වැලිවේරිය රතුපස්වල වෙනිග්‍රෝස් කම්හලේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සහ ගම්පහ විහාරාධිපති හිමිවරුන්ගේ සංගමය එක්ව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී රතුපස්වල උපවාස කළ තෙරිපැහැ සිරිධම්ම හිමියන් ගැන විවේචනය කරද්දී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට වීමත් සමග එම සාකච්ඡාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර හිමිවරු සෙත් පිරිත් දේශනාවක් පවත්වා සාකච්ඡාව අවසන් කළහ.
විහාරාධිපති හිමිවරුන්ගේ සංගමය සහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ හිමිවරුන්ට අමතරව දේශපාලනඥයෝ හා රාජ්‍ය නිලධරයෝ කිහිපදෙනෙක් ද එම අවස්ථාවට සහභාගී වූහ.
වැලිවේරිය පූර්වාරාමාධිපති මීගමු පළාත් සහිත සීනාදී සිව් කෝරලයේ ප්‍රධාන සංඝනායක, ගම්පහ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වැලිවේරියේ අනෝමදස්සී, ගම්පහ විහාරාධිපති සංගමයේ ප්‍රධාන ලේඛකාධිකාරී මැදගම ශ්‍රී සුනන්දාරාමාධිපති තුම්මෝදර සමිතසෝම, ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සමායෝජක හේන්පිටමුල්ලේ සුසීල, වැලිවේරිය සුදර්ශනාරාමාධිපති වැල්ලගිරියේ රතනසිරි, වැලිවේරිය නැදුන්ගහහේන ශ්‍රී සුදර්ශනාරාමාධිපති තිඹිරිවැව ශිලසාර යන නායක ස්වාමීන්වහන්සේලා ඇතුළු භික්ෂූන් වහන්සේ දොළොස් නමක් මාධ්‍ය සාකච්ඡාවට වැඩම කර සිටියහ.
බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත්, ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන, ප්‍රාදේශීය ලේකම් චාන්දනී ගුණතිලක මහත්ම මහත්මීහු ද පැමිණි අය අතර වූහ.
රතුපස්වල ගැටළුවට රජය විසදුම් දී තිබියදී සිරිධම්ම හිමියන් ජනතාව පොළඹවමින් කටයුතු කිරීම ගැන කනගාටු වන බවත්, එලෙස කරන්නේ කුමක් හෝ අරමුණකින් බවත්, මාධ්‍ය මගින් ඒ හිමියන් උලුප්පා දැක්වීම වැරදි බවත් සාකච්ඡාවට සහභාගී වූ හිමිවරු කිහිප දෙනෙක් පැවසූහ.
උද්ඝෝෂණ මගින් ජනතාව පෙළගස්වන භික්ෂූන්වහන්සේලාට මාධ්‍යයෙන් ඉඩ නොදෙන ලෙස ද එක් හිමිනමක් ඉල්ලීමක් කළහ.
‘රතුපස්වල පානීය ජලයට ඇසිඩ් මුසුවී පී.එච් අගය අඩුවීමේ ප්‍රශ්නය ගැන අපි වගේම රජයත් බලවත් සේ කනගාටු වී සියලු කටයුතු සම්පූර්ණ කළා. ජනාධිපති මන්දිරියට අදාල කණ්ඩායම් ගෙන්වා පුළුල් ලෙස සාකච්ඡා කළා. වැදගත් තීරණ රැසක් ගත්තා. කර්මාන්ත ශාලාව ආරම්භ කරද්දී වැලිවේරිය නැදුන්ගමුව මුඩු බිමක්ව තිබුණත් දැන් ජනාකීර්ණ වෙලා නිසා ජනාධිපතිතුමා එක හෙළාම ප්‍රකාශ කළා මේ කර්මාන්ත ශාලාව ආයෝජන කලාපයට ගෙනයෑමට කටයුතු සලස්වනවා කියා. ඒ වගේම තීරණය කළා ප්‍රතිපාදන වෙන්කර ඒ ප්‍රදේශයේ ජනතාවට වහාම පානීය ජලය ලබා දෙන්න.එහෙම ක්‍රියාදාමය කරගෙන යනකෙට තමයි පසුගිය සිකුරාදා නැවතත් වැලිවේරිය ගිනිගන්නා තත්ත්වට කටයුතු කළ බවක් දැනගන්න ලැබුණේ. ‘
එම භික්ශූන් දීර්ඝ ලෙස සිරිධම්ම හිමියන් ගැන සහ රජය ලබා දුන් සහන ගැන කියද්දී මාධ්‍යවේදීහු ප්‍රශ්න නගන්නට වූහ.
මාධ්‍යවේදියෙක් - ‘27 වැනිදා සිට උද්ඝෝෂණ තිබ්බා. තෙරිපැහැ සිරිධම්ම හිමියන් විතරයි ජනතාව සමග හිටියේ. ජනතාවගේ ගැටළුව සොයා බලන්නවත් අනෙක් හිමිවරුන් වැඩියේ නැහැ. දේශපාලනයකින් තොරව තමයි සිරිධම්ම හිමියන් ජනතාව සමග හිටියේ. ළමයින් තුන් දෙනෙක් වෙඩි වැදී මැරුණා. කතෝලික සභාව ඒ ගැන නිවේදනයක් පවා නිකුත් කළා. බෞද්ධ ළමයින් දෙදෙනකු මරිලා. මේ සංගම් දෙකෙන්වත් ඇයි නිවේදනයක් නිකුත් නොකළේ? ඇයි සිරිධම්ම හාමුදුරුවන්ගේ සේවය අගය නොකරන්නේ ?‘
හිමිනමක් - ‘ඒ හාමුදුරුවන්ගේ කැපවීම හොදයි. ඒත් අරමුණ පැහැදිලි නැහැ.‘
හිමිනමක් - ‘අපිත් එතැනට ඇවිත් හිටියා.‘
මාධ්‍යවේදියෙක් - ‘ගහනකොට කොහෙද හිටියේ?‘
(පිළිතුරක් නැත.)
