදනීය කර්ම කියලා. පක්ෂ, විපක්ෂ ඉහළ සිට පහළට මෙය කැපද අකැපද වටිනා කියමනක්. නමුත් අපගේ කරුමය රටේ වෙන දේවල් දැක්කම ඔබ තුමා ඇයි ඒවට ඉඩදෙන්නේ කියලා හිතෙනවා.(නදී)

:       0       0

හර්ෂණි Tuesday, 23 July 2013 07:15 PM

දන්නේ නැති නිසයි අහන්නේ මුළු ලංකාවේම වටිනා දේපල ටික ගත්තට කමක් නැද්ද? (අ)

:       0       0

හර්ශනී Wednesday, 24 July 2013 07:36 AM

කසුන් මම මේ කියන්නේ ලංකාවේ කොළඹ හෝටල් ටික ගත්ත ඒවා, පන්සල් වල නිදන් ගත්ත ඒවා, සුනාමි ආදාර හොරෙන් ගත්ත ඒවා. තව ඕනද?(නදී)

:       0       0

සනත් Tuesday, 23 July 2013 07:22 PM

උපන් රටට ද්‍රෝහී වූ අය ඔඩොක්කුවල දාගෙන හුරතල් කොරන්නේ කවුද ආයුබොවන්ඩ..? (අ)

:       0       0

චානිකා Tuesday, 23 July 2013 07:29 PM

ද්‍රෝහි කම් කරන්නේ වෙන කවුද කියලා මුළු රටම දන්නවා (අ)

:       0       0

අමිල කටුනායක Tuesday, 23 July 2013 07:34 PM

මේ අයියලා මල්ලිලා මොන තරම් හොඳද (අ)

:       0       0

රුවිනි ඉලංගකෝන් Tuesday, 23 July 2013 07:38 PM

මේ කතාව කියන්න තියෙන්නේ යාපනයට ගිහින් (අ)

:       0       0

චින්තක Tuesday, 23 July 2013 07:50 PM

ළඟ ඉන්න අයට මුලින්ම කියල දුන්නනම් හොදයි නේද (අ)

:       0       0

චානක Wednesday, 24 July 2013 08:40 AM

අපිත් කැමතියි එහෙම වෙනවා නම් (නි)

:       0       0

රූපා Wednesday, 24 July 2013 08:41 AM

අවුරුදු 30 ක කුරිරු යුද්ධයක් ඉවර කළ ඔබතුමාට පළමුව ස්තුතිවන්ත විය යුතුයි.ඒත් වැරදි කරන පළාත් සභා මන්ත්‍රීවරුන්ට නැවත නාමයෝජනා දෙන්න එපා. අපි ඒකට කැමති නැහැ (නි)

:       0       0

අසේල ඕමානය Tuesday, 23 July 2013 08:02 PM

මේක රට ඇතුලේ ඉන්න අයට ආගේම රටින් පිට ඉන්න යටත් වටිනා ඔවදනක්. (අ)

:       0       0

වාස Tuesday, 23 July 2013 08:04 PM

අපි උපන් රටට ද්‍රෝහී වුනානම් ඔබතුමාල ඔතන ඉන්නේ නෑ.කරුණාකරලා රටේ නීතියට,ජනතා පරමාධිපත්‍යයට,නිදහස් අදහස් වලට ද්‍රෝහී වෙන්න එපා.මොනවා වුනත් අපි තාමත් ඔබට සළකනවා.ඒක තේරුම්ගන්න.(අ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 24 July 2013 08:49 AM

රූපා, දෑස් හැර බලන්න (නි)

:       0       0

කමල් Wednesday, 24 July 2013 12:44 PM

අපිටත් කියන්න තියෙන්න ඕක තමයි. අපිත් ඒකට තමයි කැමති (නි)

:       0       0

කෙවින් Wednesday, 24 July 2013 08:50 AM

මිනිසුනේ, ඔලුවෙන් හිතන්න (නි)

:       0       0

අර්ෂා Wednesday, 24 July 2013 08:53 AM

වීර, අපි උපන් රටට ද්‍රෝහි වෙලත් නැහැ වෙන්නෙත් නැහැ. වෛර කළෙත් නැහැ. කරන්නෙත් නැහැ. නිකන් වලිගෙ පාගාගෙන කෑ ගහන්න එපා. ඉතා සුළු පිරිසක් ඇති ජාතිවාදී අන්තවාදී. ඔවුන්ගේ ගණයට බහුතර මුස්ලිම් සමාජය ගාවගන්න එපා. ජාතිවාදී අදහස් වැපිරිමන් වලකින්න. (නි)