මාධ්‍යයවේදියෙක් - ‘එහෙනම් ඒ හාමුදුරුවන්ගේ අරමුණ කුමක්ද?‘
හිමිනමක් - ‘ඒක කියන්න බැහැ. පස්සේ තේරෙයි.‘, ‘අපිත් ප්‍රශ්නේ හිටියා‘
මාධ්‍යවේදියෙක් - ‘හාමුදුරුවෝ වැරදි නම් දඩුවම් කරනවාද? මොකක්ද දෙන දඩුවම?‘
හිමිනමක් - ‘ඒක හෙළි කරන්න බෑ. ඒ ගැන මාධ්‍ය අහන එක හොඳ නෑ.‘
මාධ්‍යවේදියෙක් - ‘සිරිධම්ම හාමුදුරුවන්ගේ කැපවීම හොඳයි, අරමුණ හොද නැහැයි කියනවා. ඔබවහන්සේලාගේත් කැපවීම හොඳයි. ඒත් අරමුණ මොකක්ද?‘
හිමිනමක් - ‘මේ වන විට ජල ගැටළුවට ලබා දී ඇති විසදුම් සහ නැවත උත්ගතව ඇති තත්ත්වය පැහැදිලි කිරීමයි.‘
මාධ්‍යවේදියෙක් - ‘මේක රාජ්‍ය ආයතනයක්. ඔබවහන්සේලා මෙතෙන මාධ්‍ය සාකච්ඡා තියද්දී ආණ්ඩුවට ගැතිකම් කරනවා කියා කාට හරි හිතෙයි. පුළුවන්නම් මේක ගිහින් වැලිවේරිය පිට්ටනියේ තියන්න. ‘
මාධ්‍යවේදියෙක් - ‘ඔබවහන්සේලා මෙතෙන මේ කියන ඒවා අපි පත්තරේ ලිව්වොත් අපටත් වැලිවේරියට යන්න බෑ, ගුටිකන්න වෙනවා.‘
මාධ්‍යවේදියෙක් - ‘සිරිධම්ම හාමුදුරුවෝ දැන් ජාතික වීරවරයෙක්. මේ ප්‍රශ්නයට ඔබ වහන්සේලාගේ මැදිහත්වීම අඩු නිසා තමයි ඒ හිමියන් වීරවරයෙක් වුණේ.‘
මාධ්‍යවේදියෙක් - ‘වෙඩි තැබීම සිදුවූ දින සිරිධම්ම හිමියන් සිටියේ රතුපස්වල කර්මාන්ත ශාලාව අසල. එතැන ඒහිමියන්ගේ නායකත්වය ජනතාවට ලැබී තිබුණ නිසා කර්මාන්ත ශාලාව අසළ උද්ඝෝෂණය කළ කිසිවකුත් පීඩාවට පත් වුණේ නැහැ. වැලිවේරියේදී ජීවිත තුනක් අහිමිවුණේ උද්ඝෝෂණයට යුද හමුදාව පැමිණි අවස්ථාවේ හමුදාවේ මැදිහත්වීම වලක්වන්නට ඔබවහන්සේලා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් නිසා නොවේද?‘ (නිසි පිළිතුරක් නැත.)
මාධ්‍යවේදියෙක් - ‘මේ කියන දේවල් පත්තරේ දැම්මාම සංඝ බේදයක් ඇතිවෙන්නේ නැද්ද?‘
හිමිනමක් - ‘මේවා මාධ්‍යයේ පළකරන්න එපා. ඔබේ දැනගැනීමට පමණයි කිව්වේ.‘
‘මේ ගැටළුව ඇති වුණේ නිලධාරීන් නිසි වේලාවට මැදිහත් නොවුණ නිසා යැයි‘ ස්වාමීන් වහන්සේ නමක් පැවසූ අතර ඒ ස්වාමීන් වහන්සේ කෙළින් කතා කරනවායැයි මාධ්‍යවේදීන් සිය සතුට පළ කළහ.
මාධ්‍යවේදීන් දිගින් දිගයම ප්‍රශ්න කරද්දී හිමිවරුන් එක්වරම පිරිත් කියන්නට වූහ. මාධ්‍ය සාකච්ඡාව එතැනින් අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සබ්බේ සත්තා භවංතු සුඛිතත්වා ! (ස)
දැන් ඉන්න හාමුදුරුවරු දේශනා කරන්නේ බුද්ධාගම නෙවෙයි, දේශපාලන ආගම. ලැජ්ජයි.නිර්භීතව ප්‍රශ්න අහපු මාධ්‍යයකරුවන්ට මගේ ප්‍රණාමය. (ස)
නියම ප්‍රශ්න ටික. හොඳ වැඩේ කඩේ යන්න ආවට. (ස)
මේ වගේ ස්වාමීන් වහන්සේලා නිසා තමයි බෞද්ධයන්ට සාසනේ එපා වෙන්නේ. (ස)
අපේ හමුදුරෝවෝ ටික ජනතාව මහන්සියෙන් දුන්න දානේ වල කලගුණ තිබ්බා නම් හොඳ නැද්ද? (ස)
හබලක් නැති ඔරුවක් ඇති මිනිසුන් වෙති වෙරලක් නැති .පිහිටක් නැති මිනිසුන් ඇති රතුපස්වල වතුරත් නැති. (ස)
මුසාවාද දෙඩීම හාමුදුරුවන්ට කොහෙත්ම උචිත නැහැ නේද ? (ස)
අකිල එහෙම කියන්න එපා. මේවා අපි නවත්තන්න ඕනේ (දී)
අයියෝ මෙගේ රටට මොකද මේ වෙන්නේ (දී)
පලතුරු වට්ටියට සහ මුදල් කුට්ටියට කහින්න ගිහින් කරගත්ත වින්නැහියක්. මාද්‍ය සාකච්ඡාව නිසිආකාරව මෙහෙයවීම සිදුකල මාද්‍ය වේදීන්ට මල්මිටක්. (දී)
සුරේෂ්ගේ කතාව හරියට හරි. (දී)
කිසි සේත්ම මම නම් අනුමත නොකරමි (දී)
මෙයාල තමයි සැබෑ චීවරධාරින් (දී)
මාද්‍ය නඩ ඇස වසාගෙන මාධ්‍ය මෙහෙවරේ යෙදෙන බව ගම්‍ය වන තවත් එක් නිදසුනක් මෙපුවත, අපරාධ විද්‍යාව ඉගෙනගත් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඇසුවොත් කියයි රතුපස්වල යටිපෙළ පෙළ ගැසුන විධියේ විස්තරයේ රග..! (දී)
තවමත් අපිට ඉන්නවා නිර්භය මාධ්‍ය වේදියෝ. ගේ ආචාර එතුමන්ලාට. බොහොම පැහැදිල්යි මේ හාමුදුරුගොල්ල ගේ කතිකාවත. පන්සලේම හිටියා නම් වඩා හොදා එදා වාගේම. අර හාමුදුරුවෝ එතනට වැඩියේ කර්මාන්ත ශාලාව දින තුනකින් අරිනවා කියපු හින්දා. ප්‍රශ්නෙට උත්තර ලැබුනේ නැහැ නේ. ඒකට ඔය කියන සග පිරිස මුනිවත රැක්කා, එහෙම නේද අවසර.(නදී)
නියම වීරයෝ මාද්‍යවේදීන්!. (දී)
මේවාට මොනවාද අපි කියන්න ඕනේ (දී)
මෙන්න සබැ මාධ්‍යවේදීන් .ඔබට ප්‍රණාමය (දී)
ලැජ්ජයි!!! (දී)
දැන් රතූ පස් වල ජනතාවට වතුර දීලා වතුර බිලකුත් දෙනවද , (දී)
නිකං ප්‍රතිරූපය නැති කර ගන්නවා (දී)
හාමුදුරුවනේ ඔබ වහන්සේට අපේ උත්තමාචාරය (දී)
වරප්‍රසාද,පස්සේ දුවන සමහර භික්ෂුන් මෙන් නොව මිනිසුන්ගේ සබැ දුක වේදනාව වෙනුවෙන් නොසැලී රතුපස්වල ජලය පිලිබඳ ප්‍රශ්නයේ දී අභීතව කටයුතු කල සිරිධම්ම හිමියන්ට අපේ උත්තමාචාරය ! (දී)
අපේ මාද්‍ය මිතුරන්ට අපේ ස්තුතිය (දී)
රට හරි මගට ගන්න නම් රජුන්ගෙනුත් මෙසේ ප්‍රශ්න කල හැකි නිර්භීත මාධ්‍යවේදීන් අත්‍යවශ්‍යයි. (දී)
මිනීමරුවන්ට පිරිත් නුල් බඳින ප්‍රවනතාවක් තිබෙන රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තෙරිපැහ සිරිධම්ම හිමියන්ගේ කැපවීම අගය කල යුතුය.(දී)
මිනීමරුවන්ට පිරිත් නුල් බඳින ප්‍රවනතාවක් තිබෙන රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තෙරිපැහ සිරිධම්ම හිමියන්ගේ කැපවීම අගය කල යුතුය.(දී)
මාධ්‍යවේදීහු , නියම මාධ්‍යවේදීහු වෙන්නේ මේ වගේ කෙලින් වැඩ කරනවානම්. මෙවැනි සැබැ මාධ්‍යවේදීන්ට අපේ ප්‍රණාමය !! (දී)
අජන්ත, නවත්වනම් මීට ගොඩක් ඉස්සර නවත්වන්න තිබුනේ. නිදියන්ද හිටියේ. කොහොමත් දැන් රටේ සාශනේ ඉවරයි හාමුදුරුවන්ට ජොබ්ස් දුන්නු දා ඉඳන්. ඒවගේම කැම්පස් යන්න ලැබුණු දා ඉඳන් සහ පාර්ලිමේන්තුවට ගීය දා පටන්. ඔය 3 නැවත්තුවොත් ගොඩක් ප්‍රශ්න විසඳන්න පුළුවන්. සාසනෙත් රැකෙයි. (දී)
ගමේ ජනනතවගේ ප්‍රශ්නය හරි හැටි තේරුම් ගෙන ඉන්නේ සිරි දම්ම හාමුදුරුවෝ (දී)
මෙයට වසර හතර පහකට ඉහත අපි අපේ ආගම බෞද්ධ ආගම කියා කීවේ ආඩම්බරයෙන් බහුතරයක් ශික්ෂුන් කරන දේශපාලන ගැතිකම් නිසා අද අපට අපි බෞද්ධයෝ කියන්නත් ඇතිවන්නේ ලැජ්ජාවක්.තෙරිපැහ සිරිධම්ම හිමියන්ට අපේ උපහාරය !(දී)
මෙයට වසර හතර පහකට ඉහත අපි අපේ ආගම බෞද්ධ ආගම කියා කීවේ ආඩම්බරයෙන් බහුතරයක් ශික්ෂුන් කරන දේශපාලන ගැතිකම් නිසා අද අපට අපි බෞද්ධයෝ කියන්නත් ඇතිවන්නේ ලැජ්ජාවක්.තෙරිපැහ සිරිධම්ම හිමියන්ට අපේ උපහාරය !(දී)
මෙයට වසර හතර පහකට ඉහත අපි අපේ ආගම බෞද්ධ ආගම කියා කීවේ ආඩම්බරයෙන් බහුතරයක් ශික්ෂුන් කරන දේශපාලන ගැතිකම් නිසා අද අපට අපි බෞද්ධයෝ කියන්නත් ඇතිවන්නේ ලැජ්ජාවක්.තෙරිපැහ සිරිධම්ම හිමියන්ට අපේ උපහාරය !(දී)
අහිංසක ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නැගී සිටින හිමිනගෙන් ප්‍රශ්න කරනවාම් ධර්මය විනාශ කරන භික්ෂුන්හට කිසිම ප්‍රශ්නයක් නැද්ද ,(අ)
අහිංසක ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නැගී සිටින හිමිනමකගෙන් ප්‍රශ්න කරනවාම් ඇයි ඔය ජාතිවාදය පතුරවා රට යලිත් ප්‍රපාතයට තල්ලු කරන බුද්ද දර්මය විනාශ කරන බික්ෂුන්හට කිසිම ප්‍රශ්නයක් නැද්ද.(නදී)
අපි අන්‍ය ආගමිකයන් හදන්න කලින් අපි හැදෙන්න ඕනා. නැත්නම් එයාල හිනා වෙයි. දෙපැත්තෙන්ම. මාධ්‍යවේදීන්ට මගේ ස්තුතිය. (නදී)
භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු සාකච්ඡ කලයුත්තේ සමාජය ඉදිරියේ නෙවෙයි.ඒවා සංඝ සභාවකදී කල යුතුයි.විශේෂයෙන්ම සිරිධම්ම හිමියන් වැනි ජාතික වීරයෙකු පිලිබදව ඊර්ෂ්‍යාවකින් කටයුතු නොකළ යුතුයි.මෙවැනි දේවල් වලින් වෙන්නේ බෞද්ධ අපත් අසරණ වීමයි.