:       0       0

පිටිගල Tuesday, 23 July 2013 08:22 PM

මුළු රටේම ජනතාව එකාවන්ව එකම තීරණ ගත්ත වෙලාවල් අතීතයේ ඕනෑතරම් තියෙනවා. 1970, 1977, උදාහරණ .එක දැනගෙන වැඩ කරන එක කාගේ කාගේත් ඇඟට ගුණය.රට පුරාම ඉන්නේ මෝඩයෝ කියලා හිතාගෙන ඉන්න අපේ දේසපාලකයෝ එක තේරුනොත් හොඳය. (අ)

:       0       0

චන්දා Wednesday, 24 July 2013 08:55 AM

අපේ රටේ විපක්ෂය කියන්නේ ආණ්ඩුවේ විතරක් නෙවෙයි රටෙත් විපක්ෂය වගේ. මෙහෙම කරලා හරියන්නෙ නැහැ තමයි (නි)

:       0       0

නලිත Wednesday, 24 July 2013 12:51 PM

උදය, පක්ෂ බදාගෙන ඉන්න එපා. එතකොට අර කිසි දෙයක් මතක නැති එක්කෙනා .එතකොට අර කැලණියේ ඉන්න අය .ඒගොල්ලෝ නෙවෙයි ද ද්‍රෝහියෝ?.(අ)

:       0       0

දිල්හානී Wednesday, 24 July 2013 09:00 AM

ලංකාවේ සමහර දේශපාලකයින්ගේ සහ ගෝලයින්ගේ ගසා කෑම්, වද හිංසා, දුෂන, ඥාති සංග්‍රහ නවත්වා වැරදි කරුවන්ට නියමිත දඬුවම් දෙන්ඩ. එතකොට මිනිස්සු ආණ්ඩුව විවේචනය නොකර ඉඳීවි. එහෙම නැතුව මිනිස්සු තමන් උපන් රටට ද්‍රෝහී වී නොමැත.(නදී)

:       0       0

වික්‍රමසිරි Wednesday, 24 July 2013 09:05 AM

බොරුවට ජනාදිපතිතුමාට අපහාස කරන්න එපා. මේගොල්ලෝ කෑගහන්නේ අවුරුදු 10 කින් කාලා නැහැ වගේනේ. බඩු මිල වැඩි නම් වැඩිපුර මහන්සි වෙලා වැඩ කරන්න. අර පරිස්සමෙන් ජීවත් වුනොත් ජීවත් වෙන්න බැරි කමක් නැහැ. (නි)

:       0       0

ජයසිරි Friday, 26 July 2013 03:16 PM

මේ සම්බන්ධව විරුද්දව කතා කරන අයත් උපන් රටට ද්‍රෝහියෝ .හොද පැත්ත කවුරුත් දකින්නේ නැහැ. (නි)

:       0       0

පී.ඩී. විදානගේ Tuesday, 23 July 2013 08:44 PM

මගේ අම්මෝ මෙහෙ කතාවක් අහුවෙමි (අ)

:       0       0

ජයසිරි Friday, 26 July 2013 03:19 PM

හොද වැඩක් හොද වැඩකට දකින්න අපේ රටේ මිනිස්සු තාම දන්නේ නැහැ. තමන්ට වැදගත් නැත්නම් හැම වැඩේම හොද නැහැ. පළමුව අපේ රටේ මිනිස්සුන්ට ධනාත්මකව හිතන්න පුරුදු කරන්න ඕන. ඊට පස්සෙයි රට සංවර්ධනය කරන්න ඕන. (ස)

:       0       0

සුනෙත් Tuesday, 23 July 2013 08:54 PM

අපේ රටේ විපක්ෂය කරනේ කට කතා හදන එක පමණි ..එයාලට තමන්ගේ කලේ කරපුදෙයක් ගැන කියන දෙයක් නෑ .සියලු දේ විවේචනය නොකර විපක්ෂයත් රටේ සිදුවන හොද දේ අගය කරනවා නම් ජනතව මිට වඩා සහයෝගය දක්වනවා කියලයි මම හිතන්නේ (අ)

:       0       0

සාගර Wednesday, 24 July 2013 09:15 AM

වික්‍රමසිරි දන්නේ නැති නිසා අහන්නේ නවගත්තේගම ගුරුවරිය දනගැස් වූ අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකකම දුන්නේ කව්ද? (නදී)