අනේ හාමුදුරුවනේ............මේ කියන විදියටනම් සෙත් පිරිත් කියයල තියෙන්නේ පන්සිල් පදයකුත් කඩලා ඉවර වෙලානේ.(අ)
බෞද්ධ අප දැන් විශ්වාස කරන්නේ කාවද?(නදී)
මාධ්‍යවේදීන් දිගින් දිගයම ප්‍රශ්න කරද්දී හිමිවරුන් එක්වරම පිරිත් කියන්නට වූහ.- මම මේ ටිකට තමි කැමතිම.(නදී)
මේ පුවත මේ විදියටම දාන අදහසුත් සමග තියන්න, ගම්පහ අවට වැදගත් ස්වාමින් වහසේලා හරි හරියට අපහාසයට ලක් කරමින් දැනටමත් විශාල සමාජ විලොපනයක් සිදුවී හමාරයි. අර්බුධය ඔඩු දුවන දිසාව වනයක් වී ඇත. (නදී)
මේක මේ ආත්මේ ඉවරවෙන ප්‍රශ්නයක් නෙමෙයි (දී)
"මාධ්‍යවේදියෙක් - ‘ඔබවහන්සේලා මෙතෙන මේ කියන ඒවා අපි පත්තරේ ලිව්වොත් අපටත් වැලිවේරියට යන්න බෑ, ගුටිකන්න වෙනවා.‘ " ඒ කියන්නේ මාද්‍ය රතුපස්වෙල සිද්දිය ඔය විදියට වාර්තා කලේ මිනිසුන්ට බයේද?(නදී)
ජනතාව පාවා දීමක් නේද මේ කරන්නේ. (නදී)
මේ වගේ වැඩ නිසා තමයි බෞද්ධයන්ට සාසනේ එපා වෙන්නේ.(නදී)
මේ හාමුදුරුවෝ ජතික වීරයෙක් මේ හාමුදුරුවෝ ගැන වැරදි මතයක් ගෙන යාම නිවට වැඩක්. ඉතිහාසයේ ඔහොම අය හිටියා.1918 කැරැල්ල මෙහෙය වූයේ ගනින්නාන්සේලා බව ප්‍රකාශ කිරිමත් දැන් තහනම් වචනයක් වගේ. (නදී)
"මාධ්‍යවේදීන් දිගින් දිගයම ප්‍රශ්න කරද්දී හිමිවරුන් එක්වරම පිරිත් කියන්නට වූහ." ඇයි එහෙම වුනේ? (නදී)
ඇත්තටම, අපේ මාධ්‍ය වේදීන්ට අපි ගරු කරනවා. ඔවුන්ගේ අගය මිනිසුන්ට දැනුනේ එදා රතු පස්වලදී සිද්දියෙන්. මෙහෙ අපේ කෑම්ප් එක අගෝස්තු 25 දා සිට රටවල් බොහොමයක මාද්‍ය වේදීන් වටකරන් සැටලයිට්, වීඩියෝ ,කැමරා න් ආම්පන්න ,ටෙන්ට් ඇතුලේ සිට උයාගෙන කාලා, ලැගුන් ගෙන ඉන්නවා ගොඩ බිමින් හා මුහුදින් බෝට්ටුවල රැකවල් ලාගෙන මෙහෙන් ප්‍රහාරක යානා ගුවන් ගත කරයිද එසේනම්? ලොවට හෙළි කිරීමට ඔවුන් කරන සේවය අපුරුයි. කිසිවෙකු ඔවුන්ට බාදා නොකළ අතර මට එය දකිද්දී මතක් උනේ අපේ මාධ්‍ය වේදීන් ,කරන ජීවන අරගලය, තම සේවය කිරීමට ඇති දුෂ්කර බවත්, ජීවිත අවධානමත්..?ඇත්තටම ..මේ දර්ශනයන් දින පතා උදේ රැකියාවට ඇතුල් වන මේන් ගේට් එකේ දකිද්දී මට මගේ රැකියාව දමල මාධ්‍ය වේදියෙක් වුනා නම් කියල හිතුණ වාර අනන්තයි.(නදී)
මාද්‍යවේදීන්ට මගේ ප්‍රනාමය , රතුපස්වල හිමි ඇත්තටම මිනිස්සුන්ට ආදරේ කරන කාටවත් කඩේ යන හිමි නමක් නෙමෙයි වගේ. උන්වහන්සේට දිර්ගා යුෂ වේවා.(නදී)
ජයම්පතිගේ අදහස සමග මම 100% ක් එකගයි.(නදී)
රටේ ඉහලම පුරවැසියගෙන් පවා මේ අයුරින් ජනමාධයට ප්‍රශ්න කරන්න පුළුවන් උන දවසක ශ්‍රීලංකාව දියුණුම රට බවට පත්වෙවී.(නදී)
මාද්‍යවේදීන්ට මගේ ප්‍රනාමය , රතුපස්වල හිමි ඇත්තටම මිනිස්සුන්ට ආදරේ කරන කාටවත් කඩේ යන හිමි නමක් නෙමෙයි වගේ. උන්වහන්සේට දිර්ගා යුෂ වේවා.(නදී)
මේ හාමුදුරුවෝ ජතික වීරයෙක්. මේ හාමුදුරුවෝ ගැන වැරදි මතයක් ගෙන යාම නිවට වැඩක්. ඉතිහාසයේ ඔහොම අය හිටියා.1918 කැරැල්ල මෙහෙය වූයේ ගනින්නාන්සේලා බව ප්‍රකාශ කිරිමත් දැන් තහනම් වචනයක් වගේ. (නදී)
මේ රැස්වීමේ පරමාර්ථය එකක්. මාධ්‍ය වේදීන්ගේ පරමාර්ථය එකක්. මට නම් පේන්නේ හත්පොලේ ගාගෙන තියෙන්නේ මාධ්‍ය වේදීන් කියා ගන්නා අයයි.(නදී)
සංගමය කොම්පැනියෙන් ජරාව කාල වගේ.(නදී)
රතු පස්වල වතුර ප්‍රශ්නයට මුලින්ම උපවාසය කරන්න ගත් මොහොතේ පටන් මේ හිමිගේ මොනයම් අරමුණක් තිබෙන බව විස්වාසය කළ හැකිය.(නදී)
ඕක මෝඩ වැඩක්. අනේ මන්දා කවද තේරුම් ගනීද කියලා. මොකද මේ හිමිවරු මේ තරම් සිරිදම්ම හිමිට විරුද්ද.(නදී)
අපේ හාමුදුරුවනේ මොන පාටද නියෝජනය කරන්නේ.(නදී)
හොද ප්‍රශ්න ටිකක්.(නදී)
මාධ්‍ය වේදීන්ට මගේ උපහාරය පළමුව. දෙවනුව රතුපස්වල ජනතාවට සහා හාමුදුරුවන්ට. ඊළඟට මේ එකාවන්ව අදහස් දක්වපු අයට.(නදී)
කව්ද මේ වගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියන්න යෝජනා කළේ. සල්ලි කීයක් දුන්නද? (නදී)
මේ සියලුම හිමිවරු දේශපාලන වාසි ගන්න බලාපොරොත්තු වෙන අයද? නැත්නම් රජයට ගැතිකම් කරන උදවියද?(නදී)
එක්කෙනෙක් ඉහල යයි කියල බයට කට්ටියටම කේන්ති ගිහින් වගේ .(අ)
පවු කියලත් හිතෙනවා .. මේ අයත් මේ වගේ කට්ටිය එකතුකරගෙන සාකච්චාවකට ආවේ මේක වීඩියෝ කරලා ටීවී එකේ එහෙම දාපුවම කොච්චර වටිනවාද කියල හිතාගෙන නේ ..මම හිතන්නේ කට්ටියගෙම පළමු සහ අවසාන මාධ්‍ය සාකච්ඡව වෙන්න ඕන මේක.(අ)
නිර්භීත මාධ්‍යවේදීන්ට මගේ ප්‍රණාමය (අ)
අනේ අපේ හාමුදුරුවනේ (අ)
ඔබට අපගේ උත්තමාචාරය (දී)
මම මේ කතෝලිකයෙක් නිසා දන්න් නෑතිනිසා අහන්නේ...ස්වාමින්වහන්සේලා පිරිත් කිව්වේ මාධ්‍ය වේදින්ගේ ඉදිරි ආරක්ශාවටද? රටක මාධ්‍ය ආරක්ෂා කලයුතු වග උන්වහන්සේලාට පසක්වන්ට ඈති (දී)
ආණ්ඩුවට ගොට්ට අල්ලන්න හිටියෙ මුලින්ම ගිහියො විතරයි. දැන් මේ හාමුදුරුවොත් ඒ වැඩේ කරමින් හත් පොලක නොවෙයි 77 පොලක ගාගන්නවා. රට හදන්න මේ උන්නාන්සෙලා පෙරට එන්නෙ නැතිනම් වෙන කාගෙ සරණක්ද? මර්වින් සිල්වා විමල් වීරවංශ ලාට වැරැද්දක් කියන්න බෑ මුන්නනාන්සෙලා මේ කරන වැඩ දිහා බලපුවාම (දී)
ආණ්ඩුවට ගොට්ට අල්ලන්න හිටියෙ මුලින්ම ගිහියො විතරයි. දැන් මේ හාමුදුරුවොත් ඒ වැඩේ කරමින් හත් පොලක නොවෙයි 77 පොලක ගාගන්නවා. රට හදන්න මේ උන්නාන්සෙලා පෙරට එන්නෙ නැතිනම් වෙන කාගෙ සරණක්ද? මර්වින් සිල්වා විමල් වීරවංශ ලාට වැරැද්දක් කියන්න බෑ මුන්නනාන්සෙලා මේ කරන වැඩ දිහා බලපුවාම (දී)
අපේ රටේ ඉතිහාසසේ සිට මේ රට රැකගත්තේ ස්වාමින් වහන්සේලා ! උන් වහන්සේලා කීපපැත්තට බෙදුනත් බෙදිලා කරන්නෙත් සේවයක් ! කොයි පැත්තෙත් සේවයක් කරනවා . කව්රුත් රැකගැනීමට එය එකපැත්තකින් හොදයි ! ඒත් පක්ෂ දේශපාලනයට සහ වේදිකාවට යනඑක නම් හරිම කණගාටුදායකයි ! ඒකට එම හාමුදුරුවරු මෙන්ම දේශපාලකයෝ වගකියන්න ඔනී ! (දී)
මේ චීවර ධාරීන් කියන විදිහට දැන් රතුපස් වලට වතුර (හොද ) ලැබිල බීපු අය ඉන්නවද...එහෙමත් නැත්නම් ..තාම වතුර බට දානවද..? මේ කට්ටිය නම් බොදු බලේ වෙනත් මුහුණක් හරි..ආණ්ඩුවෙන් එවපු දේශපාලන පිල්ලූ ටිකක් හරි වෙන්න ඕනි.. ඒ මොකද ජනතාව ගැන කිසිම කතාවක් නැ..ඒ උනාට දන් ටික වත් ලැබෙන්නේ ජනතාවගෙන්..(දී)
අනේ මන්දා දෙන දේ කාල වෙන දේ බලන් ඉන්නවා (දී)
නියම හාමුදුරු කෙනෙක්නේ. මේ වගේ ශ්‍රේෂ්ඨ භික්ෂුන් ආරක්ෂා කරගන්න රටේ මිනිස්සු පෙළගැහුනේ නැත්නම් රටට මොනවා වේවිද? මේ හාමුදුරුවන් වෙනුවෙන් කතාකළ මාධ්‍යවේදින්ට මගේ ප්‍රණාමය! (නි)
සිංහල බෞද්දයට කාගේ පිහිටද ?(නදී)
මේ චිවරධාරීන් කරගත් අකුසලයක්....? (නි)
මේ ඇසිඩ් වතුර බීලා ඇගවල් ඇතුළේ මොනවා තිබේද දන්නේ දෙයියෝ තමයි. (නි)
උඩ බලාගෙන කෙළ ගහන්න ගිහින් තමන්ගේම මුහුණට වැටුනා නේද? අනේ සාදු..! මාධ්‍යවේදීන්ට මගෙන් තුති මල් මිටක්. (නි)
සිරිධම්ම හිමියන්ගේ පන්සලට ගොඩක් දුරින් ඉන්න රතුපස්වල ජනතාවට උන්වහන්සේ උදව් කරද්දී ගමේ පන්සලේ හාමුදුරුවෝ මුනිවත රැක්කා. ඉතින් දැන් රතුපස්වල මිනිස්සු යන්නේ ඈතින් තිබුණත් සිරිධම්ම හිමියන් වැඩ හිටින පන්සලට. මම කියන්නේ මේකයි වෙන්න ඕනෑ. (නි)
තාම අපිට නම් වතුර ලැබුනේ නැහැ (නි)
බොදුබල සේනාවට , රාවයට මේ සිද්ධියට සම්බන්ධ වෙන්න බැරි වුණා නේද? (නි)
ඔය හාමුදුරුවන් ඔක්කොටම එක දිගට මාසයක් වැලිවේරියේ පිරිත් කියන්න සලස්සන්න. එහෙම පිරිත් කියන කොට වතුර ඕන වෙනකොට අර ලින් වලින් වතුර [පැන්] අරන් දෙන්න මොකද කියන්නේ බලන්න.(නදී)
දැන් මොනවා කතා කළත් වැඩක් නැහැ. අසරණ දරුවෝ දෙන්නෙක් මලානේ. පන තියෙන කම් ඒ අම්මලාට තමයි දුක. හාමුදුරුවනේ රට ගිහින් දුක් විදින කාන්තාවන් ගැන හඩක් නගන්න. (නදී)
මාධ්‍යවේදිනට ස්තුතියි. දැන් ඔය කියන හාමුදුරුවරු සාකච්ඡා තියලා ඇත්තේ කාගේ කිමටද? මිනිසුන්ට ආගමත් එපා වෙනවා මෙවැනි වැඩ වලදී.(නදී)