:       0       0

චානක. Tuesday, 23 July 2013 08:59 PM

එක බලවතෙක් තම මාමට දඩ කොලයක් දුන්න කියල යන්තම්පලාව පොලිසියේ දෙදෙනෙකු ගෙදරට ගෙනල්ල අරියාදු කර තිබෙනවා.මෙන්න ද්‍රෝහිකම්.(අ)

:       0       0

කසුන් Tuesday, 23 July 2013 08:59 PM

හර්ෂනී,, අහන්නේ සෙවන ගල සිනි කම්හල අල්ලාගත් එක ගැන ද , අම්පාරේ ආණ්ඩුවේ ඉඩම් වල ගමන්ට හදපු ඒවා ගැන ද..මහවැලියෙන් ගස කපුවා ගැනද?? කොයි කලේ ඒවා ගැනද??? (අ)

:       0       0

සම්පත් Wednesday, 24 July 2013 09:22 AM

මිනිස්සු කෑ ගහනවා කන්න නැහැල්ලු. අරක්කු බාර් ගාව ටික වෙලාවක් හිටියම පේනවා කන්න නැතත් බොන තරම.(නදී)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 24 July 2013 09:25 AM

රුදුරු ත්‍රස්තවාදයෙන් රට බේරගත් මෙතුමාට අපහාස කරන්න එපා. ඔබතුමා චිරාත් කාලයක් අපේ ජනපති වී සිටීවා! (නි)

:       0       0

සිල්වා Wednesday, 24 July 2013 09:35 AM

ඇත්තටම රටට ආදරය කරන, තමුන්ගෙ මිනිස්සුන්ගෙ දුක දැනෙන මනුස්සයෙකු මේ රට පාලනය කරන විට මේ රටට ලෝකෙන්ම උතුම් රට කියන්න නැවතත් පුළුවන් බය නැතුව (නි)

:       0       0

බමුණු Wednesday, 24 July 2013 09:37 AM

"බොරුවට ජනාදිපතිතුමාට අපහාස කරන්න එපා. මේගොල්ලෝ කෑගහන්නේ අවුරුදු 10 කින් කාලා නැහැ වගේනේ." වෙලා තියෙන්නේ අවරුදු 10 කන්න තිබුන සල්ලි එක අවුරුද්දක් කන්න වියදම් උන එකයි. " බඩු මිල වැඩි නම් වැඩිපුර මහන්සි වෙලා වැඩ කරන්න." මහන්සිවෙලා වැඩ කලාම බඩුමිල අඩුවෙනවද? විකාර. " අර පරිස්සමෙන් ජීවත් වුනොත් ජීවත් වෙන්න බැරි කමක් නැහැ." ඇයි අපි ව්තරක්? පිට රටින් ණයවෙලා ගෙනෙන හොඳට කාබී සිටින කොටසක් ඉන්නව ඔවුන්ට එහෙම ඉන්න අපි අර පරිස්සම් වෙන්න ඕනෙද? අපේ ළමයි හොඳට කන්නේ බොන්නේ කවදාද? අපිත් හොඳට කලා රටම නය කරමු වෙන කරන්න දෙයක් නැත. මතට තිත තියන්න ඕනනේ කියන අය බොන්නේ විස්කි. මේවා නරලොව හොල්මන්.(නදී)

:       0       0

නිමල් ලලිතා Wednesday, 24 July 2013 09:55 AM

අනේ ජනාදිපති තුමනි. යුද්දය අවසන් කිරීමට දායකවූ, එහෙත් දේශපාලන වසයෙන් එරෙහි වූ සරත් ෆොන්සේකා මහතාට ඡන්ද බලය සහ අඩුම වශයෙන් එතුමාගේ ලුතිනන් ජෙනරාල් වැටුප අනුව විශ්‍රාම වැටුප ලබා දෙන්නකෝ. මෙයට වැඩියෙන් වැරදි වැඩ කල රටට පාඩු සිදු කල අය අද හොදින් ඉන්නවා. මේ දඬුවමත් හරියට එදා ජයවර්දන ජනාදිපති තුමා ගරු බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතියි අහිමි කලා වගේ වැඩක් නේද?.(නදී)

:       0       0

කුමාර් ද සිල්වා Tuesday, 23 July 2013 09:37 PM

මේවා කෙලෙස පැවසුවද පටු දේශපාලන ඇසකින් මේවා දෙස බලන නංගිලාට මල්ලිලාට තේරුම්ගන්න කලක් යාවී.අපි කවුරු රටේ පාලනයට ආවත් හොඳ දේ හොදයැයි පසසන්න ඕනෑ. (නි)