පොදු ප්‍රශ්නයකදී අන්‍ය ආගමික නායකයන්ගේ කැපවීම කැපී පෙනීම විශේෂත්වයකි. (නදී)
සත්‍ය මුසාවෙන් යටපත් කල නොහැකි විට ලිස්සා යාමේ උපක්‍රමයක් භාවිතා කර ඇත.(නදී)
ලොකු හාමුදුරුවරුන් මේ 'මාධ්‍ය සාකච්ඡාව' පැවැත්වීමෙන් තමන්ටම විශාල හානියක් කරගෙන තියෙනවා. සංඝ සභාවකදී සාකච්ඡා කලයුතු දේ විවෘතව කතාකිරීම කොහෙත්ම සුදුසු නැහැ. මෙතන හිටියයි කියන "මාධ්‍යවේදීන්" ඒ වෙනකොට පුර්ව නිගමන වලට බැහැලයි මේකට සහභාගිවී ඇත්තේ. ඔවුන් සිරිධම්ම හිමි "ජාතික වීරයෙක්" කරලත් ඉවරයි. ඔවුන්ගේ ප්‍රශ්න සියල්ලම 'කරුණු සොයා බැලීමේ' ප්‍රශ්න නොව මෙතන සිටි හාමුදුරුවරුන්ට මඩ ගැසීමේ අරමුණින් ඇසු ප්‍රශ්න බව මධ්‍යස්තව හිතන ඕන කෙනෙකුට තේරෙනවා. ඒකද මාධ්‍යකරුවන් කලයුත්තේ? සත්‍යය සොයාබලා ජනතාව දැනුවත්කිරීම නෙමෙයිද? රජය විසඳුම් දීල තිබෙන බව හාමුදුරුවරුන් කියන කතාව බොරුනම් ඒක ගැන නේද ප්‍රශ්නකළ යුත්තේ? මෙතන අදහස දාල තියෙන බොහොම දෙනෙක් හාමුදුරුවන් ගැන අපහාසාත්මකව ලියන හැටි බලනකොට ඒ පිරිස අගතියෙන් අන්ධවී ඉන්න බවකුයි හැඟෙන්නේ. මහත්වරුනි,හාමුදුවරුනට ඔබ ඔහොම අපහාස කරනකොට ඒවා දැකල දෙපැත්තෙන්ම හිනාවෙන පිරිසක් ඉන්න බවත් කල්පනාවට ගන්න. (නදී)
සාදු සාදු!(නදී)
වැඩි විස්තර හොයලා බලන්න කමිටුවක් පත් කළොත් නරකද? (නි)
අපි අපි බැන ගන්න එපා. අපි සිංහල. මොන දෙය කරත් - කිව්වත් ජාතිය ට පරගැති වන්න එපා. එක එකා රට අපෙන් උදුරගන්නවා ඒකාන්තයි දවසින් දවස. ඔය ඇත්තන්ගේ ඡන්ද කොලේ බැලුවොත් හොඳින්, තේරුම් වෙයි. අපි එකට ඉමු. හරි දෙය හෝ වැරදි, අපි අපේ අතීතය අමතක නොකරමු! මට 100% විශ්වාසයි හැමදේම සතුටෙන් නිමාවෙයි.(නදී)
රූපවති, අනේ අපි නොදන්නාවා නොවෙයි, ජාත්‍යයන්තර ජන මාධ්‍ය තම රටවල් ආරක්ෂා කරමින් කටයුතු කරන අන්දම. ඒවා ආරම්භ වුණෙත් ඒ මෙහෙවර සදහාමයි. (නි)
මාධ්‍ය වේදීන්ට මගේ උපහාරය පළමුව. දෙවනුව රතුපස්වල ජනතාවට සහා හාමුදුරුවන්ට. හාමුදුරුවන් බුදුන්වහසේගේ පක්ෂය නියෝජනය කරන්න. දේසපාලන පක්ෂ නියෝජනයෙන්න් වහාම ඇත් වන්න. එක දරුවෙකුගේ බල්ලෙන් ඇතුළු උන වෙඩි උණ්ඩය දකුණු හක්කෙන් පිට වීමත් අනෙක් දරුවා දන ගස්වා උරහිසට දුන් පොලු පහරින් උරහිස කඩා වැටී බෙල්ලේ බර නහර චේදනයවී මරු මුවට පත් වෙන කොට මේ උන්නාන්සේලා හිටියේ කොහෙද? කල යුතුව තිබුනේ මැදිහත් වී ජනතාව සන්සුන් කර හමුදාවට ගල් ප්‍රහාර එල්ල කිරීම නැවතීමත් හමුදා ප්‍රහාරය නැවැත්වීමත් පමණි.(නදී)
විදුර, ඔයත් හීනෙන් දොඩවනවාද පොඩි කලේ ඉදලම ?(නදී)
මාධ්‍යවේදීන්ට මගේ උපහාරය පළමුව. දෙවනුව රතුපස්වල ජනතාවට සහ හාමුදුරුවන්ට. ඊළඟට මේ එකාවන්ව අදහස් දක්වපු අයට. (ස)
අනේ මන්දා අනුර මොනවා කියනවද කියලා. (නි)
මම එදත් කිවුවේ අසරණ මිනිසුන් වෙනුවෙන් මේ හාමුදුරුවෝ විතරමද ලංකාවේම ඉන්නේ කියලා. මේවට කියන්න වචන නැහැ. (නි)
ඉස්සර හිටිය හාමුදුරුවරු රට, ජාතිය, අසරණ මිනිසුන් වෙනුවෙන් ඉදිරියෙන්ම ගමන් කළා.ඒකට දැන් ඉන්න අය ගැන නම් හරිම කලකිරීමක් තියෙන්නේ.යාන වාහන වලට සියල්ලම යට වෙලා.මොනර කොළ වලට සත්‍ය යට වෙලා. (ස)
නියම හාමුදුරු කෙනෙක්නේ. මේ වගේ ශ්‍රේෂ්ඨ භික්ෂුන් ආරක්ෂා කර ගන්න රටේ මිනිස්සු පෙළ ගැහුනේ නැත්නම් රටට මොනවා වේවිද? මේ හාමුදුරුවන් වෙනුවෙන් කතාකළ මාධ්‍යවේදින්ට මගේ ප්‍රණාමය! (ස)
කොන්ද පණ නැති හාමුදුරුවරු වෙසෙන රටේ කොන්ද පණ තියෙන හාමුදුරුවරු එක නමක් හෝ සිටීම ගැන මම සතුටු වෙනවා.ඒ වගේම ජනමාධ්‍යවේදීන්.... (ස)
අපි දන්නවා ඔය හාමුදුරුවරුන්ගේ ඇත්ත තත්ත්වය. තෙරිපැහැ හාමුදුරුවෝ වීරයෙක්. සල්ලි කුට්ටි වලට හාමුදුරුවෝ ගන්න බැරිවුණ නිසා තමයි ඔය ඔක්කොම ප්‍රශ්නේ. කොහොම වුණත් ඉදිරියටත් වැලිවේරිය ජනතාව තෙරිපැහැ හාමුදුරුවෝ සමග තමයි. (නි)
උපාලි, කවදා ඉඳලද බණ කියන්න පටන් ගත්තේ? (නි)
මාධ්‍යවේදීහු , නියම මාධ්‍යවේදීහු වෙන්නේ මේ වගේ කෙලින් වැඩ කරනවා නම්. මෙවැනි සැබෑ මාධ්‍යවේදීන්ට අපේ ප්‍රණාමය !! (ස)
බන්දුල පෙරේරා වැනි අවජතකින් ඉන්න තුරු පාලක පන්තිය තම හිතුමනාපෙට ජනතාව ප්‍රෝඩාවට පත්කරනු ඇත. (ස)
දම්, මමත් බෞද්ධ තමා.ක්‍රිස්තියන් පූජකවරු පෙනී සිටින්නේ මොනර කොළ වෙනුවෙන් නෙමෙසි.අසරණ මිනිසුන් වෙනුවෙන්. (ස)
මේ හාමුදුරුවෝ ජාතික වීරයෙක්. මේ හාමුදුරුවෝ ගැන වැරදි මතයක් ගෙන යාම නිවට වැඩක්. ඉතිහාසයේ ඔහොම අය හිටියා. (ස)
දැන් ලංකාවේ ඉන්න හාමුදුරුවරු කරන්නේ ජොබ් එකක්.හරියට බන්දුල පෙරේරා වගේ කොහොම හරි මාසේ අන්තිමට ගත මනාව හොයා ගන්නවා. (ස)
කොදු නැති රටක මේවා සුළු දේවල්. (ස)
සිරිධම්ම හිමිට දීර්ඝා යුෂ ලැබේවා !! (ස)
අනේ සාදු !(නදී)
සේනාවට මොනවද වුණේ? ඇයි සද්ද නැත්තේ මේ දවස්වල? (නි)
සිරිධම්ම හිමියනුත් සැපසේ පන්සලට වෙලා හිටියා නම් අසරණ ජනයා වෙනුවෙන් පෙනී නොසිටියා නම් සිරිධම්ම හිමියනුත් දේශප්‍රේමියෙකි. අනේ අපේ ශාසනයටත් ගිය කලක් ? (නි)
මේ බල මණ්ඩලය කියන්නේ හරියට අර, කඩේ ගිහින් හත් පොලේ ගාගන්න බන්දුලයා වගේ එකක් වෙන්න ඕන. අනේ හාමුදුරුවනේ හිතට එකඟව කටයුතු කරන්න. වාසියට ලාභයට වැඩ කරලා චිවරය බාල්දු කරන්න එපා. සිරිධම්ම හිමියෝ දැනට මත් වීරයෙක් වෙලා ඉවරයි. (ස)
සිරිධම්ම හිමි ඇතුලු රතුපස්වල ජනතාව ඉල්ලුවෙ බොන්න වතුර ටිකක් විතරයි. ඔය බල මණ්ඩල වල ඉන්න අය ගැන සොයා බලන්න. ගිණුම් පරික්‍ෂා කරන්න. ඇත්ත එලිවේවි.. (ස)
අපි ඉන්නේ මේ ගමේ, මේ මාද්‍ය සාකච්ඡාවට ආව හාමුදුරුවරු කිහිප දෙනෙක් මුදල් අරගෙන කම්පැනියේ පැත්තට කතාකරනවා කියලා ආරංචියක් තියෙනවා. සිරි ධම්ම හාමුදුරුවන්ටත් ඕනෙනම් ලොකු පගාවක් අරගෙන නිකන් ඉන්න තිබුනා. උන්වහන්සේ අපේ වීරයා වෙලා ඉවරයි. දැන් ඔය කෑගහන පන්සල් වලට දායකයෝ එන එකත් නවතීවි.(නදී)
හොඳ වෙලාවට රතුපස්වල හමුදාව වෙඩි තියලා හරකෙක් මරුනේ නැත්තේ. වැරදිලා හරි හරකෙක් මලා නම් ෂුවර් එකට ඔය මාධ්‍ය සාකච්ඡාවට ආපු චීවරධාරියෙක් ගිනි තියාගන්නවා. (ස)
ත්‍රස්තවාදීන්ගෙන් රටම නිදහස් කර දුන්නු ජාතික වීරයා ජම්පරයක් ඇදගෙන බෙලෙක් පිගානේ බත් කනකොට, ත්‍රස්තවාදී නායකයන් වන කරුණා, තේ.පී, පෙල්ලෙයාන්,දයා මාස්ටෙර්, ජෝර්ගේ මාස්ටෙර් ල බුදු සැප විදිද්දී ඊට එරෙහි නොවුන සංඝයා වහන්සේලා ගැන කුමට කතාද.(නදී)
අන්තර් ජාලයේ නම් ඔය කියන කට්ටිය ගැන හොඳ ලිපි පල වෙනවා.කවුද, කා වෙනුවෙන්ද, මොනවද කරන්නේ කියලා දැන් පැහැදිලි නේද? (ස)
ඔබගේ ආගම කුමක් වුවත් රටකට වැදගත් වන්නේ සාමය කරුණාව සෙනෙහස සහජීවනයයි - වාකරේ ශාන්ත පේදුරු දෙව්මැදුර විවෘත කිරීමේ උත්සවයේදී ජනපති කියයි.(නදී)
බුද්ධ චීවරයට නිගා දෙමින් පාලකයන්ගේ උවමනාවට කඩේ යන දුස්සීල භික්ෂුන්ගේ සිවුරු ගැලවීමට කාලය පැමිණ ඇත .අසරණ ජනයා වෙනුවෙන් පෙනී නොසිටින භික්ෂුන් සාසනයට අවැඩ දායක බව නොකියම බැරිය. සිවුරු හැදගත් පමණින් භික්ෂුවක් වෙන්නේ නැත. (ස)
බැමිනිටියාසායෙන් පස්සෙ ආර්ය සංඝ රත්නය නැතුව ගියාම ගණින්නාන්සෙලා බිහිවුනා. ඒ අයගෙ දර්ශනය තවමත් බෞද්ධ දර්ශනයට වඩා බලවත්. (ස)
මල්වතු, අස්ගිරිය ලොකු හාමුදුරුවනේ බුදුරජානන්වහන්සේ දෙසනකොට වදාල උතුම්වූ බුද්ධදර්මය ආරක්ෂා කීරීම ඔබ තුමන්ලාගේ යුතුකමයි . අද සාසනය දුස්සීල භික්ක්ෂුන් ගෙන් පිරිලා. සංගසන්ගයනවක්කොට සාසනය බේරා ගැනීම කාලෝචිතයි .බේබද්දෝ, චන්ඩි,හොරු, සමලිංගිකයන් සහිත සසනයක් බුදුරජානන්වහන්සේ ඇතිකලාද ? රජුන්ට අර්ථයෙන් ධර්මයෙන් රට පාලනය කරන්නට බල කිරීමත් සිල්වත් භික්ෂුන් ආරක්ෂා කිරීමත් අනිවාර්යයෙන්ම කලයුතුයි .තමුන්ට අයත් රාජකාරීය පමණක් කරන්න .බුදුන්ගේ චීවරයට මුවාවී සාසනය විනාස කරන ධුස්සීල භික්ෂුන් ඉවත් කර සාසනය පිරිසිදු කරන්න .(දී)
කට්ටිය පාළු ගෙදර වලන් උඩ පැන පැන බිදිනවා.