:       0       0

රුවන් Wednesday, 24 July 2013 09:59 AM

ද්‍රෝහීන් කව්ද කියලා ඔබතුමා දන්නවනේ. අර ගුරුවරියට කිව්වෙ සාදාරනය ඉෂ්ට කරනවා කියලා. නමුත් එයාට නාම යෝජනා දෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. ඇත්තද ඒක?(නදී)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 23 July 2013 09:52 PM

යුද්ධය නිමා කරපු එකත් හොඳයි.රටේ කරන සංවර්ධනයත් හොඳයි. සංචාරක කර්මාන්තයත් හොඳයි. නමුත් පක්ෂයේ ගෝල බාලයින්ගේ වැඩ,අනවශ්‍ය මුදල් නාස්තිය,නිලධාරීන්ගේ දුෂණය ,අධ්‍යාපානයේ අක්‍රමිකතා,ජනතාවගේ ජීවන බර... මේවා ගැන විමර්ශනයෙන් සිටීම වඩාත් වැදගත් වනු ඇත. (නි)

:       0       0

චින්තක Tuesday, 23 July 2013 10:09 PM

රටේ නායකයා හැටියට එතුමාගේ කියමන උතුම්. (නි)

:       0       0

රුවන් Tuesday, 23 July 2013 10:12 PM

මිනිසුනේ, නැතිබැරිකම් තිබුනට රටේ නායකයට ගැරහීම වැරදියි (නි)

:       0       0

නන්ද Tuesday, 23 July 2013 10:21 PM

ඉහල තැන්වල ඉන්න දේශපාලකයන් කුඩු බිස්නස් කරන එක, හොර බිස්නස් කරන එක කොමිස් ගහන එක දේශප්‍රේමයද දේශද්‍රෝහී වීමක්ද ජනාධිපතිතුමනි. ? නොදන්න, නොතේරෙන නිසයි අහන්නේ ? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 24 July 2013 11:40 PM

වික්‍රමසිරි,බඩු මිල වැඩි වෙන්නේ ඇයි කියා දන්නවා නේද? (නි)

:       0       0

අමාලි සිල්වා Tuesday, 23 July 2013 10:45 PM

අවුරුදු 30 ක කුරිරු යුද්ධයක් ඉවර කර ඒකීය රටක් කල මේ රජයට පළමුව ස්තුතිවන්ත විය යුතුය. පටු දේශපාලන අදහස් දරන යුද්ධය නිසා ජීවිතය වෙළඳ ව්‍යාපාරයක් කර ගත් බොහෝ දෙනෙකුට පසු ගිය කාලය අමතක වී ඇත. (නි)

:       0       0

උදය Tuesday, 23 July 2013 10:48 PM

යුද්ධ හමුදාව යුද්ධ කරන කලෙත් එතුමා ඒ යුද්දේ ඔලුවට අරන් යුද්දේ ඉවර කරා. තවමත් එතුමා කරන්නේ යුද්ධයක්. එතුමාට විදෙස් එක්ක යුද්ධ කරන්න වෙලා. ඒ වගේම ලංකාවේ ඇතුලේ ඉන්න ද්‍රෝහියෝ එක්ක යුද්ධ කරන්න වෙලා තියෙනවා. එයාගේ ගෝලයෝ මොන දේ කලත් උපන් බිම පාවා දෙන්න ගිහින් නැහැ. (නි)

:       0       0

විජේසිරි Wednesday, 24 July 2013 10:33 AM

ජනාදිපතිතුමා අපේ රට වෙනුවෙන් ගොඩක් දේවල් කලා. ඉදිරියටත් ඒ වගේම කරයි. රටේ සමහරක් දෙනා තමයි තමන්ගේ රටට ගරහන්නේ. උපන්දා සිට ජිවත්වුනු තමන්ගේ රටට දැයට ගරු කල යුතුයි. ජනාදිපතිතුමාගේ කතාව හරියටම හරි.(නදී)

:       0       0

ටිකිරි Tuesday, 23 July 2013 10:50 PM

වැය කළ මුදල රුපියල් කෝටි 1015 ක් ? . පොඩි ගණනක් නෙමෙයිනේ? (නදී)

:       0       0

දිල්කි Wednesday, 24 July 2013 10:36 AM

අපේ රණවිරුවො එකා පිට එකා මැරී වැටෙද්දිත් ඉදිරියටම ගියේ අනාගත දරුවන්ටවත් යහපත් රටක් බලාපොරොත්තුවෙන් නේද? දැන් කරමින් තියෙන්නේ ඒ විරුවන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමද?(නදී)