තමන්ට ලැබෙන වරදාන,වරප්‍රසාද වෙනුවෙන් පාලකයන්ට කත්ඇදීම සමහර බත්බැලයන් වහන්සේලාගේ ස්වභාවය. තමන්ට දානවේල පිරිනමන සිව්පසයෙන් සලකන අහිංසක ජනතාව වෙනුවෙන් මෙන්ම පොදුවේ පොදුජනතාව වෙනුවෙන් පූජනීය කැප වීමක් සිදුකරන හාමුදුරුවරුන් අප අතර සිටීම අතිශයින්ම සතුටුවිය හැකි කරුණක්.සිරිධම්ම හිමියන් එවැනි උතුම් කෙනෙක්. පොදුජනතාව මත්කුඩු රකුසාගෙන් මුදවා ගන්න කැපවී ක්‍රියා කළ මීගමුවේ අබා කොස්තා පියනම ම්ලේච්ච ලෙස ඝාතනය කරනු ලැබුවා. අනෙක් කරුණ නම් "පොදුජනයා වෙනුවෙන් සේවා සිදු කිරීම නියම බුද්ධ පුජාවයි" කියා ප්‍රසිද්ධ සංස්කෘත බෞද්ධ පඬිවරයෙක් කියා තිබෙනවා. මේ අනුව නියම බුද්ධ පුජාව කලේ ඔය කතා කරන හිමිවරුන්ද එහෙම නැත්නම් පොදුජනයා වෙනුවෙන් උපවාස කළ සිරිධම්ම හිමියන්ද කියා තීරණය කරන්න අමාරු නැහැ. (දී)
අපි මේ ගමේම තමා. වැලිවේරියේ .රතුපස්වල, නැදුන්ගමුව කියන ගමේම තමා. තම නෙත් වලට දුටුව දේ මේ හිමිවරුනම් දුටුවේ නැහැ ඒක නම් සුවර් .අදත් ඔය හිමිවරු සිරිදම්ම හිමිගේ .. ප්‍රසිද්දියට විරුද්ද ඇත්ත අපි දන්නවා හැමෝටම වඩා හොදට.(නදී)
මේ වගේ චීවරධාරීන්ට කරන්න ඕනි මොකද්ද කියල හරියටම කිව්වෙ ජෝන් කොතලාවල මහත්තයා. (දී)
ලැජ්ජයි කියන්නත් නේද (දී)
හිමි වරු ඔහොම හැසිරෙනවද (දී)
මේ ඔක්කොම හරි ඒත් හිමිවරු යන වචනය ගැලපෙන්නැ නේ? (දී)
තෙරි පැහැ හිමියන්ගෙන් ගමටම නොමිලයේ ජලය දිය යුතුයි කියන යෝජනාවට මම එකග නැත. නමුත් මිනිස්සුන්ගේ පානිය ජාල ප්‍රශ්නයේදී හාමුදුරුවෝ සිය ජීවිතය පවා නොතකා ජනතාව වෙනුවෙන් පෙනී හිටියා. දැන් මේ පිරිත් කියන හාමුදුරුවරු එතකොට කොහේද සිටියේ ?(නදී)
මේ පුවත දාල තියෙන හැටි බලන්න..මාතෘකාව බලන්න.. වාර්තා කරල තියෙන්නේ කව්ද කියල බලන්න..මාධ්‍යවේදීන් කියන්නේ මොන වගේ කොටසක්ද කියලා පැහැදිලි වේවි. අපරාදේ එදා මේ අයගේ අත් කැඩෙන්න හොද දෙකේ දෙකේ පොල්ලකින් නෙලන්න තිබුනේ ආයෙත් ඔය ජොබ් එක නොකරන්නම.
කොහොම උනත් කම්හල වෙනත් ස්තානයකට ගෙන යාම හොදයි. බුද්ද සාසනය පිරිහිලා ඉවරයි. ඒ ගැන කනගාටුයි.(නදී)
බන්දුල පෙරේරා මාධ්‍යවේදීන්ගෙ අත් කඩන්න තර්ජනය කරන විලාශයෙන් පෙනෙන්නෙ මෙයා ෂුවර් එකටම 89 දි හිටපු අලුගෝසුවෙක් (නි)
සිරිධම්ම හාමුදුරුවන්ට කටපුරා අපේ හාමුදුරුවො කියලා කියන්න පුළුවන්. ජනතාව සැමදා ඔබ වහන්සේ සමගයි (නි)
මධ්‍ය වේදියෝ නැත්තන් බලන්න තිබුන අයිලගේ අළුගෝසු ජවනිකා ..කටින්ද දන්නා කියන්නේ (අ)
මේ බන්දුල කියන කෙනා අනුන්ගේ ලේ කුපිත කරල සතුටක් ලබන කෙනෙක්ද මන්දා.(නදී)
අනේ සුදු......? සිරිධම්ම හිමියන්ට අපේ උපහාරය. (ස)
අනේ බන්දුල! (නි)
සිරිධම්ම හිමියන්ට අපේ උපහාරය! (නි)