:       0       0

ඩී.උපුල් Tuesday, 23 July 2013 10:52 PM

18 වෙනි සංශෝධනයෙන් රටට මොකද වෙන්නේ?(නදී)

:       0       0

ටිකිරි Tuesday, 23 July 2013 10:51 PM

පිටිගල.ඔයා අහල තියෙනවද මෝඩයන්ව අන්දන්න පුළුවන්. හරිම ලේසියි. ඒත් කවදා හරි දවසක මොලේ පෑදුනම බොහොම දරුනුයි. අවරුදු 17 ක පාලනය නැති වුනේ කොහොමද?(නදී)

:       0       0

ටිකිරි Tuesday, 23 July 2013 10:54 PM

ද්‍රෝහි කම් කරන අය මුළු රටම දන්නවා.(නදී)

:       0       0

පුදීප් Tuesday, 23 July 2013 11:11 PM

මවු බිමට ද්‍රෝහී වන්නන් වන්නේ ජනතාවගේ අනාගතය වනසන්නන්ය. (නදී)

:       0       0

අචිනි Wednesday, 24 July 2013 10:50 AM

වැටත් නියරත් ගොයම් කය් නම් කාට පවසම්ද ඒ අමාරුව (අ)

:       0       0

ප්‍රිය Tuesday, 23 July 2013 11:12 PM

ජනාධිපතිතුමනි, අපි හැමෝම ලංකාවට ආදරෙයි. රටට ගිහින් තියෙන කල බලන්න. මීට නොපමාව පියවරක් ගන්න (නි)

:       0       0

රොෂාන් Wednesday, 24 July 2013 10:53 AM

වීරලා වගේ මිනිස්සු තමා ද්‍රෝහියෝ ඇති කරන්නේ. (නදී)

:       0       0

රාහුල Wednesday, 24 July 2013 10:58 AM

ඉස්සෙලම එස්.එෆ් ට සාදාරණය ඉටුකරන්ඩ. හිටපු ත්‍රස්තයින් ඔබතුමාගේ උපදේශක තත්වයෙන් එලවන්ඩ. මිනිස් නිදහස රකින්ඩ. වැරදි කරන ඔබ පාක්ෂිකයින්ට දඬුවම් දෙන්ඩ. එවිට කිසිම විවේචනයක් නැහැ. ඔබ තුමා හොදයි. ඔබ තුමා දිගටම ජනාදිපතිවෙලා ඉඳගෙන පුළුවන් විදිහට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගන්ඩ? ඔබ තුමාට අපේ මනාපය. මීළඟ පාරත්.(නදී)

:       0       0

නෙතුමි Wednesday, 24 July 2013 02:09 PM

අනේ ඉතින් සංවර්ධනය කියන්නේ යටිතල පහසුකම් වල දියුණුව පමණක් නොවන වග නොදන්නවා නෙමේනේ. ඇයි මේ සංවර්ධනය කියන වචනේ පහත් කරන්නේ. අපි කොහෙද තාම සංවර්දනය උනේ දන්නේ නැහැ.(නදී)

:       0       0

ප්‍රියංකර Tuesday, 23 July 2013 11:24 PM

ලංකාවේ ඉපදිලා ලංකාවට ද්‍රෝභීවෙන අය මේ රටේවත් තියාගන්න හොද නැහැ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 24 July 2013 05:21 PM

ප්‍රාදේශීය දෙසපලකයන්ගෙන් වැඩි දෙනෙක් දේශ ද්‍රෝහියෝ , (අ)

:       0       0

ඩිනාම් Tuesday, 23 July 2013 11:38 PM

ජනපතිතුමනි, ජීවන බර වැඩි වුනත් ජනතාව ඒ බර උහුලගෙන ඉන්නේ ඔබතුමා හින්දයි. අපි ඔබතුමාට ආදරෙයි (නි)

:       0       0

චානක. Tuesday, 23 July 2013 11:41 PM

මානව හිමිකම් කඩනවා කියා රටට විරුද්ධව ජිනීවා වලට ලිපිගොනු අරගෙන යන අයයි රටට ද්‍රෝභි කම් කරන්නේ.(නදී)

:       0       0

වීර Tuesday, 23 July 2013 11:57 PM

අර්ෂා, රිෂාර්ඩ්, හාරුන් ,නීරෝ, වගේ අය ජනාධිපතිතුමා කියන දේ හොදින් හිතට ගතයුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 626 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 332 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1658 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 427 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2544 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37144 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site